කුරණෑගල දිස්ත්‍රික්කයේ සන්ධාන කණ්ඩායම් නායකයා මහින්ද රාජපක්ෂ බවත්, තමා දෙවැනි යා බවත් ඔහු වෙනුවෙන් නාමයෝජනා අද බාර දෙන බවත් ශ්‍රීලනිප මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මහතා කුරුණෑගල කච්චේරියේ දී ලංකාදීප එසැණ සමඟ පැවසීය.
‘රාජපක්ෂ මහතා අද එන්නේ නෑ. ඔහු වෙනුවෙන් මම නාමයෝජනා බාර දෙනවා.‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගම්පහ ඡන්ද දායකයෝ පබාල වගේ අයට දුන්න වගේ තියෙයි මෙදා වයඹත්. (බ)
කාලගුණ දත් ජනතාව වාර්තාවක් තබමින් මහින්ද මයා කුරුණෑගලින් පර්ලිමන්තුවට යවනවා ඉස්තීරයි. (ස)
ජනතාවට මූණ දෙන්න බැහැ වගේ කියල හිතෙන වා ඇති....රජකම් කලත් කල පව් පළදෙනවා කියල අපි අහල තියෙන වා. (ස) .
වයඹට සත පහක වැඩක් නොකරපු කෙනෙක් දෙවෙනි නායකයා කියනවා. තෙල් මිල අඩු කරන්න පුලුවන් කම තිබියදී අඩු නොකර හොරා කෑවා. මෙයාලට මෙදා වයඹින් කෙසේ වෙතත් ගෙදර ගැනිවත් ඡන්දෙ දෙයිද දන්නේ නැහැ. (ස)
එහෙනම් ඉතින් රනිල්ට දෙවියන්ගේම පිහිටයි (ම)
බළලුන් ලවා කොස් ඇට බාවන එක නොවේ පුදුමේ කොස් ඇට බාගත්ම බලලුන් එලවලා හතර වරිගේ ළංකරගන්න බව දැන දැන බළලුන් එ්කම කරන එකනේ (බ)
ලැජ්ජානැතිකම...කවුද මහින්දව නායකයා කළේ...බලාගෙන ඉන්න එයා කුරුණෑගලින් කනවා නියම පරිප්පුවක්....(බ)
ඉතිහාසයේ අපේක්ෂකයෙකු ලබාගන්නා වැඩිම මනාප ප්‍රමාණය මහින්ද රාජපක්ෂ ජනපතිතුමා ගන්නවා.(ම)
සියාතු, විජිත් වැඩි දෙයක් තේරෙන්නේම නැද්ද? ඔයගොල්ලෝ වගේ කවදාවත් ඒ පක්ෂයට ඡන්දය නොදෙන මිනිස්සු නෙමෙයි අපි. ඒ පක්ෂයට ඡන්දෙ දෙන ඔක්කොම මහින්දට මනාපයක් දෙයි. (නි)
තෙල්මිල අඩුකලේ ලෝක වෙලද පොලයි. දැන් ටික ටික ආයෙත් මිල නගිනවා. ලංකාවේ විතරක් නොවෙයි. (ර)
අපි කවදත් මහින්දට තමයි (නි)
ඇයි දන්නෙ නැහැ ආවේ නැත්තේ? (නි)
ඔහොම හැංගි හැංගි කොහොමද දේශපාලනය කරන්නේ? (නි)
අපේ රටේ ඉන්න සමහරු කල ගුණ සලකන්න දන්නේ නැ . මහින්ද නිසා තමයි අද අපි බය නැතිව ගමනක් බිමනක් යන්නේ. ඉස්සර කොයි වෙලාවේ බෝම්බ පිපිරෙයිද දන්නේ නැතිව හිටියේ. අද ඔය විරුද්ධව කතා කරන අය ගොඩකට රස්සා හම්බුනේ, මොටෝර් බයිසිකලයක්, වාහනයක් ගත්තේ මහින්දට පිං සිද්ධ වෙන්න. (ර)
මහින්ද නැකත් බලලාම කරලියට බහිවි කොහොමත් රටට වඩා නැකතට මුල් තැන නේ (ම)
මහින්ද අවසන් (බ)
අපි මෙයාගෙන් වැඩක් ගත්ත ජනතාව ඊට හොඳට සැලකුවා. දැන් ගෙදෙරට වෙලා ඉන්නේ නැතුව ආයේ එනවා,රටේ ජනගහනය මිලියන 22,පාර්ලිමේන්තුවේ 225, වෙන නායකයෙක් හොයාගන්න නැද්ද අප්පා ? කුරුණෑගල ජනතාවනි අලුත් පරපුරට,යහ පාලනයට ඔබගේ ඡන්දය දෙන්න. (බ)
කුරුණෑගල තරුණයන්ට ලැබුණු රැකියා දහස් ගණනක් දකුණේ නුසුදුස්සන්ට දුන්නු කෙනා දැන් ලජ්ජා නැතිව කුරුණෑගලින් ඉල්ලනවා (බ)
වයඹ ජනතාව, හොඳ බුද්ධිමත් , නිර්භිත පිරිසක්. (ම)
බාරදෙන කෙනා නොව ජනමතය වැදගත් (ම)