‘අගමැති තනතුර මට දෙන බවට හැමදාම ජනමාධ්‍ය මගින් ප්‍රචාරය වුණා.නමුත් මම තනතුරු පස්සේ යන්නේ නෑ .ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් විපක්ෂයේ පොදු අපේක්ෂකයා වුණා.මටත් වරින් වර ආරාධනා ලැබුණා.ඒත් කිසිම දිනෙක පක්ෂය හැර යන්නේ නෑ‘.වාරිමාර්ග ඇමැති නිමල් සිරිපාලද සිල්වා බදුල්ලේදී ජනමාධ්‍ය හමුවක් අමතමින් පැවසීය.
‘මමත් විපක්ෂයට යනවා කියා කටකතා පැතිර යනවා.ශ්‍රී ලංකා නිදහස්පක්ෂය තමා මගේ ජන්ම භූමිය.මේ පක්ෂය හැර යන කාටවත් රටට සේවය කරන්න බෑ.මහින්ද රාජපක්ෂ පක්ෂය අතහැර ගියත් මම කිසිම දිනක විපක්ෂයට යන්නේ නෑ.‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කතාව විස්වාස කරන්න අමාරුයි.(හේ)
ටිකිරි පිස්සුද? මොන මෛත්‍රී පාලනයක්ද ? දවස් 100 න විධායකේ අහෝසි උනාම එන්නේ රනිල් මහත්තයනේ ? (නදී)
නරියත් ඔහොම කීවලු හොදේ (නදී)
නදී, අද බහුතරයක්ම ජාති ද්‍රෝහියෝ තමයි. මුල අමතක ද? අද කව්රු නිසාද නිදහසේ පාරේ බැහැල යන්න පුළුවන් කම තියෙන්නේ අවරුදු 30 සියලුම ජනතාව දුක් විදපුවා දැන් අමතක වෙලා තියෙන්නේ. කෙසේ වෙතත් නැවතත් ජනපති මහින්දමයි බලයට එන්නේ. (නදී)
මෙයාගේ ක්‍රියා කලාපය අනුව කිසිම කෙනෙක් ගන්නේ නැහැ. දන්නවනේ සෞඛ්‍ය අමාත්‍යංශයට කලදේ ? (නදී)
ඔයාල ගියත් එකයි හිටියත් එකයි, මතකනේ ඌවෙ ඔයාගේ ආසනෙත් පැරදුනා, ඔහොම කිය කියා බැසිල්ට අගමැතිකම දෙන දිහා බලාගෙන ඉන්න හොඳේ. (නදී)
ජාතිද්‍රෝහී වෙන්නේ කොටින්ට සල්ලි දුන් අය හෝ ශ්‍රි ලංකාවේ කන්න නැති දුප්පත් අයට මුදල් නොදී පලස්තීනයට සල්ලි දෙන අයට ඡන්දෙ දෙන අය නොවේද? (නදී)
ඔව් ඉතින් පලාත් සභාවෙ තමන්ගෙ ආසනේවත් රෑකගන්ට බරි උනානෙ. ඔයා ගියත් හිටියත් එච්චර තමයි (නදී)
හැමෝම එක්වී මෛත්‍රී පාලනයකට සහාය දීම රටට ආදරේ කරන සැමගේ යුතුකමකි. (දී)
මෙයයි ඇත්තෙන්ම සිදුවිය යුත්තේ (නි)
එ්කාධිපති වියරුව පරාද කිරීමට සියලු දෙනාම මෛත්‍රීපාල සිරිසේනට සහයෝගය දෙන්න (නදී)
පක්ෂය හැර යන්නේ නෑති බව විශ්වාසයි, පක්ෂය තියන තැනට යනවාද කියලා කියන්න? (නදී)
ඔබතුමාට නිතරම "මිනිස් ආවරණයක් " තිබුනා නේද ? දැන් අවශ්‍ය වෙන්නේ නැත්ද ? (නදී)
අනේ මන්දා (දී)
ඔබතුමා කොහේ යන්නද? කොහේවත් යන්න හිතන්නවත් එපා (නි)
කවුරු ගියත් නොගියත් මට නම් දේශපාලනයට නැහැනේ (දී)
කාවවත් විශ්වාසය තියන්න බැහැ මේ කාලේ (දී)
නදී, මුල මතක තියෙනවා කියලා හැම දාම රට කරන්න බැරි නයකකයෙක් තියාගන්න ද කියන්නේ? යුද්දේ දින්නනන්න නායකත්වය දුන්නට රට ඉදිරියට ගෙනියන්න බැරිනම් වෙන නායකයෙක් පත් කරගන්න අපට අයිතියක් තියෙනවා. (නදී)
මිනිස්සුන්ට ඔහොම කතා අහලා ඇතිවෙලා තියෙන්නේ (දී)
ආවාට ගියාට කතා කියන්න එපා මහත්තයෝ (දී)
මිනිස්සු පිළිගන්න ඕනෙද ඉතින් මෙහෙම දේවල් කියුවහම (දී)
ගොඩාක් කට්ටිය එහෙම කියුවා (දී)
අන්න එහෙම තමයි මහත්තයෝ ඉන්න ඕනේ අපිත් එහෙමයි (දී)
මාර කතාවක්නේ ඔබ තුමා කියන්නේ (දී)
අාවට ගන්නේ නැහැ. මොකද අාසනෙත් පරාද උනා නේද? මාස දෙකකට අගමැති උනා නම් ඔතනම ඉන්න (නදී)
අනිවාර්යෙන්ම අපේ සහාය මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට.ජයවේවා...!(දී)
නදී ඔබ හරියටම හරි.අපේ රටේ ටික දෙනෙක් ඉන්නවා මුල මතක නැති.අපි නම් ඕකට කියන්නේ "කන්න දීපු අත හපා කනවා" කියල."කෑ පතේ පහරනවා" කියලත් කියනවා. අපි දකුණේ මිනිස්සු .මහින්ද ඇර අපි කාටවත් අපේ චන්දෙ දෙන්නේ නෑ. (නදී)
මෙන්න නියම ප්‍රතිපත්තිගරුක මිනිස්සු (නි)
නදී, සේන, ඔබට ඔබ දරන මතය දැරීමට ඇති අයිතියට අපි ගරුකරන්නෙමු. එසේම එම අයිතිය අනෙක් අයටත් තිබෙන බව මතක තබා ගන්න. (ර)
නාලක, එතකොට මහින්ද රාජපක්ෂකගේ විතරද මේ රට? (නි)
සේනට,බන්දුල පෙරේරාට ජයවේවා.....අපතයා කවුද කියලා මෙතන අදහස් පලකරන අපි හැමෝම දන්නවා. (නදී)
ඔබතුමාට ජයවේවා! (නි)
දැනට ඔලු විතරයි පසුව කඳේ කොටස් කියල කියපු කතාව කට්ටියට මතක ඇතිනේ? "හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට" කියල එහෙම කට්ටිය අහලත් ඇතිනේ? දුකායි! කියල තමයි අපිට නම් කියන්න තියෙන්නේ. (අ)
ඔබ තුමාව ආවත් ගන්න එකකුත් නැහැ , මොකද අර ඔබ තුමාගේ ගෙදර බිරිඳ කරපු කරදර නිසා. (ස)
නදී හරි .
මෙන්න මෙහෙම තමයි ඉන්න ඕනෑ (නි)
මුල නම් මතකයි හැබැයි. හැබැයි නය අරන් රට හදනවා කියල බාගෙට බාගේ මඩියට දාගන්නවා (නදී)
තමන් විපක්ෂයට නොයන බව කියන්නේ මෛත්‍රී ජනපති වෙනවානම් ඔහුගේ ආන්ඩුවට එක්වීමට සිතාගෙන නේද? (ස)
අපේ බුද්ධාගමට අනුව සැබෑ මිතුරා තමන්ගේ මිතුරා වරදක් කරනු දුටු විට කෙසේ හෝ ඔහුව නිවැරදි කිරීමට බලයි. බැරි නම් ඔහුව වැරැද්දෙන් නැවතීමට උත්සහ කරයි. මෛත්‍රීපාල මහතා ආණ්ඩුවෙන් ගියේ තනතුරු ගන්නට නොවේය. ඔහුට ලැබෙන තනතුර අතහැර ප්‍රජාතන්ත්‍රවාදය ගෙන එ්මටය. දුදන මිතුරන් තමාගේ මිතුරා වැරද්දක් කරනු දුටුවිට තව තවත් ඊට උල්පන්දම් දෙයි. ඔහුව වරදින් මුදා නොගයි. මෛත්‍රීපාල සිරිසේන මහතා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කල්‍යාන මිත්‍රයෙකි. චිරන් ජයතු අනාගත ජනාදිපතිතුමනි ! (නදී)
ඉස්පිරිතාලේ බදුල්ලේ කට්ටියගෙන් පිරෙව්වා. වාරිමාර්ගයත් එහෙම කළා. අගමැති උනහම බදුල්ලේ කට්ටියගෙන් පුරවන්නේ මොන අමාතයංශයද ? (නදී)
මහජන මුදලින් ආතල් ගන්න පුතාල නැත්නම් ඔහේ පරාදයි (නදී)
හැමෝම එක්වී මෛත්‍රී පාලනයකට සහාය දීම රටට ආදරේ කරන සැමගේ වගකීමක් සහ යුතුකමකි. (නදී)
ඒක කියන්න බෑ.යන්නේ නෑ කියන අයම තමයි කලින්ම යන්නේ.(හේ)
හිනාවෙන් හෝ කතාවෙන් බැහැ මනින්නට මිනිහා/ (අ)
අපරාධ වලට මුල් තැන දෙමින් මේ රට යන අඝාතයෙන් බේරා ගතයුතුයි. (නදී)
අනේ අපිට නම් ගියත් කමක් නැහැ (නි)
කියන කතා ඇහුවම බයයි (නි)
"අගමැති කම මට දෙන්න හදනවා- මම එපයි කියනවා- මගේ ඇඟේ ගහනවා- මම පැනල දුවනවා..." දුවන පැත්තට බෝඩ් එක හරවල තිබ්බහම මිනිහ හරි තැන හිඳීවි. (නදී)
අපිත් දන්නවා ඔබතුමා දැන්නම් නොයන බව. (නි)
චන්ද්‍ර වීරසිංහ මහතාගේ අදහස එකහෙළාම පිළිගනිමි. (නි)
මෛත්‍රී පාලනයකට සහාය දීම රටට ආදරේ කරන සැමගේ වගකීමක් සහ යුතුකමකි. (නදී)
ඇගමැති කමට සුදුස්සා නිමල් සිරිපාල මහත්තයා. (නදී)
තමන්ගේ ආසනෙත් පරාදයි. තමුන් හිටියත් නෑ වගේනේ (නදී)
ටිකිරිල වාගේ ජන්ද දායකයෝ මෛත්‍රිපාලල වගේ "ක්ෂණික නුඩ්ල්ස්" අපේක්ෂකයන්ට ජන්දය දුන්නට මේ රටේ බහුතර බුද්ධිමත් ජනතාව රට බේරාගත් ජනනායකයව මෙවරත් ඉහලින්ම දිනවනවා (නදී)
කොහෙට ගියත් නොගියත් අපිට වැදගත් නැහැ.මොකද මොන පක්ෂයට ගියත් බොහෝදෙනා ඔවුන්ට සේවයක් කරගන්නවා මිස ජනතාවට සේවයක් නොකරන නිසා. (නි)
නදීගේ කතාව තමා දවසේ ඇත්තම කතාව. ටිකිරි බන්ඩත් ඒ කොලිටියේම අයෙක්. (ස)
නියම නායකයෙක්. අනාගතේ අගමැති වෙන්න සුභ පැතුම්.! (ර)
හැමෝම එක්වී මෛත්‍රී පාලනයකට සහාය දෙමු ජයවේවා (දිල්)
මේවා බොරු කතා (දිල්)
මේ ක්‍රමය වෙනස් වෙන්න කාලේ හොඳයි. අපිට අලුත් නායකයෙක් ඕනේ (නදී)
කොහේ කියලා යන්නද (දිල්)
අනේ හොඳයි (නි)
හැමෝටම එහෙම යන්න බැහැ සර්, එකට තමන්ගේ ෆයිල් එක පිරිසිදු වෙන්න ඕන. (ම)
තනතුර දෙනවා කිව්වම යන්නේ මොකටද නේද ? (ම)
අපි ඔක්කොටම දවසක යන්ට වෙනවා. එතෙක් හිතට එකගව ජිවත් වෙමු. (අ)
පැනගෙන ගිය යට වෙන්නේ පඩික්කමේ කැඳ බොන්න.(හේ)
මිදි තිත්තයි කියලා හිවලෙකුත් කිව්වලු. අපිට අර සෙත්සිරිපායේ තිබු මිනිස් වැස්ම මතක් උනා. (නදී)
මෙහෙම කියන අයතමයි අන්තිමට පනින්නේ. .....(අ)
තම අමාත්‍යංසල තුල ..... හැසිරුනු අයකුගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු විය නොහැක. (අ)
මෙන්න නියම අවස්ථාවාදියා . අගමැතිකමට පෙරේත කමක මහත. (ම)
ජනතාව මෝඩ නැහැ. ජනතාව නියම ශ්‍රී.ල.නි.ප. අය හොඳට දන්නවා (නි)
නාලක ජාති ද්‍රෝහියෙක්.මුල මතක නැති අපතයෙක්.(අ)
පොදු අපේක්ෂකයා කරන්න පිස්සුද ? ඔබ සෞක්‍ය ඇමැතිවෙලා හිටපු කෙලේ හැමදාම බෙහෙත් කුප්පිවල පනුවෝ කැරපොත්තෝ. බාල රුබ්ල්ල එන්නත් නිසා දැරියෝ දෙන්නෙක් මැරුණා. (නදී)