මෙවර මහමැතිවරණයට හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් හිටපු ජනපතිවරුන් දෙදෙනෙකුගේ පුත්තු දෙදෙනෙක් ප්‍රධාන පක්ෂ දෙකෙන් කරට කර සටනට එක්ව සිටිති.
හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ පුත් සජිත් ප්‍රේමදාස, එක්සත් ජාතික පක්ෂයෙන් සහ හිටපු ජනාධිපති පුතු නාමල් රාජපක්ෂ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙනි.
දෙදෙනාම සිය මැතිවරණ ප්‍රචාරක සඳහා හිටපු ජනාධිපතිවරුන්ගේ රුව හා නම් යොදා ගනිති.
සන්ධාන ලැයිස්තුවේ එකම පවුලේ තිදෙනෙක් ද සිටිති . ඒ කණ්ඩායම් නායක හිටපු කථානායක චමල් ජයන්ත රාජපක්ෂ, නිරූපමා දීපිකා රාජපක්ෂ, නාමල් රාජපක්ෂ වේ. ලඟම ඥාතී නොවූවද අජිත් නිශාන්ත රාජපක්ෂ ද සන්ධාන ලැයිස්තුවේ සිටී. හම්බන්තොට නගරාධිපති ව සිටි එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා ද මෙවර හම්බන්තොටින් සන්ධානයෙන් මහ මැතිවරණයට ඉදිරිපත්වී ඇත.
තිස්සමහාරාම ආසනයෙන් වැඩි පිරිසකට එක්සත් ජාතික පක්ෂයෙන් නාම යෝජනා ලබා දී තිබේ. ඒ සජිත් ප්‍රේමදාස, තෙන්නෙකෝන් ගමගේ සෙනාරත්න, ටී. වී ගාමිණී, සමරසිංහ ආරච්චිගේ සුජීවා,සුජිත් මුතුකුමාරණ යන අය වෙති.
ජවිපෙන් ජානිපේට ගිය පසුව එජාපයට ගිය සූරිය වැව හිටපු ප්‍රාදේශිය සභාපති සුජිත් මුතුකුමාරණ ද මෙවර එ. ජ. පයෙන් මහ මැතිවරණයට ඉදිරිපත්වී සිටී.
මහත් ආන්දෝලනයට ලක් වූ දකුණු පළාත් සභාවේ ඇමති වරයකු වූ ඩී. වී උපුල් මහතාගේ පුත් ඩී. වී චානක දිනුෂා ද මෙවර සන්ධානයෙන් නාම යෝජනා ලබා දී ඇත. ඒ අතර තිස්ස මහාරාම ප්‍රාදේශීය සභාවේ සභාපති හර්ෂ ජයවීර ට ද සන්ධානයෙන් නාම යෝජනා ලැබී තිබේ.
එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පසුගිය රජයේ ඇමැතිවරයකු වන මහින්ද අමරවීරට සන්ධාන ලැයිස්තුවේ දෙවැනියාට නම් කර තිබුණි.
එක්සත් ජාතික පක්ෂය සහ සන්ධානය නම් කර ඇති ප්‍රබල චරිත හමුවේ මෙවර මහ මැතිවරණයේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ දේශපාලන පොර පිටියේ දැඩි උණුසුම්කාරී වතාවරණයක් පක්ෂ තුළ මෙන්ම පක්ෂ අතරත් ඇතිවි හැකි බව බොහෝ දෙනාගේ මතය වී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රුවන්, ඔය කව්රුත් එකයි. ඇත්ත දැන් සජිත් රටට වැඩක් කරනවා. හැබැයි ඔහුට දැන් වයස 48 ක්. ඔහුගේ පියා නැතිවී වසර 24ක්. නාමල්ට වයස 29යි. තාම මුහුකුරා ගිය පුද්ගලයෙක් නෙවෙයි. සජිත් තරුණ කාලේ ප්‍රේමදාස මහත්තය හිටපු කාලේ කරපු දේවල් ඔයා දන්නේ නැතුව ඇති.(නදී)
රාජපක්ෂ රෙජිමයට දෙවියන්ගේම පිහිටයි. තාමත් ලංකාව දිහා දෙවියෝ බැල්ම හෙලනවා කියල චමල් කියපු කතාව හරි. මේ පාරත් ඔය ටිකම තමයි. (නදී)
නැව් නොඑන වරාය , ගුවන් යානා නොඑන මත්තල ගුවන් තොටුපල ,ක්‍රිකට් නොගහන සුරියවැව ක්‍රිකට් ක්‍රීඩාංගණය, කිසිදු සම්මන්ත්‍රණයක් නැති මාගම්පුර සම්මන්ත්‍රණ ශාලාව,චිත්‍රපටයක් තියා වේදිකා නාට්‍යක්වත් නොහදන රන්මිණිතැන්න කලාගම ...මේවා දැක්කම හම්බන්තොට ජනතාවට ඡන්දෙ දෙන්න හිතෙනවද රාජපක්ෂලාට...ඒ වගේම නායක කමට කෑදර කමින් රනිල්ට වල කපන්න කියිවාරු ගැසූ මහින්දලාගේ හිතවතා සජීත් ප්‍රේමදාස....ඒ කෙසේ වෙතත් ජවිපෙ උපන්බිම වන මාගමේ පිඩිත ජනතාව මෙවර වෙන කවදාටත් වඩා උනන්දු වෙන්නේ නියෝජිතයන් වැඩි පිරිසක් ජවිපෙන් පත් කර යැවීමට බවනම් විශ්වාසයි...බොරු සංදර්ශන, බඩු බෙදීම් මේ පාරනම් අමාරුයි.. (ස).
පෙට්රල්, ඩීසල් ඇතුළු අත්‍යවශ්‍ය බඩු වලින් සහ ගහන බදූ ගහල තාත්තල පුතාල බාප්පල ලෝකේ පූරා බැංකු පිරෙව්වා, මාලිගා හැදුවා. ආයෙත් පවුල් පාලනයකට රට පත් කරනවද ජනතාවට සහන දෙන යහපාලනයකට සහය දෙනවද ? හම්බන්තොට පැත්ත වනසල නැව් එන්නේ නැති වරායවල් හැදුවා, ගුවන් යානා එන්නේ නැති තොටුපොළවල් හැදුවා. ගුවන් යානා වල වැදිලා මොනරු මැරුණා රාජපක්ෂ රෙජීමෙට දැන් කතරගම දෙවියන්ගේ සාපේ වැදිලා තියෙන්නේ මොනරු මරණ කොට. (නදී)
මහින්ද හම්බන්තොට ආසනයෙන් මැතිවරණයට එන්න බය උනා. කරපු පිල්ලි ගැහිලි ගැන, වංචා ගැන දේශපාලන වේදිකා මතින් හෙළිවනවිට, 2015 ජනවාරි 08 වැනිදා ලැබුන පරාජයට වඩාත් දරුණු පරාජයක් නියත බව මහින්දට පෙනුන නිසා තමයි පැනලා ගියේ.(නදී)
සජිත් නුබට ජය නියතයි (නදී)
කල්පනී, ලංකාවේ යුද්දයක් තිබුන කියලවත් මතකද ? (නදී)
ඡන්දෙ ඉවර වෙන කොට කී දෙනෙක් මරා ගනීද දන්නේ නැහැ.පව් හාල් මැස්සෝ ටික මැරිලා යයි, තෝරු මෝරු ටික බේරිලා. (බ)
අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)
සෙල්ලං පිස්තෝල ලකුණ දිනවීම මාතර බුද්ධිමත් මෙම පක්ෂයට ඡන්දය දෙන ජනතාවට බාර දෙමු. තම තමන් ඡන්දය දෙන පක්ෂයේ සිටින දූෂිතයන්ට ඡන්දය නොදීමට සියලු දෙනා වගකීමෙන් සිතට ගමු. (ස)
හම්බන්තොට විතරද දැන් කුරුණෑගලත් හබස් (බ)
යසපාල, තෝරු මෝරු ගැන නොදන්නා හාල්මැස්සන් ගැනත්, දෙන දෙයක් ලෙවකාලා කඩේයන හාල්මැස්සන් ගැනත් පව් කියනවා හැර වෙන මොනවා කියන්නද නේද? (බ)
ලම්බෝ ගිලපු, හෙලිකොප්ටර් පැදපු කහමලින් නාපු බබාලත් බලකායෙන් ඉල්ලනවද ? (නදී)
මම හිතන්න සජිත් එක්ක ලඟින්වත් තියන්න පුලුවන්ද නාමල්. සජිත් කියන්නේ රටට වැඩක් කරපු නමන්ගේ මහන්සියෙන් රටට වැඩක් කරලා නමක් හදාගත්ත හොද අනාගතයක් තියන අපේ මීලග ජනාදිපති වන නායකයෙක්. එ්ත් නාමල් මොනවද මේ රටට කරලා තියන්නේ. ඉතින් එයත් එක්ක මොන තරඟයක්ද ? අපේ සජිත් අනාගත නායකයට ජයවේවා (නදී)
හම්බන්තොට සියලුම ආසන නිදහස් සන්ධානය දිනන බවයි මට හිතෙන්නේ (නි)
මහින්ද නැති හම්බන්තොට පැණි නැති කිරි වාගේ . ඉපදුන ගම රට දාල ගිහින් වෙන ගමක කිව්වම දුක හිතුනා (හේ)
අපි නම් කෙලින්ම සජිත්ට.(බ)
මහින්ද නැති හම්බන්තොට නිලමැස්සෝ නැති ලංකා හෝටලයක් වගේ! (බ)
කල්පනී ඔය ලියපු දේ මිට කලිනුත් අපි ඒ විදියටම වෙන අයගෙන් කියවල තියෙනවා . කොලේ බලාගෙන ලියන්නේ නැතුව අලුත් දෙයක් ලියන්න. (බ)
මේ දිනවල රටේ යහපාලනයක් ඇතිවෙලා තියෙන බව පැහැදිලිවම පේන්න තියෙනවා . නීතිය විනිසුරන්ට විරුද්ධවත් ක්‍රියාත්මක වෙනවා. මැතිවරණ නීති ක්‍රියාත්මක කරන්න පොලිසියට ඉඩදීලා තියෙනවා .මේ ඇතිවෙලා තියෙන වෙනස දිගටම පවත්වාගෙන යාම සඳහා ජනතාව එජාපෙ ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණට ඉතා ඉහල ජයග්‍රහණයක් ලබා දෙන බව පැහැදිලිවම පෙනෙනවා . අපේක්ෂක ලැයිස්තු දිහා බැලුවමත් සන්ධානයේ දුශිතයෝ , හොරු , කුඩු ජාවරම්කරයින්ගෙන් පිරිලා . ඉතින් පැහැදිලිවම එක්සත් ජාතික පෙරමුණට උසස් ජයක් ලැබෙන එක තමයි පේන්න තියෙන සත්‍ය .(හේ)