කොළඹ පැවැති ශ්‍රීලනිප විධායක කාරක සභා රැස්වීමට සහභාගී නොවීම ගැන ප්‍රකාශයක් කළ නොහැකි බව මහින්ද රාජපක්ෂ හිටපු ජනපති තංගල්ල කාල්ටන් නිවසේ දී අද (15) පැවසීය.
ඔහු එම රැස්වීමට සහභාගී නොවූයේ කලින් යොදා ගත් නොවැලැක්විය හැකි රාජකාරියක් නිසා යැයි පක්ෂ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මහතාට ලිපියක් මගින් දන්වා තිබිණි.
එම රැස්වීමට නොගියේ ඇයිදැයි ලංකාදීපය ඔහුගෙන් ඇසීය.
හිටපු ජනපති බැලීමට දිනපතාම වාගේ හිතවත්තු තංගල්ලට එති.
ජනවාරි නව වැනි දා සිට අද (15) දහවල් වන විට ලක්ෂ 25කට වැඩි පිරිසක් එහි එන්නට ඇතැයි නම හෙළි නොකළ ප්‍රකාශකයෙක් කීවේය.
අද (15) සවස ද බස් අසූවකින් පිරිස් පැමිණීමට නියමිතව සිටි බව ද ඔහු කීවේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා ද අද (15) හිටපු ජනපති හමු විය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමා යලිත් මව් බිමේ සේවයට ආ යුතුයි . (අ)
මහින්ද මහත්තයාට ගරහන කාටකාටත් අද 18 දවල් තරු පෙනෙන්න ඇති නේද, නුගේගොඩට ගලපු ජන ගඟ දැකලා. ඒ වගේ උතුම් අයෙක් නැතිකරගන්නෙ නැහැ රටට ආදරය කරන අවංක කළගුණ දන්න මොළය ඇති මිනිස්සු.නැවතත් අපේ රටේ නායකයා වෙනතුරු අපි රටෙන් ඈතක සිටියත් ආශාවෙන් බලාසිටිමු. ඔබට සදා ජය පතමි. (නි)
ඔය වගේ මෝඩ මිනිස්සු ඉන්නකොට මහරජට හොරකකම් කරන එක හරි ලේසි. උගතුන් පෙන්වලා දෙනවා හොරකම් කරපු දේවල් වැඩක් නැහැ ගොන් රැල යන්නම පිදුරු කන්න. (අ)
ඔහු සොරා ගත්තේ අපේ හදවතය (නදී)
මහින්ද ,ඔබ තවමත් අපේ නායකයායි.අපේ හදවතේ රජ ඔබයි. (අ)
එක දෙයක් පැහැදිලියි. අප්පච්චි මළේ නැහැ. නැවත එනවා.මළත් අපි වළෙන් නැගිට්ටවලා හරි ගන්නවා. (නි)
ඔබ තාමත් අපේ හදවතේ රජතුමා, ඔබට අපි සදා ණයගැති .(හේ)
පලයල්ලකෝ වට වන්දනාවේ. තංගල්ලට යන්න කලින් ජනරාල් ෆොන්සේකාව බලන්න යන්න හිතෙන්නේ නැද්ද? (නදී)
අපේ මව්බිමට අැත්තටම අාදරය කළ එකම ජනාධිපතිතුමා ඔබයි. තිස්වසරක් තිස්සේ හිඟන්නාගෙ තුවාලය වගේ තිබුනු කුරිරු යුද්ධය මුලිනුපුටා දැමුවෙ ඔබතුමා . (නි)
මිනිස්සු මහින්දට ඔයතරම් කැමතිනම් ඡන්දෙ දිනවන්න තිබුනනේ. ඇයි පැරදුනේ?ඔය තංගල්ල මිනිස්සු මහින්ද බලන්න ගියාට රටේ ඉන්න බුද්ධිමත් මිනිස්සු බලන්න ගියේ නැහැ. බලයේ ඉන්නකොට දුප්පත් මිනිසුන් නිකන්වත් බලන්න යන්න බැහැ. අනේ මේවා කාට කියන්නද? (නි)
නියම සිංහල මිනිසෙකි (නදී)
රුවන් ඔයා කියපු කතාව ඇත්ත (දිල්)
ඔබ තුමා නැවතත් අපේ රටේ නායකයා වන බව අපිට ඉර හඳ වගෙ විස්වාෂයි. ඔබ තුමා යලි එන තුරු අප සැම නොයිවසිල්ලෙන් බලාසිටිමි. ඔබතුමාට ගරහන කිසිවක් අපි පිලි නොගන්නෙමි. අප මවු බිමෙ මරබිය නැතිකල පින පමනක් ඇත ඔබට. අපි ඔබ සමගින් ඊයෙත් අදත් හෙටත් මතුවටත් ඉන්නෙමු. අපි කිසිඳා හැරනොයමි. ඔබතුමා යලින් එතැයි දැඩි විස්වාසයක් අප සිත්තුල ඇත. ඔබතුමාට ජයෙන් ජය. (නදී)
යහපාල, ඔය රාවනා රජුත් මරණයෙන් අවදි වෙන බවට විශ්වාසයක් තියනවා (නදී)
තව ඉස්සරහට යනකොට හොඳ හොඳ සෙල්ලම් බලන්ට පුළුවන් වෙයි. අද නුගේගොඩ රැස්වීමෙන් පස්සේ ගොඩක් සිදුවීම් වලට මුල පිරෙයි. ඒවා නවත්වන්න මේ ලෝකේ කිසිම කෙනෙකුට බැහැ.(නදී)
සමහර අය මහින්ද මහතා පෙන්වීම ජාවාරමක් කරගෙන එයාලගේ හොද්ද බොරකරගන්නවා. සහබාගිවෙන අය ට්‍රිප් යනවා. අවසානය ආපු අය ගැන ගණන් හදල කව්රුහරි පණ්ඩිතයෙක් මහින්ද මහතාට ලනුවක් දෙනවා. ඒ මහතාත් ලනුව කාල අායෙමත් අමාරුවේ වැටෙනවා. මේ දේ තමා මීට කලිනුත් වුනේ. (නදී)
උගතුන් පෙන්වා දෙන දේ නොතේරෙන හරකුන්ට පුන්නක්කු සහ තණ කොළ දෙන්න (නදී)
සියළු දෙනාටම බොහෝ දේ අමතකවෙලා නේද? මෝඩයෙක් වගේ හැසිරෙන්න එපා කෙවින්. (නි)
ඔබට සැමදා ජයවේවා! ඔබේ වැරදී නිවැරදි කරගෙන ඔබ නැවත පැමිනිය යුතුයි (නදී)
බලය තිබෙන වෙලාවේ මේ වගේ දුප්පත් මිනිහා එක්ක හිටියා නම් අදත් ඔබතුමා නායකයා. දැන්වත් අපිත් එක්ක ඉඳලා අපේ ජීවිතය විඳලා අපිව හොඳට දැනගන්න. නැවත වෙනස් වෙන්න එපා. එදත් අදත් හෙටත් අපේ වීර නායකයා. ඔබට බොහොම පින් උතුමාණෙනි. (නි)
මහින්දගේ වැරදි පළවෙනකොට හෝ ගාලා ප්‍රතිචාර දක්වන අය මේ වගේ දේවල් දැක්කහම සද්ද නැහැ. (නි)
රණවන, ටෙහාන්,ජනාධිපති තනතුර දරන විට ඔහු ලාංකික හා විදේශික සතුරනට ගොදුරක් !! විශ්‍රාම ගිය ඔහු දැන් ජනාධිපති නෙමේ . නමුත් ඔහුට පරාජිත කොටින්ගෙන් අනතුරු දායක තත්වයක් තාම පවතිනවා.(බ)
හිටපු ජනපති බැලීමට දිනපතාම වාගේ හිතවත්තු තංගල්ලට එන්නේ දැන් තමයි ගමේ ඉන්නේ. කලින් හිටියේ රජ මැදුරේ රැකවල් මැද. කොහොමද මිනිස්සු රජතුමා බලන්නේ. බලය තිබුන දා දුන් දන්සල් දැන් කාල්ටන් වලත් දෙනෙවාද ? (නදී)
අපහු දේශපාලනයට එන්න රජතුමනි. වෙච්ච හැම වැරද්දක්ම ඔබතුමා දන්නවා. මේ රටට ඔබ හැර වෙන කව්රුත් නැහැ. (නදී)