‘අපේ අටේ රාජ්‍ය සේවය විනාශ කළේ මහින්ද රාජපක්ෂ පාලන කාලය තුළ දී බව ද, එකල රාජ්‍ය සේවය උලා කෑ බව ද, සමස්ත රාජ්‍ය සේවය පවුලේ බූදලයක් ලෙස පාවිච්චි කළ බව ද ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.
‘මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන කාලය තුළ තිබ්බ හැම ඡන්දයකට ලංගම බස් රථ නිකං ගත්තා. සල්ලි ගෙව්වේ නෑ. අනිත්මි ජනාධිපතිවරනෙත් ගත්තා. ලංගමට පොලු තියලා. ලංගම සේවකයන්ට වැටුප් ගෙවා ගන්න බැරි වුණා. ඩිපෝවල ආදායම නැතිව ගියා. ලංගම විනාශ කිරීමේ පාපයට හවුල් වෙලා තියෙන්නේ මහින්ද රාජපක්ෂ මහත්මයාගේ පාලනය.
වරායත් ඒ වගේම තමයි. වරාය සේවකයනුන් ඡන්ද වැඩට ගත්තා.
මහින්ද මහත්තයා මේ දවල්වල ඡන්ද පොරොන්දුවක් දී තිබෙනවා රජයේ සේවකයන්ගේ මූලික වැටුප රුපියල් 25,000ක් කරන බවට. අපිට නම් මේවා ඇහෙද්දි හිනා යනවා. තමන් පාලනය කළ අවුදුරුදු නවත තුළ රාජ්‍ය සේවකයන්ගේ මූලික වැටුපට සත පහක්වත් එකතු නොකළ නායකයා තමයි දැන් මෙහෙම කියන්නේ.‘


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
71 ඉඳලා ඔයාලත් දේශපාලනය කළා නේද? එක කරපු හොඳ වැඩක් ගැන කතා කරන්නකෝ. (නි)
ඇත්ත සහෝදරයා ඇත්ත (ම)
එදා ඉඳන් තමුන්නාන්සේලා රාජ්‍ය දේපල විනාශ කරපු එක නේද කලේ? ඔච්චර රට ගැන කැක්කුමක් තියනවා නම් ඇයි මේ නැවත හිස ඔසවන භිෂණය, පාතාලය,රාජ්‍ය දුෂණ , බෙදුම්වාදය ගැන නිහඬ? රාජ්‍ය සේවය ගැන කතා කරන ඔබ ඔබතුමන්ලා කරපු සේවය කියන්න. රටට කල යුතුකම් පැත්තක තියල දේශපාලන වාසි ගන්න අනුන්ගේ බොරු වැරදි කියවන ඉතා පහත් දේශපාලනයක ඔබල නියැලෙන්නේ. රට ඉස්සරහට ගමන් කලොත් ඔබ තුමන්ලාට පැවැත්මක් නැද්ද ?අනුන්ගේ කුණු හෝදන්න ඉස්සෙල්ල තමන්ගේ කුණු සොදාගත්තොත් ජනතාව පැත්තෙන් යහපතක් සිදු වේවි. (නදී)
මහත්තයෝ රාජ්‍ය සේවය ගැන ඔබතුමා දන්නේ නැද්ද ? තිබුන රාජ්‍ය ආයතන වික්කේ කව්ද උලා කෑවේ කව්ද කියලා. එහෙනම් ඒවා ගැන ටිකක් හොයල බලන්න (නදී)
මේ කටියගේ කතා අහන්න මම නම් කැමතිම නැහැ (නි)
තමුන්නාන්සේලාගේ ප්‍රධාන ඡන්ද මාතෘකාව මහින්ද නේද ? එහෙම නෙමෙයි යහපත් දෙයක් මහජනයට දෙන්න උදව් වෙන්න (නදී)
88/89 ලංගම බස් ගිනි තිබ්බේ. ගොවි ජන කාර්යාලවලට ගිනි තිබ්බේ කව්ද ? (නදී)
කව්ද රාජ්‍ය ආයතන පෞද්ගලික අංශයට කුණු කොල්ලයට විකුණුවේ. කව්ද රාජ්‍ය දේපල විනාශ කරලා දැම්මේ. මේ දේවල් මිනිස්සු දන්නා දේවල්. ඡන්දය ලංවෙලා මෙලෙස බොරු චෝදනා කරන්නේ ජනතා මතය වෙනස් කිරීම සඳහා බව අපි දන්නවා (නදී)
හේවා සරත් විජේසුන්දර, ප්‍රංශය ඔය දෙපලගේ අදහසට මම එකඟයි (නදී)
කතා නම් අහලා අහලාම අපිට ඇතිවෙලා (නි)
සැබෑ ජනතා විමුක්ති පෙරමුණ දැන් ලංකාවේ නෑ. මෙයාල කරන්නේ කාට හරි කඩේ යන එක තමා. මේ අය කරන්නේ කෑ ගහන එක නේ. වැඩක් කරන්න බැරි බව ඔප්පු කරලා තියෙන්නේ. ආණ්ඩු පෙරලන්න වැඩ වර්ජන උද්ගෝෂණ කරලා රටට ජනතාවට පාඩු කරන්න විතරයි මෙයාල දන්නේ. එ්කටත් දැන් සෙනග නෑ. පක්ෂේ අය පිල් බෙදිලා විසිරිලා. හොඳ අය පක්ෂේ නෑ. ඔය වගේ කතා නම් හොඳට කියන්න දන්නවා (නදී)