තමා හම්බන්තොටින් ජන්දේ ඉල්ලන්නේ නැතිව පැරෂුටයෙන් කුරුණෑගලට ගිහින් කුරුණෑගලට ඡන්දෙත් නැතිව කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂක ලෙස පල්ලම් බැස ඇති එකම ජනපති මහින්ද රාජපක්ෂ මහතා බව ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා අද (27) සිරිකොත පක්ෂ මුලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවක දී පැවසුවේය.
ශ්‍රි ලංකා නිදහස් පක්ෂය මේ රටේ තිබුණු ප්‍රධාන දේශපාලන පක්ෂයක් නමුත් අද පත් වී ඇති තත්ත්වය ගැන හරි කනගාටුයි. විශේෂයෙන් ජ්‍යෙෂ්ඨයන් බලන් ඉන්නවා. විමල් වීරවංශගේ මතයට යට වෙලා. අද සන්ධාන අපේක්ෂකයින් මෑත කාලේ කිසිදු දේශපාලන අපේක්ෂයකුවත් පත් නොවුණ අන්ත අසරණ මැතිවරණ ව්‍යාපාරයකට කොටු වෙලා යනුවෙන් ද අමාත්‍යවරයා මේ බව පැවසුවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නායකයා හොඳයි වටේ ඉන්න ඇය තමා නායකයාවත් සවුත්තු කරන්නේ (ම)
අපට ඕන පස්ස බිම ඇනුනත් ගමන උඩින යන රටට ආදරය කරන නායකයෙක් (නදී)
මෙතන ප්‍රශ්නය තියෙන්නේ කුරුණෑගලට ඉල්ලන එක නොවෙයි කුරුණෑගලින් දිනන්න පුලුවන්ද කියන එක. හම්බන්තොට ඉන්න මිනිසුන්ට එපා උන කෙනා කුරුණෑගලට හොඳ වෙන්නේ කොහොමද? මෙයා දකුණටම (අයිය මලෝ කොමිස් ගගහ) අධිවේගී මාර්ග, වරායවල්, ගුවන්තොටුපළවල්, ක්‍රිකට් පිට්ටනි හදල මුකුත් නොකරපු කුරුණෑගලින් ඡන්දෙ බලාපොරොත්තු වෙන්නේ කොහොමද? (නදී)
අපිට පක්ෂයක්, පාටක් වැඩක් නැහැ. රට ගැන හිතන අවංක නායකයෙක් ඉන්න ඕනි. ඒ කියන්නේ හොරකම්, දූෂණ, නීතිය රකින නායකයෙක්.(නදී)
මහින්ද ඉහලින්ම දිනනවා. වැඩි ආසන ගණනක් දිනන්නෙත් සන්ධානේ. ගිය ජනාධිපතිවරණේ ප්‍රතිපල ආසන මට්ටමෙන් නිරීක්ෂණය කලාම එ්ක තහවුරු වෙනවා. එතකොට මහින්ද අගමැති වෙන එකත් සිද්ද වෙනවා. යූ එන් පී එක බයවෙලා කෑ ගහන එකෙනුත් තහවුරු වෙන්නේ ඒක (නදී)
මෙයා කියන්න හදපු දෙය නෙමෙයි මේ. මෙයා කියන්න හැදුවේ, ' මහින්ද පැරිශුටයෙන් අගමැති පුටුවට" (නදී)
කුරුණෑගල ඡන්ද දායකින් තම ඡන්දය වෙනත් පළාතකින් පැමිණි අපේෂකයකුට දී නාස්ති කලයුතු නොවෙයි. ඔහු ඔබලාගේ ඡන්දයෙන් පත් වුවද යලි කවර දාක හෝ කුරුණෑගලදී හමුවිය හැකි යැයිද සිතනවද? ඔහුගෙන් සේවය ලබාගැනීමට ඔවුනට මැදමුලන පක්ෂ කාර්යාලයට බඩ ගෑමට සිදුවන බැවින් එය වලකා ගැනීම සඳහා කුරුණෑගල සන්ධාන පාක්ෂිකයන් තම පළාතේ අපේක්ෂකයකු වෙනුවෙන් ඔබලාගේ ඡන්දය පිරිනැමීම වඩාත් සුදුසු නොවේද. (නදී)
ප්‍රසන්න සජිත්ගේ උපන්ගම කොළඹ උනාට සජිත් හැමදාම චන්දෙ ඉල්ලුවේ හම්බන්තොටින් මේපාරත් එයා ඉල්ලන්නේ හම්බන්තොටින් , මහින්ද රාජපක්ෂ මේ පාර කුරුණෑගලින් ඉල්ලනේ වෙන දෙයකට නොවේ තම පවුලේ එකෙක් හෝ වැඩිපුර පාර්ලිමේන්තුවට යවන්න (නදී)
ගැමුණු කියන කතාවත් වැරදීම නැහැ. ලකුණු අතර හිටපු මහින්ද මහත්තය බිංදුවට වැටිලා දැන් එතනින් පටන්ගනවා කියන්නේ, ඍන වලට තමයි යන්නේ. එතුමා ට ඍන වලින් උපරිමයට යන්න කුරුනෑගල ජනතාවත් උපකාර කරාවි. (බ)
මහින්ද කියන පරවා වගේද ගයන්ත කියා ශේෂ්ඨ ඇමතිතුමා හා රනිල් කියන ජාතික වීර වරයා. පුරන් අප්පු පරම්පරාවෙන් පැවත එන රනිල් මැතිතුමා බියගම ගම්පහින් ඡන්දෙ ඉල්ලලා කොලඹට ආවේ මරුටි කාර් එකෙන්. (බ)
පව්, කට්ටිය ශ්‍රී ලංකා එකට තියෙන ආදරේ දැක්කම දුක හිතෙනවා. හරි හරි ඇමතිතුමෝ, අපි ශ්‍රී ලංකා එක බේරා ගමු 17 වෙනිදට සන්ධානෙට කතිරයක් ගහල.(නදී)
ශිරන්තිට ටිකක් රිදිලා වගේ. ගස් බඳින අය ඉන්නේ දැන් ඔයාල ගාව. (නදී)
ශිරන්ති, චින්තකගේ අදහස පොඩ්ඩක් කියවන්න. එයා 100% හරි (නදී)
මහින්ද කොතරම් ජනප්‍රිය මෙන්ම කාගේත් හිතගත් පුද්ගලයෙක්ද ? මෙම පුවතේ මුල් පිටුවේ තියෙන්නේ මහින්දගේ පින්තුරයක්. ඊළග පිටුවේ ඉන්නේ වෙන කෙනෙක් (බ)
ඔය තර්කෙ විදියට සජිත්ට ඉල්ලන්න වෙන්නේ කෙසෙල්වත්තෙන්. (බ)
එතිහාසික දඹදෙණි හා යාපහුව අයත් මේ ශ්‍රේෂ්ට පුරවරයට දේශපාලනය කරන්න මැරයෙක් ඕනේ නැහැ. තමන් උපන් ගමෙන් පැනගොස් වෙනත් බල කොටුවකට පැනගන්න කරන උත්සාහය ගමයාගේ කුකුල් කොටුව ට පැන්න නරියාගේ තත්වයට සමාන වෙනවා. (නදී)
මහින්ද මහත්තයව මේ තැනට පත්කළේ වෙන කවුරුවත් නෙවෙයි විමල් වාසු සහ දිනේෂ්. මේ අයට තනියෙන් ඇවිත් ඡන්ද 1000 වත් ගන්න බැහැ. එතුමාට තිබුනා ජනාදිපති වරණයෙන් පස්සේ විශ්‍රාම අරන් වැදගත් විදියට ඉන්න එ්ක නැති කලේ ඔය තුන් දෙනා. මහින්ද කුරුණෑගලට අාවේ හම්බතොටින් රාජපක්ෂලා 3 දෙනෙක් ඉල්ලනවා. එක්කෙනෙකුට තියෙන්න මනාප 3. මෙයත් ගියාම 4 දෙනෙකුට දෙන්න බැහැ. ඒ කපටි කමට තමයි එයා එහෙට ගියේ. එ්ක තේරුම් ගන්න තරම් කුරුණෑගල ඉන්නේ කට්ටිය කන්නේ මොනවද කියල හිතන්න වෙනවා.(නදී)
මහින්ද මහතාණනි ඔබ තුමා ඡන්දෙන් තේරීපත් උනොත් ඔබ වටා ඉන්න ඔය පැරිෂුට් මායියලව ඉස්සෙල්ලම බෙරේ වැවට තල්ලු කරලා දාන්න. එහෙම නොකලොත් ඒක ඔබේ ඉදිරි ගමනට බාධාවක් වේවි. (නදී)
අනේ අනිච්චන් ! බල්ලන්ටත් ලජ්ජා තියනවද? (බ)
කුරුණෑගල අපි හැමෝම මහින්ද එක්ක (බ)
අනේ මහත්තයෝ, අනුන්ගේ වැරදි හොයා හොයා අනුන් ගැන කණගාටු නොවී අනුන්ගේ පක්ෂ ගැන කනගාටු නොවී තමන්ගේ ඉදිරි දැක්ම හා වැඩ පිළිවෙල ගැන පැහැදිලි කලොත් නරකද. (නදී)
පර දින ගැන ඕනේ නැහැ වැඩි කතා- රට කල-කරන දේ ගැන නැත කතා (නදී)
ඔබතුමාලගේ නායකතුමාත් බියගම ඉඳල පැරදිලා පැරදිලා අන්තිමට කොළඹට පැන්නා. ඇයි තව කොච්චර අය ඉන්නවද කැකිරාවේ ඉපදිලා කුරුණෑගලින් ඡන්දෙ ඉල්ලලා දැන් කොළඹට අාපු අයත් ඉන්නේ. (නදී)
මට හැගෙන විදිහටනම් මහින්ද මහත්තයා කුරුණෑගලට යන්නේ අගමැති වීමේ සිහිනය සබැ කර ගැනීමේ අරමුණින්. (ම)
කාටවත් තියෙන ප්‍රශ්නේ මොකද්ද ??හම්බන්තොට ජනගහනය අඩු නිසා මමත් හිතන්නේ ඒක හොද තීරණයක් (බ)
මේපාර මහින්ද කුජිතම වෙනවා ෂුවර් ! (බ)
මහින්ද කියන්නේ ශ්‍රේෂ්ට නායකයෙක්, අපිට හරිම ආඩම්බරයි මෙතුමා ගැන. (ර)
රනිල් පැරෂුට් එකෙන් අගමැති පුටුවට. (ර)
මහින්ද කියන්නේ රටකට ඕන නායකයෙක්. (ර)
මේක මාර මුග්ද කතාවක්නේ, බියගම හිටපු රනිල්ට කොළඹින් ඉල්ලන්න පුලුවන්නම්, කොළඹ හිටපු සජිත්ට හම්බන්තොටින් ඉල්ලන්න පුලුවන්නම්, කුරුණෑගල හිටපු අනුර කුමාරට කොළඹින් ඉල්ලන්න පුලුවන්නම්, ප්‍රබාකරන්ගේ මස්සිනා වන යාපනේ හිටපු සිවාගිලින්ගම්ට කුරුණෑගලින් ඉල්ලන පුලුවන්නම්, රටම රුදුරු ත්‍රස්තවාදයෙන් බේරාගත් මහින්ද මහත්තයට කුරුණෑගලින් ඉල්ලන බැරි හේතුව මොකක්ද? (නදී)
වසන්ත... ඔයා හරි. (ර)
2015 ජන්ද අපේක්ෂක ලැයිස්තුව බැලුවානම් පැරෂුට් කාරයෝ කීදෙනෙක් ඉන්නවාද කියල බලන්න තිබුණා.(ම)
එතකොට අර කෙහෙල්වත්තේ මහත්තයා මක්කැයි හම්බන්තොට කරන්නේ ? (නදී)
ජනාධිපතිවරණයෙන් පැරදුණු මහින්ද රාජපක්ෂ මහතා නැවතත් බින්දුවෙන් පටන් ගන්නයි මේ යන්නේ .(ම)
ගුටි කන්න අසාවෙන් ඉන්න පිරිසක් ඉන්න බව පේනවා. කැමති නම් ගහක බදාගෙන කියන්න අපි තණකොළ මිටියක් එවන්නම්. සමහරු ප්‍රන්සයට ගිහිල්ලත් හැදිලා නැහැ. භාෂාව දන්නේ නැති නිසා බැන්නත් මෙර්සි කියනවා. හොරු පන්නල උගත් බුද්ධිමත් මිනිසුන් පාර්ලිමේන්තුවට යවන්න හොරු රැල මැදමුලනට පන්නන්න (නදී)
ආර් ප්‍රේමදාස මහතා අපි දන්නා තරමින් ලැවෙරිය විකුණලා රෑ ඉස්කෝලේ ගිය අපේ රටේ ජනාධිපතිකෙනෙක්. එයාගේ කාලේ භීසනය තිබුනා. එයා මැරුණම ජනතාව වෙඩි පත්තු කලා සන්තෝසෙට. සජිත්ට මෙතරම් සල්ලි කොහෙන්ද ? (නදී)