හිටපු ජනපති මහින්ද රාජපක්ෂ හා හිටපු ඇමැති ගාමිණී ලොකුගේ යන මහත්වරු අද (26) සවස බෙල්ලන්විල රජමහා විහාරයේ බෝධි පූජාවකට සහභාගී වූහ.
බෙල්ලන්විල ඥානවිමල හිමියෝ බෝධිපූජාව පැවැත්වූහ.
මේ දින වල බෙල්ලන්විල විහාරස්ථානයේ ඇසල පෝය නිමිති කරගෙන විවිධ පිංකම් මාලා සිදු කැරෙයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරියට ධර්මාවබෝධයක් ලබා තිබුණානම් ඔබ තුමාට මෙහෙම වෙන්නේ නැහැ (ම)
අනේ පවු කියලා හිතුනා මෙතුමා දැක්කහම (නි)
තිලක්, ඔයා ගැනයි අපිට පවු කියලා හිතුනේ (නි)
ධර්මයෙන් ඔබතුමාගේ දිවිය ආලෝකමත් කරගන්න (නි)
පිනක් දහමක් කරගත්තට අපේ කිසිම අකමැත්තක් නැහැ. හැබැයි අනවශ්‍ය කතා එපා. (නි)
පන්සලේ වාර්ෂික පින්කමට සෙනඟත් එන්න ඇතිනේ ගොඩක් (නි)
අාපහු පටන් අරන් වගෙයි පන්සල් දේශපාලනේ. (නි)
තිලක් කඩේ ගිය හැටියට, බොරු වලට අහුවුණ හැටියට ඔබ ගැන මට දුක හිතෙනවා. දැන්නම් ලංකාවට එන්න එපා. ඩුබායි වලම ඉන්න. (නි)
මේක මහා පුදුම වැඩක්නේ. මේ මනුස්සයට කොහෙවත් යන්න නැහැනේ. පන්සලට ගියත් මොනවාහරි කියන්න තියෙනවා. මතක තියාගත්තොත් හොඳයි. මේ මනුස්සය හින්දා තමයි අද මෙහෙමවත් බයක් නැතුව පන්සලකට හරි යන්න පුළුවන්. මිනිස්සු කතා කරන්නේ හරියට මැරිලා ඉපදුන අය වගේනේ. (නි)
මිනිස්කම අගය කරන්න. පුද්ගලිකව ඔයගොල්ලන්ට එතුමා කිසිම වැරැද්දක් කරලා නැහැ බනින්න. අවුරුදු 30ක් තිබුන ජිවිත විනාශය එතුමා නවත්වපු එකම මදිද? (නි)
ඔබතුමාට සැමදා ජය! (නි)
විපුල, අද මෙහෙම පන්සල් ගානේ ඇවිද්දට බලය තිබෙන කාලේදී හැසිරුනේ කොහොමද? (නි)
මහින්ද මැතිතුමා මේ වෙනකොට අපිට පන්සලුත් එපා කරලයි තියෙන්නේ. (නි)
ඔබට බුදු සරණයි මැතිඳුනි! (නි)
මහින්ද මහත්තයා නැවත එනවා නම් අපි හරි කැමතියි (නි)
ඔබතුමාට යහපතක්ම වේවා! (නි)
පෙරේරා කියන දෙයට ඇහුම්කන් දෙන්න (බ)
සපත්තු දෙකත් දාගෙන පන්සල් යන්නෙත් හරියට ශෝෆින් යනවා වගේනේ.(ම)
සමහරු හිතන්නෙ මහින්දගේ සල්ලි වලින් රට සංවර්ධනය කළා කියලා මේ ජනතාවගේ මුදල් කියලා ඹවුන්ට තේරැමක් නැති විම ගැන කනගාටුයි (බ)
මහත්මයෝ, පන්සල් ගියාට කමක් නැහැ හොඳ අදහසකින් නම්. නැතුව තමන්ගේ යටි අදහස් තියාගෙන රට විනාශ කරන්නේ නැතුව (නි)
තිලකසිරි යන්නේ මහින්ද යන පන්සල් වලට විතරමද? නොගිහින් හිටියට බුදුහාමුදුරුවෝ අහිතක් හිතන්නේ නැහැ. බුදුන්වන්සේ කාටත් කරුණාව, මෛත්‍රිය දැක්වූ කෙනෙක්. (නි)
මෙතුමා දැකීමත් අපේ හිතට සැනසීමක් දැන් ඉන්න අය කරන කියන දේවල් දකිද්දී (නි)
මේ මනුස්සයා බලෙන් පන්සල් වලට යන්නේ නැහැ. එතුමන්ට ලැබෙන ආරාධනා අනුව තමයි යන්නේ. සමහරක් හිතන්නේ බලෙන් යනවා කියලා. බලෙන් ගියත් මොකද මෙයා රටට වැඩක් කරපු කෙනෙක්. මෙතන අදහස් දමන සමහරක් වගේ නොවෙයි. (නි)
මහින්ද මහත්තයා පන්සල් යන නිසා තිලකසිරිට පන්සල් එපාවෙලා නම්, මහින්ද මහත්තයා හදපු හයිවේ එකේ එහෙම තිලකසිරි ගිහිල්ලාම නැතුව ඇති නේද? (නි)
රාජපක්ෂ මහත්තයාට තෙරුවන් සරණයි! (නි)
මහින්ද මහත්තයා එදා මේ රට බේරානොගත්තා නම් අද කොහොමද අපේ අය මෙහෙම බයනැතුව යන්නේ? (නි)
ලෙස්ලි ඔබ හරි...බෞද්ධ යයි කියාගන්න අපේ නායකයෝ හැමතිස්සෙම පන්සලේ එක අඩියකුයි කෝවිලේ එක අඩියකුයි තියාගෙන ඉන්නේ. අපේ හාමුදුරුවරු වත් ඔය තිරුපති වන්දනාවේ යන එක ගැන අද බුදුන් ජීවමානව සිටියානම් කියන්නට තිබු දේ ගැන කටක් ඇරලා මොකුත් කියන්නේ නැහැ. ජඩ දේශපාලනයට සියල්ල යට වෙලා. (බ)
ඔබ තුමා නියම බෞද්ධයෙක් (බ)
මේවා විවේචනය කරන්නේ ආගමක් දහමක් නැති මිනිස්සු , මේ අයගෙන් කීදෙනෙක් ළඟදී පන්සලකට පල්ලියකට ගිහින් තියෙනවද කව්ද දන්නේ බුදු සරණයි ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා (බ)
නැවත මෙතුමාගේ අවශ්‍යතාවය ජනතාවට දැනෙන්න අරගෙන තියෙන්නේ. තව පොඩ්ඩක් බලාගෙන ඉන්න සියල්ල හොදින් විසදේවි..!!(ම)
සපත්තු දාගෙන පන්සල් එනවාද? (ම)
සමහර අයගේ අදහස් දැක්කම පුදුමත් හිතෙනවා,මොනවා කියන්න හරි මේ රට බේරාදුන්නේ එතුමායි,කෙලෙහි ගුණ අමතක කිරීම ,මතු පරපුරට කරන බලවත් අපරාධයක්, (බ)
ලෝකෙට පේන්න පින් දහම් කරලා වැඩක් නැ. (බ)
පින්දහම් කිරිමට් රටේ ඕනෑම ජන කොට්ඨාශයකට පුළුවන්. අපි එය අගය කරමු. (නි)
අපේ රටේ හිටපු උතුම් නායකයෙක් ඔබ තුමාට ජය වේවා (බ)
මහින්ද මහත්මයා ගැන ඇත්තටම අපිට දුකයි. (නි)
පන්සල් වලට අපි යනවිට සෙරෙප්පු ගලවලා යන්නේ .හිටපු රජු නිසා වෙන්න ඇති සෙරෙප්පු දාගෙන යන්නේ .ගෞරවයක් ඇතිව කරන දෙයක් නෙමෙයි මේ කරන්නේ .අපිව ගොනාට අන්දන්න හදන්නේ (බ)
අපි පන්සල් යන්නේ බුදුන් වදින්න. එතුමලා පන්සල් යන්නේ බුදුන් වැඳලා දේශපාලනෙත් කරගෙන ගෙදර එන්න. අර කතරගම ගිහින් දෙයියොත් වැඳලා මුවෙකුත් මරාගෙන ගෙදර එනවා වගේ තමයි ඉතින්. අනේ, ඉතින් අපේ හාමුදුරුවන්ටත් දේශපාලකයින්ගේම සරණයි!!! (බ)
පුදුමයි. අද නම් බිම ඉඳගෙන. ගෝලයොත් කවුරුත් නැහැ. කළකිරිලාවද්ද? (නි)
මෙතුමාට දැන් පිටරටවල පන්සල් ඉවර වෙලාද, ශ්‍රී ලංකාවේ පන්සල් සිහියට ආවේ? එහෙම නැත්නම් මේ දිනවල පින්කම් පැවැත්වෙන පන්සල් වලට ගිහින් දේශපාලනය කරන්නද හදන්නේ? (නි)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 65 වැනි සංවත්සරය තියන්න ඉස්සර, බෙල්ලන්විල රජමහා විහාරයට පැමිණ, බෝධි පූජාවක් කරලා බාරහාර වුණාද දන්නේ නැහැ. මෙතුමා ඉතින් මීයක් කඩන්නේ අත ලෙවකන්න නොවන බව මෙරටේ හැමෝම දන්නා රහසක්නේ (නි)
ඔබට තෙරුවන් සරණයි! (නි)
අපේ නායකයෝ අද පන්සලේ, හෙට කෝවිලේ, අනිද්දා දේවාලේ. හරි විශ්වාසයක් ඇතුව වැඩකරනවා නම් හොඳයි (නි)
පැරදුන දා සිට ජනාධිපති පිටරටවල සහ මේ රට පන්සල් වන්දනාමාන කරන්නේ, පවතින දුෂිත රජයෙන් ජනතාව බේරාගෙන නැවත බලයට පත්ව, ජනතාවට සහන සැළසීමට බව ජනතාව තේරුම්ගත යුතුයි. (නි)