IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


‘මහින්ද රාජ්‍ය සේවය උලා කෑවා‘ - ටිල්වින්

‘අපේ අටේ රාජ්‍ය සේවය විනාශ කළේ මහින්ද රාජපක්ෂ පාලන කාලය තුළ දී බව ද, එකල රාජ්‍ය සේවය උලා කෑ බව ද, සමස්ත රාජ්‍ය සේවය පවුලේ බූදලයක් ලෙස පාවිච්චි කළ බව ද ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

‘මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන කාලය තුළ තිබ්බ හැම ඡන්දයකට ලංගම බස් රථ නිකං ගත්තා. සල්ලි ගෙව්වේ නෑ. අනිත්මි ජනාධිපතිවරනෙත් ගත්තා. ලංගමට පොලු තියලා. ලංගම සේවකයන්ට වැටුප් ගෙවා ගන්න බැරි වුණා. ඩිපෝවල ආදායම නැතිව ගියා. ලංගම විනාශ කිරීමේ පාපයට හවුල් වෙලා තියෙන්නේ මහින්ද රාජපක්ෂ මහත්මයාගේ පාලනය.

වරායත් ඒ වගේම තමයි. වරාය සේවකයනුන් ඡන්ද වැඩට ගත්තා.

මහින්ද මහත්තයා මේ දවල්වල ඡන්ද පොරොන්දුවක් දී තිබෙනවා රජයේ සේවකයන්ගේ මූලික වැටුප රුපියල් 25,000ක් කරන බවට. අපිට නම් මේවා ඇහෙද්දි හිනා යනවා. තමන් පාලනය කළ අවුදුරුදු නවත තුළ රාජ්‍ය සේවකයන්ගේ මූලික වැටුපට සත පහක්වත් එකතු නොකළ නායකයා තමයි දැන් මෙහෙම කියන්නේ.‘  

IMG_7056



අදහස් (0)

‘මහින්ද රාජ්‍ය සේවය උලා කෑවා‘ - ටිල්වින්

ඇසළ Sunday, 02 August 2015 11:09 AM

71 ඉඳලා ඔයාලත් දේශපාලනය කළා නේද? එක කරපු හොඳ වැඩක් ගැන කතා කරන්නකෝ. (නි)

:       0       0

කවිදු Sunday, 02 August 2015 07:29 AM

ඇත්ත සහෝදරයා ඇත්ත (ම)

:       0       0

විජේසුන්දෙර ප්‍රංශය Sunday, 02 August 2015 07:48 AM

එදා ඉඳන් තමුන්නාන්සේලා රාජ්‍ය දේපල විනාශ කරපු එක නේද කලේ? ඔච්චර රට ගැන කැක්කුමක් තියනවා නම් ඇයි මේ නැවත හිස ඔසවන භිෂණය, පාතාලය,රාජ්‍ය දුෂණ , බෙදුම්වාදය ගැන නිහඬ? රාජ්‍ය සේවය ගැන කතා කරන ඔබ ඔබතුමන්ලා කරපු සේවය කියන්න. රටට කල යුතුකම් පැත්තක තියල දේශපාලන වාසි ගන්න අනුන්ගේ බොරු වැරදි කියවන ඉතා පහත් දේශපාලනයක ඔබල නියැලෙන්නේ. රට ඉස්සරහට ගමන් කලොත් ඔබ තුමන්ලාට පැවැත්මක් නැද්ද ?අනුන්ගේ කුණු හෝදන්න ඉස්සෙල්ල තමන්ගේ කුණු සොදාගත්තොත් ජනතාව පැත්තෙන් යහපතක් සිදු වේවි. (නදී)

:       0       0

කිෂාණි Sunday, 02 August 2015 08:13 AM

මහත්තයෝ රාජ්‍ය සේවය ගැන ඔබතුමා දන්නේ නැද්ද ? තිබුන රාජ්‍ය ආයතන වික්කේ කව්ද උලා කෑවේ කව්ද කියලා. එහෙනම් ඒවා ගැන ටිකක් හොයල බලන්න (නදී)

:       0       0

උපසිරි Sunday, 02 August 2015 11:58 AM

මේ කටියගේ කතා අහන්න මම නම් කැමතිම නැහැ (නි)

:       0       0

හේවා සරත් Sunday, 02 August 2015 08:36 AM

තමුන්නාන්සේලාගේ ප්‍රධාන ඡන්ද මාතෘකාව මහින්ද නේද ? එහෙම නෙමෙයි යහපත් දෙයක් මහජනයට දෙන්න උදව් වෙන්න (නදී)

:       0       0

දුමින්ද Sunday, 02 August 2015 08:43 AM

88/89 ලංගම බස් ගිනි තිබ්බේ. ගොවි ජන කාර්යාලවලට ගිනි තිබ්බේ කව්ද ? (නදී)

:       0       0

හසිත Sunday, 02 August 2015 08:50 AM

කව්ද රාජ්‍ය ආයතන පෞද්ගලික අංශයට කුණු කොල්ලයට විකුණුවේ. කව්ද රාජ්‍ය දේපල විනාශ කරලා දැම්මේ. මේ දේවල් මිනිස්සු දන්නා දේවල්. ඡන්දය ලංවෙලා මෙලෙස බොරු චෝදනා කරන්නේ ජනතා මතය වෙනස් කිරීම සඳහා බව අපි දන්නවා (නදී)

:       0       0

මොහොමඩ් Sunday, 02 August 2015 08:57 AM

හේවා සරත් විජේසුන්දර, ප්‍රංශය ඔය දෙපලගේ අදහසට මම එකඟයි (නදී)

:       0       0

ටෙනිසන් Monday, 03 August 2015 03:35 PM

කතා නම් අහලා අහලාම අපිට ඇතිවෙලා (නි)

:       0       0

සඳරුවන් Sunday, 02 August 2015 09:45 AM

සැබෑ ජනතා විමුක්ති පෙරමුණ දැන් ලංකාවේ නෑ. මෙයාල කරන්නේ කාට හරි කඩේ යන එක තමා. මේ අය කරන්නේ කෑ ගහන එක නේ. වැඩක් කරන්න බැරි බව ඔප්පු කරලා තියෙන්නේ. ආණ්ඩු පෙරලන්න වැඩ වර්ජන උද්ගෝෂණ කරලා රටට ජනතාවට පාඩු ක‍රන්න විතරයි මෙයාල දන්නේ. එ්කටත් දැන් සෙනග නෑ. පක්ෂේ අය පිල් බෙදිලා විසිරිලා. හොඳ අය පක්ෂේ නෑ. ඔය වගේ කතා නම් හොඳට කියන්න දන්නවා (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 203 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 166 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site