IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


මහින්ද මෛත්‍රී කරට කර

වත්මන් ජනපති මහින්ද රාජපක්ෂ මහතා මෙවර පෙර නොවූ තුන්වැනි වාරයක් සඳහා ජනපතිවරණයට ඉදිරිපත් වී ඇති බවත් ඔහුට ජයග‍්‍රහණය ලැබීමට නම් දැඩි තරගයකට මුහුණ දීමට සිදු වී ඇති බවත් ප‍්‍රංශ පුවත් සේවය වාර්තා කරයි.

මෙවර ජනපතිවරණයේ ප‍්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වන මහින්ද රාජපක්ෂ මහතා සහ මෛති‍්‍රපාල සිරිසේන මහතා කරට කර සටනක සිටින බව දේශීය මාධ්‍ය වාර්තා කර  ඇතැයි ද ප‍්‍රංශ පුවත් සේවය සඳහන් කරයි.

මේ අතර ජනපතිවරණයේදී ඡන්ද දායකයන් බිය ගැන්වීම සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇතැයි ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයන් සඳහන් කර ඇතැයි ප‍්‍රංශ ඒ.එෆ්.පී පුවත් සේවය කියයි.

මාර්ග අවහිර කිරීම් 400ක් ද ඇතුළුව යුද්ධය පැවැති ප‍්‍රදේශවල සිටින සුළුතර දෙමළ ජනතාවට ඡන්දය දීමට නොහැකි වන ආකාරයෙන් කි‍්‍රයා සිදුකර ඇතැයි තමන්ට පැමිණිලි ලැබී ඇතැයි 55 දෙනකුගෙන් සමන්විත මෙම ජාත්‍යන්තර මැතිවරණ නීරික්ෂකයන්ගේ කමිටුව උපුටා දක්වමින්  ප‍්‍රංශ පුවත් සේවය වාර්තා කරයි.

හමුදාව විසින් මෙම මාර්ග අවහිර කරතියි කියනුයේ ඡන්දය දැමීම වැළැක්වීමට බවත්, ඒ සම්බන්ධයෙන් අදාළ බලධාරීන් දැනුම්වත් කර ඇති බවත්, හමුදාවට මෙම මැතිවරණයේදී කළ යුතු කාර්යභාරයක් පැවැරී නැති බවත් විපක්ෂය සඳහන් කර ඇති බවත් තමන් මේ සම්බන්ධයෙන් අවධානයෙන් සිටින බවත් මෙම ජාත්‍යන්තර මැතිවරණ අධීක්ෂණ කමිටුවේ ප‍්‍රධානී එස්. වයි. කුරයිෂි පවසයි.

ජාත්‍යන්තර නිරීක්ෂකයෝ මැතිවරණ දිස්ති‍්‍රක්ක 22 යෑමට බලාපොරොත්තු වන බවත් එහිදි ජනපතිවරණයට සහභාගී වන අපේක්ෂකයන්ගේ අවසන් මැතිවරණ රැලි නීරික්ෂණය බවත් එස්. වයි. කුරයිෂි පවසයි.

ඡන්ද දායකයෝ ලක්ෂ 150ක් (මිලියන 15) සුදුසුකම් ලබා ඇති මෙම මැතිවරණය ලබන (8) වැනිදා පැවැත්වෙන බවත් එදින ඡුන්ද විමසීම පැවැත්වෙන පැය නවයක කාල සීමාව තුළ ඡන්ද මධ්‍යස්ථාන නීරික්ෂණයට තම නියෝජිතයන් යෙදවීමට නියමිත බව ඔහු මාධ්‍යවේදීන් අමතමින් සඳහන් කළේය.

සාධාරණ හා ස්වාධීන මැතිවරණයක් පැවැත්වීම අරමුණු කරගෙන මැතිවරණ කොමසාරිස් මහින්ද දේශපි‍්‍රය මහතාගේ ඉල්ලීමකට අනුව ජාත්‍යන්තර නීරික්ෂකයන් මෙරටට පැමිණි දිනයේදීම පෙරේදා (3) විපක්ෂයේ පොදු අපෙක්ෂක මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ මැතිවරණ රැලියකට වෙඩි ප‍්‍රහාරයක් එල්ල වූ බවත් ඉන් එක් පුද්ගලයකු තුවාල ලැබූ බවත් ප‍්‍රංශ පුවත් සේවය වාර්තා කර තිබිණි.

ඉකුත් දෙසැම්බර් මස ආරම්භයේදී  ජනපතිවරණ ප‍්‍රචාරක වැඩපිළිවෙළ ආරම්භ වූ අතර එතැන් සිට මේ දක්වා දේශීය මැතිවරණ නීරික්ෂකයන්ට මැතිවරණ නීති කඩකිරීම් 1000කට ආසන්න ප‍්‍රමාණයක් වාර්තා වී ඇතැයි ද පොලිසියට එතරම් පැමිණිලි ප‍්‍රමාණයක් ලැබී නැති වුවද 130 දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි ප‍්‍රංශ පුවත් සේවා වාර්තා කියයි.

මැතිවරණ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සිදුවීම් වැඩි වී ඇති බවත් සිදු වූ එම මැතිවරණ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා හොඳින් සංවිධානය වූ සහ විපක්ෂය ඉලක්ක කරගෙන සිදු වූ එවා යැයි මැතිවරණ නීරික්ෂණ කටයුතුවල නිරත වෙන පෞද්ගලික මැතිවරණ නීරික්ෂණ කණ්ඩායම් සඳහන් කරයි.

 

          



අදහස් (0)

මහින්ද මෛත්‍රී කරට කර

රොහාන් Monday, 05 January 2015 07:50 AM

දැන්නම් අනිවාර්යයෙන්ම මම ඡන්දෙ දාන්නේ මහින්දට. (නි)

:       0       0

ඛාන් Monday, 05 January 2015 08:17 AM

ප්‍රංශය ලංකාව ගැන මෙච්චර දන්නේ ඉතින් ලංකාවේ හොඳකම නිසා තමයි (නි)

:       0       0

කුමාර් Sunday, 04 January 2015 11:50 PM

අනේ! ප්‍රංශය දන්නවද මෙහේ ඒවා? (නි)

:       0       0

කස්තුරි Monday, 05 January 2015 03:16 AM

අපිට මේ වෙනුවෙන් පිටරටවල පිහිට ලබාගන්න වුණ එක ගැන තමා දුක. (නි)

:       0       0

සුනෙත් Monday, 05 January 2015 03:44 AM

මේ පාර ඇපත් නැතිවෙන්නේ කාටද කියලා අපි නම් දන්නවා (නි)

:       0       0

අශ්රොප් Sunday, 04 January 2015 01:21 PM

කරට කර නොවෙයි මෛත්‍රී ඉන්නේ ඉදිරියෙන් 9 වෙනිදට බලන්න (නදී)

:       0       0

කස්තුරි Sunday, 04 January 2015 01:44 PM

අපේ මාධ්‍යට පිටරටවල මාධ්‍යයෙන් කරුණු ආනයනය කරගන්ට සිදුවුණා එහෙනම්. පිටරටවල මාධ්‍යට මේක කරට කර සටනක් වෙන්නට ඇති. මෙහෙ (දිල්)

:       0       0

තිලක් -ඩුබායි Sunday, 04 January 2015 01:59 PM

"මෙවර ජනපතිවරණයේ ප‍්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වන මහින්ද රාජපක්ෂ මහතා සහ මෛති‍්‍රපාල සිරිසේන මහතා කරට කර සටනක සිටින බව දේශීය මාධ්‍ය වාර්තා කර ඇතැයි ද ප‍්‍රංශ පුවත් සේවය සඳහන් කරයි. " මෛති‍්‍රපාල සිරිසේන මහතා ට කිසිම තරගයක් නැහැ.(නදී)

:       0       0

රේනු Monday, 05 January 2015 05:46 AM

සත්‍ය විකෘති කිරීමක්. ජාත්‍යන්තරයට වැරදි මවා පෑමක්. කොටි සංවිදාන අදටත් සල්ලි එකතු කරනවා (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 801 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 589 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 466 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site