ඡන්දයෙන් පැරදී ගෙදර යාමට හෙලිකොප්ටර්, ආරක්ෂාවට තමා කැමති පරිදි යුද හමුදා නිලධාරීන් හා අධි ආරක්ෂිත වෙඩි නොවදින වාහන රැගෙන ගිය නායකයෙකු වෙනත් රටකින් සොයා සොයා ගැනීමට නොහැකි බව ජනපත් මෛත්‍රීපාල සිරිසේන මහතා අද (09) මොනරාගල දිස්ත්‍රීක්කයේ බිබිල ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සම්මේලනය අමතමින් කීවේය.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව අඩුකර ඇතැයි කියමින් විපක්ෂයේ කිහිප දෙනෙක් පමණක් පාර්ලිමේන්තුවේ කෑ ගසන බව ද ජනපති පැවසුවේය.
පසුගිය කාලයේ මහින්ද රාජපක්ෂ මහතා හා සරත් ෆොන්සේකා මහතා විදුලි පුටු ගැන කියමින් රට වටා ගිය බවත් තමා බලයට පත් වූ පසු විදුලි පුටුවට හා ජාත්‍යන්තර යුද අධිකරණයට යාමට තිබූ අවස්ථා නවතා දැමූ බවත් කී ජනපති දැන් ඔවුන් පාර්ලිමේන්තුවේ සැප පුටුවල වාඩිවී සිටින බව ද කීවේය



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිටපු ජනපතිට විශේෂ ආරක්ෂාවක් ලැබීමට විශේෂ හේතුවක් තියෙනවා. ඒක සිහිකල්පනාව ඇති කවුරුත් දන්නවා. ඡන්දයෙන් පැරදුනේ එතුමා නොවෙයි, මුළු මහත් ජාතියක්.. (නි)
එතුමා ජීවත් වෙන්නේ මරණ සහතිකේ අතේ තියාගෙන මුළු ලෝකෙම ඉන්න දෙමළ ඩයස්පෝරාවේ ඉලක්කය එතුමයි රට වැසියන්ගේ ජීවිත ආරක්ෂා කළ එතුමාට දියයුතු ආරක්ෂාව දිය යුතුමයි (බ)
එතුමා එහෙම ගියා කියලා අපේ හිතේ නම් කිසිම තරහක් නැහැ (නි)
අද ඔයගොල්ලෝ මෙහෙම ලියන්නෙත් යහපාලනය නිසා කියලා අමතක කරන්න එපා. පසුගිය කාලයේ ඔහොම කතාකළා නම් වෙන දේ හිතාගන්න පුලුවන්නේ (නි)
පැරදුනේ මහින්න්දද? අපිද? (නි)
අායෙත් වතාවක් මහින්ද බලයට ආවොත් සිද්ධවෙන දේ හිතාගන්නවත් අමාරුවෙයි (නි)
එතුමාට ඉදිරියටත් එවන් ආරක්ෂාවක් අවශ්‍යයි (නි)
ඒත් කමක් නැහැ. අපිට අද බයනැතුව පාරේ බැහැලා යන්න පුලුවන්වෙලා තිබෙන්නේ එතුමා නිසානේ (නි)
තිලින, අද පාරේ බැහැලා බයක් සැකක නැතුව යන්න පුළුවන් ජෙනරාල් ෆොන්සේකා ඇතුළු රණවිරුවන් නිසයි. ඒ වගේම දැන් සුදු වෑන් නැහැ. මෝඩයෙක් වාගේ කතාකරන්න එපා. මහින්දගේ කාලය දැන් ඉවරයි. තව ටික දවසක් ඔහේ කෑ ගහ ගහා ඉඳලා කොහෙටහරි පනිවි. (නි)
පිස්සු චතුරි ඔයා ඉක්මනට බෙහෙත් ගන්න, දැන්නම් ඔයාගේ වචනත් පැටලෙනවා. (බ)
එතුමාගේ ආරක්ෂාවට යමක් කළයුතුයි (නි)
එතුමා අපිට දුන් දේවල් වල හැටියට ඕවා එතරම් එ්වා නොවේ (නි)
සමන් මහත්තයෝ සරත් ෆොන්සේකා නිසා ඔයා පාරේ බැහැලා යනවා ඇති අපිනම් එහෙම බයක් සැකක් නැතිව ඉන්නේ මහින්ද මහත්තයා නිසා. (බ)
සමන්, ජනරාල් ෆොන්සේකා හමුදාවට බැඳුනේ මහින්ද රාජපක්ෂ බලයේ ඉන්න කාලේ නෙවෙයි, ඊට හුඟක් කලින්, ඇයි බැරි වුනේ යුද්ධය ඉවර කරන්න එතකොට, ඇත්ත පිළිගන්න තරම් නිහතමානී වෙන්න සැබෑ ලාංකිකයෙක් විදිහට..(බ)
අයියෝ මොනවද මේ කතා.ජනතාව ඉන්නේ මහින්ද මහත්තය එක්ක නිසා බයයි නේද? (බ)
මහින්ද මහතා පැරදුනා නෙමෙයි. කපටි කමෙන් පස්සෙන් ඉදල පිහියෙන් ඇනල රනිල් පරදින බව දැන දැන ජනතාව රවට්ටලා යටිකුට්ටු වැඩ වලින් ඉතාම සුළු ඡන්ද ගානකින් පත් වුණා කියන්න. තවත් මහින්ද මහතාට බනින්න බනින්න එතුමා ගේ බලය වැඩි වෙන බව හිත ගන්න. රට බේරා දුන් නායකයා වශයෙන් අපි සිංහලුන් වශයෙන් සදා ණයගැතියි එතුමාට. (බ)
පරණ දේවල් පැත්තක තියලා දැන්වත් රටට වැඩක් කරන්න බැලුවොත් නේද හොඳ.... හරියටම හරි ,, මොහු මේ තනතුරට හරි යන්නේ නැහැ (බ)
ඔව් ...මහින්ද නියම රජෙක්, ජාතිය ආගම වනසන ද්‍රෝහියෙක් නොවේ..මහින්ද හිටියනම් අපේ රට ගොඩක් දුර ගිහින්..(බ)
දෙවෙනි ලෝක යුද්ධයෙදි බ්‍රිතාන්‍යයට නායකත්වය දුන් වින්ස්ටන් චර්චිල් මහතාවත් ඊළඟ චන්දෙදි පරද්දල ගෙදර ඇරියානම් මහින්ද රාජපක්ෂ මහත්මයා ජනතාවගේ ඡන්දයෙන් ප්‍රතික්ශේපවී ගෙදර යාම ගැන කවර කතාද. දැන් විවේක සුවයෙන් ආරක්ෂාවෙන් නිල නිවසටවී යහපත් දෙයක යෙදෙන්නෙ නැතුව ජනතාව පත් කරගත් රජයට අකුල් හෙළන්නෙ ඇයි. (බ)
මහින්ද කළ හොද දෙයක් තමයි රටේ තිබුන යුද්දය නැති කිරීම.ඒ කියල මහින්ද කරන හැම දේම හරි වෙන් නැහැ.යුද්දය ඉවර කරන්න මහින්ද වගේම අපේ අහිංසක කොල්ලෝ ගොඩක් කැප වුනා.මෙතන අදහස් දක්වන අය ඒ කොල්ලන්ව අමතක කරලා තියෙන එක කනගාටුදායකයි.(බ)
ජනතාව ප්‍රතික්ෂේප කළ නායකයෙක් ගෙදර යන නැතුව ජනතාව පත් කළ ආණ්ඩුවට බැන බැන රට වටේ යන්න ජනතාවගේ මුදල් බාවිතා කිරීම සම්පුර්ණයෙන්ම වැරදියි.දැන් මහින්ද මන්ත්‍රීවරයෙක්.එ්කට සරිලන ආරක්ෂාවක් දිය යුතුයි(බ)
ඔබ තුමා යනකොට යන්නේ රබානක් අරන්ද ? (බ)
අපට පාටක් පක්ෂයක් නැත,අප්පචි ඔයා තමා අපේ එකම නායකයා (බ)
අනුන් කරපු වැරදි වලට අනුන් අතින් වෙච්ච අතපසුවීම් වලට ලොකු ප්‍රචාරයක්, ඒ සදහා ලොකු ශ්‍රමයක් ගන්නවා. ඔය කියනවා වගේ වැඩත් කරලා පෙන්නුවොත් නේද හොඳ (බ)
අපිට ඇඬෙනවා මේවා ඇහෙනකොට (නි)
ත්‍රස්තවාදයෙන් රටත් බේරාගෙන ගොඩක් වැඩත් කරලා....එ්ත් පරාද වුණ එකේ......නිකම්ම කයිවාරු ගහන උදවියට මොනවයින් මොනවා වෙයිද. එ්ක නිසා වැඩ ටිකක් කරලා පෙන්නලා ඉන්න..(බ)
තව මදි. නෝනට 250 ක්, ළමයින්ට 750 ක්, අනිත් වටේ ඉන්න අයට 5,000 ක් විතර දෙන්න. නැතිනම් පනියි රටෙන් (බ)
මහින්ද රට. බේරා ගත්තු හින්ද රජ පුටුවේ තියල පවුලටම රටේ ධනය අයිති කරනවට කැමති අයත් ඉන්නවනේ. (බ)
මහින්ද මහතා ලංකාව දුන් නිදහස් ජීවිතය ඔය සැමට වැඩ වටිනවා. අපිට හිත ගන්න පුළුවන් ප්‍රබාකරන් මහතා හිටියනම් ඔය සිරිසේනට යනකල. (බ)
තමන්ගේ පෞද්ගලික වාසියට කැගහන, මේ ඔක්කොම මහජනයාගේ මුදල්, දේශපාලුවෝ එහෙමම තමයි මතක තියාගන්න රටකට යුද්දයක් ගෙනාවෙත් ඔය දේසපාලුවෝමයි,මෙහෙමත් මෝඩ මිනිස්සු ඉන්න රටක් (බ)
මහින්ද නෙමේ පැරදුනේ මුළු රටම පැරදුනා (හේ)
සමන් මහත්තයෝ සුදු වැන් නම් නැ.. හැබැයි ගෙදරටම ඇවිත් ඔලුවට තියල යන තත්වයක් හදල තියෙනවා. ඒකට අපි ගරු කරනවා (බ)
මහින්ද නොවෙයි පැරදුනේ අපි එතුමාට අපි ණය ගැති නැත්නම් අපි අද පාරේ බැහැල යන්නද (කෞ)
මහින්ද කියන්නේ හාල්පාරුවෙක් නෙමේ . එතුමට මොන ආරක්ෂාව දුන්නත් අපි මුකුත් කියන්නේ නැහැ . මොකද අපි අද බස් එකක මරණ බිය නැතිව යන්නේ එතුමට පින්සිද්ද වෙන්න .හැබැයි ඔය මහජන මුදල් වලින් පඩි අරගන රටට කිසිම සේවයක් නොකර වේදිකා වල බෙරිහන් දෙන අයට දෙන ආරක්ෂා වටනම් විරුද්ධයි .(බ)
මතක නැතුව ඇති මේ යුද්දේ ඉවර කරන්න පුලුවන් හමුදා නායකයො මිට කලිනුත් හිටිය කියල ජෙනරාල් ඩෙනසිල් කොබ්බැකඩුව එ් වගේ නායකයෙක් (කෞ)
ඔබ මනෝ වෛද්‍ය වරයෙක් හම්බ උනොත් හොදයි. ඕනවට වඩා වෛර වඩවන කොට පිස්සු හැදෙනවා.(කෞ)
එකම යථාර්තයයි ඇත්තේ. මහින්ද ව මිනිසුන් ගේ හදවත් වලින් ඇත් කල නොහැකි බව .මෙවන් ප්‍රතිචාර නිසා ඔහුගේ අගය තවත් වැඩිවෙනවා .(කෞ)
මට පුදුම ඇයි කවුරුවත් හු කියුවෙ නැත්තේ ඇයි කියල!ප්‍රතිපල අද අපිට පේනවා.හෙට දවසේ හැමෝටම ඇගට දැනේවි.(කෞ)
පසුගිය දස වසරේදී දූෂිත දේශපාලනඥයන් ව්‍යාපාරිකයන් හා අපරාධකරුවන් ඇමරිකා ඩොලර් කෝටි 2000ක් පමණ දූෂිත මුදල් ශ්‍රී ලංකාවෙන් එතෙර යවා ඇතැයි ඇමරිකාවේ වොෂිංටන් නුවර ග්ලෝබල් ෆිනෑන්ෂල් ඉන්ටග්‍රිටි ආයතනය කියයි. හරි නායකයෙක් හිටියනම් මෙහෙම වෙයි ද (බ)
මහින්ද ගේ පරාජය පිටිපස්සේ ලොකු කතාවක් තියනවා, එතුමා මේ රටේ යම් කිසි දෙයක් කළා. අපි හිතුවේ නැහැ යුද්ධය ඔහොම ජය ගනී කියල. එ්කට දායක වෙච්චි ගොඩ දෙනෙක් ඉන්නවා. මම රැකියාව කරන්නේ විදේශ රටක මෙහෙ ඉන්න අනික් රට වල මිනිස්සු දන්නවා මහින්ද රාජපක්ෂව අගය කරනවා නමුත් තමිල්නාඩු කට්ටියට පෙන්නන්න බැහැ බනිනවා මරන්න කියනවා, එ් අැයි කියල ලංකාවේ ඉන්න මිනිස්සු දන්නේ නැහැ අපි රැවටුණා එතුමාව පරද කරලා සෞදි පත්තරේ කාටූන් එක දැකල නැහැ වගේ කට්ටිය ළඟදී (බ)
පරණ සැප සොයා රජු සමග රජුගේ සමාගම හා හිටපු පුරෝහිත හිටපු රාජ සබාව හිටපු මහාමන්ත්‍රන කුමන්ත්‍රන සබාව හිටපු පරිපාලන සබාව ඒ කල රජුගෙන් , වරදාර , නින්දගම් ,තාන්න මාන්න ,මහා භාන්ඩා ගාරයෙන් බොල්ණය ,පදවි තාන්නතර ,දන්ගෙඩියට නියම වූ අය නිදහස් කර ගැනිම , නිදන් වස්තු කොල්ල කෑ කොල්ලකරුවේ , මෙකි නොකී වරදාර වරප්‍රසාද අහිමි වූ රට වැසියෝ ඉතා අතලොස්සකි ...(බ)
අපේ අනාගත දු දරුවන්ගේ මූනවල් දෙයියෝ බලලද කොහෙද 2005 දී මහින්දට රට බර දුන්නේ.(හේ)
ඒක තමයි වෙනස කියන්නේ.(හේ)
ලෝකයේ දරුණුම ත්‍රස්තවාදය නැතිකළ නායකයා ආරක්ෂාකිරීම ජාතියේ යුතුකමයි. (නි)
පැරදුනා නම් පව් නොදී අයින් වෙලා මහත්තයෙක් වගේ හිටියනම් ඉවරයිනේ (හේ)
ආරක්ෂාව ඔච්චර දීලත් මදි නම් තවත් ජනතාවගේ මුදල් නාස්ති නොකර ගෙදරට වෙලා ඉන්න පුළුවන්නේ. ජනතාව දෙපාරක් පැරැද්දුවේ එ්කට තමයි. (නි)
ලෝකයේ කිසිම රටක .. නැති දේවල් ..(හේ)
ජනාධිපති කෙනෙක් තවත් හිටපු ජනපති කෙනෙක් විවාදයට ලක්කිරීම වැරදියි නේද? මෙතුමාට කරන්න තිබෙන වැඩ ඉහටත් ඉහළින්, මොනවද මේ කතා? (නි)
එතුමා තමයි ලංකාවේ පැරදුන පළමු සහ එකම ජනාධිපති. තම මුළු කාලසීමාවවත් සම්පූර්ණ කරන්න ජනතාව ඔහුට ඉඩක් දුන්නෙම නැහැ. (නි)
මේවට දෙන්න ඕනෑ උත්තර මෙතන ලියන්න අමාරුයි (නි)
කතා නවත්තලා දැන් රටට වැඩක් කරන්න කාලය හරි (නි)
ලංකාවේ විශ්‍රාමික ජනාධිපති කෙනෙක්ට හමුදා භටයෝ 200 විතර ආරක්ෂාවක් දෙනවා , වෙඩි නොවදින බෙන්ස් කාර් 2 විතර සහ වෙනත් වාහන කිහිපයක් ලැබෙනවා , කොළඹින් බංගලාවක් දෙනවා මේවට ඉන්ධනත් දෙනවා , ලංකාවේ දැනට විශ්‍රාමික ජනාධිපති වරු 2 ඉන්නවා , සිරිසේන මහත්තය කියනවා එයා තව පාරක් ඡන්දෙ ඉල්ලන්නේ නැහැ කියල එතකොට එයත් විශ්‍රාමික ජනාධිපති කෙනෙක් තව අවරුදු 3 1/2 කින් එතකොට ලංකාවේ විශ්‍රාමික ජනාධිපති වරු 3 දෙනෙක් ඉන්නවා , මේ එක පුද්ගලයෙක් නඩත්තු කරන්න රජයට මාසයකට කොටි 3 ක් විතර වැය වෙනවා , 3 දෙනෙකුට කෝටි 9 විතර වැය වෙනවා , මෙය ලංකාව වැනි දුප්පත් රටකට දැරිය හැකිද ? (බ)
අනේ මොනවට මේවට උත්තර බඳිනවද? (නි)
මහින්දට බැන බැන යනවාට වැඩිය හරවත් දෙයක් නැද්ද කතා කරන්න? හරවත් දෙයක් කරලා ඕනෑනේ කතාකරන්න. (නි)
අනේ මෙහෙමත් කතා! (නි)
රටේ වෙන කිසිම වැදගත් දෙයක් වෙන්නෙ නැහැ. මහින්දට බනිනවා විතරයි (නි)
මහින්ද නොවෙයි පැරදුනේ රට සහ මිනිස්සු....අනික මේ කියන විදියට මහින්ද ගියේ නෑනේ ....මෙයා පත් වෙන්නත් කලින්ම තමයි මහින්ද යන්න ගියේ...මහින්දට යන්න හෙලිකොප්ටර් මෙයා දෙන්න ඕන නෑ...මහින්ද ගමට ගියේ එයාට ජනාධිපති කම තියෙද්දීමයි..(බ)
මොකුත් වැඩ නොකළොත් ඔයාලටත් යන්න වෙන්නේ පස්ස දොරෙන් (බ)
අපි අහුවන්නේ නැහැ ඔය බොරු වලට (බ)
මහින්ද වෙඩි නොවදින කාර්වල යායුතු කෙනෙක්. ඔහු නිසා තමා කොටින් කිසිදා නොසිතු පරාජයක් ලැබුවේ. (බ)
මේවා මිනිස්සු විශ්වාස කරන්නේ නැති එක තමා ලොකුම ප්‍රශ්නය (බ)
ජනපති තුමනි මහින්ද කියන කියනවිදියට. නටන්න. දෙන්න. එපා රටේ නීතියක් තියෙනවා සේවයෙන් අයින්වූ පසු. ඒ අයට දෙන දීමනා. ඒවාට අර. වෙන කිසිවක් දෙන්න. එපා මේවා. නීති පොතට ඇතුළු කරන්න මහා ජනතාව. ගේ මුදල් මේවට වෙන්කරන්නේ ඔය. කෑගහන මැති. ඇමැතින්ගේ. වැටුපෙන්. මුදල්. කපන්න. මහින්දගේ ආරක්ෂාවට (බ)
ලොකු කතා කියන්න විතරයි දන්නේ කරපු කිසිම වැඩක් නෑ (බ)
අපි දන්නවනේ ඔබතුමාට වැඩිය මහින්ද මහත්තයට ආරක්ෂාව ඕනි කියල (බ)
ජනපති තුමනි...මහින්ද පැරදුනු නායකයා නොවෙයි මේ රට ශාපලත් තිස් අවුරුදු යුද්දෙන් දිනාදුන් ඒ නිසාම කොටි ඩයස් පොරාවල ඉමහත් වෛරයට ලක්වූ නායකයායි,ඔබතුමා නමින් මෛත්‍රී වුනත් කතා කරන්නේ වෛරයෙන්,කරුණාකර රනිල් මැතිතුමා ආදර්ශයට ගන්න.එතුමාට අපි කවදාවත් ඡන්දෙ නොදුන්නත් එතුමාගේ කටයුතු අනුමත නොකළත් ඇත්ත කිව යුතුයි.එතුමා වෛරක්කාරයෙකු නෙවෙයි.(බ)
පැරදිලා කොහොම යන්න වේවිද දන්නේ නැහැ (බ)
දැන් පේනවනේ මුළු රටම පැරදිලා (බ)
රටේ නීතිය කාටත් පොදු වියයුතුය. මහින්ද එදා කළේ නීතිය අවභාවිතා කිරීමයි. අද ත්‍රිවිධ හමුදා ආරක්ෂාව ඉල්ලා උත්සාහ ගන්නේ නැවතත් රටේ නීතිය අවභාවිතා කිරීමටය. (නි)
ඇත්ත තමයි. වෙනත් කිසිම රටක නැතුව ඇති රටක් ත්‍රස්තවාදයෙන් බේරාගන ජාතිය නිදහස් කරලා පැරදිලා ගෙදර ගිය නායකයෙක්. අපිට නම් රටක් වටිනවා (නි)
මහින්ද මහත්තයා වගේ කෙනෙකුටත් ගෙදර යන්න වුණ එක පිටිපස්සේ කාටත් ඉගෙනගන්න ලොකු පාඩමක් තිබෙනවා (නි)
ලෝකයේ වෙනත් කිසිම රටක නාකයෙක් ඒවා ගෙනගියේ නැතිවුණාට කමක් නැහැ. මහින්දට ඒවා දියයුතුයි. ඔහුට ඒවා හිමියි. අමතක කරන්න එපා මහින්ද ජනපති කාලයේ තමයි මේ රටේ වසර 30 ක් තිබුන භයානක යුද්ධය අවසන්කළේ (නි)
සඳරුවන්, මෙතුමාට ආයේ ඡන්දයක් ඉල්ලන්න වෙන එකක් නැහැ. ශශිකගේ අදහස් 100%ක් හරි. (නි)
ලෝකෙම භයානකම ත්‍රස්තවාදය විනාශ කරන්න නායකත්වය දීපු ජනාධිපති කෙනෙක් විදියට මහින්දට ආරක්ෂාව අවශ්‍යයි. (නි)
මහින්දට බනින්න බනින්න ඔබ ජනතාවගෙන් ඈත්වෙන බවද මතකයේ තබාගන්න (නි)
මට නම් දැනෙන්නේ මේ කතාවේ වෛරය බුබුළු දමමින් පිටවෙනවා වගෙයි (නි)
පැරදිලා ගෙදර ගිය මහින්ද කෙනෙක් ගැන කියව කියවා ඉන්න නොවෙයි අපි ඔබතුමාට ඡන්දෙ දීලා දිනෙව්වේ. රටට වැඩක් කරන්න. දැන්වත් අනුන්ගේ වැරදි හොය හොයා ඉන්නේ නැතුව වැඩක් කරන්නකෝ (නි)
ශශිකගේ කතාව හරි (නි)
චතුරි කියන කෙනා මැරිලා ඉපදිලා වගෙයි (නි)
මහින්ද මහත්තයාට හොඳට අාරක්ෂාව දෙන්න ඕනෑ. (නි)
මහින්ද රාජපක්ෂ මැතිතුමාට ජයවේවා ...(බ)
මේ කතා අහලා අහලා එපාවෙලා. දැන් වෙන මොනවාහරි කියන්න... (නි)
ඔයා පහු ගිය කාලේ කළ එක වැදගත් වැඩක් කියන්න මහත්තයෝ. ඕයා ගෙදර යන දාට මිනිස්සු ගහනව. එච්චර විතරක් නොවේ ලංකාවේ වැඩක් නොකළ ජනධිපති හැටියට ඉතිහාස ගත වෙනවා. (බ)
තවමත් මේ රටේ ලොකුම ආරක්ෂාවක් දෙන්න අවශ්‍ය මහින්ද මහත්තයාටයි. (නි)
ඔන්න ඕවා දැන් අමතකකරලා දාන්න (නි)
පැරදුනේ මහින්ද නොව රටයි. (නි)
චතුරි, 88-89 අවුරුද්දෙන් පසුවද ඉපදුනේ? (නි)
චතුරිට ඔය කටයුතු බාර අරගෙන කරන්න බැරිද දන්නෙ නැහැ (නි)
සමහරු යුද්ධය දිනුවහම ස්තෝත්‍රත් කිව්වා අපිට මතකයි (නි)
ලොක්කෝ ඔක්කොම මහින්දට දෙහි කප කප ඉන්නවා මිසක් තමන් යටතේ වෙන හොරකම් ගැන කතා නැත. රට අගාදයට ලොක්කෝ පිස්සු කෙලිනවා.(බ)
මහින්ද වැඳගෙන ඇවිදින්න මහින්ද. වැටුපකට වාදකෙරුවේ. සැපට ඉඳල අසරණ. රණවිරුවන්ට. මේ කිසිම. දෙයක් නැහැ. අද යෝෂිත යුද්ධයට ජිවිතේ බිලිදුන්නනම් අද අපි ඉඳල ඉවරයි. අසරණ. රණ විරුවා. හසලක. ඒ. දෙමව්පියන්ට. මේ විදියට කෙරුවට කමක් නැහැ අසරණයින්ගේ හැම චන්ඩියන්ගේ නම මේ ගැන මේ විදියට නෙමේ. ළගදීම. පොත් ලියනවා බොරු කයිවාරුව. ගැන. (බ)
අපිට ඔය දේවල් කියලා වැඩක් නැහැ දැන් (නි)
ඡන්දයක් තියන්නකෝ වෙන දේ බලන්න (නි)
යුද්ධය අවසාන කාලේ අපේ රටේ වීරෝදාර රණවිරුවන් මිස වෙන කවුරුත් නොවේ. බොහෝ දෙනකුට එය අමතක වෙලා වගේ. මන්ත්‍රී මහින්ද අනෙක් අයට (චන්ද්‍රිකා, ජානක පෙරේරා) දුන් ආරක්ෂාව ප්‍රමාණවත් බව තේරුම් ගත යුතුයි (බ)
චතුරි හරියට ජනාධිපති උපදෙශිකාවක් වගෙයිනේ කතාව (නි)
ඔබතුමාලගේ අය මොනවද මේ රටට කරලා තියෙන්නේ? (නි)
ඉතින් මොකද වෙන්නේ? සිංහල ජාතිය ත්‍රස්තවාදයෙන් බේරාගැනීමම මදිද? (නි)
මහින්ද රැකගැනීම අවශ්‍යයි. නැවත ත්‍රස්තවාදයක් අාවොත් මොකද කරන්නේ? (නි)
ත්‍රස්තවාදය ජයගත් නායකයා ලෙස පුර්ණ ආරක්ෂාවක් මහින්දට ලබා දියයුතුයි. එ්කේ කතා දෙකක් නැහැ (නි)
එතුමා යන්න ඇත්තේ එතුමාට ගැළපෙන හොඳම විදිහට වෙන්න ඇති (නි)
අර චතුරි කියන විදියට වැඩකළා නම් හරි ඇති එතකොට (නි)
ඉතින් ඇත්තනේ. 30 අවුරුදු යුද්ධයක් ඉවර කරලා, වෙන කොහොමද යන්න කියන්නේ? (නි)
පරණ දේවල් පැත්තක තියලා දැන්වත් රටට වැඩක් කරන්න බැලුවොත් නේද හොඳ? (නි)
මහින්ද මහත්තයාට ආරක්ෂාව උපරිමය දෙන්න ඕනෑ රට ජාතිය බේරාගත් නායකයාට (නි)
මේ රජයේ කයිය විතරයි. වැඩ නැහැ (නි)
ඒත් කළ අපරාධ, හොරකම් වලට දඬුවම් විදින්නත් ඕනෑ (නි)
රට බේරාගත් වීරයාට ආරක්ෂාව අවශ්‍යයි තමයි (නි)
ඇත්ත. පැරදුන කෙනා ගෙදරට වෙලා ඉන්නේ නැතුව අායෙත් එනවා. මේවට අපි එපායැ ගෙවන්න. මහින්ද ආයේ බැට් කරන්න බැරිවෙන්නම මිනිස්සු අවුට් කරලා තියෙන්නේ. ඔය තැන තැන්වල පොල් ගහලා, වෛරය වපුරලා, හූ පුජා තියලා ඉදිරි ගමනක් නැහැ. (නි)
දැන් හොඳටම ඇති. අපිත් ඔබට ඡන්දෙ දුන්නා. ඔයවගේ කතා කියන්න එපා (නි)
මහින්ද ගැන විතරද කතාකරන්න තියෙන්නේ? මේ රට විනාශයට යනවා පෙනෙන්නේ නැද්ද? දැන් තියෙන තත්වයට අනුව මහින්දට ආරක්ෂාව ඕනෑ. එ් තත්ත්වය ගෙනාවේ කවුද කියලත් කියන්න අවශ්‍ය නැහැ (නි)
සමහරු හිතාගෙන ඉන්නේ ගෙදර ගිහිල්ලා සැප විඳින්න බව අපි දන්නවා (නි)
මේ ආණ්ඩුවේ කතාව විතරයි, වැඩ නැහැ. මහින්දට හැම කෙනාටම වැඩිය ආරක්ෂාවක් ඕනෑ තමයි (නි)
කතා කිය කියා ඉන්නවා මිසක් මේ ආණ්ඩුවට වැඩක් කරන්න බැහැ. (නි)
රාජපක්ෂට කාටත් වඩා දැඩි ආරක්ෂාවක් අවශ්‍යයි. ඒක ලංකාවේ ඕනෑම කෙනෙක් දන්නවා. අනෙක ඔබේ වටිනා කාලයෙන් අපි බලාපොරොත්තුවෙන්නේ ඔය වගේ කතා නොවේ! (නි)