මහින්ද රාජපක්ෂ හිටපු ජනපති හා ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ ජිවිතවලට දැඩි තර්ජනයක් එල්ලවී ඇතැයි හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසුවේය.
ව්‍යාජ අංක තහඩු සහිත සුදු වෑන් රථයක් හා සැක කටයුතු පුද්ගලයින් හතර දෙනෙකු සමඟ පිස්තෝලයක් මිරිහාන පොලිසිය මඟින් රාත්‍රි අත්අඩංගුවට ගැනීමෙන් එම කුමන්ත්‍රණය හෙළි වී තිබෙන බවද ඔහු කියයි.
මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ ජිවත්වන මිරිහාන ප්‍රදේශයේදි එම සුදු වෑන්රථය අත්අඩංගුවට පත්විම හා එම පරික්ෂණ වෙනත් දිශාවකට යොමු කරලීමේ උත්සහයක් පවතින බවද විමල් වීරවංශ මහතා සඳහන් කරයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාගේ වෑන් එකක්ද දන්නෙ නැහැ (නි)
අනේ පාලිත, කාටද ඕව කියන්නේ? ඔය ටික තේරුම්ගන්න පුළුවන් තරම් මිනිස්සු ලංකාවේ හිටියනම් මේ රටට මෙහෙම වෙයිද? (ර)
මේක තවත් සංදර්ශනයක්ද? එයා පස්සෙන් සුදු වෑන් යන්නෙ ඇයි? ඒක ප්‍රායෝගික වැඩක්ද? අනේ මන්දා තාම අපිව අන්දනවද කියලා. (නි)
අනේ කියන කතා ඉතින්... (ර)
සුදු වෑන් නොවේ, තව තව පාටවල වෑන් ආවත් අපි නම් පුදුම වෙන්නේ නැහැ (නි)
ඒකෙ හිටපු අය අත්අඩංගුවට අරන්. දැන් දැනගන්න පුළුවන් ඔය වැන් එක කාගේද ඇයි ඒක ආවේ කියලා. (ර)
ඔව් ඉතින් ඒ ගොල්ලෝ වවාපුවගේ ඇස්වැන්න එයාලම නෙලා ගන්න එපැයි. (ර)
දැන් අපිට බය නැහැ . පොලීසිය හරි බලවත්. (ර)
තල් අත්තට දිවුල් ගෙඩිය වැටුනහම හාවා දිවුවා වගේ තමයි මේ කතාත්,අපිට නම් (නි)
නිකන් කාගේහරි වෑන් එකක් පාරේ ගියාද දන්නෙ නැහැනේ! (නි)
කවුරුහරි ආරක්ෂක අංශයක කට්ටියක් එයාලගේ පුද්ගලික ගමනක් ගියාද දන්නෙ නැහැ (නි)
සමහර අය මහින්ද මහත්මා මේ රට කොටි ත්‍රස්තවාදයෙන් නිදහස් කරගත් බව අමතක කර කොටින්ට උදව් දුන් රනිල්ලා වෙනුවෙන් කඩේ යාම ලජ්ජා සහගතයි.අනෙක මේ රටේ භීෂණය ඇතිකළේ යු එන් පී එක සමග අනුර කුමාරලා බව සෑම කෙනෙක්ම දන්නා දෙයකි.කොහොමත් රට නිදහස් කර දුන් මහින්ද මහත්මාට අපේ ආශිර්වාදය. (බ)
මොකද බය වෙලා? වෑන් එක කාගේද? (නි)
බලන්නකෝ පුදුමාකාර ඉවක්නේ තියෙන්නේ... (නි)
ඉස්සර සුදුවෑන් ගේම දීල මාරුවුණා .දැන් සුදුවෑන් අත්අඩංගුවට පත් වෙනවා නේද .හොදට හොයල බලන්න ඕක කොහෙන් ආපු එකක්ද කියල .ඔය අටපාස් හාදය කියන දේවල් නම් අපි හොදට දන්නවා (බ)
මමනම් මෙහෙම වෙයන් කියල බලාපොරොත්තු වුනේ මීට ඉස්සෙල්ලයි ...දානයක් දෙනකොට ආනිසංස ලැබෙනවලු .....එහෙනම් මේ ආනිසංස බුක්ති විඳින්නයි තියෙන්නේ ජනතාවට දුක නොකියා .....(බ)
මෙයා කොහොමද මෙවැනි දෙයක් ගැන කියන්නේ ? ඔය "සුදුවෑන්" සංස්කෘතියේ ආරම්භක සාමාජිකයෙකු වන "පන්චායුදේ" මේ ගැන කතා කරන එක ගැන අප පුදුම විය යුතු නැහැ. මන්ද යත් හිටපු ජනපතිට සුදුකුඩය උස්සන් යන්නේ මෙයා නිසා. මාර වාචාල කතා නිෂ්පාදනය කර විසුරුවාහැරීමට මෙයා තරම් දක්ෂයෙක් තවම මේ මිහිපිට ඉපදිලත් නැහැ....(බ)
කරපු දේවල් වල ප්‍රතිපල තමයි (බ)
මම මේ කල්පනා කළේ අපේ අර සුදු නෝනාගේ ගමන් බලපත්‍රයේ වයස ප්‍රශ්නයට මොකද වුණේ කියලා. (නි)
වෙනස මේ ආණ්ඩුව යටතේ ඒ සුදු වෑන් එක අත්අඩංගුවට පත්වීමයි. (බ)
සුදු වැන් සංස්කෘතිය ඇති කළ පුද්ගලයන් පසු පස නේද මේ කැරකිලා ඇවිල්ලා තිබෙන්නේ ......කර්ම පලය විස්වාස කරන්නම වෙනවා එහෙනම් ...(බ)
ඔබතුමා අර උප්පැන්නේ වයස නිවැරදි කරගත්තාද? (නි)
ඇයි ඔයාලා සුදු වෑන් වලට ඔයතරම් බය? ඉස්සර ඒ ගැන කතා කළේවත් නැහැනේ. (නි)
සුදු වෑන් කිය කියා ඉන්නේ නැතුව එයාලගේ හැඳුනුම්පත් හොඳීන් පරීක්ෂා කරලා බලන්න (නි)
දිට්ට ධම්ම වේදනීය කම්ම . ප්‍රවේශමෙන් . මෙය කාටත් පොදුයි (ම)
දේශපාලකයෝ එහෙට මෙහෙට පැන්නා. සුදු වෑන් ගැන තාමත් ඇහෙනවා. ඔලුව කුරුවල් වෙන ප්‍රහේලිකාවක් වගේ මේක. (ස)
කල පව් පලදෙන කාලෙට ඔයවගේ නරක හීන පේනවා. (ස)
පුතෝ එ්කනම් ෂුවර් එකටම් විදේශීය කුමන්ත්‍රණයක්. 8 පාස්. (ස)
ඔ ලෙවල් පාස් නැති අය කියන කතා නේ මේ. (ස)
මෙයාලද ඉස්සරහට ලංකාව පාලනය කරන්නේ? තව මොනවද කතා? ඔයාලගේම සුදු වෑන් තමයි ඔය පස්සෙන් එනවා ඇත්තේ (නි)
පාස්පෝට් දෙකේ මහත්තය නේද මේ..තලු මර මර චින්තනය රස වින්දේ..මේවා ඔයාලගේම වෑන් ..ඔයාවනම් මොකෙක්වත් මරන්නේ නෑ ...මිනිස්සු බල්ලෝ මරල පව් පුරවගන්නේ නෑ . (ස)
අනේ මෙහෙමත් නාටක! (නි)
විමල් මැතිතුමනි, කාටද ඔබ විහිලු කරන්නේ? ඔබ හිතනවද, බුද්ධිමත් ජනතාව ඔබගේ බොරු බේගල් පිළිගන්නවා කියලා? අගෝස්තු 18 ඔබලාගේ දේශපාලන ඉරණම පුංචි ලංකාවේ බුද්ධිමත් ජනතාව මනාව පැහැදිලිකර දේවි.
තමා විසින් තමාටම සුදු වෑන් එකක් ගෙන්වාගන්න ඇති. ඒ වගේ දේවල්නේ වුණේ ඒ කාලේ. (නි)
මෙයාලාට වෙන කියන්න දෙයක් ඇත්තේම නැද්ද? (නි)
කවුරු මෙයා පසුපස එනවද දන්නේ නැහැ. (නි)
මේ කාලේ සුදු වෑන්. ඒ කාලේ කලු වෑන්. ඒ කාලේ ඔයාලා හිටියෙ නැද්ද? (නි)
අපි නොදන්නා සුදු වෑන් කිව්වලු. (නි)
දැන් නම් මේ යෝධයාගේ ඔලුව හොදටම අවුල් වගේ .(හේ)
සුදු වෑන් සංස්කෘතිය ලංකාවට හදුන්වා දුන්නේ කවුද ??(හේ)
මගේ සුදුවෑන් දැන් මගේ පස්සෙන් එනවා. (බ)
අවි ගත්තෝ අවියෙන්ම නසිති (ම)
අන්න ඔබ තුමාගේ සංවිධායක හොරා කාල හොයල බැලුවද? (බ)
ඔහේලාගේම ඒව තමයි ඔය (බ)
ඇයි මෙහෙම බොරු කියන්නේ. පුදුමෙකුත් නැහැ මේ කට ගැන මුළු රටම දන්නා නිසා. දැන් අනුකම්පාව අරන් දිනන්න වගේ හදන්නේ. තව ඉස්සරහට හොද හොද බොරු රගපෑම් දකින්න පුළුවන් වෙයි. (බ)
"...මහින්ද පස්සෙනුත් ..." කියන්නේ අනිත් අය පස්සේ සුදු වැන් ගිය කියන එක නේ .(ම)
මෙය තමා මේකේ නිර්මාතෘවරයා. මෙයාව වහාම අත් අඩංගුවට ගන්න. (බ)
සුදු වෑන් පටන් ගත්තාද ආයෙත් (ම)
මේ කාලේ සුදු වෑන් කොලපාට කාලේ තිබුණ කලු වෑන් ඒ කියන්නෙ ගෝනිබිල්ලො තිබුණ කාලේ ඹයාල හිටියෙ නැද්ද?(ම)
කල කම් පලදෙන්නත් ඕනනේ. (බ)
මහින්දටයි ,ගෝටාබයටයි ,ඔය සුදු වැන් සෙල්ලම හොඳට පුරුදුයි ,මේ ඒ අයගේ පරණ සෙල්ලම. නුබ මේගැන කතා කරන්න ගිහින් තියෙන මනාපෙත් නැතිවෙනවා (බ)
ආ! දැන් ඒවා ඔයාලා පස්සෙනුත් එනවද? (නි)
අනේ මෙයාව ඉක්මනට සුදු වෑන් එකක නග්ගන්න මේ වාචාල කට රටට පිළිකාවක්. (බ)
බලන්න (බ)
ඔය කියන විදියට සුදු වෑන් වලින් ආවේ ගෝලයන්ගේ සහ එයාලගේ හාම්නේලාගේ නිවැරදි වයස මතක් කරලා දෙන්නද කවුද දන්නේ .(ම)
යහපාලනය "පටන් ගත්තා විතරයි". රට බේරාගත් ජාතික වීරයාට ආරක්ෂාව සැපයිය යුතුයි (බ)
සිංහල කියමනක් තියනවා වැපිරුවනම් කපාගන්නත් ඕනෑ කියල .. එත් මටහිතෙන්නේ මේක අධිරාජ්‍ය වාදී කුමන්ත්‍රණයක් කියලා. (අ)
වීර වනසේ කොහේ ලියන්නද හිතන් ඉන්නේ ? (අ)
වර්තමාන ජනාධිපතිතුමාට පින් සිදුවෙන්න නැවත රට ප්‍රකෘති තත්ත්වයට පත්ව ඇති බවක් පෙනෙන්නට ඇත. (නි)
විමල් මහත්තයාටත් හිතෙන දේවල්? (නි)
කුමන්ත්‍රණයෙන් තොර කිසිම දෙයක් නැ නේ මරණාධාර සමිතියේ රැස්වීමකට ආවත් විදේශ කුමන්ත්‍රණ .(අ)
අනේ මන්ද. මේ අය ගැන දුකත් හිතෙනවා වෙලාවකට (අ)
පිස්සුද මන්දා (අ)
බොරුවක් වුණත් තමන්ගේ වාසියට කියාගන්න සමහරුන්ට තේරෙන්නේ නැහැ (නි)
සුදු වෑන් ද සුදු කොඩිද? (ම)
අනේ තමුන්නාන්සේ දැන් පිදුරු ගහෙත් එල්ලෙන්න හදනවා නේද? (අ)
දැන් මොනවාටද ඒ අයට විරුද්ධව සුදු වෑන් යොදාගන්නේ.(අ)
අහන්න කරන්නාගොඩගෙන්. (බ)
මෙයා කිව්වනම් හරි...(බ)
යහපාලනයේ වෙනස! සුදු වෑන් එක පුද්ගලයන්ද සමඟ අත්අඩංගුවට ගන්න පුළුවන් බව මුන්නැහෙලට තේරෙන්නේ නැහැ (නි)
ඕක එයාලගේම වැඩක්ද දන්නෙත් නැහැ (නි)
චේතිය රජ්ජුරුවෝ යලි ඉපදේ. පොදු පෙරමුණු වේදිකා හොල්ලයි. මහින්දගේ ආරක්ෂකයෝ තොගේටයි සන්නිවේදන උපකරණ තොගයයි එක්ක මේ කාරෙකයි පිස්තෝලෙයි මොකක්ද. මෙහෙමත් බොරු කියන කටක් (බ)
සුදු වෑන් පප්පලා කවුද කියලාත් කුමන්ත්‍රණ කාරයෝ කවුද කියලාත් රටේ ජනතාව දන්නවා. (අ)
ඕකත් විදේශීය කුමන්ත්‍රණයක් වෙන්න පුලුවන් මහත්තයෝ (නි)
තමන් කරපුවා තමන්ගේම පස්සෙන් එනවාලු (අ)
සුදු වාහන කතාන්දරයේ පියා කවුද කියලත් කියනවද? (නි)
හීනයක් දකිනවා වෙන්නත් පුලුවන් (නි)
පරණ වැඩවල මුදල් ගන්න වෙන්න ඇති. කට ඇරියොත් ගොන් කතාවක් මයි කියන්නේ. (අ)
ඇයි ලොක්ක තංගල්ලේ නැත්ද? . (අ)
මහින්ද පාරේ යනකොට ඉස්සරහින් පස්සෙන් හමුදා රථ යනවා අපි දැකලා තියෙනවා. මේ ඔක්කොටම පස්සෙන් ගිය පාසල් වෑන් එකක් වෙන්න ඇති මෙතුමා දැකලා තියෙන්නේ (නි)
එක්සත් ජනතා නිදහස් සන්ධානය ජය ලබා ආණ්ඩුවක් පිහිටනවා රනිල් තිස්වෙනි පරාජය. (ර)
ගල් බනිස්වල ගල් නැහැ වගේ නම වීරවංශ වුණාට ඇති වීරකමක් නැහැනේ අනේ! (නි)
මහා බොරුවක් (අ)
හොරට කලින් කෙසෙල් කැන වැට පැනල වගේ.... අපි දන්නවා ඔයයි ඔයාගේ කට්ටිය ඡන්දෙ කාලෙට හොද හොද රගපෑම් කරනවා කියල.(අ)
හොරාට කලින් කෙසෙල් කැන වැට පැන්නා වගේ. (නි)
මහින්ද මහත්තයා කොහොම හරි බේර ගන්න. ඔබට පිං සිද්ධ වෙයි. (ර)
හමුදා සෙබළුන් ආරක්ෂක අමාත්‍යංශයට යටතට ගන්න පිරිසද ? (ම)
අනේ වෙලා තියෙන දෙයක් පිස්සුද කොහෙද (බ)
ඇයි හැමතිස්සෙම හැමදේටම වීරවංශ විතරක් කතාකරන්නේ? බලන්නකෝ අනේ, නිදහස් පක්ෂයේ කතා කරන්න පුළුවන් වෙන කවුරුවත් නැද්ද? (නි)
දැක්කද පස්සෙන් එනවා සුදු වෑන්.(හේ)
මේ කියන කෙප්ප වලට යන්න දිහාවක් හොයාගන්න බෑ, කටට එන එක එලියට දානවා (බ)
අනේ ගෙවල් සුදා , ඔය කියන දේවල් තමුන්ගේ ගෙදර පවුලේ අයවත් දැන් විස්වාස කරනවද මට නම් සැකයක් තියෙනවා. (බ)
මෙයාටනම් පිස්සු (හේ)
මේයා හොඳ දේශපාලනයටම තමයි. (නදී)
අපේ දේශය පාලනය කරන මේ වගේ ඇත්තෝ ඉන්නාතුරු අපේ රටට බුදු සරණයි. බොරු ප්‍රචාරය කරන එක එලොව මෙලොව පළදෙන අකුසල කර්මයක් බව කවුරුත් මේ දවස් වල මතක තියාගත්තොත් යහපති! (නි)
මහින්දගෙ පරණ ගෝලයො ටිකක් ආයි ඇබෑර්තු තියෙනවද බලන්න එන්න ඇති. ටොම් පච කිය කිය මුළු රටම කනවා. (නදී)
මෛත්‍රී පාලනය යටතේ සුදුවෑන් සංස්කෘතියක් තියෙන්න බැහැ. ජනවාරි 8 ට කලින් ඒ අපරාධකාරී උප සංස්කෘතිය තිබු පාලනයේම අත්‍යවශ්‍ය අංගයක් වී තිබුන. ඔවුන් නැවත පාලන බලය ගැනීමට කරන වෑයමේ එක් අනිවාර්ය කාර්ය භාර්යක් ඉටු කරන්න කරන ක්‍රියා දාමයක්ද මෙයත්? (බ)
කළ හොඳ නරක තමන් පස්සෙන් පන්නනවා කියන්නේ මේවට තමයි (නි)
අගෝස්තු 17 වෙනතුරුවත් ඉවසාගෙන ඉන්න බැරිද? (නි)
හැබෑට සුදු වෑන් කියලා දෙයක් තියෙනවද? මට පෙනෙන්නේ හොරාට කලින් කෙහෙල් කැන වැට පනිනවා කියලා. (නි)
මෙතුමා කොහොමද දන්නේ ඒවගේ ව්‍යාජ අංක තියෙන්න කියලා.. මෙතුමලා දැම්මද දැන් නෑ (ම).
ඔන්න කතාවක් කිව්වා. (බ)
කවුද දන්නෙ නැහැ එවලා තියන්නේ? (නි)
මේ පට්ට බොරු. මේක තව ඇන්දිල්ලක්. (ර)
මට නම් හිතෙන්නෙ මාධ්‍ය සාකච්ඡාව තිබ්බා කලින් වැඩියි. විමල් වෙනුවට වෙන කෙනෙක් යොදා ගත්තා නම් සාර්ථක වෙන්න තිබ්බා. මොනව උනත් ඡන්ද ටිකක් ගොඩ දාගන්න හොඳ උත්සාහයක්. (ර)
සුදු වෑනුත් බූමරංග වෙලා වගේ... සුදු වෑන් සෙට් එකට ජොබ් නැති නිසා රවුම් ගහන්නැති.. (ර)
අද පවතින තත්වය අනුව මහින්ද මහතා ජයග්‍රහණය කළහොත්, මහින්ද මහතා සහ මෛත්‍රී මහතා අතර දරුණු දේශපාලනික ගැටුම් ඇතිවන බව ඒකාන්තය. විධායකය සහ ව්‍යවස්ථාදායකය අතර නිරන්තර ගැටුම් ඇතිවීම ආයෝජකයන්ගේ විශ්වාසය අඩුවීමට මෙන්ම, රට තුළ අස්ථාවරත්වයක් ඇතිවීමෙන් ආර්ථිකයට අහිතකර බලපෑමටද, නිරන්තර ඡන්ද ඇතිවීමෙන් ආර්ථිකයට දැඩි බරක් පැටවීමෙන් බඩු මිල ඉහළයාමටද හේතු වන බව මම දනිමි. මේ නිසා මෙතුවක් කාලයකට මම එජාපයට ඡන්ද පාවිච්චි කර නොතිබුණද ව්‍යවස්ථාදායකයේ හා විධායකයේ සුහදත්වය රටකට ඉතා වැදගත් බැවින් මෙවර මාගේ ඡන්දය අකමැත්තෙන් වුවද රට ගැන සිතා එජාපය වෙනුවෙන් භාවිතා කරමි. (නි)
ඕවා ඉතින් අපි දන්නෙ නැහැ. ඔයාලම ඔය දේවල් විසඳාගන්න (නි)
ගණන් ගන්න එපා අනේ මේවා ලොකුවට (නි)
ඒ ගමන මේ මොනවද සිද්ධවෙන්නේ? (නි)
සුදු වෑන් සංස්කෘතිය ඇති කළ පුද්ගලයන් කවුද කියලා හැමෝම දන්නවානේ. (නි)
පසුගිය කාලේ පරණ වෑන් එකක් වෙන්න ඇති සමහරවිට (නි)
ඉස්සර අන් අයව උස්සන්න ආපු වාහනම දැන් මේ අයට ආරක්ෂාව දෙන්න එනවද දන්නේ නැහැනේ?(ම)