පසුගිය වසර දහයේ දී මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයා තමන්ගේ ගම්මානය පිහිටි හම්බන්තොට දිස්ත්‍රික්කය වෙනුවෙන් රුපියල් කෝටි 70ක් වියදම් කර ඇතැයි ද, එය රටේ මුළු ප්‍රාග්ධන වියදමින් සියයට 40ක් යැයි ද මහා නගර සංවර්ධන ඇමැති චම්පික රණවක මහතා පැවසීය.
ඇමැතිවරයා එලෙස කීවේ හෝමාගම - තලගල මාර්ගය කාපට් කර ජනතා අයිතියට පවරන උත්සවයේ දී ය.
‘ බස්නාහිර පළාතේ නගර 23 ක් සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙලක් අපි 2016 වසරේ ආරම්භ කළා. ඊට හෝමාගම නගරයත් ඇතුළත්. අපි නව බස්නැවතුම්පොළක් සැලසුම් කරලා තියෙනවා. මාර්ග පද්ධතියක් සැලසුම් කරලා තියෙනවා. මාර්ග තදබදයත් එක්ක. අපි මේ වැඩකටයුතු කරගෙන යනකොට ඒ අදාල සංවර්ධන සභාවේ පක්‍ෂ විපක්‍ෂ හැමෝගෙම දායකත්වය අපි බලාපොරොත්තු වෙනවා. මොකද ගැටීම්වලින් අපි සංවර්ධනය කළයුතු නැහැ. මෙම සංවර්ධනයන් හි අවසාන ප‍්‍රතිඵලය පක්‍ෂ බේදයෙන් තොරව හැමෝටම යනවා. ඒක නිසා ඒ හැමෝගෙම අනුමැතියෙන් ශක්තියෙන් තමයි අපි ඒ කටයුතු කරගෙන යන්නේ. ‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොඩි හරි ගෞරවයක් තියනවනම් එකත් නැති කර ගන්නවා මුන් මහින්දට බැනලා. එතකොට දැන් මුන්ම පිළිගන්නවා මහින්ද වියදම් කළේ මොනවටද කියල. බිලියන 1.5 මහා බැංකු අධිපති කෑවේ. එ්කට අමාරු නැද්ද? (බ)
අමාතය්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ප්‍රකාශ කළේ රුපියල් කෝටි 70ක් නොව බිලියන 700 ක් පසුගිය වසර 10 දී මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයා තමන්ගේ ගම්මානය පිහිටි හම්බන්තොට දිස්ත්‍රික්කය වෙනුවෙන් වියදම් කර ඇතැයි ද, එය රටේ මුළු ප්‍රාග්ධන වියදමින් සියයට 40ක් බව. (බ)
එතුමා තමන්ගේ ගම අමතක කළේ නැහැ. තමන්ගේ රට අමතක කළෙත් නැහැ. ඡන්දෙ දුන්න අය අමතක කළෙත් නැහැ. විරුද්ධ පාක්ෂිකයෝ කියලා රැකියා නොදී හිටියෙත් නැහැ. රටේ සංවර්ධනය දසත දකින්න ලැබුනා. යුද්ධය ඉවර කළා. රුපියල බාල්දුකළෙත් නැහැ. දැන් කිසිමදේකට ජනතාවට වගකියනවා දකින්න නැහැ. දවසින් දවස අපනයන අදායම අඩුවෙනවා. ණය වැඩිවෙනවා. සෑම දෙයක්ම බැර වන්නේ අහිංසක ජනතාවට. කරන වැඩක් පැහැදිලි නැහැ. කරපු වැඩක් පෙනෙන්නත් නැහැ (නි)
හිරාන්, ඕක තේරුම්ගන්න තරම්වත් මොළයක් නැති බැතිමතුන්ගේ තරම අදහස් වලින්ම පේනවනේ. (නි)
දැන් තිබෙන්නේ ආණ්ඩුවක් නොව තේමාවක් නැති කොමඩි නාටකයක්. අනාගතයේ මෙය බිහිසුණුබවක් ගන්නට ඉඩ ඇත (නි)
හැන්ද අතේ තියෙනකොට කාට මොනවා බෙදුවත් කාටවත් තියෙන අමාරුව මොකද්ද? මහින්ද කරලා තියෙන්නෙත් ඒ වගේ වැඩක් බව අපට දැන් හොඳින් තේරෙනවා නේද? (නි)
වැඩිහරියක් මුදල් ගෝලබාලයෝ ගසාකෑ එක ගැනයි දුක (නි)
හරි ඔබතුමාගේ වාරය දැන් වැඩ කරලා පෙන්නන්න හම්බන්තොට ඉතා දුෂ්කර පළාතක් එතුමා දියුණු කර (ම)
අනේ මන්දා මොනවා කියවනවද කියලා (නි)
ඇමතිතුමා, පුලුවන්නම් ඉදිරි අවුරුදු 3 ඇතුළත දක්ෂිණ අධිවේගී මාර්ගය සහ ගුවන්තොටුපල අධිවේගී මාර්ගය සම්බන්ධ කර පෙන්වන්න. මමත් යහපාලනය ගෙන එන්න ඡන්දය දීපු කෙනෙක්. නමුත් දැන් මට පෙනෙන විදිහට බොරු කතා පමණි. වැඩක් කෙරෙන බවක් නොපෙනේ (නි)
අනුර, එ්ක තමයි එතුමා කරන්නේ. පේන්නේ නැද්ද? (බ)
හරි හරි ඔබතුමා අනුන් ගැන විවේචනය නැතිව, තමන්ගේ වැඩ කොටස හරියට කරලා පෙන්වන්න. මොකද දැන් අවුරුදු දෙකම කළේ මහින්ද ගැන කියවන එකනේ. (බ)
ගමට ආදරේ මිනිහා තම රටට ආදරෙයි. ඔයාලට ගමකුත් නැහැ රටකුත් නැහැ, කොටින්ම කියනවා නම් අාගමකුත් නැහැ (නි)
ගමට කරන්නේ නැති මිනිහා රටට වැඩක් කරයිද,? බොරු සෝබන අපිට එපා. තමන්ගේ වැරදි වහගන්නේ අනුන්ට ඇඟිලි දික්කරලයි. අපි ඔබගේ කෙරුවාව දැක්කා. (නි)
2016 වර්ෂයේ මූලු ප්‍රාග්ධන වියදම කෝටි 62,600 කි. ඒ අනුව කෝටි 70 යනු සොච්චමකි. (නි)
මෙයාලා ගමට කරන්නෙත් නැහැ, රටට කරන්නෙත් නැහැ. මහින්ද කරපුවා ටිකවත් ඉතුරු කරන්න රටට (නි)
කෝටි 70 මොකද්ද අවුරුදු 10ට. කොහොම වුණත් චම්පික ඇමතිතුමා නම් කටින් බතල හිටවනවට වැඩිය දෙයක් කරයි කියලා නම් හිතන්න බහැ (නි)
ඉතින් එ්කේ ඇති වරද මොකක්ද. රටට නිදහස ලැබුණු දා සිට දකුණු පළාතට ලැබුනේ ඇමතිකම් එකක් හෝ දෙකක්. වැඩි පහසුකම් අද වනවිටත් කොළඹට සහ රට මැදට පමණයි නේද? (නි)
දුෂ්කරම ගම හදන එක වරදක්ද...මහා බැංකු මගඩි නොකර (බ)
එහෙම නෙමේ මෙහෙම බලමු. මීට කලින් කවුද ඔය කියන ඉතිරි 70 වගේ ප්‍රමාණයක් රට වෙනුවෙන් ආයෝජනය කළේ. අදාල නෑනේ.(බ)
එතකොට රටේ අව්රුදු 10ක ප්‍රාග්ධන වියදම රුපියල් කොටි 175යි, (70/40*100=175) එක අවුරුද්දකට කෝටි 17.5....(බ)
කෝටි 70 සාක්කුවේ දාගන්නේ නැතුව එයින් ගමට විශාල සේවයක් කරපු එක අගය කළයුතුයි නේද මහත්තයෝ. කයිවාරු ඇති. දැන් කෙරුවාවල් පෙන්නන්න. (නි)
කෝටි 70 මොකක්ද ඇමතිතුමා අද වියදම් එකක් බලද්දී? (නි)
අවුරුදු 10කට කෝටි 70 ක් කියන්නේ, මෙයාට ගණන් වැරදිලා වගෙයි (නි)
එතුමා හොඳම ත්‍යාගශීලී නායකයෙක්. අපේ රටේ මෙච්චර ප්‍රශ්න තියෙද්දී කොහෙවත් නැති, අපේ රටට සම්බන්ධයක් නැති අප්‍රිකානු රටකට කෝටි ගානක් පරිත්‍යාග කළේ, හරියට අම්ම-අප්පාගේ බූදලය වගේ. (නි)
කොටි 118 ක් ඇමතිවරුන්ගේ වාහන වලට වියදම් කරන රටේ කෝටි 70 මොකක්ද? (නි)
මහින්ද අවුරුදු 10කටම හම්බන්තොටට වියදම් කළ කෝටි 70 රටේ ප්‍රාග්ධන වියදමෙන් 40%ක් නම්, රටේ මුළු ප්‍රාග්ධන වියදම කෝටි 175ද? එතකොට එහෙනම් පහුගිය මාසේ ඇමතියන්ට සුපිරි කාර් ගෙන්නන්න කෝටි 180ක් වියදම් කළාම හරිද? රටේ අවුරුද්දකට ප්‍රාග්ධන වියදමට වඩා වියදම් කරලනේ (නි)
මහින්ද පිටිසර හම්බන්තොටට වියදම් කළා තමයි. හැබැයි ඒවගේම රටේ අනිත් පළාතුත් සංවර්ධනය කළා. ඒ වැඩ පහත් කරමින් නන් දොඩවන්න එපා. ඔයාලත් වැඩ කරන්න, කරලා කියන්න ඔන්න අපේ වැඩ කොහොමද කලින් ඒවා වගේද කියලා. (නි)
ඔයා ඒ අවුරුදු 10 හිටියේ කොහෙද?බොරු බයිලා නැතුව වැඩ කරන්නකෝ. (නි).
දැන් ඔබතුමාලත් ඔය වියදම් කරන්නේ තමන්ගේ ගමටනේ. ඉතින් මහින්ද තමන්ගේ ගමට වියදම් කළාම මොකද වෙන්නේ? එතුමා වියදම් කළේ මේ රටේ වටිනාම ජනපතිව බිහිකරපු ගමට (නි)
පේනවා පේනවා මෙතුමාගේ හැකියාව සහ උගත්කම. අපි හොඳටම දන්නවා. කටුබැද්දේ අපි පුර්ණ සහාය දෙනවා. (නි)
හැබැයි අපි දන්නා මහින්ද නම් කෝටි 70 වියදම් කරන්නේ තව 100ක්වත් සාක්කුවේ දාගෙන. වෙන්න බැරිද? (නි)
සමහර අයට කොළපාටින් පෙනෙනවා, නිල් පාටින් පෙනෙනවා. ඇමතිතුමාගේ නව සංකල්ප මේ ආණ්ඩුවේ ඉඳගෙන කරන්න බැරි බව අපිට නම් පේනවා. (නි)
කතාවට නම් කියන්නේ දකුණේ අය තරම් දක්ෂයෝ ලෝකේ කොහෙවත් නැහැ. ඒත් ඇහුවම කියන්නේ,හරිම දුප්පත් කිසිම සංවර්ධනයක් නැති පළාතක් කියලනේ. ඔච්චරම මොළකාරයෝ වැඩකාරයෝ ඉන්න පැත්තක් ඔච්චරටම වහංවෙන්නේ ඇයි? (නි)
මහින්දගේ ආණ්ඩුවෙන් නම් එහෙමවත් කළා. (නි)
ඒ මනුස්සයා වියදම් කළේ තමන්ගේ ගමටෙ. ඒ ගම තියෙන්නේ ඉන්දියවේවත් මැලේසියාවේවත් නොවේ, මේ ලංකාවේ (නි)
ඒකටත් මහින්ද, මේකටත් මහින්ද, වටරවුම් පාරත් මහින්ද, සල්ලිත් මහින්ද, බැඳුම්කරත් මහින්ද, කුඩුත් මහින්ද, යුද්දෙත් මහින්ද, හමුදාවේ කොන්ඳ බින්දේ මහින්ද, එතනෝලුත් මහින්ද, ඉල්ලගෙන කෑවේත් මහින්ද.... මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද....? (නි)
ඉතින් ඒකෙ ඇති වැරැද්ද මොකක්ද? (නි)
ඉතින් කොච්චර හොඳද? ඔයාලත් කයිය නවත්වලා වැඩ කරන්න. (නි)
අනුන් ගැන විවේචනය නැතුව, තමන්ගේ වැඩ කොටස හරියට කරලා පෙන්වන්න. මොකද දැන් අවුරුදු දෙකම කළේ මහින්ද ගැන කියවන එකනේ. (නි)
එහෙම තමයි වෙන්න ඕනෑ. (නි)
ජනාධිපතිවරයකු රටේ මුදල් වලින් වැය කළයුත්තේ පොදුවේ රටටය. තමුන්ගේ ගමට පමණක් නොවේ (නි)
ඉෂාන්, ඔය කරනවා නොවෙයිනේ, කියවනවානේ. මහින්ද හදලා තිබුනම් විවෘත කරලා පෙන්නයි. (නි)
හම්බන්තොටට ගහපු බෙරේකුත් නැහැ බෙරේ පලුවකුත් නැහැ. (බ)
නිශ්ශංක මහතානණි, විශාල ව්‍යාපෘතියක් සැලසුම් කරන්නම වසරකට වඩා යනවා. බලන්න එතුමාගේ සැලැස්ම. හරිම සමබර සංවර්ධනයක් සැලසුමේ තියනවා. කරන්න ඉඩ දෙමු. බලන්න (බ)
දකුණ දියුණු වෙනකොට චම්පිකට අමාරුද? අනික ප්‍රේමදාස ජනාධිපතිතුමාත් තමන්ගේ පියාගේ සහ මවගේ ගම්වලට දේවල් කළා. (නි)
අර කොල්ලා කකුල කැඩිලා අඩුගානේ වරද පිළි අරගෙන රු 5000ක්වත් දුන්නද. දුෂ්කර ගමකට වැඩ කරනවට කැමතිත් නැහැ (නි)
එතකොට ලංකාවේ ප්‍රාග්ධනය වසරකට බිලියන 02ක් වත් නැද්ද නමුත් වැය අවුරුද්දකට බිලියන 2000ක ට වැඩියි නේද අනික කෝටි 70 ව අවුරුදු 10කට වියදම් කරලා තියෙන්නේ නමුත් කෝටි 6-7 කාර් ගන්න ඇමතිලාට පුළුවන් ? අනේද කියන්නේ (බ)
දැන් ඔය හම්බන්තොට තියෙන්නේ ඉන්දියාවේද (බ)
ඇත්ත කටින්ම කියවුනා. මහින්ද කෝටි 70 ක් දුෂ්කර පළාතක් දියුණු කරන්න වියදම් කළා කියල. මහා බැංකුවෙන් කොල්ල කාපු ගැන මේ වගේ කී ගුණයක්ද ? ඒ මුදල තවත් දුෂ්කර පළාත් කියක් දියුණු කරන්න වියදම් කරන්න තිබුනද.? අවුරුදු 2 ක් ගිහිල්ලත් මහින්ද නම නැතුව වැඩක් කරන්න බැහැ වගේ. (බ)
හම්බන්තොට මහින්දගේ බුදලයක් නෙවෙයි..එකත් රටේ කොටසක්..ඉතින් කියක් හරි වියදම් කරලා දියුණු කළ එකේ වැරැද්ද මොකද්ද? ඔය ලස්සනට කට්ටිය යන්නේ කතරගම එහෙම කිසිම අමාරුවක් නැතුව දැන්..(බ)
චම්පික තුමෝ දැන් අවුරුදු ගානක්ම අරකගේ මේකාගේ අඩුලුහුඩු කම් කීවනේ දැන්වත් වැඩක් කරල පෙන්නමු නේද බොරු පූචානම් නැතිව (බ)
මෙතන ගණන් හිලව්වල ලොකු අවුලක් තියනවා. රටේ ප්‍රාග්ධන වියදම කෝටි 175 ද? බොරු නොකර වැඩ කරමුද ? (බ)