හිටපු ජනපති හා කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පසුගියදා පාසිකුඩා මුහුදු තීරයේ තම පවුලේ අය සමග විනෝද වන ඡායාරූප නාමල් රාජපක්ෂ මහතා තම ඉන්ස්ටග්‍රෑම් සමාජ ජාල වෙබ් අඩවියේ පළ කර තිබුණි..
පාසිකුඩා මුහුදු තීරයේ මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පවුලේ පිරිස විනෝදයෙන් කාලය ගත කරන ආකාරය මෙන්ම හිටපු ජනපති බිරිය ශිරන්ති රාජපක්ෂ මහත්මියද එම විවේක සමය ගත කරන්නට ගොස් සිටියාය.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ හදවතේ ඔබතුමා සැමදා රජුය. ඔබට දීර්ඝායු වේවා! සියළු කල්හිම සම්මා සම්බුදු සරණයි!! (නි)
ඔබතුම යුග පුරුෂයෙක්' යහපාලනපෙඩරල් රූකඩ වගේ නෙමේ. මගේ ආචාරය. (අ)
අපේ යුගයේ වීරයා. චිරන් ජයතු . (අ)
පසුගිය කාලේ වටේ හිටිය අය දාපු කුණු හොඳට හෝදාගන්න. තවමත් ඔබ හොඳ නායකයෙක්. (නි)
අරෝග්‍යා පරමාලාභා ලෙස බුදුන් වහන්සේ දේශනා කළසේම නිදහසත් උතුම් සැනසීමකි. ඔබ නිදහස ළඟාකරදුන් මේ දේශයේ අනාගතය ඔබයි. ඒ ගෞරවය ඔබ මියැදුනත් ඔබට ජනතාවගෙන් අහිමි නොවනු ඇත. ඔබට දීර්ඝායු වේවා ..!!! (නි)
දකිනකොටත් සතුටුයි (නි)
රට පුරාම වැඳුම් පිදුම් ලබන්න ඕනෑ මනුස්සයෙක්. වටේ සිටි සමහරු නිසයි නැතිවුණේ (නි)
ගත්තු සල්ලි වලට දෙයක් කරන්නත් දෙයක් තියෙන්න ඕනෙනේ.දැන් නම් පන්සල් යන එකක් නැ වගේ..... (ම)
වින්සන්ට් වගේ මිනිස්සුත් ඉන්නවනේ හැබෑට? (නි)
ඔබ හැමදාම ඔහෝම සතුටින් ඉන්න අපිට හරිම සතුටුයි (ම)
එක දයක් මට තේරෙන්නේ නැහැ. මෙහි පලවී තිබෙන අදහස්වලින් සීයට අනුවටත් වැඩි අදහස් මහින්ද හිටපු ජනපතිතුමාට සාපෙක්ෂිකව තියෙද්දී එයා කොහමද අනේ පැරදුනේ. එ්ත් දෙවැනි වර මහ ඡන්දයේත් පැරදුනානේ. වැඩි පුර මෙහි අදහස් පල කරන අය දකුණෙන් වෙන්නැති කියලත් මට හිතනවා. මම වැරදිනම් සමාවෙන්න (බ)
මා සිතන තරම් මිනිසුන් කුහක නැති බව අදහස් බැලුවහම පෙනෙනවා.ජනපතිතුමනි, ඔබට දළදා සමිඳු පිහිටයි! (නි)
සීතල වතුර ටිකක් නාගත්තහම දැනෙන සනීපේ.... (නි)
ඔබට රටට අවශ්‍ය වන කාලය වැඩි ඈතක නොවේ (නි)
චන්න කියන්න බලන්න මොනවද ඔබ ඔය කියන රටේ සම්පත් කියලා. එහෙම දෙයක් පිළිබඳ නඩුවක් හෝ උසාවියකින් ඔප්පුකළ දෙයක් තියනවද? (නි)
බොරුවට නෑ නෑ කිව්වහම ඇත්තටම නැතිවෙනවා.රටේ කොතන ගියත් මිනිස්සු විනෝද වෙනවා වන්දනාවේ යනවා බලන්න පුළුවන්.ඉස්සර වගේ නැතුව දැන් මිනිස්සු බයක් නැතුව ගමන් බිමන් යන්නේ මෙතුමාට පින්සිද්ධවෙන්න. (නි)
තෙරුවන් සරණයි ඔබට! (නි)
දෙවරක් නොවේ 20 වතාවක් මෙයට ඡන්දය දෙන්න එපා (අ)
ඔයා නැතුව ගමම පාවයි අනේ ගමට එන්නේ කවදාද (ම)
ඔබතුමා ඉදිරි කාලය දේශපාලනයෙන් ඈත්වෙන්න (නි)
විපුල මහත්මයා, ශ්‍රිලංකාවේ දෙවිවරුන්ට දැල් වෙන සඳුන් කූරු ප්‍රමාණවත් නොවන බවද ඔබේ අදහස. තුන් වේලකාපු ශ්‍රී ලාංකිකයන් එක වේලක් බොහොම අමාරුවෙන් කන්නේ මේ දෙවිවරුන්ගේ අනුහස නිසා වෙන්නට ඇති නේද? තවමත් ගස් ගල්වලට දෙවියන් කියා වඳින පුදන ජනතාවක් සිටින රටක ඔබේ සිතුවිල්ල ගැන පුදුම විය යුතු නැත. (අ)
ශ්‍රීලාල් නම් යුද්ධ කාලේ මොකක් හරි යුද්ධයට සම්බන්ධ ව්‍යාපාරයක් කරලා තියෙනවා වගෙයි. ඒ නිසා වෙන්න ඇති දැන් යුද්ධය ඉවර වුණාට දුකෙන් ඉන්නේ. (නි)
තව බොහෝ කලක් සතුටින් ඉන්නට වාසනාව ලැබේවා (ම)
ඔය ඉන්නේ ජොලියේ.(හේ)
වාසලගේ මූසල කතා !! (අ)
ඡන්දෙට දින කීපයකට කලින් මෙතුමා ගැන පළවුණ පුවතකදී සෑහෙන දෙනෙක් බැනල තිබුණා. අද මෙතුමාගේ හොඳ කියන අය වැහිවැහැලා. අද මිනිසුන්ට යහපාලනය තිත්තවෙලා. (නි)
ඔබතුමාට දළදා සමිඳු සරණ පතමි (නි)
ඔබ දැකීමත් මට නම් සතුටක් (නි)
ඔබගේ සතුට අපගේත් සතුටයි. ඔබතුමාට මේ හොඳ නිදහස් කාලයක්. (අ)
දැන් පන්සල් යන්නේ නැහැ වගෙයි සොමියටමයි බර කමක් නැහැ නැව ගිලුනත් බැන් චුන් (බ)
මේ රජය ඇමති මණ්ඩලය 20 ට අඩුකරනවා කියල අපිව රැවටුවා. ඔබතුමාට ඇත්තටම පුලුවන් නම් ඇමති මණ්ඩලය 20 ට අඩුකරලා දුෂිතයෝ ටික එළවලා මේ රට කරන්න, ආයෙත් එන්න කියලා ආරාධනා කරනවා. (නි)
කිසිවෙකු සතුටින් සිටින මොහොත ගැන අප සතුටුවිය යුතුය. ඒවගේම කිසිවෙක් දුකෙන් කණගාටුවෙන් සිටින මොහොත ගැනද අපි කණගාටු වෙමු. සියළු වැරදි අමතක කරමින්, මහින්ද රාජපක්ෂ මන්ත්‍රීතුමාගේ ගුණ ගායනා කරන ඉහත ප්‍රතිචාර දක්වා ඇති අපේ දේශප්‍රේමින් ගැන තේරුම්ගත නොහැකිය. මේ දේශපාලන මානසිකත්වය ජනතාවගෙන් ඉවත්වෙනතුරු ශ්‍රී ලංකාවට දෙවියන්ගෙම පිහිටයි! (නි)
අනගාරික ධර්මපාලට කරපු දේම අපේ මිනිස්සු , මෙතුමටත් කළා. හොරා හොරා කියලා පන්නන්න හැදුව. ධර්මපාල තුමා එපාවෙලා රටත් දාල යන්න ගියා. එත් මෙතුමා තාමත් අපි එක්ක ඉන්නවා. ඉටුකොට කල යුතු කම් ලැබුනත් ලෝකෙන් ගැරහුම් ඉවසන්නට පුලුවන්නම් ඔබයි මගේ පුතා උතුම්. රොබෝට් නොක්ස් කියල තියනවා සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝදයා කියල ඇත්ත වගේ නේද (බ)
කලින්ම අපිට නිදහස ලබාදීලා දැන් තමයි නේද ඔබතුමා ඒ නිදහස විඳින්නේ? දීර්ඝායු වේවා! (නි)
ඔබ ඔය නිදහසෙ හිනාවෙලා ඉන්න විදියටම අපිටත් හිනාවෙලා නිදහසෙ ඉන්න පුළුවන් වෙලා තියෙන්නේ ඔබතුමා අපේ රට කොටින්ගෙන් බේරගත්ත නිසා කියලා අද ගොඩ දෙනෙකුට අමතක වෙලා (ම)
ඔබට දීර්ඝායුෂ මහා රජාණෙනි. (අ)
අපේ රටේ මා දකින්න කැමතිම.......සුන්දර මහත්මා...රටේ මිනිස්සුන්ගේ කදුළු පිසලු උතුම් රජු ඔබය තෙරුවන් සරණේ ඔබට..(බ)
නිමල් මහත්තයෝ...යහපාලනය නිසා තමයි මෙයා මේ විදිහටවත් හිනාවෙලා ඉන්නේ ..එහෙම නැතිනම් මෙයා දැනටමත් කුඩුවේ කුරු ගනිනවා. (බ)
ලොව ඉදිරියේ කිසිදින හිස නොම නමපූ ආඩම්බරෙන් මගෙ රට ගැන ඔද වඩපූ ලක් මෑණිගෙ නෙතේ කදුලැලි පිස දමපූ හෙටටත් ණයයි නුඹහට යුධ ගිනි නිවපූ (බ)
මහින්ද රාජපක්ෂ මහත්මයාණනි ඔබතුමාත් මේ නිදහසේ පාසිකුඩා මුහුදේ නාන්නේ ඔබතුමාගේ නායකත්වයෙන් අපගේ හමුදාවත් සමග ත්‍රස්තවාදීන්ගෙන් රට බේරාගත් නිසා නැවතත් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් වෙලා හරි ජනතාවට සේවය කරන්න ආපු එක ගැන සතුටුයි. මම පුද්ගලිකවම ඔබතුමාට හරි කැමතියි අපේ රට සතුරන්ගෙන් බේරාගන්න නායකත්වය දුන්නාට (බ)
ඔබතුම අපිට එදත් අදත් හෙටත් රජෙක්. (අ)
විජිත් මහත්තය වගේ අය තමයි දෙමව්පියනව මහා පාරවල් වල දාල යන්නේ ... (අ)
විජයබාහු, අපේ රට විනාශකළේ දේශපාලුවෝ නොවෙයි.ඔයාලා වගේ මෝඩ ඡන්දදායකයෝ. (නි)
චන්න , ලංකාවේ බහුතරයක් මිනිස්සු මෙතුමාට කැමතියි තාමත්. මොකද ඒ මෙතුමා ළඟ තිබෙන අපේකමට. (නි).
යහ පාලනේ වටිනාකම තේරෙනවා ඇති නේද? නැත්තන් ඉතින් ජෙනරාල්ට වුන දේ නේ වෙන්නේ. (ම)
මට කණගාටු අපේ මිනිසුන්ගේ බුද්ධිය ගැන. (නි)
හිටපු හොඳම රාජ්‍ය නායකයාට සල්ලි නැතැ මෙහෙම ජොලියේ ඉන්න! (බ)
හිටපු ජනාධිපතිතුමාණන් මට පෙනුනේ ඊළඟ ඔලිම්පික් තරඟයට සූදානම් වෙනවා වගෙයි (නි)
අපේ යුගයේ වීරයා ඔබයි.ඔබගේ සේවය මවුබිමට තවමත් අවශ්‍යයි.දරු පවුල සමඟ සතුටින් ඉන්නවා දකිනකොට අපිට හැඟෙන්නේ මහත් සතුටක්.මගේ දරු පවුලත් එක්කත් මෙහෙම ඉන්න තව තවත් ආසා හිතුනා.ජාතියේ පියාණනි, ඔබට සම්මා සම්බුදු සරණයි! සියලු දෙවි රැකවරණයි! අපෙත් ආයු ගෙන නිදුකින් නිරෝගීව බොහෝකල් වැජඹේවා කියා පතමි (නි)
ඔබගේ සතුට අපගේත් සතුටයි. ඔබතුමාට මේ හොඳ නිදහස් කාලයක්.විවේක අරගෙන නැවත එන්න. (නි)
ඔබ සැමදා අපේ සිත්වල ජීවත්වෙනවා. ඔබට තෙරුවන් සරණයි! (නි)
ඔබතුමාට තෙරුවන් සරණයි (බ)
අදටත් අපේ ජනාධිපති ඔබතුමා ය (බ)
ඔබතුමා දීර්ගායු ලැබේවා !!! (බ)
අපි රැවටුනා."ඔබතුමා සිංහල නොවී වෙන ජාතිකයෙකු වුණා නම් එම ජාතිකයන් ඔබව දෙවියෙකුට වගේ සළකයි."-විපුල ඔයා කියන දේ ඇත්ත. මහින්ද මහතාණනි මමත් ඔබට විරුද්ධව දෙවරක් ජන්දය දුන්න. මට සමාවෙන්න. (අ)
වින්සන්ට් ඔබතුමා ඔය කියන වැරදි වලට නඩු දාලද තියෙන්නේ. අපිටත් දැනගන්න කියන්න බලන්න එම වැරදි. රට කොටියාගෙන් බේරගත්ත එකද (අ)
ඔබගේ කාලය නැවත ළඟ එනවා. එවිට ඔබගෙන් ගිලිහුණ ඉතිරි යුතුකම් කොටසද අවංකව කරනු ඇති යැයි අපි ප්‍රාර්ථනා කරමු. (නි)
මෙතුමාට අපි අපේ හුස්ම ටිකටත් ණයයි. නමුත් අවසාන කාලයේ හොරකම වංචාවට දුෂණයට පිළියම් නොදීම මැතිතුමාගේ වරදකි. එසේ කළා නම් මෙතුමා දෙවියෙකි. (නි)
ඔබතුමා සතුටින් සිටීම අපටත් ලොකුම සතුටක්. ඔබයි මේ රට හැදූ එකම නායකයා (නි)
යහපාලනය ජනතාවගේ අදහස් වලට පයින් ගැහුවා. මහින්ද මහතාගේ සංවර්ධන වැඩපිළිවෙල නාස්තිය දුෂණය අවම කරගෙන වේගයෙන් ඉදිරියට යාවි කියන බලාපොරොත්තුවෙන් අපි යහපාලනයට ජන්දය දුන්න. ජම්බෝ කැබිනට්ටුවක් දාල අපේ බලාපොරොත්තු සුන් කළා. මින් පසු අපි මහින්ද මහතා සමගයි (ම)
කාට මොන දේශපාලන අදහස් තිබුනත්. මෙතුමා ජනාධිපති නොවුනානම් අපේ රටේ තවමත් කොටි තැන තැන බෝම්බ පුපුරවනවා. කටුනායක ඉඳල පැය 1-1.5 ගෙදර යනවා. (බ)
දිමුතු දන්නවද ගරිල්ලා මර්කටින්ග් ගැන (අ)
ඔය වගේ නිදහසේ ඉන්න තිබ්බා හැමදාටම කොහෙද ඉල්ලන් කා ගත්තනේ.(හේ)
ඇමති මණ්ඩලය අනුව යහපාලනය කොතරම්ද යන්න දැන් අපට වැටහී ඇත. ඔබ සතුටින් ඉන්නේ ජනතාව සතුටට පත්කළ නිසාවෙනි. නමුත් ජනතාවගේ පින් ක්ෂයවී ඇත. ඔබතුමාට සැමදා ජය ලැබේවා! (නි)
ඔබතුමා සිංහල නොවී වෙන ජාතිකයෙකු වුණා නම් එම ජාතිකයන් ඔබව දෙවියෙකුට වගේ සළකයි. (නි)
ප්‍රසන්න හරි. මහින්ද මහත්තයට දුවන්න, පීනන්න, කොන්ද කෙළින් තියාගෙන ලෝකය අමතන්න හොඳට පුළුවන්. ඒකනේ යුද්ධය අවසන්කළේ (නි)
අනේ! මමත් ඔබතුමාට හරිම කැමතියි. (නි)
මහින්ද රාජපක්ෂ මහත්මයාණනි, ඔබතුමාත් මේ නිදහසේ පාසිකුඩා මුහුදේ නාන්නේ ඔබතුමාගේ නායකත්වයෙන් අපගේ හමුදාවත් සමඟ ත්‍රස්තවාදීන්ගෙන් රට බේරාගත් නිසා. නැවතත් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් වෙලා හරි ජනතාවට සේවය කරන්න ආ එක ගැන සතුටුයි. මම පුද්ගලිකවම ඔබතුමාට හරි කැමතියි ,අපේ රට සතුරන්ගෙන් බේරාගන්න නායකත්වය දුන්නාට. (නි)
චන්න පිළිතුර පැහැදිලියි.එදා යහපාලනයට සහය දැක්වූ සනුකිල , දම්මිකල වගේම මමත් යහපාලනය ගැන ඉන්නේ දැඩි කලකිරීමෙන්. මේක ජම්බෝ නෙමේ මෙගා කැබිනට්ටුවක්. (බ)
මේගොල්ලෝ කවදත් හිටියේ විවේකිව තමයි ජීවන බර කරට ගත්තේ මහජනතාවයි.නොදොකින් මිනිස්සු තාමත් ආවඩනවනේ. (ම)
ඇමරිකාව, එංගලන්තය, කැනඩාව සහ ඉන්දියාව ලංකාවට බියවුණ එකම යුගය ඔබතුමා අපේ රට පාලනය කළ වෙලාවේ විතරයි. කරුණාකර අප වෙනුවෙන් දිවිදුන් සොල්දාදුවන්ගේ ජීවිත ජාත්‍යන්තර උසාවියෙන් බේරගන්න. (නි)
ඔබට මම ගොඩක් ආදරෙයි (නි)
ඔබතුමාගේ අගය දිනෙන් දින වැඩිවෙනවා. අපේ රට සීපා, ඉන්දීය ලංකා පාලම සහ ජාත්‍යන්තර උසාවියෙන් ගළවාගන්න. (නි)
ඔබ දේශපාලනයෙන් ඉවත්වන්න මැතිඳුනි (නි)
දැන් ඉතින් ඕනෑ තරම් හොඳට විනෝද වෙන්න පුළුවන් නේ ගත්තු සල්ලි ඇතිනේ (ම)
ඔබ සතුටින් සිටිනු දැකීම අපේත් සතුටයි (නි)
මම හිතන්නේ නැහැ දැන්නම් මිනිස්සු මෝඩයි කියලා. (නි)
"මහන්සි ඇතිනේ, බොමුද සීතල වතුර ටිකක්" (නි)
විජයබා සහෝදරයා,පොඩ්ඩක් ඉවසීමෙන් ඉන්න. දැන පටන්ගත්තා විතරනේ. ඔයාගේ ප්‍රශ්නයට අනාගතයේ හොඳ හොඳ පිළිතුරු ලැබේවී.මගේ අදහස් වලින් ඔබට කිසියම් අපහසුවක් වුණා නම් මට සමාවෙන්න. (නි)
ඔබට දීර්ඝායු වේවා! (නි)
දැන්වත් ඉතින් එතුමාට තමන්ගේ පාඩුවේ ඉන්න දෙන්න. (නි)
මෛත්‍රී මහත්තයා ඇමති මණ්ඩලය 20 ට අඩුකරන බවට එතුමාගේ අත්සනින් ඉදිරිපත් කළ පොරොන්දු පත්‍රයේ පොරොන්දු වුණා. දැන් 90 ට ආසන්න ඇමති මණ්ඩලයට අමතරව දිස්ත්‍රික් කමිටු සභාපතිවරුන්ටත් ඇමති වරප්‍රසාද.මේක නඩත්තු කරන්න කොච්චර ධනස්කන්දයක් ඕනෑද කියලා සමහර ජනතාවට තේරෙන්නේ නැහැ. දැන් ඡන්දයක් තිබ්බොත් මහින්ද මහත්තයා 65%ක් විතර ගන්නවා (නි)
ඔබතුමාගේ ළඟ එන පාලන සමය ඇමතිවරු 15 ක් හෝ 20 ක් පත්කරගෙන දුෂිතයන් පිටුදකිමින් රට විදුලි වේගයෙන් සංවර්ධනය කරා යන ඉතා සුබ පාලන සමයක් වේවා!! ජය ශ්‍රී උතුමාණනි!! මහින්ද මහත්තයා තව අවුරුද්දක් යන්න කලින් මේ රටේ විධායක අගමැති වන බව මට ඉර හඳ වගේ විශ්වාසයි. සිංහල ලේ ගැවිලා හරි තියෙන බහුතරයකගේ සහය එදාට මේ උතුමාණන්ට පාර්ලිමේන්තුවේදී ලැබේවි කියන විශ්වාසය මට තියෙනවා. (නි)
යහ පාලනය නිසා යන්තම් බේරුනා නේද.. නෙත්නම් මේ වෙලාවට ඉන්න වෙන්නේ වතුරේ නෙමේ..... ජනතා සිත් දිනු සේමදා රජෙක් වගේ මේ අපේ පුංචි රටේ සේමදා ඉන්න හිටපු ඔයා කරගත් දේ ලෝකේ ඉන්න ඕනෑම මිනිසෙකුට හොඳ පාඩමකි..(ම)
එදා රෙදි ඇඳගෙන නෑවා. අදත් නානවා.සමහරු මෙයාගේ කුණු අතුල්ලනවා.ලැජ්ජා නැහැ අපේ රටේ අයටත් (නි)
අපටත් අසයි පාසිකුඩා ගිහින් ඔහොම ඉන්න. එත අපට කවුද සල්ලි දෙන්නේ? (ම)
සාස්තරයක් එහෙම බලලාද වතුරට බැස්සේ (ම)
මිනිස්සු තවමත් මහින්ද මහත්තයාට ගොඩක් ආදරෙයි (නි)
ඔබට ජය ශ්‍රී! (නි)
ශ්‍රී ලංකාවට නිදහස දුන් රජතුමනි, ශ්‍රී ලංකාවාසීන් ඔබ පරාද කළේ නැත. ළඟදීම ශ්‍රී ලංකාවාසි බුද්ධිමත් ජනතාව තේරුම්ගනීවී.ඔබ මන්ත්‍රී කෙනෙක් ලෙස පැමිණීම ජනතාවට දුන් උපහාරයක් මෙන්ම රට මෙන්ම රටවැසියාද බේරගන්නා බවට ලබන සහතිකයක් බව අපි දනිමු. ඔබට තුණුරුවන් සරණයි! (නි)
රට කොටියාගෙන් බේරාගත් එකයි ඔබ කළ වැරැද්ද. එහෙම නැත්නම් ඉහත ඔබතුමාව විවේචනය කරන අයගේ දානයට යන්න තිබුනා (නි)
ජනතාවට යහපාලනය තිත්ත වෙලා ඉන්නේ ඔහොම යන් දිගාසිරි (ම)
දීර්ඝායු වේවා.(ම)
ඔබතුමා සතුටින් සිටිනු දැකීම මටනම් සතුටක්. ඔබට සැමදා ජය (ම)
උතුමාණනි !අද හොද මිනිස්සුන්ට තැනක් නැහැ නමුත් සත්‍ය ජය ගනියි ඔබේ සතුටු වීම අපෙත් සතුටයි ඔබ තුමාට ජේසු පිහිටයි! (ම)
පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙක් මෙහෙම සතුටින් ඉන්නකොට රටේ ජනතාවට නේන්නම් ආඩම්බර , (ම)
ඔබතුමා අපේ රටේ එකම සදාදරණීය අසහාය පියකරුම තේජවන්තම නායකය. අගාදයට ගෙනයන මේ රට බෙර ගන්නට අයෙත් එන්න පියතුමනි ගරුතර. ඔබට, ප්‍රිය දරුවන්ට බිරිඳට පතනෙමු සියලු දෙවි පිහිට නිරතුරු (අ) .
ඔබ දැකීමත් සතුටකි (නි)
යුද්ධය අවසන් කළා, පාසිකුඩා බේරගත්තා, එහි හෝටල් කීපයක් හැදුවා, එ්ක හෝටලයකට ගිහිල්ල විවේක ගන්නවා, ඔය ලියපු අය දන්නවද ඒ හෝටලය කාගෙද කියල, මයි කාර්, මයි පැට්‍රොල්, අයිති කාරයා හොයා ගත්තම, කාගෙ සල්ලිද කියල දැන ගත හැකි. (බ)
මගේ රට ගැන මට නැති රුදාවක් සුද්දට කොහෙන්ද කියල අහන්න තරම් හයියක් තිබුන ඔබ තමයි කවදත් අපේ ආදරය. ඔබට දළදා සමිදුන් සරණයි ! (බ)
බලයේ ඉන්නකොට කරපු කියපු දේවල් අපි දන්නවා (බ)
පා.ම. මහින්ද රාජපක්ෂ. අනේ මහත්තයෝ රජෙක් වගේ නික්මෙන්න තිබුනා දැන් ඒ වෙන කවුරුවත් නිසා නෙවෙයි තම වටේ සිටි අය නිසා. ඔබ තුමා දෙවෙනි වරටත් අර දුරකතනයට සම්බන්ද කටකාර කෙනා සහ තනියෙන් ඡන්ද 500 ක් ගන්න බැරි පිවිතුරු කෙනා නිසා අමාරුවේ වැටුන ඒ දෙන්නට පා.ම. කමක් වැඩියත් එක්ක ඔබ තුමාත් උන් දෙන්න ගානට වැටුණු එක ගැන නම් දුකයි. (බ)
මට හරිම සන්තෝසයි ලංකාවේ තවමත් කල ගුණ දත් මිනිසුන් කොටසක් සිටීම ගැන. මටත් මහින්ද මහත්තයා වීර වරයෙක් (නදී)
අපේ වර්තමාන නායකයන්ට පිනනවා තියා මග යන්න පන නැත. (බ)
සංජීව හොරණ, ඔබගේ කවි අදහස හරිම අගෙයි (නි)
නැව ගිලුනත් බෑන් චුන්. ඔබ තුමා නැවත වාරයක් අපේ රට 'යහපාලනයෙන්' ගලවාගැනීමට එන බව මට විශ්වාසයි. (බ)
අනේ ඔබතුමාට ජේසු පිහිට ලැබේවා! (නි)
වතුරේ ගිලුනත් නිල් පාටින් ඈත් වෙන්නේ නැහැ. (බ)
මොන දුක තිබුනත් මේ අවස්ථාවේ එතුමා ඉන්නේ සතුටින් (නි)
චමිලා, යුද්ධයට පස්සේ මේගොල්ලෝ හිතුවේ මේ රට මේගොල්ලන්ගේ කියලා.යුද්ධය කළ මිනිහාව කුඩුවට දැම්මේ කවුද...? කර්මය කියන එක ඇත්ත.තවම පළදෙන්න පටන්ගත්තේ නැහැ. (නි)
හරිම සතුටුයි (නි)
ඔබ සැමදා සතුටින් සිටීවා! (නි)
විජිත්, මෙතුමා හිටියේ නැත්නම් ඔබ බස් බෝම්බෙකට හරි, බිම් බෝම්බෙකෙට හරි අහුවෙලා ගොඩක් කල්. මෙතුමා නිසා තමා මෙතන අදහස් දාන්නත් ඔබ අද ඉතුරුවෙලා ඉන්නේ (නි)
සැමදාමත් අපි ඔබ සමඟයි (නි)
ඔලිවර් සහ ශ්‍රීලාල් වෙත,නුඹලා වගේ අය නිසා තමයි ලංකාවට වරදින්නේ. (නි)
මිනිසුන්ගේ හදවත් දිනු මිනිසා. (නදී)
අනේ! ඔබතුමා නැති පාඩුව දැන්තමයි අපිට තේරෙන්නේ (නි)
ඉස්සර පාසිකුඩා පැත්තට යන්න හිතන්නවත් බැ, කොටි ගහනවා. ඒ තත්ත්වය වෙනස් කලේ මහින්ද මහත්තයා. අද ඒ මහත්තයට ගරහන අයට මේවා තේරෙන්නේ නෑ. තේරුනත් දන්නේ නෑ වගේ ඉන්නවා. (ම)
නිවහල් රටක් හදපු ඔබ නිදහසේ ඉන්නවා දැකීමක් සතුටක්. හැබැයි අපේ ජනතාවගෙන් නම් ඔබට නිදහසක් ලැබෙන්නේ නැති බව ඡායාරූප වලිනුත් පෙනෙනවා (නි)
අනේ දැන් දරුවෝ වඩාගෙන ඉන්න කාලේ හරි වාගේ දැන්වත් ඔය තුන්දෙනොව බන්දලා දෙන්න (ම)
වාසනාවන්ත අනාගතයකට සුභ පැතුම්! (නි)
ඔබතුමාට තෙරුවන් සරනයි (අ)
ඔබතුමා අනෙකුත් අයටත් හොඳ ආදර්ශයක් (නි)
ඔබ තුමාගේ චරිතය අධ්‍යනය කරන කෙනෙකුට ඉවසිම, නින්දා විදිම, නිහතමානීකම මේ සැම ගුණයක්ම දකින්න පුඵවන්. ඔබ අටලෝ දහමේ ප්‍රතිමුර්තියක්. ඔබතුමා මැදමුලනේ කුඹුරේ තේ අරන් යන අයුරු මාගේ මව කියලා තියෙනවා. මවට දැන් අවුරුදු 85, 1971 අම්මා මැදමුල පාසලේ සේවය කලා (අ)
මමත් යහපාලනය වෙනුවෙන් වැඩ කරපු කෙනෙක්. මිනිස්සුන්ට දැන් මේ ජම්බෝ කැබිනට්ටුවක් නඩත්තු කරන්න වෙලා. මේක අපිට එපා; ඔබතුමා වැරදි හදාගෙන එන්න. හොරුන්ව රකින්න එපා. මෙගා ඇමති මණ්ඩල දාන්න එපා. කොන්ද කෙලින් තියාගෙන යන කෙනෙක් යන්න කියල වැඩ කරන්න. එතකොට මහජනතාව හැමදාම ඔබතුමාත් එක්ක ඉදියි .
එකල වැපිරූ පාපතර බීජ දැන් හොඳින් වැඩී ශ්‍රී ලංකාවම වසාගෙන පැතිරී යයි. (නි)
රටට හොඳ නායකයෙක් විතරක් නෙවෙයි. මෙතුමා ඉතා හොඳ පවුල් ජීවිතයක් ගත කරන සැමියෙක්, පියෙක්. මා ඉතා ගරු කරන වීරවරයෙක්. (නදී)
ඔබතුමා ජනාධිපති සමය ගතකළේ දිනකට පැය හතරක් නිදාගෙන. එම කාලය තුළ ඔබ කළ සේවාව සුළුපටු නොවේ. ගුණමකුවෝ කොහොම කිවුවත් රටේ අනාගත පරපුරට ඔබ දෙවියෙකි. ඔබට නීරෝගීව ජීවත්වන්නට දෙවිපිහිට පතමි! (නි)
ඉස්සරනම් මේවා කරන්න බැහැ ත්‍රස්තවාදය තියනවා කියලා. දැන් අගේට සන්තෝෂ වෙන්න පුලුවන්. (නි)
මෙතුමාට කාලෙකින් නිදහසක් ලැබිලා. අපට සතුටුයි (නි)
ඔබ දැන් මෙලෙස සැහැල්ලුවෙන් සතුටින් සිටීමයි වැදගත් (නි)
මෙයාලට වගේ විනෝද වෙන්න අනෙක් තරුණයින්ට කොහෙන්ද සල්ලි? (නි)
ඔබතුමාට තෙරුවන් සරණයි. (නි)
ඔබට සදා ජය සහ සතුට! (නි)
ශ්‍රී ලාල්,ඔබ මොන ආකාරයේ කෙනෙක්දැයි නොවැටහේ (නි)
ප්‍රසන්න ,ඔබගේ කට මසුරන් වටී (නි)
එතුමා ගැන දන්නේ ටික දෙනයි. (නි)
දැන් ඡන්දයක් තිබ්බොත් ඔබතුමා 75% ක බලයක් ගන්නවා. යහපාලනය පස්සේ ගිය අපි බලාපොරොත්තු වුණේ මේ වගේ ආණ්ඩුවක් නම් නෙමෙයි (නි)
මම නම් ඔහුට කොහෙත්ම කැමති නැහැ (නි)
මේ රජය ඇමති මණ්ඩලය අඩුකිරීමට අපොහොසත් බව හොඳටම දැන් පැහැදිලියි. අපි සියලුදෙනා යමක් කරන්නට බලමු. (නි)
ඔහු කළ හොඳ වැඩවලට වඩා නරක වඩා වැඩියි. මෙයාගේ කාලේ නීතිය බලපෑවේ එයාලගෙ විරුද්ධකාරයන්ට නැත්නම් අපි වගේ පොඩි මිනිසුන්ට.ඒ වැරදි වලට ලෝක ධර්මයෙන් ගැළවෙන්න ලැබෙන්නේ නැහැ (නි)
ශ්‍රීලාල් කැමති කාටද? (නි)
ත්‍රස්තවාදයෙන් නිදහස් රටේ නිදහසක අරුමය විදින්නට විරාමයක් (අ)
මේ රටේ ජීවන වියදම පහත හෙළිය හැක්කේ, මේ මෙගා ඇමති මණ්ඩලය අඩු කර ඇමතිවරු 20 කගෙන් මනාව රට පාලනය කිරීමට කොන්දක් ඇත්තේ ඔබතුමාට පමණයි. යලි එන්න. මෙවර ඔබතුමාට ජය නියතයි. (අ)
අනේ දර්ශන සහෝදරයෝ, යුද්ධය තුරන්කර රට බේරීම් ගැන නම් කතා දෙකක් නැත. නමුත් යුධ ජය කිය කියා මේ රටේ සම්පත් තමන්ටත් තමන්ගේ පවුලටත් සීමාකිරීම ගැන මොකද කියන්නේ. අපේ මිනිසුන් කවදත් කළ දේ අමතක කරන අය නෙමෙයි. එනිසා නේද දෙවන සැරේත් රට බාරදුන්නේ. ඉන්පස්සේ මොනවද වුණේ? (නි)
ජය ශ්‍රී මැතිඳුනි! (නි)
අම්මෝ! චන්න දන්නා දේවල් (නි)
කමල්, ඔයා ඉන්දීය ලංකා පාලම ගෙනඑනවට විරුද්ධ වෙන්නේ අයි? ඉන්දියාවට ඕනෑ සේතු සමුද්‍රම් ඇළ මාර්ගය. අපිට ඕනෑ පාලම. අපිට මේ පාලම ඉදිකර ගැනීමටත් ඒ හරහා භාණ්ඩ ප්‍රවාහනයට කෝච්චි පාරකුත් ඉදිකරගන්න පුළුවන් වුණොත් ඒක අපි දීර්ඝකාලීනව ලබන දැවැන්ත ජයක්. මට මේකෙන් ලැබෙන ආර්ථික වාසි ගැන සම්පුර්ණයෙන් ලියන්න මෙතන අමාරුයි. අපේ සහය නැතුව වුණත් මතු දිනෙක හරි සේතු සමුද්‍රම් ඇළ මාර්ගය ඉන්දියාවට තනියම වුණත් ඉදිකරගන්න පුළුවන්. අපි කොහොමහරි මේ පාලම ඉදිකරගතහොත් නීත්‍යානුකූලව මේ ඇළ ඉදිකිරීම වැළකෙනවා. (නි)
දේශපාලනමය කාරණා කෙසේවෙතත් එතුමා ශ්‍රේෂ්ඨ නායකයෙක්. එතුමා මේ රට වෙනුවෙන් කළ කී දේවල් අනුව එතුමාට නිදහසේ මේ රටේ ජීවත්වීමේ අයිතිය තහවුරු කළයුතුයි. (නි)
ශ්‍රීලාල්, එතුමා නොහිටියා නම් ඔය කෑගහන වීරයෝ තවම ඇඳයට. එයාලගේ නෝනලා පාසල් ළග මුර. අතීතය අමතක කරන්න එපා. (නි)
ඔබතුමා බොහොම ආත්ම විශ්වාසයෙන් කටයුතු කරන බව පේනවා (නි)