හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සිය නිල රථය වෙනුවෙන් රුපියල් ලක්ෂයක මුදලක් අද ගෙවූ බව හිටපු ජනපති මාධ්‍ය අංශය කියයි.
මැතිවරණය වෙනුවෙන් පාවිච්චි කරන රජයේ වාහන වෙනුවෙන් මුදල් ගෙවිය යුතු බවට වන මැතිවරණ කොමසාරිස්වරයාගේ නියෝග අනුව මීට පෙර අමාත්‍යවරුන් කිහිප දෙනකුම තම නිල වාහන වෙනුවෙන් මුදල් ගෙවනු ලැබූහ.
හිටපු ජනපතිවරයාද ඒ අනුව සිය නිල රථයට අද මුදල් ගෙවීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජීවිතේ පළවෙනි වතාවට වෙන්න ඇති. අර ලංගමටත් ගෙවන්න තියෙන ටිකත් ගෙවලා දාන්න (නි)
කලින් පවුලේ කට්ටියම පාවිච්චි කළ වාහන වලට බිල් ගෙවන්න වුණා නම් ලෝක බැංකුවෙත් සල්ලි මදි වෙයි. (නි)
ජනතාව උපන් දා ඉදලා බදු ගෙවන එකේ ඉඳලා හිටලා මේගොල්ලොත් ගෙව්වට කමක් නැහැ. (නි)
එතකොට මෙයාගේ පරිවාරක වාහන වලට මුදල් ගෙවන්නේ පොලිසියෙන්ද ? ඔය පාවිචිචි කරන සියලුම වාහන රජයේ ඒවා ඒවටත් වහාම මුදල් ගෙවන්න. මොකද මේවා අහිංසක ජනතාවගේ සල්ලි. නැතුව කාගෙවත් අම්ම අප්පාගේ බුදලේ නෙවේ. මැකෝ මේවට නීතිය ක්‍රියාවේ යොදවන්න වසර 10 ජාතික දනය කන්න දීල උඩ බලා උන්නා ඇති (නදී)
මට නම් හිනායනවා! (නි)
රට තුළ එකම විශ්ව විද්‍යාලයක්වත් හදපු නැති මහින්ද දැන් විහිළු සපයනවා. අපි ඕවට රැවටෙන්නේ නැහැ. (නි)
ඔබතුමාගේ අනිත් වාහන වලට කවුද ගෙවන්නේ? අහිංසක අපිද? (නි)
ජයවේවා! (නි)
ඕවා ඉතින් අපේම සල්ලිනේ! (නි)
අද ලංකාවේ ලක්ෂයක් කියන්නේ මොකද්ද? (නි)
එතකොට පසුගිය ජනපතිවරණයට ලංගම බස් අරගෙන ලක්ෂ තුන්සීයක විතර පොල්ලක් තියාපුවා ගෙවන්නේ කවුද? (නි)
ඒ වුණත් ඉතින් ලැජ්ජා නැතිකම හිටපු ජනාධිපතිකමටත් වඩා ලොකුයි කියලා දැන් දැන් ගොඩක් අය කියනවනේ. (නි)
ඔබතුමාට ජයවේවා! (නි)
මේ යහපාලනයේ ප්‍රතිඵලද? මහින්ද චින්තනය/ මහින්ද චින්තනයේ ඉදිරි දැක්මද/ මහින්ද චින්තනයේ ලොවම දිනන මඟද? (නි)
අගමැති, ඇමතිවරු, මන්ත්‍රීවරු ඔක්කොම ගෙවුවට පස්සේ තනි මෙතුමා ගෙවන්න තීරණය කළේ ඇයි? (නි)
කවුරුත් ඒ මනුස්සයට දොස් කිවුවට බලන්න නීතියට අනුව වැඩකරලා තිබෙන හැටි? (නි)
සමහරුන්ට ඉතින් ලක්ෂයක් කියන්නේ කජු ඇට, කොස් ඇට වගේනේ.මොකෝ ඉතින් මෙයා නැති බැරි මනුස්සයෙක්ද? (නි)
අනෙක් අය කළේ නැත්නම් මෙයා කරයි. කොපිකළා නේද? රනිල් ඔයාට වඩා ගොඩක් ඉස්සරහින් ඉන්නේ යහපාලනය අතින්. බලයේ ඉන්නකොට කරපු දුෂණ අපි දැක්කනේ. (නි)
ඔය මොන වාහනයටද ගෙවුවේ? සල්ලි ගෙවුවේ නැති අනෙක් වාහන වලටත් ගෙවන්න. (නි)
මේ වගේ දේවල් එයාට පුරුදු නම් නැතුව ඇති (නි)
එයාගේ ආණ්ඩුව තිබුනා නම් බලාගන්න තිබුනා වියදම් කරන හැටි. දුප්පත් මිනිස්සුන්ගේ බදු සල්ලි (නදී)
මට හිනාවෙලා ,හිනාවෙලා කඳුලුත් එනවා... (නි)
හොඳ වැඩ පුරුදුවෙමු. දැන්වත් හරි දේවල් ඉගෙන ගතයුතුයි. ඔබතුමාට මොළේ පෑදේවා,! හරි දැක්ම ලැබේවා! මේවා ගෝලයින්ටත් උගන්වමු. (නි)
දැන් කොයි බැනා ද දන්නේ නැහැ මේක ගෙවන්න සල්ලි දුන්නේ. බවලත් අය ගොඩක් ඉන්න නිසා රට වටේම බෑනලත් ඉන්නවනේ. (නදී)
මෙයාට මේ සල්ලි ගෙවනකොට මොනවා හිතුනද දන්නෙ නැහැ (නි)
බලය නැති විටලු මොලය ඇති වෙන්නේ ? (නදී)
මහින්ද මැති තුමනි. මොනවා උනත් අපි ඔබ සමග. ඔබ තුමා මේ රටට කරපු සේවයෙන් අබ මල් රේණුවක තරම් වත් සේවයක් නොකරපු මිනිස්සු කයිය ගහනවා. ඔබ තුමා අපේ රට බේරාගත්තා. ඔබට බොහෝම ස්තුතියි (නදී)
බලය තිබුන කාලේ සතපහක් ගෙව්වද? බලය තිබුනා නම් ගෙවනවද? ආයෙත් බලය ලැබුනොත් මේ වියදම් කරන සල්ලි දවසින් හොයනවා... (නි)
අගමැති වුණොත් එහෙම මේ දේවල් වෙනස්වෙයිද? (නි)
අනෙක් සියලුම ඇමතිවරු (පොදු පෙරමුණ) මෙතුමා ආදර්ශයට ගතයුතුයි. දැන් බලන්න කොච්චර හොඳද කියලා. දැන් සල්ලි නැහැ, ගහගැනිලි නැහැ, හැමෝටම සාධාරනයි. (නි)
මේ රජය නීතිය හරියට කරනවා (නදී)
අද පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙකුට පර්මිට් එකක් ලැබෙනවා ලක්ෂ 200 ක වාහනයක් ආනයනය කිරීමට. පාර්ලිමේන්තුවේ 280 ක් ඉන්න නිසා මිලියන 5600 ක බදු මුදල් රජයට අහිමි වෙනවා. හරියට කන්ඩ බොන්ඩ ,ඉස්පිරිතාලවල සි ටි ස්කෑන් නැති රටක මේ වගේ බදු මුදලක් රජයට අහිමි කිරීම කොච්චර වැරදිද? මේ පර්මිට් එක අහෝසි කරන්න කියල අතිගරු ජනාදිපතිතුමාගෙන් අපි මහජනතාව විදිහට ඉල්ලනවා. (නදී)
මහින්ද මහතාගේ වැඩේ ගෝලයින්ට හොඳ පාඩමක්. දැන් කොච්චර ලස්සනද? වෙනදා වගේ නෙමෙයි, අරලියගහ දන්සලත් වහලා. පහුගිය වතාවේ පාවිච්චි කළ වාහන වලත්, ලංගම මුදලුත් ගෙවුවොත් මගේ ඡන්දෙත් දෙනවා. (නි)
මෙතුමා තව එක වරක් පැරදුනොත් වැරදි ගොඩක් නිවරදි කර ගනීවි, තීන්දුව ජනතාව අතේ.(නදී)
මහින්ද මහත්තයා ජීවිතේ පළවෙනි වතාවට වෙන්න ඇති යමක් ගෙව්වේ මහජන දේපල වලට. (නි)
මහින්ද රාජපක්ෂට රුපියල් කෝටියක් කියන්නෙත් "කජු අට" "කොස් අැට" වගේ. (නදී)
හොඳ දැක්මක්. ඉස්සරත් කළා නම් තවත් හොඳ දැක්මක්. (නි)
රට කාල ඉවරවෙලා දැන් ලක්ෂයක් දීල මිනිස්සුන්ව රවටන්න හදනවා. කරුණාකරලා මේවට රැවටෙන්න එපා (නදී)
දම්මික මොනවා කියනවාද කියල මට තේරෙන්නේ නැහැ. දැනට දීල තිබෙන වරප්‍රසාදත් මදි කියලනේ ඔය ඇමතිලා මෛත්‍රිව හැර දාල මහින්ද වටා එකතු වෙන්නේ.(නදී)
පසු ගිය කාලේදී පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව රාජ්‍ය සහ පුද්ගලික බැංකු වලින් ගත්තු නය සහ අද වෙන තුරු නොගෙවපු නය පමණක් රුපියල් කෝටි ලක්ෂ දෙකකට ආසන්නයි කියල වෙන වෙනම සම්පුර්ණ විස්තරයක් ලංකාවේ පුවත් පතක පල වෙලා තිබුනා. රුපියල් කෝටි වලින් ලක්ෂ දෙකක් කියන්නේ කජු ඇටද කොස් ඇටද? (නදී)
මහින්දට ලක්ෂයක් කියන්නේ මහ ගාණක්ද? (නි)
එක නිල රථයද පාවිච්චි කරන්නේ? අනෙක පහුගිය ආණ්ඩුවේ ඡන්ද වැඩවලට යොදාගත් ලංගම බස් රටවලට,හෙලිකොප්ටර් යානාවලට කවුද ගෙවන්නේ. ඒවා ගෙවලද? මිනිස්සු රැවටුන කාලේ ඉවරයි මහින්ද මහත්තයෝ. (නි)
18 වෙනදට ඔයවගේ මිලියන ගණනක් ගන්න පුළුවන්නේ ඉතුරු වාහනත් පෙන්නලා. දැන් නම් හරිම කීකරු පාටයි. ඇඟිල්ල හොඳද දැන්? (නි)
දම්මිකගේ අදහසත් එක්ක 100% ක් එකඟ වෙනවා. මිලියන 5600 ක් කියන්නේ කොච්චර විශාල මුදලක්ද ? හොද අලුත් හයි වේ එකක් හදන්නේ තිබුනා හොරකම් කරන්නේ නැත්තම් (නදී)
කලින් සීටීබී එකට ගෙවීමට නියමිත මුදලද ගෙවා දමන්න, කරුණාකර...... (නි)
කලින් ගෙවුවේ නැත්තේ මොකෝ? (නි)
අයියෝ! එතුමාට ලක්ෂය කියන්නේ මොකකද? (නි)
ඉන්නකම් මහා ලොකුවට ජාතියේ ආඩම්බරකාර තාත්ත කියල බොරු බයිල ගහල රටේ ජනයාගේ සල්ලි දේපොළ හොරකම් කළා. දැන් ලෝකෙට පේන්න අාපහු මාධ්‍ය සංදර්ශන පටන් අරගෙන. මේවා ලෝකේ හින්නස්සන විහිළු. රටේ බහුතරයක් ජනතාව මී හරක් කියල හිතාගෙන ඉන්නව ඇති තාම. කරුණාකරලා දැන්වත් නම්බුව තියාගෙන ගෙදර ගියොත් තමයි හොඳ.(නදී)
අවවාදයට වඩා ආදර්ශය උතුම් (නදී)
ජනාධිපතිතුමනි මන්ත්‍රීවරුන්ට දෙන බලපත්‍ර වහාම අත්හිටුවන්න. රටට ලොකු සේවයක්. (නදී)
මට නම් හිනාවෙලා පණ ගියා (නි)
මෙවර නම් සල්ලි ගෙවලා. ගියවර ඔක්කොම නිකන් නේද? ඵ්ත් බැරිවුණා (නි)