‘මෙම ජනාධිපතිවරණය ව්‍යවස්ථා විරෝධියි. ව්‍යවස්ථා නීතී විරෝධියි. ව්‍යවස්ථාව අනුව වත්මන් ජනපතිට යළි ජනාධිපතිවරණයකට තරග කරන්න බැහැ. ධුර කාලයට අවුරුදු හතරක් පිරුණු පසු ජනාධිපතිවරණයක් කැඳවන්නත් බැහැ. වර්තමාන පාලනය වෙනස් කරන්න මතයක් අපි ජනතාව අතර ඇති කරනවා. මේ පාලනය වෙනස් කරන්න අපි වෙහෙසෙනවා.‘ යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා මාධ්‍ය හමුවක දී අද (24) පැවසීය.
‘ විධායක ජනාධිපතික්‍රමය අහෝසි කරනවා කියන වැකිය මැතිවරණ ගණනාවකදි අපි දැක්කා. මෙය ඡන්දය පැවැත්වෙන දිනය දක්වා පමණක් නොව ඉන් එහාට ගොස් ක්‍රියාත්මක කරන තුරු තිබිය යුතුයි.
මෙය හුදු ජනාධිපතිවරණයක් ලෙස නොසලකා පුළුල් ජනතා ව්‍යාපාරයක් ඇති කළ යුතුයි. ඉතා ශක්තිමත් සක්‍රීය මැතිවරණ ව්‍යාපාරයක් අපි කරනවා.
පවතින රජය බලය තහවුරු කර ගැනීම සඳහා මොනවා කරයි ද දන්නේ නෑ. මේ මැතිවරණය ප්‍රචණ්ඩ මැතිවරණයක් විය හැකියි. දැනටමත් ඒ ලක්ෂණ පෙන්නුම් කරනවා.
කොහොම වුණත් වර්තමාන පාලනය වෙනස් කරන්න අපි වෙහෙසෙනවා.‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජේ වී පි එක එදා ඉදන් හිටියේ මේ මතයේ (දී)
ජ.වී.පි දවල් හීන දකිනවා. (නදී)
බොහොම හොද ස්තාවරයක ඉන්නවා. ඔබලාට ජය ඉදිරි අනාගතය රටේ සියලු දෙනාට හොඳ වෙන්න කියා ප්‍රර්ථනා කරනවා (නදී)
ජ ව් පෙ ප්‍රතිපත්තියක් නැති එක ගැන හරිම කනගාටුයි. මයිත්‍රීපාල සිරිසේන ගෙනාවට වෙඩක් නෑ විධායක අගමැති වෙන්නේ රනිල්. අපේ රටේ මිනිස්සු හොදට හිතල බලල ඡන්දෙ දෙන්න අවශ්‍යයි (නදී)
8 වෙනි සංශෝධනයට පක්ෂ වීම ගැන එදා ප්‍රෙස් කොන්ෆරන්ස් එකේදි ජනතාවගෙන් සමාව ඉල්ලුවා වගේ මේ පොදු අපේක්ශක කම ගැනත් කවදා හරි ඔය විදියට ජනතාවගෙන් සමාව ඉල්ලයි……. ඒ ගොල්ලන්ට වරදක් කරලා සමාව ඉල්ලන්න පුලුවන් වුනාට, ජනතාව වන අප වැරදි තීන්දුවක් ගත්තොත් සමාව ඉල්ලන්න වෙන්නේ අපේ දරුවන්ගෙන් කියන එක අමතක කරන්න එපා. කොයි පැත්තේ හිටියත් ඒගොල්ලන්ගේ වැරදි වලට ඒ ගොල්ලන්ට කෝටි ගණනින් මුදල් ලැබෙනවා, ඒත් අපිට ලැබෙන්නේ මොනවද? මේ අවස්ථාව ලබාදීම ගැන ලොකුම තැන ඉඳන් පහලට ආණ්ඩු පක්ශයේ හැම දේශපාලකයෙක්ම වග කියන්න ඕනෙ(අ)
කියන්න නම් ඉතින් කාට වුණත් බැරියෑ.... (නි)
අනිවාර්යෙන්ම මේක හුදු ජනාධිපතිවරනයකට සීමා නොකල යුතුයි. පුළුල් සමාජ පරිවර්තනයක් රටට අවශ්‍යයයි. (අ)
මේ වැඩේ හොදයි. ගම්මට්ටමින් දැනුවත් විය යුතුයි.(හේ)
කියව කියවා ඉන්නේ නැතුව පොදු අපේක්ෂකයට සහය දෙනවද නැද්ද කියල සෘජුවම කියන්න. යන්නේ කොහෙද මල්ලේ පොල් නැතුව. (නදී)
ඔයාලා අාවත් කරන්නේ ඔය ටික තමා. (නදී)
කමෝන් අනුර ! කමෝන් (නදී)
ජයවේවා ලංකා මාතාවට නිදහසේ හුස්ම ගත හැකියි (නදී)
බල්ලෝ බිරුවට කඳු පහත් වෙන්නේ නැහැ වගේම බල්ලෝ හඳට බිරුවත් කඳුවලට බුරන්නේ නැත. (නි)
රටේ වෙන දේවල් ගැන අවබෝධයෙන් හිතන්න පුළුවන් නම්. අනේ මහත්තයෝ රටේ තිබෙන දූෂනය ගැන අවබෝදයෙන් තමයි කතා කොරන්නේ. තවත් මොනවද අවබෝධයෙන් හිතන්නේ කියල, කියල දෙන්න. (නදී)
ජයවේවා.(හේ)
එදා ඉදන්ම ඕක නේ කියනේ.(හේ)
හොඳයි. මේක කියවන ජවිපෙ කෙනෙක් ඉන්නවානම් කියන්න " මහින්ද පාලනය වෙනස් කරනවා " නම් යෝජිත ආකාරයට රනිල් ඇතුළු නාදයට රට භාර දෙනවද.? එ්කද ජවිපෙ ප්‍රතිපත්තිය. වගකීමක් ඇති දේශපාලන පක්ෂයක් නම් භාග කතා කියන්නේ නැහැ. විලි ලැජ්ජාවක් නැතිව එක එක කතා කියනවා. (අ)
ඕක එදා ඉදන්ම කියන එකක්. කවුරුත් අහන්නේ නැති එකයි ප්‍රශ්නේ. හේතුව මුල වැරැද්ද. අචිනි පෙරලන්න බැරිවුනොත් හුස්ම හිරවෙලා මැරෙයි බලාගෙන. (නදී)
ලංකා මාතාව අද නිදහසේ හුස්ම ගන්නේ වත්මන් රජය නිසානේද?(හේ)
හැමදාම "ට්‍රයල් " කර කර ඉන්න.(හේ)
එත් ජ.වී.පෙ. මේ තීරණාත්මක වෙලාවේ අවශ්‍ය තීරණය නොගෙන වැනි වැනී සිටියොත් එය ජ.වී.පෙ අනාගතය තීරනේ කරන ලොකු සාධකයක් වෙන්න පුළුවන්. නියමුවෙකුට වරදින්නේ පුළුවන්. එත් නියමුවෙක් කවදාවත් වැනෙන සුළු වෙන්න නොවිය යුතුයි.(හේ)
බල්ලෝ බිරුවට කඳු පාත් වෙන්නේ නෑ. තමාගේ දැනුමේ ප්‍රමාණයට බොහෝ අය බොහෝ දේ කියනවා මම හිතනවා ජවිපෙට යම් දායකත්වයක් කරන්න පුළුවන් මේ ඡන්ද සටනේදී පොදු අපේක්ෂකය දිනවන්න. (අ)
අනේ පුලුවන්නම් එ්ක කරලා දෙන්න. අපට යහ පාලනය ලබා දෙන්න. එ් අැති (නදී)
පසුගිය දේශපාලන අත්දැකීම් අනුව කිසිවකුට මුක්කුවක් නොවී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරගැනීමටත්,ප්‍රජාතන්ත්‍රවාදී මගකට පිවිසීමටත්,ජ. වී. පෙරමුණ ගන්නා උත්සාහය අගය කළ යුතුය.(අ)
ජේ.වී.පී. ඒක වෙලාවකට කියනවා මේ මැතිවරනය නීති විරෝධීයිලු. තව වෙලාවකට කියනවා වර්තමාන අාණ්ඩුව වෙනස් කරනවලු. ඒ් කියන්නෙ පෙදු අපේක්ෂකයාට දිනන්න උදවු කරනවා කියන එක නේද? මීට මාස ගනනකට ඉස්සෙල්ල කිවුවෙ අපේම වැඩ පිලිවෙලක් තියෙනව වෙලාවට ඒ්ක ඉදිරිපත් කරනවා කියල. අපිට ඒකක් දැනෙනවා මේ මැතිවරනෙදි ජේවීපී එක තවත් පිරිහෙනවා. (නදී)
අනේ මන්දා මෙයාලගේ සුරංගනා කතා...සද්දේ විතරයි.(හේ)
මේ වගේ අය තමා රටේ ජනතාව අතර කලබල ඇති කරන්නේ . දැන්මම ප්‍රචණ්ඩ මැතිවරණයකට තමා ජනතාව සූදානම් කරන්න අනුබල දෙන්නේ. අහිංසක මිනිසුන්ට වෛරය ඇති කරවන්න එපා (නි)
මෙයාලා 1970 ගණන් වල ඉදලම බයිලා ගහනවා. ගහපු පදේකුත් නෑ. රබානේ පලුවකුත් නෑ. කාලෙන් කාලෙට එක එක දේවල්. මිනිස්සුන්ව ලක්ෂ ගණන් ඡන්ද දීලා අපි පාර්ලිමේන්තුවට ඇරියේ මහින්දට රජයට ඔනෑ විධියට සෙල්ලම් කිරිම වලකන්නයි. නමුත් ඒ බලා පොරෝත්තු සුන් කරමින් එයාලා ආණ්ඩුවෙන් අයින් උනා. එයාලා විසින්ම ඇති කල මහින්ද දැන් එයාලාට පිලිලයක් වෙලා. මෙයාලාට කරන්න පුලුවන් දෙයකුත් නෑ. කරන දෙයකුත් නෑ. හැමැදාම කටින් හෝ පෝසටර් වලින් විතරයි. දැන් පෝස්ටර් ගහන්න දෙයකුත් නැති නිසා සද්දයක් නෑ. කුහක කම විතරයි. ඔය මහත්තයාම ඡන්දේ ඉල්ලා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නකෝ. නිකන් බලල්ලු ලවා කොස් ඇට බාවන්නේ නැතිව. (ස)
හැම කෙනෙක්ම බලයට ගේන්න,දායක වුන ඔබතුමන්ලාට මෙයත් කළ හැකිය..(හේ)
මහින්ද පාලනය වෙනස් කරන්ට?මොනවද වෙනස් කරන්ට හැකි උනේ?කොල්ලො කෙල්ලො බිල්ලට දුන්න මිසක් (නදී)
ඇයි රාජිත කියපු විධියට මනාප ක්‍රමය වෙනස් කරලා කේවල ක්‍රමයට ගිහින් පැරදිලා ගෙදර යන්නෙ නැද්ද? එහෙම කරනවා නම් අපිත් දෙනවා ජවිපේ යවන්න (නදී)
පක්ෂ පාට වැඩක් නැහැ ,අවන්කවම රටට වැඩක් කරන යයි පර්ලිමේන්තු යන්න ඕනේ ,(හේ)
සහෝදරයෝ බහුතරය විධායකය අහෝසි කරන්න ඕනේ කියලා තේරුම් අරගන ඉන්නේ. මේදා පාර රවට්ටන්න විදියක් නැහැ (නදී)
ජය වේවා සියලු දෙනාටම.(හේ)
අනිත් අය ගැන හොයන්නේ නැතුව රාජපක්ෂ මහතාවම පරදන්න බලන්නේ මොකද දන්නෙ නැහැ (නි)
"ශ්රී ලංකාවේ වෙසෙන පවුල් වලින් 87,248 කට වැසිකිළි පහසුකම්වත් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශය මගින් කළ සමීක්‍ෂණයකදී හෙළි වී තිබේ". (නදී)
ඉසුරින්දි දෝහා - ලංකාවට ඇවිල්ලා මෙහෙ මිනිස්සු ජීවත්වෙන හැටිත් ටිකක් හොයලා බලන්න. (නි)
ඔය කතා වලට රැවටෙන මිනිස්සු දැන් නැහැ. සියලුම ජනතාව මහින්ද මහතා සමඟ පෙළගැසී අවසානයි. (නි)
පාලනය වෙනස් කරනවයි පෝස්ටර් ගහනවයි ඇරෙන්න වෙන කරපු කෙලියක් තියෙනවද? ආ වැරදුනා! කාලයක් ලයිට් කණු කැඩුවා ට්‍රාන්ස්පොමෙර් පිපිරෙව්වා. අපේ ගේ ඉස්සරහ පාර අයිනේ හොඳට පලදරන පොල්ගහකුත් පාරට කපල දැම්මා. මාර ජාතික සේවයක් කරපු කට්ටියක් තමයි. (නදී)
පිම්බුවාට බඩ -ගෙම්බට බැහැ වැඩ (නදී)
ඔය ගොල්ලෝ කියවනවා, අපි අහන් ඉන්නවා , ජනතාව ඡන්දෙ දෙනවා! පසුවට උත්තරය බලමු.(හේ)
කිසි කෙනෙකුගේ ප්‍රතිපත්ති තෝරා බේරා දිදී ඉන්න වෙලාවක් නෙවේ මේ. ජ වී පෙ කොතනදීත් රටට හොද දේ තෝරා දෙන්න උදව් කරනවා. (නදී)
"ශ්රී ලංකාවේ වෙසෙන පවුල් වලින් 87,248 කට වැසිකිළි පහසුකම්වත් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශය මගින් කළ සමීක්‍ෂණයකදී හෙළි වී තිබේ". නමුත් සම අයිතීන් වරප්‍රසාද අඩු වීමක් ගැන මානව හිමිකම් කමිටුවට හෝ යු එන්එකට පැමිණිලි කර නැති බව ආරංචි මාර්ග පවසයි. (නදී)
බලමුකෝ කිවුවට කරයිද කියලා (නි)
පේවීපිය කරන දෙයක් හෝ කළ හැකි දෙයක් අපි නම් දැකලා නැහැ. පවතින කුමන රජයක් වුව විවේචනය කර කර පැවැත්ම හදාගන්නවා. ලස්සන වචන වලින් පම්පෝරි ගහන එක විතරයි. (නදී)
අපි අද ඉන්නේ භයානක අවදියක, සොරුන්, මැරයන්, ත්‍රස්තයන්, දුෂිතයන්, කුඩ්ඩන්, ආසියාවේ ලොකුම පොහොසත්තු පෝෂනය කරන උදවිය විතරයි. එනිසා මෙම රජය පලවා හැරීම සදහා සියලු දෙනා එක්විය යුතුය (නදී)
නව යුගයක් උදා වෙනවා බලා සිටිමු. (නදී)
මෙහෙම වෙනවා නම් ඉතින් ඒක හීනයක් විතරයි මහත්තයෝ (නි)
ජය වේවා. අපිටත් ඕනේ යහපාලනයක් .(හේ)
විදායක ජනාදිපති ක්‍රමය අනිවාර්යයෙන්ම අහෝසි කල යුතුයි (නදී)
අහෝ ජේ වී පි, නොදුටි මොක්පුර! පාර්ලිමේන්තු ආසන දහයක්වත් තිබුනා නම් ලංකාවට මොනවා වෙයිද? (නි)
පුළුවන් දෙයක් කියන්න.(හේ)
ඔයාලට තමයි අපි මහින්ද එන්න ඉස්සෙල්ල ඡන්දෙ දුන්නේ. හැබැයි දැන් අපේ බල්ලාවත් ඔයාලට ඡන්දෙ දෙන්නේ නෑ. (නදී)
මේ අයගේ හැමදාම එකම බයිලා එක තමයි. බල්ලා බිරු කන්නෙත් නෑ කන ගොනාට දෙන්නෙත් නෑ.(හේ)
රටේ පැහැදිලි සුභවාදී වෙනසකට අපි අපේ සහාය දෙනවා (නි)
මට පෙනෙන විදිහටනම් නරි රැලක් හදට හූ කියනවා වගේ.(අ)
වැඩක් කරලා පෙන්වන්න එතකොට මිනිස්සු තේරුම් ගනියි.(හේ)
මහින්ද පාලනය වෙනස් කරනවා කියලා, නිකන් බලන් ඉදලා බැහැ වාහාම එකට වැඩපිළිවෙලක් රටට ඉදිරිපත් කරන්න .(හේ)
විවිධ විවිධ මත ධාරීන් ඉන්නවා (දී)
බන්දුල පෙරේරාගේ ෆයිල් එක මා ළඟ. ඒකයි එයා විරුද්ධව මුකුත් කියන්නේ නැත්තේ. (නි)
මේ පාලනය වෙනස් කරලා කාවද බලයට ගේන්නේ ? 88, 89 කාලයේ හිටිය අය තමා එන්නේ . (හේ)
අතීතයේදීත් ජ.වි.පෙ. රට ගැන සිතා මෙවන් මැතිවරණ වලදී විශාල කැප කිරීමක් කලා. මෙම මැතිවරණයේදී ඔබලාගේ ස්ථවාවරය අතිශය තීරණාත්මකයි. (හේ)
කටින් බතල හිටවනවා.(හේ)
ඔබතුමා මහින්ද පාලනයට විරුද්ධ නම් තරඟයකට ඇවිල්ලා එම පාලනය පරාජය කර පෙන්වන්න (නි)
අනුර මහත්තයෝ ,ඔබගේ පක්ෂය හැම දාම කරන්නේ තිබෙන රජයේ දේවල් විවේචනය කර කර ඉන්න එක විතරද ? එහෙම නැතුව ඔබලටම කියල සැලසුමක් නැද්ද ?ජේ.වී. පී. එකේ ප්‍රතිපත්ති මිනිස්සුන්ට පෙන්නන්නකො .කවද වෙනකන් ඔය බොරුව කරන්නද .රටට අවංකව සේවයක් කරන්න ඔබේ පක්ෂයට උවමනාවක් ඇත්තටම නැද්ද ?අපිත් අසාවෙන් ඉන්නේ අපේ රටේ මේ තියන දුෂණ නැති වෙලා රට ගොඩ යනවට .ඔබේ පක්ෂයේ මොකක් හරි ලොකු දුර්වල කමක් තියෙනවා බලයට එන්න (අ)
රෝහණ විජේවීර මහත්මයා මේ පක්ෂය හදුවේම ලංකාවේ සමාජවාදය ඇති කරන්න මිස ධනපති පන්තියට මුක්කු ගහලා තිබෙන ක්‍රමය වෙනස් කරන්න නොවේ. පොදු අපේක්ෂකයා කියන්නේ වෙනම කෙනෙක්. ලංකාවට අවශ්‍ය ක්‍රමයේ වෙනසක්. මේ මැතිවරණය සමාජවාදය සරලව ජනතාවට උගන්වන්න යොදාගන්න එක තමයි ජේ .වී .පි.ය කරන්න ඕනෑ. (නි)
අනිවාර්යෙන් මේ ක්‍රමය නැති කල යුතුමයි. ජ . වී . පෙ. ට ඒ දේ කල හැකියිි. (නදී)
මේ අය කියන දේවල් පිළිගත්තා හෝ නැතත් රටේ වෙන දේවල් ගැන අවබෝධයෙන් හිතන්න පුළුවන් නම් කවුරුවත් ප්‍රලාප ලියන්නේ නැහැ (නි)
ඔබ අද අපිට පහර ගසනු ඈත.ඒ අපි වර්තමානයේ පාලන ක්‍රමයට විරුද්ධ වන නිසාය. එහෙත් අපි මීට පෙර සිට මීට එරෙහි වන්නේ තව වසර 20 ක් 30 අනුමාන කරගෙනය. මෙවරත් අපිට වැරදුනහොත් ඒ වැරැද්ද හදන්න නෑවත හදන්න නොහැකිය. අද රට ගොඩනැගිලි පාරවල් වලින් පිරි ඇති බව අපි පිළිගනිමු. විකිපීඩියා වගේ එකක හිට්ලර්, හුසෙන්, මුබාරක්, ගඩාෆි වගේ සීමාරහිතව රටක් පාලනය කළ අයගේ අතීතය බලන්න. මක්නිසාද යත් සෑම දෙයක් අවසානයේම අද රටේ සියලුම වැරදි වලට මුලු මහත් ජනතාව වන අපි වගකිවයුතු බව අපි පත්කර යවන පාලකයින් අපිටම කියනු බෑවිනි. එමෙන්ම සෑම දෙයකටම සීමාවක් තිබිය යුතු බව අමතක කරන්න එපා. (නි)
මේ හැමෝම ඡන්දයක් ගැන විතරයි කතා කරන්නේ. ද්‍රවිඩ සංසදය අරෙහෙන් බලන් ඉන්නවා යුද අදිකරණයකට ගෙනියන්න. අපේ රට දෙකඩ වෙන්න නොදී ආරක්ෂා කරගත්ත ජනාදිපතිතුමා ඇතුළු අනෙකුත් සියලුම නිලයන්ව ඡන්දෙ දින්නා හෝ පැරදුනා හෝ සියලුම ශ්‍රී ලාංකිකයින් වශයෙන් අපි සැවොම එකට එකතු වී ඔවුන්ව රැකබලා ගත යුතුයි (නදී)
එස් බී තුමාගේ හොර ඡන්ද මෙවරත් ක්‍රියාත්මක වේවිද කියා අසා දැනගන්න සතුටුයි (නදී)