‘මෑතක දී ජ්‍යෙතිෂ්‍ය ගැන විශිෂ්ටම කතාව කළේ රතන හාමුදුරුවොයි. තනි කේන්දරයකට මේ රටේ අනාගතය තීරණය කරන්න දෙන්න බැහැ, සිකුරු ලබන්න ඕනෑ තනි මිනිහකුට හෝ පවුලකට නොවේ සමස්ත රටටයි යනුවෙන් රතන හාමුදුරුවන් කිව්වා.
මම මරණවට බය නෑ. ජනාධිපතිවරණයෙන් මහින්ද පරදින බව කිව්වා. ඉන් පසු මහින්ද මහත්තයට අපලයක් තිබුණා , දැන් ඒක ඉවරයි කියා රූපවාහිනී නාළිකාවකට ඇවිත් කියන්න, අපි ලොකු ගාණක් දෙන්නම් කියා ජනාධිපතිවරණයට පෙර ජනාධිපති මාධ්‍ය අංශයේ කෙනෙක් දැනුම් දුන්නා. මරණ බය නැති නිසා මා එය කළේ නෑ. මහින්දට ආයේ බලයට එන්න වෙන්නේ නෑ. රාජපක්ෂ පවුලේ බල්ලක්වත් ආයේ අරලිය ගහ මන්දිරයට එන්නේ නෑ.‘ යැයි ජ්‍යොතිශ්‍රාස්ත්‍රයකු වන ඉන්දික තොටවත්ත මහතා කොළඹ මහජන පුස්තකාලයේ පැවැති වැඩසටහනක දී කීවේය.
ජ්‍යෙතිෂ්‍ය අවභාවිතයෙක් වැළකෙමු මැයෙන් එය සංවිධානය කර තිබිණි.
පාලකයන් සතුටු කරන්නට බොරු අනාවැකි කියමින් ජෝතිෂ්‍ය අව භාවිත කිරීමෙන් වලකින්නැයි ඉල්ලමින් ජ්‍යෙතිෂශ්‍රාස්ත්‍රයකු වන කේ ඒ යූ සරත්චන්ද්‍ර , ඉන්දික තොටවත්ත, ආනන්ද සෙනවිරත්න ඇතුළු පිරිසක් එහිදී කීහ.
ජනාධිපතිවරණයට පෙර අයිටීඑන් රූපවාහිනියේ වැඩසටහනකට ආ රාජකීය ජ්‍යොතිශ්‍රාස්ත්‍රයකු වූ සුමනදාස අබේගුණවර්ධන, පියසේන රතුවිතාන සහ මාපලගම විමලරතන ඇතුළු ජ්‍යෙෂ්ඨ ජ්‍යෙතිෂ්‍යවේදීන් කීවේ ජනපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ ජය ගන්නා බවයි.
ඉන් පසු කොළඹ දී දෙදහසක් පමණ ගෙන්වා වැඩසටහනක් පැවැත්වූ අතර ඔවුන් කීවේ ද මහින්ද රාජපක්ෂ මහතා ජය ගන්නා බවයි.
https://www.youtube.com/watch?v=lKdvOpS4LUk
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහින්ද පරදින බව කියන්න ජ්‍යෙතිෂ්‍ය ගැන දැනුමක් ඕන නැහැ. කේන්දරයක්වත් නැති මමත් කිව්වා මෙදා පාර මහින්ද පරදිනවා කියල. (නදී)
දැන් මොකටද පසුගිය දේවල් ගැන කියමින් කුළල් කාගන්න යන්නේ.ජනතාව කැමති පාලනයක් තොරාගත්තා නම් එයට සහයෝගය දීමයි පුරවැසියෙකුගේ යුතුකම. (නි)
අපි කවුරුත් අපි අදහන ආගම දහම අනුව සුබ කටයුත්තකදී සුබ වෙලාවක් බලලා ඒ දේ කරනවා මිසක් ඔය නක්ෂත්‍රයත් එක්ක ඇළිලා ගැලිලා ඒවා ඉහ මත තියාගෙන ඔය අනාවැකි විශ්වාස කරගෙන කටයුතු කරන්න තරම් මෝඩයෝ නෙමෙයි. හිටපු ජනපතිතුමා එහෙම කෙනෙක් නම් මේ දිගු දේශපාලන ගමන කවදාවත් එතුමාට එන්න වෙන්නේ නැහැ.සිතුදේ නොම වේ නොසිතුදේම වේ මහත්තයෝ.ඔය හිරු සඳු තාරකා අනෙක් පැත්තට කැරකෙන්න වසර ගණන් යන්නේ නැහැ.මාස තුනක් වුණත් ඇති (නි)
කතාව ඇත්ත. (ර)
රටේ ඉදිරි ගමන තීරණය කරන්නේ ජ්‍යෙතිෂ්‍ය නොවෙයි පාලකයා නිවැරදි මඟ යා යුතුයි පාලකයා හොර තක්කඩි ජනතාවගේ මුදල් ගසා කන්නේ නම් ඔහුගේ ඉදිරිය අනිවාර්යෙන්ම විනාශකාරී එවැනි කපටියන්ට ජ්‍යෙතිෂ්‍ය උවමනාවේ මොකද එවැනි පාලකයන්ගේ හදවත හරි දේ දනී තාවකාලික සතුටක් සහා මානසික සුවයට ජ්‍යෙතිෂ්‍ය යොදාගනී නමුත් කෙදිනක හෝ සත්ත්‍ය ජයගනී! (අ)
ගොඩක්ම බලවත් කේන්ද්‍රයක් තියන මිනිසෙක් අපෙ ගමේ ඉන්නවා . මෑන්ව දැම්මොත් ජනාදිපති මැතිවරන් දිනන්න පුලුවන්ද.(අ)
මේවා තියෙන්නේ මිනිසුන්ට තිබෙන ප්‍රශ්න වලට පොඩි සහනයක් ගන්නයි, කරන අයට හම්බ කරගන්නයි කියලයි තමයි මම නම් හිතන්නේ. ග්‍රහ තරු කොහොමද මිනිසුන්ව පාලනය කරන්නේ? බුදුදහම අනුව ජීවත්වුණා නම් වෙන පිහිටක් මොකටද? (නි)
මුල්ම අනාවැකිය කවුරු කිවුවත් නුදුරු අනාගතයේදීම කාට කාටත් පිවිතුරු හෙටක අරුමය දැක විඳදරාගන්න නම් වෙයි. ඒකත් අනාවැකියක් හොඳේ. (නි)
වැල යන අතට මැස්ස ගහන එකයි කරන්න තියෙන්නේ (නි)
මහින්ද ඔය කියන තරම් පාපතරයෙක් නොවේ (නි)
ජ්‍යෝතිෂ ශාස්ත්‍රය හුදු කල්පිතයකි.නියම ශ්‍රාස්ත්‍රඥයෝ වෙඩි තියාගන්නවා,ගිනිතියා ගන්නවා ආදී ජනයා මුලාකිරීම සඳහා කරනලද අවධාරණය කිරීමම මෙයට කිසිදු ආකාරයේ පදනමක් ඇති විද්‍යාවක් යැයි නොපිළිගැනීමටම වෙන තර්ක අවශ්‍ය නොවේ. විද්‍යාව හරහා සෑම දැනුමක්ම දිනෙන් දින අළුත් වෙනවා.හැබැයි ජ්‍යෝතිෂය නම් හැමදාම එකතැන පල්වෙනවා.ජනතාව මුලාකරන බඩගෝස්තරවාදීන්ට මෙය හොඳයි.තවමත් සුර්යයා මීන රාශියෙන් මේෂ රාශියට එන බව පිළිගන්න අයට මෙයත් විද්‍යාවක් තමා. (නි)
මැරෙන්න මොහොතකට පෙර හරි කරපු දේවල් වලට විපාක සිදුවෙනවා. (නදී)
අපි කවුරු මොනවා කිවුවත් ඇත්ත දන්නවා (නි)
රාජපක්ෂ පාලනය සම්පූර්ණයෙන්ම නැතිවෙනවා (නි)
මගේ කේන්දරයත් බලවත්. මටත් හරි ආසයි ටික දවසකට හරි ලොක්කෙක් වෙලා බලන්න (නි)
මටත් අනාවැකි කියන්න පුළුවන් (නි)
හිරු නැත්නම් ජීවයක් නැත. ග්‍රහ තරු සියලු ජිවින්ට පමණක් නොවේ ගහ කොළ වලටද බලපාන බව සත්‍යයකි.(දිල්)
මට නම් ඇඟ හිරිවැටෙනවා මේ කතාව අහලා. අනේ මම නම් ඔන්න මේ ලිපිය බැලුවේ නැහැ. (නි)