IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


මහින්ද ජනපති කොමිසමට එයි

ජනපතිවරණය සමයේ ස්වාධීන රූපවාහිනියේ වෙළඳ දැන්වීම් ප්‍රචාරයේදී මූල්‍යමය පාඩු කළැයි කියන සිද්ධීයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද (29) පෙරවරුවේ බරපතල වංචා හා දූෂණ විමර්ශන ජනපති කොමිසමට පැමිණියේය.

අගමැතිවරයා මාධ්‍ය වේදීන් සම්බන්ධයෙන් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් කනගාටු වන බවත් මාධ්‍යවේදීන්ට නිදහස ලබාදිය යුතු බවත් යහපාලනය වන්නේ එය බවත් රාජපක්ෂ මහතා මාධ්‍යවේදියකු  ඇසූ පැනයකට පිළිතුරු දෙමින් පැවසීය.

MR_201612970 MR_201612970-2 MR_201612970-3 MR_201612970-4 MR_201612970-5



අදහස් (0)

මහින්ද ජනපති කොමිසමට එයි

ජයන්ත Friday, 29 January 2016 12:09 PM

කවදා හෝ ඇත්ත එළි වෙයි.(හේ)

:       0       0

දිල්ශාන් Friday, 29 January 2016 12:03 PM

මහින්ද මහත්තයාට ජයවේවා.(හේ)

:       0       0

චින්තක Friday, 29 January 2016 12:24 PM

රට පාවා නොදුන් විරුවාණෙනි ඔබට ජය .(හේ)

:       0       0

සුමනපාල Friday, 29 January 2016 05:54 AM

නියම පින්තුර ටික සහ මරු රඟපෑම. (බ)

:       0       0

සම්පත් පතිරණ Friday, 29 January 2016 06:30 AM

තේජස තාමත් එහෙම්ම තියෙනවා ... ඔබට ජය මැතිදුනි (ම)

:       0       0

හේමන්ත Friday, 29 January 2016 06:34 AM

සතුරු බල මුළු බිදී ගොස් කිත් ගොසම ඔබ වට පැතිර යේවා! සතුරු දන යම පාලනේ යමයාගේ කටටම ලඟා වේවා! නිරෝගිව අපේ මිහිඳු මහරජු ආයු ලැබ සඳ සේ දිනේවා! මිතුරු බව නැති රටට වින කළ සතුරු බල සිඳ බිඳ මැකේවා! (බ)

:       0       0

එච්.පෙරේරා Friday, 29 January 2016 07:15 AM

අනේ මගේ කට. මෙයාගේ කාලේ මාධ්‍යවේදීන්ට මාර නිදහසක්නේ තිබුනේ. එක්නැළිගොඩ පැහැරගෙන ගියේ නැහැ එයාම පැනල ගියා. ලසන්ත මැරුවේ නැහැ පපුවේ අමාරුවක් හැදිලා මරුනේ, පෝද්දල ජයන්තට ඇට මිදුළු කැඩෙනකන් ගැහුවේ නැහැ කවුදෝ යන පිස්සෙක් ගහලනේ. සිරසට ගල් ගැහුවේ නැහැනේ සිරස එකේම අයම ගල් ගහගත්තා. සිරසට ගිනිතිබ්බේ නැහැනේ නිකන්ම ගිනි ගත්තනේ. මෙතුමාගේ කාලේ මාධ්‍ය නිදහස උපරිමේට තිබුනනේ. (බ)

:       0       0

දුමින්ද Friday, 29 January 2016 08:06 AM

එදා වැරදි එලෙසම වේ නම් වෙනසක කීම පල (ම)

:       0       0

හේමන්ත Friday, 29 January 2016 08:36 AM

මහින්ද, ජනතාවගේ ජනාධිපතිට ඔබ සෙත් පතන්නේ නම්, මගේ සෙත් කවිය කියවන්න. දහස් වරක් කිය වීම, එතුමාගේ ජය ඒකාන්තයි. වෙනත් කවි මෙහි පලවේවි, ඒවා කියවීමෙන් වලකින්න. (කෞ)

:       0       0

රිචි බාලසුරිය Friday, 29 January 2016 09:56 AM

මහින්ද රාජපක්ෂ තුමා කියන මාධ්‍ය නිදහස සහ මාධ්‍යවේදීන්ගේ නිදහස තිබිය යුතුය කියා සැවොම පිලිගන්නවා , එහෙත් එතුමාගේ කාලයේ එම නිදහස තිබුනද කියා පිළිගන්ට අමාරුයි , (කෞ)

:       0       0

අශාන් Friday, 29 January 2016 11:08 AM

අගමැතිතුමා තර්ජනයක් කළේ නැහැ. එතුමා කළේ වැරදි කළ අය හඳුන්වාදීම සහ ජාතිවාදය අවුස්සන්න එපා කියපු එකයි. තර්ජනයක් කියන්නේ මම උඹලාව සුදු වෑන්වලින් උස්සනවා වගේ දෙයක් කියන එකට..(බ)

:       0       0

ජනරංජන Friday, 29 January 2016 11:10 AM

එයාගේ කාලේ කරපුවා තමයි අගමැතිතුමා කිවුවේ. මාධ්‍යවේදීන්ව දඩයමේ ගිය තවත් කතුවරයෙක් තමයි හිටපු රජතුමාව පුම්බන්නේ .මෙයා නිදහස දුන්නේ වැන්වලින් අරන් ගිහින් .අදටත් හොයාගන්න බැහැ. (බ)

:       0       0

ශිරන්ති Friday, 29 January 2016 11:19 AM

බංකර් රජතුමා හිතන් ඉන්නේ ඩයි කරලා පාට ගැවම තරුණ වෙනවා කියල .මෝඩ කම තමයි .ඇඹේනියත් එක්ක ඉන්නකොට නැන්දම්මයි බෑනයි වගේ.දැන් කවුරුත් ළමයි අල්ලන්න දෙන්නේ නැහැ ජීවම් කරලා මන්තර හූනියම් කරන නිසා ළමයින් අසනීප වෙන නිසා (බ)

:       0       0

රජින්ද Friday, 29 January 2016 11:13 AM

එදා ඇතැම් මාධ්‍යවේදීන් හමුදාව දකුණේ සහ උතුරේ සිදු කරන ක්‍රියාකාරකම් ත්‍රස්තවාදීන්ට සැපයුවානම් ඊට ඔවුන්ව මේ රටින් තුරන් කිරීම ගැන වරදක් තිබේද? ඕනෑම රටක් තම රටේ ආරක්ෂාව වෙනුවෙන් කළ යුතු අන්තම ක්‍රියාවුවත් කරන්නේ එමගින් තව දහස් ගණනකගේ ජීවිත බේරා දීමටයි. (බ)

:       0       0

රිචි බාලසුරිය Friday, 29 January 2016 11:23 AM

හේමන්ත ඔබත් අර ජනාධිපති ඡන්ද කාලේ මහින්දට කේන්දර බලපු , සෙත් කවි කියපු කෙප්ප සුමනේගේ යහළුවෙක්ද ? (බ)

:       0       0

මිරිස්සේ ජිනසේන Friday, 29 January 2016 11:23 AM

හේමන්ත ඔයා වගේ අය පුරෝහිතල කරගෙන තමයි එතුමාට වැරදුනේ .කුමාරි පත්තරේට කවි ලිව්ව වගේ ඕවත් ලියා තිබෙන දේවලුත් නැති වෙනවා (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 589 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1091 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site