සිය මැතිවරණ ව්‍යාපාරය අසාර්ථක වීම නිසා ෆෙඩරල් සංකල්පය ඉදිරිපත් කරමින් රට බෙදීමට උත්සාහ කරන බවට මතයක් ජනතාව අතර වැපිරීමට මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ප්‍රමුඛ පිරිස උත්සාහ කරන බව ප්‍රජාතන්ත්‍රවාදය සඳහාවූ නීතිඥ එකමුතුවේ සම කැඳවුම්කාර, නීතිඥ ලාල් විජේනායක අද (10) උපරිමාධිකරණ සංකීර්ණය ඉදිරිපත් පැවති මාධ්‍ය හමුවකදී කීවේය.
ජනවාරි 08 වැනිදා ජයග්‍රහණය ආපස්සට හරවන බව පවසමින් මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු කණ්ඩායම එය අසාර්ථක වූ තැන යළිත් ජාතිවාදය අවුස්සමින් ජනතාව මුලා කිරීමට උත්සාහ කරන බවද ලාල් විජේනායක මහතා පැවසුවේය.
එසේම මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට ගල් ගසන බවට කී පුද්ගලයන්ට නාමයෝජනා දීමෙන් ඔවුන්ගේ තත්ත්වට පෙනී බවත්, මහින්ද ග්‍රහණයෙන් මිදුනු ස්වාධීන අධිකරණයක් සහ පොලීසියක් දැන් රටේ පවතින හෙයින් මෙවැනි පුද්ගලයන්ට එළැඹෙන මහමැතිවරණයේදී ඉඩ නොදිය යුතු බව එම නීතිඥ එකමුතුවේ සම කැඳවුම්කරු ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.සී.වැලිඅමුණ මහතා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලනයට බැස්ස කව්රුත් මැතිවරණය සමයේදී කරන්නේ ඔයදේම තමයි. නීතිවේදී මහතුනේ මේ රටේ සියලු දෙනාටම එකම ධජයක් යටතේ ජිවත් වීමට සැලැස්වීමට සටන් කරන්නකෝ.හලාල් වැනි ආගමික නීති තහනම් කරන්නට සටන් කරන්නකෝ. (බ)
දිනයි එ්ත් අගමැති වෙන්නේ රනිල් මහත්තයා (බ)
කවුරු ගැහුවත් එතුමා ජය ගන්නවා (ම)
මහින්ද මහත්තය දිනන්නේ නැතිනම් මේ අය මෙතරම් අඳෝනා නගන්නේ මොකද මන්ද. (බ)
හීන දකින්න එපා කුමාර (ම)
උපරිමාධිකරණ සංකීර්ණයත් ඡන්ද වැඩට යොදාගෙන (ම)
ජනවාරි 08 වගේද ජය ගන්නේ? (ම)
බොර දියේ මාළු බාන්නේ කවුද කියලා අපි හොඳට දන්නවා (නි)
මොන දේ කිව්වත් අපි දෙන්නේ මහින්දට.දවස් 100 බොරුව හොඳටම ප්‍රමාණවත් (නි)
මඩ ගහන්න ගහන්න ජය මහින්දටය (නි)
අනේ මන්දා! බලනකොට හැමෝම හැමෝටම කඩේ යනවා (නි)
පිං මාළු වළේ කුසල්හාමි මාළු බානවා... (නි)
රටටවත් ජනතාවටත් ආදරයක් නැති වචන (නි)
කුමාර හීන දකිනවාද? (නි)
හීනෙන් තමා! (නි)
අනේ පව්! (නි)
රටේ දේශපාලන ප්‍රවණතා යුක්තිගරුක නීතිගරුක දිශානතියකට යොමු කිරීමේ විශාල කාර්යභාරයක් නීතිඥ ප්‍රජාවටද ඇත. පසුගිය කාලේ සිදු වූ නව රජයේ අගමැති පත්කිරීම ආණ්ඩුක්‍රම විවස්ථාවට කෙතරම් අනුකූලව සිදුකෙරුනාද යන්න පිළිබඳ හරාත්මක විවරණයක් කරන්න පුළුවන් නීතිඥ සමතෙක් දකිනු කැමැත්තෙමි. (නි)
ඉතින් ජාතිවාදය ගෙනෙන අයට විරුද්ධව කටයුතු කළා නම් ඉවරනේ (නි)
ගිය පාරත් ඔහොම තමයි හිතාගෙන හිටියේ කට්ටිය (නි)
අනේ මෙහෙමත් කතා! (නි)
දිනන්නේ කොහොමද කියලා බලමුකෝ (නි)
පුදුමයක තරම් කියන්නේ මේ අය කාටවත් දැන් මතක නැහැ ඒ දවස්වල අර නෝර්වේ, ඇමෙරිකාවේ, එංගලන්තේ විදේශ කටයුතු ලොක්කෝ ඔක්කොම වැඩි දවසක් මෙහෙ. උතුරට දුවනවා කොටින්ට රටක් අරගෙන දෙන්න. ඒ දවස්වල හොදට වැහිලා තිබුන මේ හැමෝගෙම කටවල් දැන් ඇරිලා. (නි)
මහින්ද මේපාරත් ඒකාන්තයෙන්ම පරදිනවා. (අ)
මේ වෙලාව ඔක්කම කරන්න මෙයාල තමා (අ)
අනේ! රට බේරාගත් මනුස්සයට මෙහෙම කතා නොකියා හිටියා නම් තමයි හොඳ. (නි)
ප්‍රජාතන්ත්‍රවාදය වල දාපු අය ජාතිවාදය අවුස්සලා බලයට එන්න හදන එක පුදුමයක් නෙවෙයි. ඔය වැඩේ ජනවාරියේත් කරලා අසාර්ථක වුණා. (අ)
ගරු රාජපක්ෂ මැතිඳුනි, ජය නියතයි. අපේ මහරජාණන්ට ජය වේවා! (නි)
උපරිමාධිකරණය දේශපාලන කටයුතු සඳහා යොදාගත හැකිද? (නි)
වැලිඅමුණ ලොක්කට ශ්‍රීලන්කන් හොරකමට ලොකු ගානක් හම්බ වෙලා වගේ. උන්දැත් දැන් යහපාලන හොරෙක් වෙලා. (බ)