‘අපි කොහොමටවත් රනිල්ට 18 වෙනිදට ආණ්ඩුවක් පිහිටුවන්න ඉඩ දෙන්නෑ. ඒ ආණ්ඩුව හදන්නෙ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙ නායකත්වයෙන් මහින්දයි මෛත්‍රියි ඉඳගෙනයි‘ යැයි ඇමැති එස්.බී දිසානායක මහතා මහනුවර පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී පැවැසීය.
මෛත්‍රිපාල ජනාධිපති ට පොඩි තරහක් මතුවී එක වෙලාවක අපේක්ෂකයන්ගෙ ප්‍රශ්නයකදි මහින්දට නාම යෝජනා නොදෙන බව කීවත් ඒවා දැන් වෙනස් වී ඇතැයිද මහින්දයි මෛත්‍රීයි නැවත විරසකයට නොයන බවත් පක්ෂය නැවත දෙකට නොකැඩෙන බවත් දිසානායක මහතා කීවේය.
අර්ජුන, හිරුනිකා, රාජිත පක්ෂයෙන් ඉවත් වීමෙන් පක්ෂයට හානියක් වී ඇත්දැයි මාධ්‍යවේදියෙක් ඇසු ප්‍රස්නයකට පිළිතුරු දෙමින් හානියක් වෙන්නත් පුළුවන් නමුත් ඒ අය දැන් එක්සත්ජාතික පක්ෂයට තරග කරන අය නිසාත් සන්ධානය ආණ්ඩුවක් හදන්න යන බැවින් මන්ත්‍රී අඩු පාඩුවක් වුනොත් ගනු දෙනු බේරගන්න අවශ්‍ය නිසා ඒ ගැන කිසිවක් නොකියන බවත් ඇමැතිවරයා පැවසීය.
රතන හිමින්ට මුල සිටම උවමනාවී තිබුනේ මහින්ද මෛත්‍රී එකතු කරන්න හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සංධානය එකතු කරන්න බවත් අමාත්‍ය වරයා පැවසිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාගේ විහිළු තහළු අපිට ඇතිවෙලා.(ම)
මම හිතුවේ ආණ්ඩු හදන්නේ ජනතාව කියලා?(ම)
එහෙනම් කොච්චර හොඳද? (නි)
කපන්න බැරි අත ඉඹිනවා කියන්නේ ඕවට තමයි.(ම)
රණ්ඩු වේවි යාලු වේවි.......අපි උන්නා (ම)
අනේ මේ මනුස්සය මොනවා කියවනවද මන්ද.පිස්සු හැදෙනවා මේවා අහන කොට.ඔය කටෙන් කියපු එක වැදගත් දෙයක් වත් මට නම් මතක නෑ (බ)
මෙයත් නැවත රනිල් ළඟට ගිහින් ඇමැතිකමක් ඉල්ලන එක අපි දන්නවා (බ)
ඒකත් එහෙමද? (නි)
ඔබ ඇත්තමද? (නි)
අගෝස්තු 18 වෙනිදාට පසු බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)
"අහස උසයි ඒ වියදම" නමැති ලිපිය බලන්න .(නදී)
‘මහින්ද - මෛත්‍රී යළි විරසකයක් නෑ‘. එහෙනම් රටට දෙවියන්ගේම පිහිටයි. (නදී)
මිනීමරු ප්‍රභාකරන්ට නැවත ගොඩ එන්න දෙන්න නැතුව වගේම රටම කාපු, රටේ අසරණ මිනිසුන්ගේ මහජන මුදල් ගසා කාපු හොරුන්ට නැවත නැගිටින්න ඉඩ දෙන්නෙත් නැහැ. (නදී)
ඔයා බොරු කියනවා අනේ. ඔයා පනින්නේ 18 වෙනිදද, , 20 වෙනිදද.? (නදී)
අගෝස්තු 18 වෙනිදට බලමුකෝ වෙන දේ (නි)
සේනක, ඔයා හරියටම හරි. (නි)
දේශපාලුවෙක් මිසක් දේශපාලකයෙක් නෙවේ. (නදී)
මෙය කියන්නේ මොනවද කියල මෙයාම දන්නෙම නැහැ (නදී)
මහත්තයෝ, ප්‍රජාතන්ත්‍රවාදී රටක ආණ්ඩුව තීරණය කරන්නේ ජනතාව. ජනතාව රනිල්ව පිළිගත්තොත් ඔයාට කරන්ඩ පුළුවන් ඉටිගෙඩියක් නැහැ.(නදී)
ජනතාව තීරණය කරයි. ඔබතුමා මහන්සිවෙන්න එපා ! (ම)
ජනතාව ඔබතුමාගේ තරම දන්නවා. තවත් බොරු කියන්න හදන්න එපා (නි)
ඔයා ගැන අපි හොඳට දන්නවා (නි)
මෙයා කියන ඒවා ගණන් ගන්න අය තාම ඉන්නවාද?(නදී)
අනේ නිකන් බොරු නොකිය ඉන්න මේයා ,,ඔය පනින පනින පැත්තට එක එක දේවල් කියනවා ...(ම)
තමන්ගේ පක්ෂයවත් දන්නවද දන්නෙ නැහැ (නි)
සමහරු ඔහේ කියවනවා. අනේ මන්දා! (නි)
අනේ අපි නොදන්නවායැ? (නි)
විරසකයක් නොව වීර සැකයක් වෙන්න පුළුවනි (නදී)
මේ රටේ ආණ්ඩු හදන්නේ ඡන්ද දායකයන් මිසක් රනිල් වත් ඔබතුමාවත් වෙන කවුරුත් නොවේ කියන එක මේ මැති තුමාට කල්පනා වෙන්නේ නැතිද නැතිනම් මෝඩ කමද? (නදී)
ඇත්ත දැනගන්න ඕනේ නම් මේ මනුස්සයා කියන දෙයට විරුද්ධ දෙය විශ්වාස කරන්න. ශ්‍රී ල නි ප පාක්ෂිකයිනි, තව සති 3 යන්න ඉස්සරවෙලා මොහු නැවත ඒ ජා ප පිලට පනිනවා. එතකොට ඔබගේ මනාපය ඒ ජා පෙ ට දුන් ඡන්දයකට සමානය (නදී)
එහෙනම් දැන් රටේ වෙනදේවල් වලින් හිතාගන්න පුළුවන් ඔබතුමාට අනාවැකි කියන්න පුලුන්වන් ඇයි කියලා (ම)