ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව ජාතික ආණ්ඩුවක් ගොඩනැගීමට නම් පාර්ලිමේන්තුවේ සියලූ පක්‍ෂ හා කණ්ඩායම් එය සමග එක්විය යුතු බවත් එක්සත් ජාතික පක්‍ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ කොටසක් පමණක් එක් වී ගොඩනගන ඊනියා ජාතික ආණ්ඩුවේ ඇමතිධූර වැඩිකිරීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තුවට ගෙන ඒමට යන යෝජනාව ව්‍යවස්ථා විරෝධී බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පැවසීය.
‘අලූත් පාර්ලිමේන්තුව පළමු වතාවට රැස්වී උදේ පාන්දර හිස් බඩින්ම ව්‍යවස්ථා විරෝධී යෝජනාවක් ගේන්නට යනවා’ යැයි කී වීරවංශ මහතා නීතියට පටහැනි එම යෝජනාව විවාදයට නොගන්නැයි පත්වන නව කතානායකවරයාගෙන් ඉල්ලා සිටින බව ද සඳහන් කළේය.
බත්තරමුල්ල, ජයන්ති මාවතේ පිහිටි ජාතික නිදහස් පෙරමුණු කාර්යාලයේදී ඔහු මාධ්‍ය අමතමින් කීවේය.
ලබන සඳුදා ජනාධිපති නිල නිවසේ දී පැවැත්වෙන සන්ධානයේ පක්‍ෂ නායක රැස්වීමටද තමන් සහභාගී වන බව මෙහි දී පැවසූ වීරවංශ මහතා දේශපාලන තත්ත්වය ගැන ජනාධිපති කටයුතු කරන ආකාරය පිළිබඳ තමන්ගේ අදහස එහිදී විවෘතව ප‍්‍රකාශ කරන බව ද සඳහන් කළේය.
එමෙන්ම ඉදිරියේ දි නව දේශපාලන බලවේගයක් නිර්මාණය කිරීමට තම පක්‍ෂය සක‍්‍රීයව මැදිහත් වන බව ද හෙතෙම ප‍්‍රකාශ කෙළේය.
යුද අපරාධ පිළිබඳ දේශීය පරීක්‍ෂණයක් පැවැත්වීම ජාත්‍යන්තර පරීක්‍ෂණයකටත් වඩා බරපතල ගැටලූවක් යැයි කී විමල් වීරවංශ මහතා ඒ ඔස්සේ රණවිරුවන් යුද අධිකරණයකට ගෙනයාමට ජාත්‍යන්තරය උත්සාහ කරන බව ද කීවේය.
මෙහිදී මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්න සහ වීරවංශ මහතා දුන් පිළිතුරු මෙසේය.
ප‍්‍රශ්නය
ජාත්‍යන්තර පරීක්‍ෂණයක් මෙන්ම දේශීය පරීක්‍ෂණයකුත් එපා කියනවා නම් වෙනත් යෝජනාවක් තිබෙනවාද?
පිළිතුර
අපේ රටේ නීතියක් තිබෙනවා. පසුගිය කාලයේ සුනිල් කියලා දිගුදුර විහිදුම් බලකායේ සාමාජිකයෙකුට දඬුවම් දුන් නඩුව උදාහරණයකට ගතහැකියි. ඒ තීන්දුවට මම එකඟද නැද්ද කියන දේ පැත්තක තිබ්බොත් එහි වුණේ පැමිණිල්ලක් පිළිබඳ අධිකරණයේ නඩු පවරා තීන්දුව ලබාදීමයි. යුද්ධයේ දි කිසියම් කෙනකුගෙන් සීමාව ඉක්මවා ගිය යමක් සිදුවී ඇත්නම් දඬුවම් දීමට අපේ රටේ නීති පද්ධතිය ප‍්‍රමාණවත්.
නවනීදන් පිල්ලේ වාර්තාවෙනුත් පසුගිය මානව හිමිකම් සමුළු වාර්තාවලිනුත් දේශීය විමර්ශනයක් කරන්න ඉල්ලූවා. ඒවාට අපේ රජය එකඟ නොවූ නිසයි ඒ අය ජාත්‍යන්තර පරීක්‍ෂණයකට ගියේ. ජාත්‍යන්තර විමර්ශනයකින් මොන තීන්දුව ආවත් එය ආරක්‍ෂක මණ්ඩලයේ දී පිටුදකින්න චීනය හා රුසියාව ඉන්න නිසාත් හැම රටක්ම පිළිනොගන්නා නිසාත් අපි බිය විය යුතු නැහැ. ඒත් දැන් ඕනෑ වැඩේ දේශීය පරීක්‍ෂණයෙන් කර දෙන්න හදනවා. මේක එක්සත් ජනපදයේ ජයග‍්‍රහණයක්.
ප‍්‍රශ්නය
විපක්‍ෂනායකධූරය සම්බන්ධයෙන් අදහස කුමක්ද?
පිළිතුර
මේ ගැන අපේ ස්ථාවරය පැහැදිලියි. ජනාධිපති අගමැති හා ඇමති මණ්ඩලය පත් කරනවා නම් ඒ ජනාධීපතිම විපක්‍ෂනායක හා විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායකත් පත් කරනවා නම් කවුරු රටේ ජනාධිපති වුණත් ඒ ආකාරයට පවත්වා ගන්නා ප‍්‍රජාතන්ත‍්‍රවාදය කුමක්ද? අපි නම් ලෝකේ කොහේවත් එහෙම ප‍්‍රජාතන්ත‍්‍රවාදයක්, බහුපක්‍ෂ ක‍්‍රමයක් අහලා නැහැ. මේ බහුපක්‍ෂ ක‍්‍රමයේ ජීවගුණය රඳා පවතින්නේ විපක්‍ෂයට විපක්‍ෂය ලෙසත් ආණ්ඩු පක්‍ෂයට ආණ්ඩු පක්‍ෂය ලෙසත් පැවතීමට ඉඩදීමෙනුයි.
විපක්‍ෂනායකධූරය තීරණය කරන්න දිය යුත්තේ විපක්‍ෂයේ ඉන්න මන්ත‍්‍රීවරුන්ටයි. එහෙම නැතිව රටේ ජනාධිපතිවරයා තමන්ට අභිමත ආකාරයෙන් නෙවෙයි. මෙහෙම ගිහින් ජාතික ලැයිස්තුවෙන් ආ පරාජිතයෙක් විපක්‍ෂනායක වෙයිද දන්නෙත් නැහැ.
ප‍්‍රශ්නය
දෙමළ ජාතික සන්ධානය විපක්‍ෂනායකකම ඉල්ලීම ගැන ඔබේ අදහස කුමක්ද?
පිළිතුර
සම්බන්ධන් මහත්තයාට විපක්‍ෂනායකකම දීම ගැන ජනතා විමුක්ති පෙරමුණත් කියා තිබුණා. ඔවුන්ගේ සැබෑ වෙනසක් සිදුවෙලා. කොහොම වුණත් අපි කැමති වුණත් නැතත් විපක්‍ෂයේ ඉතුරුවෙන බහුතර මන්ත‍්‍රීධූර ප‍්‍රමාණයක් දරන කණ්ඩායම ඔවුන් නම් රටේ නීතිය අනුව දෙන්න වෙනවා. ඒත් ශ්‍රීලනිපයේ මන්ත‍්‍රීවරු සැලකිය යුතු පිරිසක් අපි ඉන්නේ විපක්‍ෂයේ කියා කතානායකවරයාට දන්වනවා නම් දෙමළ ජාතික සන්ධානයට ඒ අවස්ථාව අහිමි වෙනවා. තිබෙන සංයුතිය අනුව ඒ තීරණය ගත යුත්තේ කතානායකතුමායි.
ප‍්‍රශ්නය
හිටපු ජනාධිපති දෙවසරකට පෙර ජනාධිපතිවරණය පවත්වා දැන් විපක්‍ෂයේ වාඩිවීමට සිදුවීම ගැන කනගාටුවක් තිබෙනවාද?
පිළිතුර
අපි එතුමාට ප‍්‍රසිද්ධියේ වගේම අප‍්‍රසිද්ධියේත් උපදෙස් දී තිබෙනවා. ජනාධිපතිවරණයට පෙර අපි යෝජනා 12ක් ගෙනල්ලා යම් උත්සාහයක් දැරුවේ මේ අවධානම දුටු නිසයි. මැතිවරණයට කවදා ගියත් ප‍්‍රතිසංස්කරණ න්‍යාය පත‍්‍රයක් කි‍්‍රයාත්මක කරලයි යා යුතුව තිබුණේ. අවුරුදු දෙකකට කලින් ගියත්, පස්සේ ගියත් යන්නේ නිකං නම් ඒ ප‍්‍රතිඵලයම තමයි ලැබෙන්නේ. රට බලාපොරොත්තු වූ වෙනස්කම් කරලා ගියා නම් රටේ සංවාදය අලූත් වෙනවා. ඒත් මැතිවරණයට ගියේ ඒ එන්නත විදලා නෙවෙයි. අලූත් එන්නත විදලා ගියා නම් අවුරුදු දෙකකට කලින් ගියත් පස්සේ ගියත් දිනනවා. නොවිද ගියානම් කවදා මැතිවරණයට ගියත් පරදිනවා. රජය යා යුතුව තිබූ න්‍යාය පත‍්‍රය තේරුම් ගැනීමට අවාසනාවකට වගේ සමහර කොටස්වලට බැරිවුණා.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා පාර්ලිමේන්තු යැවීය යුතු පුද්ගලයෙක් .මගේ මතය නම් එයයි (බ)
වීරවංස මහත්තයෝ,, තණකොළ වැවෙන්නේ නැති කිතුල් ගහක් තියන දිහාවක් දන්නවද ? (නදී)
එන්නතක් දෙන්න ඕනි කටවල් වලටයි කතාකරන්න බැරිවෙන්න. (නදී)
ඔබගේ එඩිතර අදහස් වලට අපි සැමදා ගරු කරනවා (බ)
රටේ වෙනත් ප්‍රශ්න වලට කලින් රටේ සාමාන්‍ය නීතියට ඔච්චම් කළ පාස්පෝට් සෙල්ලම ගැන බලා ගත්තා නම් නරකද ? අපි මේ බලාගෙන ඉන්නේ අපේ නෝනලාට එක නීතියකුත් සමහරුන්ගේ මැඩම් ලාට තව නීතියකුත් නැති රටක් හදන්නේ කවදාද කියලා. (බ)
මහින්ද මහතාව අමාරුවේ දල යන්තම් ගොඩ ගිහින් දැන් ප්‍රතිසංස්කරණ ගැන මහප්‍රාණ කියල වැඩක් නැහැ වෙන්ඩ ඕනේ කරන තමුන්ගේ වැඩේ උන්නනේ නේද . (බ)
විමල්ගේ කතා අන්දරේ සීනි කැවා වගේ බොරු සෝබන කතා (බ)
අද රනිල් සිරිසේන එකතුවෙලා ඉන්දියාවේ සහ අමෙරිකාවේ බලපෑම මතෆෙඩරල් දෙන එක හොඳටම පැහැදිලියි විමල් වීරවංස මහතා වගේ අය අපි වෙනුවෙන් දිගටම සටන් කරන්න ඕන ....අපි ඡන්දෙ දුන්නේ එ්කටයි ....තව ටික දවසකින් ද්‍රෝහීන් ඊලාම් පවා දේවි..(බ)
විමල් ආදරේ රටට නෙවි බඩට (බ)
හු, හු, හු. (බ)
මහින්ද නෙවේ කවුරුවත් හැමදාම දිනන්නේ නැ නේද එක තේරුන් ගන්ට බැරි මේ අය මිනිස්සු නැත්නම්? (ම)
හිස් බඩම නෙවෙයි අඩු තරමින් ලෙමන් පෆ් එකකක්වත් කාලාම යෝජනා ගෙනාවා නම් තමයි වඩාත් හොඳ. (නදී)
මේ වගේ කෙනෙක් දැක්කමයි (නදී)
ඔබ කොහොම හිතුවත් ශ්‍රී-ලංකා නිදහස් පක්ෂය නැති කරන්ඩ බැහැ. නැති වෙන්නේ ඔය හදන අලුත් දේශපාලන බලවේගයයි.(නදී)
අනේ මන්දා. ඒ දවස්වල කිව්වා ජාත්‍යන්තර පරීක්ෂණයක් තියන්න හදන එක බටහිර කුමන්ත්‍රණයක් කියලා. හැබැයි එතකොට කිව්වේ නෑ චීනෙයි රුසියාවෙයි උදව් අරන් ඒක පරද්දනවා කියලා. දැන් කියනවා දේශීය පරීක්ෂණයක් තියන්න එපා ජාත්‍යන්තර එකක් හොඳයි කියලා.(නදී)
මේ මනුස්සය තවත් කියවනවා. දැන් මේවා අහල අපටත් මොලේ අසනීප හැදෙනවා. (බ)
දර දිය අදින දේශපාලකයන් අතර ප්‍රමුඛයා විරවංශයි. ඔය කියන එන්නත කාටවත් නොදී විරවංශ මහතාම ගත්තා නම්" විදේශ කුමන්ත්‍රණ" රෝගයෙන් මිදීමට හැකිවේවි. (බ)
අයියෝ සල්ලි විමල් මල්ලි ! (බ)
ඩෙස්මන්ඩ් ෆර්නැන්ඩෝ තුත්තුකුඩි විමල්ට කඩේ යනවද ? (බ)
තමන්ගේ අඹුවට නීති විරෝදීව පාස් පෝට් දෙකක් හදලා දුන්න දේශපාලකයද මේ නීතිය ගැන කතා කරලා තිබෙන්නේ ?මහා මිනිහා පරාද වුනේ දුෂණය හා වංචාව නිසාවෙන් මිසක් එක එක්කෙනා කියන බහුබූත නිසාවෙන් නොවේ ....(බ)
මෙන්න ඇත්ත, ජාතික රජය පිළිබද යෝජනාව සම්මත කරගැනීමට පෙර එය පාර්ලිමේන්තුවට ඉදිරිපත්කරන ලෙස වෙසෙස් කොටම ඉල්ලා සිට ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණයි. ‘අපි 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් අමාත්‍යවරුන් ගණන 30 කටත් නියෝජ්‍ය අමාත්‍යවරුන් ගණන 40 කටත් සීමා කළා.තවත් වැඩි කරන්න හේතුවක් මටනම් පෙනෙන්නේ නැහැ.මේ අයට ගෙවන්න වෙන්නේ රටේ බදු ගෙවන ජනතාවගේ මුදල්.’ සන්ඬේ ටයිම්ස් හා අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා කීය. (බ)
"ඔවා දෙනු පරහට තමා සම්මතයෙහි පිහිටා සිට", ගෙදරින්ම පටන් ගන්න. උපන් දින දෙකයි, හැදුනුම්පත් දෙකයි, ගමන් බලපත්‍ර දෙකයි. හික්.. හික්... හික්..(ම)
විමල් කියන්නේ රට බේරා ගත් නායකයෙක් මහින්ද දිනුවෙත් විමල් නිසා 2004 නැත්නම් අද රටවල් දෙකක් අතීතය අමතක කරන්න එපා (බ)
මෙයාගේ ලොකු සද්දෙන් තුන් ලක්ෂයක් රැවටුනාට රටේ වැඩි දෙනා දන්නවා මෙයාගේ පලකට ඇති කිසිම කෙරුවාවක් නැති බව.(ම)
කකුළුවා දඟලන්නේ දිය රත්වන තුරු පමණයි (බ)
විමල්,ඔබ වැනි රටට ආදරය ඇති නායකයින් ඉතා විරලය (බ)
ඉලක්කම් බැරි අය කතා කරන්නේ ලොකු විලාශයෙන්. අනේ අපොයි රටකට ගිය කල. (බ)
අපේ රටේ නීතියක් තියනවාලු. අපොයි අපිට නම් පෙනුනේ නැහැ නෝනාගේ පාස්පෝට් එකට වයස ඇතුලත් කරන කොට ඔබතුමා එහෙම හිතපු වගක් (බ)
රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රයකට වැරදි තොරතුරු ඇතුලත් කරලා බය නැතිව දැන් කට අරින්නේ ඔය උදේ හවා මුතුන් මිත්තන් මතක් කරලා දොස් කියන ලොක්කන් දෙපලගේ ඉවසීම නිසා කියලා නොතේරෙන හැටි (නදී)
ව්‍යවස්තාව ගැන ඉගෙනගෙන කතා කරන්න. (නදී)
මහින්දට ලොකුම හානිය සිද්ධ වුනේ ඔබගේ කතා වලිනුයි. දැන්වත් උන්නැහේට තමන්ගේ පාඩුවේ ඉන්න ඉඩ දෙන්න පින් සිද්ධ වේවි! (නදී)
ගිය නුවන ඇතුන් ලවත් අද්දන්න බැරිලු -එල් එල් ආර් සි යෝජනා ඉටු කළානම් රට ඉදිරියලු (ම)
විමල් මල්ලි, ජතික දේශපාලනයට අපහු එන්න, ඔය පෙවෙත්මට රටේ එක ජන මතයකට කොටු වෙලා, මත බෙදීම් තිබෙන තුරු රට බෙදන්න ලේසිය්, රට බෙදෙන්නේ මත බෙදීමෙන්, අනාගත පරපුරවත් වෙනත් මානයකට ගෙන යාමට සුදුසු ජාතික අධ්‍යාපනයක් කරමු? (අ)
මහින්ද පැරදීමට හේතු කාරකවූ සාධක කිහිපය අතරින් ප්‍රධානම එක වන්නේ විමල් වීරවංස වැනි ආතක් පාතක් නැති මිනිහෙක්ව දේශපාලන වශයෙන් හුරතල් කරන්න යාමයි. දෙන්නා දෙන්නටම වාසි වෙන විධියට වැඩේ කරගෙන ගියත් දෙන්නාගෙන් එක්කෙනෙකුටවත් අපොස සුදුසු කම් වලින් එහා යන සුදුසු කමක් නොතිබීමත් මහින්දගේ පරාජයට එක හේතුවක් වුනා. මෙයා අලුත් බලවේග හදාගෙන එනකම් බලන් ඉඳියි ජනතාව අගේට. ලජ්ජා නැතිකමත් හිටපු ඇමති ධුර වලට වඩා බලගතු බව ජනතාවට හෙට අනිද්දා තේරුම් යාවි (අ)
දීපාල්, කුට ලේඛන වලටත් ගරු කරනවද. (අ)
අපිත් ශ්‍රී-ලංකා නිදහස් පක්ෂයට ජන්දේ දුන්න අය. ඒ මහින්ද මහත්තයා මේ රටට කරපු සේවය ගැන හිතලා. විමල් මැතිදුනි ඔබතුමා මේ රටේ නායකත්වයට සුදුසු කෙනෙක් ඔය ගමන ඔහොම යන්. ඔබතුමා සමග ශ්‍රී-ලංකා නිදහස් පක්ෂයේ අපි ඉන්නවා. ඔබතුමාට මොන විවේචන කලත් ගනන් ගන්න එපා. ඵල ඇතිරුකටයි ගල් ගහන්නේ. මේ සැරේ ශ්‍රී-ලංකා නිදහස් පක්ෂය සංවත්සරයේදි පෙනෙයි සැබැ තතු. (අ)
මහින්ද මහත්තයාව අමාරුවේ දාල මන්ත්‍රි කමක් අරගෙන දැන් බොරුවට කෑ ගහනවා. මෙයාටත් ඇමති කමක් දෙන්න කතා කලොත් ඔය ඔක්කොම කතා වෙනස් වෙයි පටගාල. අවස්තාවදියෝ.මහින්ද නැතුව ඔයාට චන්ද 1000 වත් ගන්න බැහැ බැහැ බැහැම තමයි.නමුත් එක තේරුම් ගන්න බැරුව ගියේ දැන් කෑ ගහන ඩිලාන් එස් බි. වගේ අයට තමයි. (අ)
මෙතුමා කවදත් කරන්නේ බර වචන දාල කිසි හරයක් නැති අගක් මුලක් නැති ප්‍රකාශ කරන එකයි. මහින්ද මහත්තයා පැරදුනේ යුද්දය විකුණන් කාපු එක මිනිසුන්ට එපා වුණ නිසයි. ඔබලාත් හැදුවේ ඒක පිටින් දාල තමුන් කරපු/කරන වැරදි වහගන්න හදපු එකයි, ඡන්ද ගන්න එකයි. (අ)
වැඩ නිසා නොව කට වාචාල කමට ගොඩ ගිය අය ඊළඟ ඡන්දෙදිවත් තනියෙන් ඉල්ලන්න කොන්දක් තිබුනොත් . 9අ)
මෙයට හිතට අමාරු ඇති අල්ලපු පුටුවේ ඉන්න ගොලයාව ජාතික ලැයිස්තුවට දාගන්න බැරි වුණාට.....(ම)
"ඔවා දෙනු පරහට තමා සම්මතයෙහි පිහිටා සිට", ගෙදරින්ම පටන් ගන්න. උපන් දින දෙකයි, හැදුනුම්පත් දෙකයි, ගමන් බලපත්‍ර දෙකයි. (බ)
ඩෙස්මන්ඩ් ප්‍රනාන්දු වගේ කෙනෙක් ඉස්සර හිටියා බන්දුල පෙරේරා කියල මහින්දට කඩේ ගිය කෙනෙක් දැන් මිනිහගේ නම් කට වැහිලා මට හිතෙන්නේ මේ බන්දුලම වෙන නමකින් කියල. මොකද බන්දුලත් අමුම අමු මෝඩයෙක්. (අ)
එතකොට අවුරුදු දෙකකට කලින් ඡන්දයක් තියලා ඉල්ලන් කෑවෙත් එන්නත නැති නිසාද? (අ)
මෙයා මහින්ද මහත්තයට ප්ලග් එක ගහලනම් ගොඩ ගිහින් ලක්ෂ 3 1/2 ක් අරන් ගොඩ ගියාට මෙයා ඡන්දෙ ඉල්ලන කඩුවෙල අපිනම් මෙයාව දකින්නේවත් නැහැ. කඩුවෙල ඉන්න මෙයාගේ ගෝලයටනම් බාර් ගොඩක් තියෙනවා. මෙයත් එකෙන් සප්පායම් වෙලාද කොහෙද එන්නේ මාධ්‍ය සාකච්ඡා වලට? (බ)
විමල්ට ඡන්දය දුන්න මහත්තුරු ඉන්නකම් විමල්ලා හැදෙන්නේ නැහැ දේශපාලන පාලුවෙක් අනාතයෙක් කියන දේවල් බුද්ධිමත් ජනයා තේරුම් ගන්නවා. මහින්දට උදේ හවස මල්පුජා කරන්න කියලා මම විමල්ට යෝජනා කරනවා. මේ පාරත් ගොඩ දාලා දුන්නට තමනුත් තමන් ගේ හෙන්චයියලාත් තනියම ඡන්දයකට ගිහින් දිනලා රට ගැන කථා කරන්න. අනුන්ගේ පාහනින් එළිය බලලා බෙිගල් ඇදබාලා විහිලු දෙන්න එපා. ජාත්‍යන්තර කුමන්තරන නැතිනමි විමල්ලා ඡන්දය කරලත් ඉවරයි. පුද්ගලික වාසියට කතා කරන්න එපා පොදු දේවල් ගැන කතා කරන්න. (බ)
ඕගොල්ලන්ගේ පාලනේ කෙරුම් අපි පහුගිය දස වසර තුළ දැක්ක ඇතිවෙන්න. දැන් ඉතින් අපිට මේ රජයේ කෙරුම් ගැන බලන්න ඉඩදීලා කරුණ කරලා පැත්තකට වෙලා ඉන්න. දැන් ඕගොල්ලෝ පැරදිලා ඉන්නේ. (බ)