සාටකය බිම එළා ඔළුවෙන් හිටගත්තත් හිටපු ජනාධිපතිට අගමැති වන්නට නොහැකි බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (24) හතරලියද්දේදී පැවසීය.
පක්ෂයේ නායකයාත් ඔහුට සහය නොදෙන කල ජනතාව ගැන කතා කරනුයේ කුමටදැයි විමසූ අගමැතිවරයා රාජපක්ෂ දුවන්නේ දිනන්නට බැරි රේස් එකක් බැවින් ඔහුට ඡන්දය දීමෙන් පලක් නැති බව ජනතාව අවබෝධ කරගෙන සිටින බව ද කීවේය.
ඔහු මැතිවරණ රැලිගානේ ගොස් රස්තියාදු වනවාට වඩා ගෙදර සිටියා නම් හොඳ බව ද වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ටික එයාලගේ මූණටම කිවුවා නම් නේද හොඳ? (නි)
29 වතාවක්ම පළපුරුද්ද තිබෙනවානේ. ඒක නිසා ඔබතුමාගේ වචනය නිකම්ම අහක දමන්නත් බැහැ. (නි)
සත්‍යයා, මෛත්‍රී මහතා ගැන ඔබේ අදහස අගය කරමි. නිවැරදි දේ හඳුනා ගැනීමට වඩා පක්ෂග්‍රාහීව කටයුතු කිරීමක් අද ජනතාව අතර දකින්නට තිබීම ගැන කණගාටු වෙමු. දවසේ වාසිය, දවසේ පැවැත්ම ජනතාවගේ මනසින් තුරන් කර ගැනීම රටේ අනාගතයේ යහපතයි. (ස)
අනුන්ට කෑගහන්නේ නැතුව දැන්වත් ඡන්දයක් දිනන්න බලන්නකෝ. (නි)
ඉමල්කා, 29 පාරක් ඡන්දෙ ඉල්ලුවේ කවුද? රේස් එකෙන් කවුරු දිනුවත් නැතත් සමහරුන්ගේ නම් මල්ල කරේ. (නි)
අනුන්ව විවේචනය කරනවට වඩා හොඳයි බැරිවෙලාවත් ඔබ දිනුවොත් ඔබ ජනතාවට සිදුකරන සේවාවන් සහ ඒවා සිදුකරන විදිහ ජනතාවට පැහැදිලි කළා නම්. (නි)
මෙවර මහා මැතිවරණය අපට හැඟෙන අන්දමට තුන්කොන් තරඟයක්. එක පැත්තකින් පැරදුනත් පරාජය බාරගන්න අකමැති හිටපු ජනාධිපති කෙනෙක්, තව කෙනෙක් ජනාධිපති වෙන්න දශක ගණනක සිට සිහින දකින්නෙක්. තුන්වැන්නා බලයක් තිබුනත් බලය පාවිච්චි කරන්න නොහැකිව අසරණ වී සිටින්නෙක්. නායකයෝ කියා කියාගත්තත් ජනතාව අපේක්ෂා කරන නායකත්ව ගුණාංග මේ කාටවත් නැති බවයි දැන් සිදුවන දේවල් වලින් ගම්‍ය වන්නේ.අඩුපාඩු හදා ගන්න පුළුවන් නම් මෛත්‍රී මහතා මේ තිදෙනාගෙන් වඩාත් ජනහදට ළංවිය හැකි පුද්ගලයා ලෙස සළකන්න පුළුවන්. (නි)
මහින්දට මේ පාර කොහේ නතර වෙන්න වෙයිද මන්දා? (නි)
කොච්චර කාලයක්, මන්ත්‍රීකම්, ඇමතිකම්, අගමැතිකම් කළාද. එ්ත් රටට ජාතියට මෙන්න කියල කරපු එකම එක දෙයක් කියනවද ? (නදී)
බොරු පොරොන්දු දෙන කවුරුත් අගෝස්තු 17 වෙනිදට පස්සේ ගෙදර. (නි)
මහින්දට ඉටුකර ගන්න බැරිවූ ඉලක්ක සුපුරා ගන්න දැඟලූ නිසයි තව අවුරුදු දෙකකට රජවෙන්න ඇවිල්ලා ඉල්ලගෙන කාලා ගෙදර යන්න වුණේ. මේ වෙහෙසෙන්නේ එම ව්‍යායාමය සාර්ථක කරගන්නයි.ඔහුගේ අදහස මේ කපේදී ඉටුවෙන්නේ නැහැ (නි)
මහින්ද නම් පැරදුනත් මොකද? ඔය කියන මහත්වරු කීපාරක් පැරදුනාද? (නි)
මෙයාගේ එක පොරොන්දුවක් තමා පොකුරු ගම්මාන ඇති කිරීම..ඉස්සෙල්ල පොකුරු පාසල් ඇති කරලා පොඩි ඉස්කෝල වැහුවා ..මේකත් ඒ වගේ බයිලා එකක් තමා ..පැරදෙන බව දැනිල මිනිහා මරු කියනවා . (ස)
මහින්ද මේ ගමන කිච වෙලයි නතර වෙන්නේ. ලැජ්ජයිනේ (නදී)
හොඳටම අනාගෙන වගේ (නදී)
රේස් දුවන්න ඔයතරම් දක්ෂ නම් මොකෝ ජනපතිවරණයට දිවුවේ නැත්තේ? (නි)
රනිල් මහත්තයා 30 වෙනි වතාවට පරදිනවා තමයි (නදී)
මේ අගමැති ජනවාරි 8 ලබාගත්තේ අල්ලසක් ලෙස මිස මැතිවරණයකින් නොවෙන බව නොතේරෙන්නේ ඇයි. ඡන්ද ගණනාවක්ම පැරදුනු රනිල් බළලුන් ලවා කොස් ඇට බාවා ගැනීමක් කල බව නොදන්නේද? එහෙව් රනිල් බලය ලබා ගැනීමට ඕනෑම ක්‍රියා පිළිවෙත් අනුගමනය කරන බව රටට ආදරය කරන ජනතාව හොඳින් දන්නවා. (ස)
මගෙ නම් ප්‍රශ්නේ තියෙන්නේ මේ තරම් ෂුවර් නම් මොකද ජනාධිපතිවරනේදී බළල්ලු ලවා කොස් අැට බාවා ගත්තේ ? ඔය කියන විදියට එදා ඉදිරිපත් උනානම් අද ජනාධිපති මෙතුමනේ. (නදී)
තණ්හාය ජායති සෝකෝ. මහින්දට මේවා තේරෙනවා එත් තණ්හාව එයට වැඩ ලොකුයි (අ)
සාටකය ගැන කතාකරන්න පෙර , මෙතුමා ලංකාවේ සංස්කෘතිය ගැන පාඨමාලාවක් හැදෑරුවනම් හොඳයි. නමුත් ඇමෙරිකන් පාඨමාලා ඔහුට හොඳින් හැදෑරිය හැකිය. (ස)
මහින්ද මෙ පමණ අපකීර්තියට පත් වෙනකොට. අනිත් අය නිදිද . බේබදු මිනිසුන්ටත් වරද වටහල දෙනවා ඇයි මහින්දට වැටහ දෙන්න බැරි (අ)
හරියට හරි අවංක ජනනයකයණනි (අ)
මෙතෙක් කල් පට්ට ගැසූ අර විපක්ෂයේ අර කියන දූෂිත කට්ටිය කර උඩ තියන් මේන් මෙයා රට වටේ දුවනවා! (ස)
රටටම එපාවෙච්ච එලවල දාපු කෙනා වයඹට මක්කටෙයි? (ස)
පක්ෂේ නායකයට වෙලා තියෙන්නේ අර මොනවද කැව මිනිහට වෙච්ච දේ (අ)
බලමු රනිල් මත්තයෝ කවුද බලමු 17 වෙනිදට පස්සේ ගෙදර යන්නේ කියල ඔබතුමාට මේ පාර විපක්ෂ නායක කමත් නැතිවෙනවා (අ)
මහින්ද මෙදා පාර හොදට ඉල්ලගෙන කනවා .(අ)
රනිල්ම එයාගේ ප්‍රශ්නයට උත්තර දීගත්තා. ඔව් මහත්තයෝ ඔයා ගෙදරට වෙලා ඉන්න. වැඩක් වෙන්න නැහැ. 29 පාරටත් පරදයි ඔයා(අ)
මහින්ද ගැන මෙයට තියෙන කැක්කුම . බයටද කොහෙද කියන දේවල්. (අ)
දැන් බලන්න මේ ගොල්ලෝ සේරමලා බනින්නේ මහින්ද මහත්තයට. එ්කෙන්ම පේනවා මේ ගොල්ලෝ කොයාතරම් බය වෙලාද ඉන්නේ කියලා. තොල් රතු කට්ටිය බලන් ඉන්නේ ඔබතුමා 29 වෙනි පාරටත් පැරදිලා ගෙදරට එනකන්.(නදී)
නැවත රටට පන දෙන්න මහින්දට බලය දෙන්න බැදුම් කර හොරු පන්නමු (නදී)
ඒක මහින්ද මහත්තයා කරගනියි ගාණට. අපි නම් කෙලෙහි ගුණ හොඳට දන්නා මිනිස්සු කුරුණෑගල. (නදී)
ඔබතුමානම් ඔලුවෙන් හිටගෙන බව පෙනෙනවා , මොකද හෙළුව ජනතාවට පෙනෙන නිසා ! (ස)
මෙය කතා කරන්නේ ඔලුවෙන් හිටගෙන වගේ. 47 අවමයෙන් 113 බවට පත් කරන හැටි පෙන්වන්න. (අ)
කවුරු දින්නත් පැරදුනත් මෙතුමාට නම් තව අවුරුදු 30 ක් වෙනතුරු ජයයි. මොකද මහා බැංකු ගිගා මංකොල්ලේ අවු 30 ක් වෙනකල් යනවා නේ. බෙරවාරි 27 සිට ජුලි 2 තුරු රටේ මහා ජන සල්ලි කෝටි 5920. කොහොමද අවු 5 බලය දුන්නොත්. අර ලොකු මැඩම් එංග්ලන්ඩ් යනවා වගේ මෙයා සිංගප්පුර් පදිංචියට යයි. අපි කොහේ යන්නද ? අනුන් මංකොල්ලේ කාපු ඒවා ගෙවා ගෙවා අපේම රටේ අනාතයෝ වගේ ඉදිමු. කොහොමත් සිංගප්පුර් අපේ කස්ටිය හොදට ගියා නේ පහු ගිය කාලේ.(නදී)
වින්සන්ට් මහතාණනි, මා දැරූ අදහස ධනාත්මකව අගය කිරීම ගැන ස්තුතියි. ඔබ වැනි මධ්‍යස්ථ අදහස් දරන අය මෙහි නිතර ලියනවා නම් මේ පුවත්පත අපහට ලබා දී ඇති ඉඩ ප්‍රස්තාවෙන් උපරිම ප්‍රයෝජන ගතහැකියි. (නි)
හරි සියලුම සිංහල විරෝදින් සහ දූෂණ විරෝදින් එකතු කරගෙන ඔබතුමාලා දුවන්නේ දිනන රේස් එකක්. හිටපු ජනපති තුමා දුවන්නේ බැරි රේස් එකක්. දෙගොල්ලන්ගේම කෙරුවාව නිසා හරියටම බැරිවෙන්නේ සිංහලයාට. මමත් රැකියාව කරන කාලයේ කොන්ත්‍රාත් කරුවන්ගේ බිල්පත් වලින් ගසා කා දානපතියෙක් ඌවා නම් මෙහෙම අන්තර්ජාලයෙන් කියන්නේ නැහැ. ඔබතුමාලගේ මුහුණටම කියනවා. (නදී)
රනිල් මහත්තය කැමැත්තෙන් මහින්ද මහත්තයට පාලනේ බාරදුන්නත් වැඩක් නැහැ අර තිස් අවුරුදු යුද්ධය පස්සෙන් හිටපු අදිසි බලවේග නැවතත් වතාවක් ලංකාවේ තවත් ප්‍රභාකරන් කෙනෙක් බිහිකරලා එයට ආණ්ඩුව කරගෙන යන්න දෙන්නේ නැහැ. ඔය චිනේ වගේ කල දුටු කල වල ඉහගන්න බලාගෙන ඉන්න රටවල් වලින් නයට අරගෙන ටික කාලයක් කරගෙන ගියත් අන්තිමට වෙන්නේ නය බරෙන් මිරිකිලා ජනතාවට ආණ්ඩුව එපා වෙන එකයි. (අ)
රනිල් මැතිතුමනි ඔබ මහින්ද මහතාට අභියෝග නොකරන්න මන්ද පසුගිය ජනාධිපති වරණයේදී ඔබතුමා ඉදිරිපත් උනානම් ඔබතුමාට හිමි වන තැන ඔබතුමාටම හිතා ගත හැකියි. (නදී)
රනිල් මහතයෝ කට පරිස්සම් කරගන්න ඔයා කරන්ඩ යනදේ කියන්න අනුනට අපාස කරන්න එපා (අ)
අනන් මනං කතා නොකිය දෙන්න හැන්ඩ් ෆයිට් එකක් දාල අපිට පෙන්වන්න . (අ)
දීපාල් ඔබ හරි. දන්නේ නැද්ද කරපුවා. මහ බැංකුවේ මිලියන් ගානට දුන්න වැඩේ. ඡන්දෙට නගරෙට, ගමට ගිහිල්ල දෙන පොරොන්දු, එයා ආපුගමන් සුරපුරක්. අසරණ මිනිසුන්ට සුරඟන කතා. ඇයි ලක්ෂ 10 කට දෙන රැකියා. පඩි එයාගේ බැංකු පොතෙන් වෙන්න ඇති. මේ රටේ මෝඩයෝ ඉන්නකම් හොඳයි (නදී)
බලය ලබාගන්න කවුරු වුණත් රට, ජාතිය පාවාදෙනවා නම් ඒක වැරදිියි (නි)
29 පාරක් පැරදිලත් තවත් ලජ්ජා නැහැ. ඒවා කොහෙද මේ පාර. (අ)
පක්ෂ නායකය කට අරින්නේ කොහොමද එයාගේ කට බැදලා තියෙන්නේ එය ඔහෙලට කාලගුණ සලකනවා ඩබල් ප්රෝමොෂන් ගහල ජනාධිපති වූ නිසා (අ)
මහින්දව දේශපාලනයෙන් පන්නා දමමු. (නි)
කටවුට් මහින්ද මේ සැරේ නොකවුට් (නි)
පැරදීම ගැන ඔබතුමා තබපු වාර්තාව නම් නොබිදේවී නේද ? (නදී)
රනිල් අගමැති. කවදත් අප ඔබ සමඟයි. මහින්ද දඟලන්නේ මහජනතාව වෙනුවෙන් නොවන බව සැවොම දන්නවා. (නි)
මහින්ද පරාජය කර මේ මාස 6ට අපේ රට සහ අපි කොයිතරම් පරාද වුණාද කියලා පහුගිය මැච් එක දවසේ දැක්කා. (නි)
ඔය කියන විදියට එදා ඉදිරිපත් වුණා නම් අද ජනාධිපති මෙතුමනේ.එහෙනම් මේ විදියට කියවන්න වෙන්නේ නැහැනේ. (නි)
සමහරු රැස්වීමක් ගානේ කට අරින විලාශයට පෙනෙනවා පුදුම මහින්දට බිය රෝගයකින් පෙළෙන බව (නි)
ඔය කිව්ව එකේ අනිත් පැත්ත ජය මහින්දට සහතිකයි (නදී)
රනිල් ඔබ හරියටම හරි ඔබට ජය ! (නදී)
ඔච්චර විශ්වාසයක් තියෙනවා නම් මහින්ද පරදිනවා කියලා ඇයි මහින්දට ඡන්දේ දෙන්න එපා කියාලා ජනතාවගෙන් ඉල්ලන්නේ. හිත යට බය තියෙන නිසානේ මහත්තයෝ. (නදී)
ජනවාරි 8 වෙනිදා ඉඳලා, එයා දුවන ඔක්කොම රේස් පරාදවෙනවා. (නි)
30 වෙනි පාරටත් පැරදෙන ඔබ එහෙනම් වාර්තාවක් තියන්නය් ලෑස්ති වෙන්නේ. (ස)
රනිල් වික්‍රමසිංහ දුෂණ හා වංචා වලට සම්බන්ද නැති බව පිළිගත් මතයකි , නමුත් මහා බැංකු වංචාව නිසා රටට සිදු වූ පාඩුව හා හොරු ආරක්ෂා කිරීම නිසා , එතුමා ගැන විශ්වාසය සමස්ත ජනතාව අතර පලුදු වී ඇත. පසුගිය ජන 8 වෙනිදා හංසයාට කතිරය ගසා වෙනසක් පතපු අය අතර අපේක්ෂා කරපු ප්‍රතිලාබ ජනතාවට නොදුන් නිසා හා මහා බැංකු වංචාව නිසා මා ඇතුළු මගේ පවුලේ වල උදවිය මෙවර ඡන්දය දීමෙන් වලකන්න තීරණය කලෙමි . මා දන්නා ගොඩක් අයද විශාල වශයෙන් කලකිරි ඇත. (ස)
එතුමා ඉඳිද්දී ඔබතුමා හිටිය විදිය මේ රටේ මිනිසුන්ට අමතක නෑ. හිටුපු ජනපති ඔබට මඩ ගැහුවේ නෑ. 17 වෙනිදාට ජනතාවගේ තීරණය දැනටම අරගෙන තියෙන්නේ. (ස)
රනිල් මහතා නීති විද්‍යාලයට ගියේ විභාග පාස්වෙලා. නැතුව වරප්‍රසාදයකින් නොවෙයි. ඔහු 1977 සිට අද දක්වා පාර්ලිමේන්තුව නියෝජනය කරනවා .ඔහු 29 වරක් පරාද වුණා කියන්නේ කියන්නන් වාලේ කීමක් බව සියල්ලෝම දනිති. (නි)
ඒක මහින්ද කරගනියි ගාණට (නි)
දැනට මහා බැංකු මංකොල්ලේ පාඩුව කෝටි 6480 කියන එකත් ඔලුවෙන් හිටගෙන කරන කතාවක් පමණක්ද? (ස)
මහින්ද පරදිනවා නම්, මොකද එතුමාටම මේ සියලු දෙනා පහර දෙන්නේ? එතුමා දිනන බව මෙයාලා දන්නවා. එමනිසා මෙයාලා සියලුදෙනා හදන්නේ නැවතත් මොනවාහරි බොරු කියලා ඡන්දදායකයන්ගේ ඔලු සුද්ද කරන්න. ඒත් මේ පාර ඔය බොරු කතා හරියන්නේ නැහැ (නි)
ඇත්තටම මහින්ද දිනනවට ජනතාව බයයි. මේ වෙලාවේ එයා පරද්දන එක කාගේත් වගකීම. (නි)
තමන්ගේම ආත්ම වර්ණනාව පමණක් කරන, කරන්න බැරි කතාම කියන ඔබතුමා පළමුව ඔය වැරදි හදාගන්නකෝ (නි)
වාර්තා බිඳදමනවා 29 වරටත්... අනිවාර්යයෙන් මහින්දට ජය ලැබෙනවා (නි)
ඔබතුමාද මේ රේස් ගැන කතාකරන්නේ? (නි)
මහින්ද කොහොම දිව්වත් අන්තිමේ සුසුම් ලන්නයි වෙන්නේ. ජනවාරි 8 වෙනිදා නැගපු රේල්ල තාම බලවත් (නදී)
මෙදා පාර නවතින්නේ මැදමුලන සමිතියේ සභාපති වෙලා (නදී)
මේ බයට කියවෙන කතා. තේරෙන්නේ නැද්ද? ඔහොම තමයි මහත්තයෝ මොනවා කරන්නද. අනික ඉතින් ඔබ තුමාට මේවා අලුත් දේවල් නෙමෙයි. (නදී)
දැන් කිසි කෙනෙක් කිසි දෙයක් කියව, කියව ඉඳල වැඩක් නැහැ. ඡන්දෙ දාට පහුවදාට බලමු. එතකන් කවුරුත් හිතන්නේ මම දිනනවා කියල.(නදී)
මේ බයට කියවෙන කතා. තේරෙන්නේ නැද්ද? ඔහොම තමයි මහත්තයෝ මොනවා කරන්නද. අනික ඉතින් ඔබ තුමාට මේවා අලුත් දේවල් නෙමෙයි.(නදී)
මෙතුමා රේස් එක කා ගත්තේ මහබැංකු අධිපති නිසාය. දේශපාලකයන් බොරු වෙන්දේසි කරන රේස් එක අද ජනතාව බලමින් සිටි. අවුරුදු 67 ක් බලපු රේස් අපිට දැන් තිත්ත වී ඇත. ජනතාවගේ තෙල් වලින් කුසලාන ලබන්නෝ සැමදා වාසනාවන්තයෝය.(නදී)
පක්ෂ නායකයා සහය නොදුන්නට රටේ ජනතාව මහින්ද මහතාට සහය දක්වනවා (නදී)
ප්‍රභාකරන් තව අවුරුද්දක් හිටියා නම් බලාගන්න තිබුණා කවුරු කවුරුත් රේස් දුවන හැටි (නි)
දුවන්න බැරි කෙනා දුවලා දිනලා පෙන්නූ කෙනාට කරන විහිලුවක්ද මේක? (නි)