"මහින්ද රාජපක්ෂගේ අගමැති හීනය බොල් හීනයක්. ඔහු යුග පුරුෂයෙක් කියන එක පුස් වෙඩිල්ලක් බවට පත් කරනවා. මෛත්‍රී - රනිල් සුසංයෝගයෙන් ඉදිරි පස් වසරේ රට ස්ථාවරත්වයකට ගෙනයනවා." යි එක්සත් ජාතික පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක පාඨලී චම්පික රණවක මහතා අද (26) පෙරවරුවේ බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේදී සිය මැතිවරණ ප්‍රකාශනය ඉදිරිපත් කරමින් කීවේය.
"1947 දී එක්සත් ජාතික පක්ෂය බිහිවන විට සේනානායකවරුන්ගේ ලංකා ජාතික සංගමයත් බණ්ඩාරනායක මහතාගේ සිංහල මහා සභාව, කලීල් මහතාගේ මුස්ලිම් ලීගය සේම පොන්නම්බලම් මහතාගේ දෙමළ කොංග්‍රසය ආදී නොයෙකුත් ප්‍රවාහයන් එයට ඒකාබද්ධ වුණා. රටේ දෙවැනි නිදහස් යුගයේදී එක්සත් ජාතික පෙරමුණ නව සම්ප්‍රදායන් සමඟ එලෙස නව ප්‍රතිපත්ති තුළින් නව මිනිසුන්ගේ ගමන් මගක් ඇරඹුවා.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සමහරුන් මේ වනවිට අගමැති පදවිය ගැන කථා කරනවා. 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ ඇති පරිදි ජනාධිපතිතුමාගේ මතයට අනුව පාර්ලිමේන්තුවේ වැඩිම විශ්වාසය දිනාගත් පුද්ගලයා අගමැති බවට පත්වෙනවා. ජනාධිපතිවරයා විසින් මහින්ද රාජපක්ෂට හැර වෙනත් ඕනෑම කෙනෙකුට අගමැති පදවිය ලබාදෙන බව ඊට පෙර සඳහන් කළා. ඒ නිසා මහින්ද රාජපක්ෂගේ අගමැති හීනය බොල් හීනයක්. මහින්ද රාජපක්ෂ යුග පුරුෂයෙක් කියන එක පුස් වෙඩිල්ලක් බවට පත් කරනවා. මෛත්‍රී - රනිල් සුසංයෝගයෙන් ඉදිරි පස් වසරේ ස්ථාවරත්වයකට ගෙනයනවා.
අපි හුදු විවේචකයින් විචාරකයින් නොවේ. හැමවිටම කටයුතු කළේ ප්‍රතිපත්ති මත. දූෂණයෙන් වංචාවෙන් තොර අමාත්‍යංශ පවත්වාගෙන යන්නේ කෙලෙසද යන ආදර්ශය රටටම ලබාදුන්නේ අපි. නැනෝ තාක්ෂණය, ජාන තාක්ෂණය, අභ්‍යවකාශ තාක්ෂණය රටට ගෙන එන යෝධ සැළැස්මක් ඉදිරිපත් කළේ අපි. විදුලිබල ක්ෂේත්‍රයේ පුණර්ජනනීය වෙනස ඇති කළේ අපි.
අපි ඉදිරිපත්කරන ප්‍රතිපත්ති සුන්දර වචන මාලාවක් පමණක් නොවේ. එය රටට වැඩක්කර, ස්ථාවරත්වයක් තහවුරු කරගෙන ඉදිරිපත් කරන ප්‍රතිපත්ති මාලාවක්. මේ වන විට රට ශාපලත් පවුල් පාලනයෙන් මිදිල තිබෙනවා. බස් රැලි යුගය අවසන්. සමෘද්ධිය ලබා ගන්නා අහිංසක ජනතාව දේශපාලන වහලුන් බවට පත් කළ යුගය අවසන්. ජාවාරම්කාරයින්ගේ මුදල් වලින් පොස්ටර් කටවුට් ප්‍රදර්ශනය කළ යුගය අවසන්. විදුලිය ලබාදීම මැතිවරණ පොරොන්දුවක් කරගත්ත යුගය අවසන්. මින් ඉදිරියට රට බෙදෙන්නේ නැහැ. රට ගමන් කරන්නේ ඒකීයත්වයෙන් ඒකීයත්වයට. ප්‍රජාතන්තවාදී ප්‍රවාහයේ මතවාදී වෙනසක් සමඟ රට ඉදිරියට ගමන් කරනවා." යැයි පැවසීය.
මෙම අවස්ථාවට ආචාර්ය ඕමල්පේ සෝභිත හිමි. නාකුළුගමුවේ ප්‍රේමතිලක හිමි, රන්පත්වල විමල හිමි, ප්‍රතිපත්ති සම්පාදන හා ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සහ හේමා ප්‍රෙමදාස මහත්මිය ඇතුළු ගිහි පැවිදි විශාල පිරිසක් සහභාගී වූහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමා මේ යු එන් පී එක එක්ක එකතුවෙලා මේ කරන පාවාදීම නම් පිළිකුල් සහගතයි (නදී)
මින්පසු චතුරි නමින් මා නැත. ඊයේ දිනයේ සිට වෙන නමක් යොදා ගෙන ඇත (නදී)
පුස් වෙඩිල්ල චම්පිකම තමා. මෙයා ලෝකයට බොරු මූණක් දාන විහිලු කතා සපයන්නෙක්.(නදී)
එදා ජාතිය බේරගත්ත නායකයා කියල කියපු කටින්ද ඔය කතා කරන්නේ ,මතක තියාගන්න ලංකාවේ මොන බලවේගය නැති වුනත් තාම හෙන ගහනවා (බ)
ඔබ කියන ශාප ලත් පවුල ,තමුන්ගේ පවුල ගැන නොහිත කොටි ඉවර කරපු නිසා ,ඔබ අද ඔහොම කියන්න ජීවත් වෙනවා. (බ)
ඕක අායෙ කියන්න දෙයක්ද මතට තිත කිව කට්ටිය හොදට මත් වුන සාක්කුව එහෙමත් හොදට තර කරගත්ත ආසියාවේ අාශ්චර්ය කිව රටේ නිතිය බල්ලට ගිය ඔක්කොම පුස් වෙඩි තමා (බ)
නව ප්‍රතිපත්ති ප්‍රකාශනයට මාරු වීමද මේ පිළිගන්වන්නේ (බ)
පාර්ලිමේන්තුවේ වැඩිම විශ්වාසය දිනාගත යුත්තේ කථානායක වීමටයි. අගමැතිවරයා තෝරන්නේ පාර්ලිමේන්තුවේ බහුතර බලය දිනාගත් පක්ෂයේ බහුතර කැමැත්තට අනුවයි.(ම)
රටේ ජනතාවට නිදහසේ තීරණයක් ගන්න ලංකාවේ පළවෙනි වරට ලැබුණ මේ අවස්ථව හරියට කල්පනා කරලා උගත් නැණවත් තරුණ පිරිසක් පාර්ලිමේන්තුවට යවන්න . හුගක් පාර්ලිමේන්තුවේ ඉන්න අය දැන් යල් පැනපු කට්ටිය මේ අය රටට වැඩක් කරනම් අපේ රට දැන් ලෝකේ දියුණුම රටවෙලා . (ම)
කිසිම ප්‍රතිපත්තියක් නැති බල ලෝභයට ගිජු නිවට ද්‍රෝහී නඩය ඩොලර් සඳහා ගෙන යන කුමන්ත්‍රණ ජනතාව තේරුම් ගෙන මොවුන් මේ රටේ දේශපාලනයෙන් ඉවත් කළ යුතුය. (බ)
මතට තිත තිබ්බ කාලේ තමා ඉතා බහුලවම මත් පැන් අලවිය සහ මත් පැන් බිම වැඩි උනේ, මත් කුඩු වෙළදාම සහ පාවිච්චිය ලංකා ඉතිහාසයේ ඉතාමත් ඉහල ගියේ මේ කාලයේ (නදී)
අත්තෙන් අත්තට පනින කුරැල්ලා බිමට වැටුනම චෝරු කුරුල්ලා. (ස)
මේ තරම් හිටගෙන බොරු ගහන මිනිසෙක් අපට හමුවී නොමැත. ඇට නොමැති දිව නමා යුද්ධය ඇතුළු සියලු දේවල ගරුත්වය තමාට හිමි විය යුතු බව තමා මෙයා කියන්නේ. දන්නෝ දනිති කියන්නේ මේවට තමා . (ස)
මෙතෙක් බිහිවූ පුස්ම වෙඩිල්ල ඔබ තුමා බව පිළිගන්න (බ)
මුස්ලිම් ලීගය සේම දෙමළ කොංග්‍රසය ආදී නොයෙකුත් ප්‍රවාහයන් එයට ඒකාබද්ධ වුණා නමුත් එදා මුස්ලිම් පළාත් සහ දෙමල පළාත් බෙදාගන්න කිසිවෙක් ගිවිසුම් ගැහුවේ නැහැ කියලා හිවල්ලුන්ට මතක නැහැ. (බ)
ජීව උණ්ඩයක් වී සිටි ඔබ... (බ)
කව්ද පුස් කියල රටම දන්නවා නිකන් බොරු කියන්න එපා (නදී)