විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා පිළිගැනීමේ රැළියට වේදිකාව සරසද්දී වෙඩි තබා එජාප ආධාරකරුවකුවන ශාන්ත දොඩම්ගොඩ මහතා වෙඩි තබා මරා දැමීයැයි සැකපිට රිමාන්ඩ් කර සිටින හිටපු නියෝජ්‍ය ඇමැති ප්‍රේමලාල් ජයසේකර (චොකා මල්ලී) ඇතුළු පිරිස බැලීමට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා කුරුවිට බන්ධනාගාරයට ගියේය.
සබරගමු පළාත් සභා ඇමැතිවරුන් වන රංජිත් බණ්ඩාර හා අතුල බණ්ඩාර රාහුබද්ද යන මහත්වරුද පැමිණ සිටිහයහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිර ගෙදර සිටින කෙනෙක් බලන්න යාම ඔහු කළ වරද අනුමත කිරීමක් නොවෙයි. (දිල්)
චොකා නංගිත් බලලම යන්න හොඳේ (නදී)
ඒක එයාගේ කැමැත්ත (නි)
අධිකරනය මගින් යම් කෙනෙකු වරද කරුවෙකු කරන තුරු ඔහු නිවරදි කරුවෙකි. ඔහු බන්ධනාගර ගත කර සිටින්නේ සෑකකරුවෙකු ලෙසිනි මිසක් වැරදි කරුවෙකු ලෙසින් නොව. (හේ)
මිනිසුන්ට දුක දැනෙන්නේ නැද්ද? යහපාලනය කියන්නේ වැරදි කළ අයට දඬුවම් දෙන එක. (නි)
මහින්ද මහතා මැරවර ක්‍රියාවලට විරුද්ධත්වයක් දැක්වූ හොඳ ආදර්ශවත් නායකයෙක් හැටියට පිළිගන්න අමාරුයි අපිට නම්. මොකද එයා කවදාවත් තම පාක්ෂිකයන් කළ මැරවර ක්‍රියා, විද්‍යුත් මාධ්‍ය භාවිතා කරමින් කළ මඩගැසීම්, අපහාස කිරීම් හෙළා දැක්කේ නැහැ. ඒ වගේම එවැනි දේවල් නවතා දැමීමට ක්‍රියාමාර්ගයක් ගත්තෙත් නැහැ. ඒවා අනුමත කරන ස්වභාවයක් තමයි දැක්වුයේ. ඒවා මුළු රටම දුටුවා. (නි)
වංවාව දූෂණය පිටුදකින්න නැවතත් 3 වන වරටත් විධායක ජනාධිපති වෙන්න සිටි ජනාධිපති අපේක්ෂකයා නේද මෙවන් පුද්ගලයින් බලන්න මහ උළු ගෙදර යන්නේ? (නි)
චොකා මල්ලී සැකකරුවෙක් පමනයි (නදි)
අපේ හඬ කවදත් ඔබ වෙනුවෙනි (නි)
ඔන්න ඔතන තමයි හිටපු ජනාදිපතිතුාමට වැරදුනේ?තම පාක්ෂිකයන්ගේ අපරාද, මිනීමැරුම් කුඩු ,එතනෝල් මේ සියලුදේ නිහඩව අනුමතකල එක රටේ අවාසනාව (නදී)
අපිට නම් ඔබ රජෙක්. ජය ජය වේවා! (නි)
මහින්ද මහත්තයට උණුවන හදවතක් තියෙනවා නම් චොකා මල්ලි බලන්න යන්නේ මොනවටද? එයා මිනී මරුවෙක්නේ. යන්න තිබුනේ චෝකාගේ වෙඩි පහරින් මියගිය පුගලයාගේ ගෙදරටනේ. එම මරණෙන් අසරණ භාවයට පත් මිනිස්සුන්වනේ බලන්න ඕනේ. (නදී)
ගිහිල්ලා ඔහේම නැවතුනොත් නේද හොඳ (බ)
මෙතුමා බලන්න ගියේ චෝදනා ඔප්පු වී සිරබත් කන පුද්ගලයෙක් නෙමෙයි.(හේ)
කොහොමද කෑම බිම (අ)
ඔයවැනි වෙඩිතැබීම් කවුරු කවුරුත් කළේ කාගේ ආශිර්වාද ඇතුවද කියලා හැමෝම වගේ දන්නා රහසක්නේ. (නි)
උණුවන හදවතක් ඇති මහින්ද මහතාගේ උතුම් ගුණ හමුවේ මෙවන් පුද්ගලයින් යහමඟට ගැනීමට හැකිවනු ඇත (නි)
කලබල වෙන්න එපා. (ර)
කොහොමද වෙනස! මැරුම්කෑ පුද්ගලයාගේ පවුලේ උදවිය ගැන සොයා බැලුවාද? (නි)
එතකොට ජුලම්ප්ටියේ අමරේ සත් ගුණවත් මහත්මය කාගේ කෙනෙක් ද (නදී)