මූල්‍ය වංචා සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද (23) ජනාධිපති කොමිසමට නොපැමිණෙන බව හිටපු ජනපති මාධ්‍ය ප්‍රකාශක රොහාන් වැලිවිට මහතා පවසයි.
හිටපු විධායක ජනපතිවරයකු ලෙස එවැනි ප්‍රකාශ ලබාදීමට මහින්ද රාජපක්ෂ මහතා එම ස්ථානයට නොයන බව ඔහු ප්‍රකාශ කළේය.
විශේෂ ජනාධිපති විමර්ශන කොමිසමේ නිලධාරීන් ඇතැම්විට මහින්ද රාජපක්ෂ මහතාගේ මිරිහානේ නිවසට ගොස් ප්‍රකාශයක් ලබාගැනීමට ඉඩ ඇතැයි කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් නිකම්ම නිකම් මන්ත්‍රී කෙනෙක් විතරයිනේ (බ)
මෙයා දැන්මම බය වෙලා වගේ. එන්නේ නැත්නම් කුදලාගෙන හරි යන්න. (බ)
රටේ ආදර්ශමත් නායකයින්ද මේ ...ඉතින් කොහෙද රටක් හැදෙන්නේ මේ වගේ මිනිස්සු ඉද්දි. නීතිය බලු වලිගෙ කෙලින් කරන්න කොහොමත් බැහැ (බ)
නියම දැක්මක් වගේ (අ)
රජු කිසිවකුට යටත් නෑ ඒත් දෙවියන්ට සහ නීතියට යටත් (බ)
තාමත් නීතිය බලුකරනවා. මෙහෙම රටක්. කවද හරියයිද. (බ)
රටේ පුරවැසියෙකුගෙන් විමසන ප්‍රශ්නවලට පිළිතුරු දීමට ඔහු හෝ ඇය බැඳී නැද්ද ? මෙහෙම බලන විට, කොමිසම අහන ප්‍රශ්න වලට, සාධාරණ සැකයෙන් තොර පිළිතුරු දීමට ඔහුට පුළුවන් කමක් නැති බව සක්සුදක් ලෙස පැහැදිලි වෙනවා. රජය මේ ගැන විමසා බැලිය යුතු වෙනවා, ඉතාම අවධානයෙන් !!!! (බ)
රටේ නීතියට හැමෝම යටත් නැත්ද ?(ම)
මේ දේවල් සිද්ධවෙන්නේ ශ්‍රී ලංකාවේ පමණක් බවයි මගේ අදහස. (ම)
ඔබ දැන් නිකම්ම පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්. බයවෙලා වගේ ? වරදක් කරලා නැත්නම් ගිහින් කට උත්තර දෙන එකනේ තියෙන්නේ. හැංගිලා ඉන්නේ නැතුව. (බ)
මොකද යන්න බැරි එයාට? (නි)
දැනුයි අභිමානය මතක් වෙලා තියෙන්නේ. මන්ත්‍රී විදියට ඉල්ලන්න කුරුණෑගල යනකොට එහෙම එකක් ගෑවිලාවත් තිබුණේ නැහැනේ. (ම)
ඔහුට ගරු කොට, නිවසට ගිහින් ප්‍රකාශයක් ලබා ගැනීම හොද දෙයක් (අ)
විවස්තාවට අනුකූලනම් දැන් ඉතින් වෙන කුමක් කරන්නද ? (ම)
වැදගත් මහත්වරු චෝදනා වලට ඉදිරිපත් වෙලා නිර්දෝෂී වුණාට හොරුන්ගේ ගතිය නීතියට වැලිගහල කට්ටිපැනීම කියන එක මේකෙන් තේරෙනවා.(ම)
අහිංසක ජනතාවගේ මුදල් මේවිදියට කාබාසිනියා කරන කොට අභිමානය කොහෙද දන්නේ නැනේ හැංගිලා තිබුණේ (ම)
නීතිය කාටත් එකයි කියල මන් මෙච්චර කල් හිතාගෙන හිටියේ. (බ)
රනිල් සහ මලික් සමග ඩීල් (බ)
හරි ශෝක්. මෙයා නාස්ති කළේ රටේ ජනයාගේ මුදල්. (බ)