ගාල්ල මහින්ද විද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් සිසුන් දෙදෙනකු තුවාල ලබා ගාල්ල කරාපිටිය රෝහලට රැගෙන ආ බව රෝහල් ආරංචි කියයි.
හික්කඩුවේ තිරානාගම සිසුවකු (18) හා කතරගම සිසුවකු (17) තුවාල ලබා සිටින බවත්, එක් සිසුවකුගේ හිසට රීප්ප පටියකින් පහර දී ඇති බවත්, අනෙක් සිසුවාගේ දණහිසට හා පිටට තුවාල සිදුවී ඇති බවත් රෝහල් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජයම්පති සේනානායක මහතා කියයි.
ශිෂ්‍ය නේවාසිකාගාරයේ ප්‍රශ්නයක් මේ ගැටුමට හේතු වී ඇත.
විදුහල්පති ගමිණී ජයවර්ධන මහතා පැවසුවේ සුළු සිද්ධියක් ඇතිවී එය සමතයකට පත් වූ බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොරිස් ඉතාම නිවැරදියි. මේවාට දෙමාපියන් 100%ක් වගකිව යුතුයි. ළමයිට දඩුවමක් කරාම මානව හිමිකමි යමින් දරුවන් නොමග යවන්නේ දෙමාපියන්. (නදී)
නේවාසිකාගාර වල ඇති ලිංගික හිංසන ප්‍රශ්නත්, බුලි කිරීම [බාහු බලය පාවිච්චි කරමින් අසරණ සිසුවන් හිංසනයට පිඩාවට පත්කිරීම] ගැනත් සෑම විදුහලකම ගුරුවරුන්, විදුහල්පතිවරුන් හා දෙමාපියන් මිට වඩා අවදානය යොමු කල යුතුමය. (අ)
ඕක පටන් ගන්නකොට අදහස් කරපු නම වෙන එකක් . දැන් හැමෝටම මතක් වෙන නම තවත් එකක් . එතනයි වරද. (ස)
බෙන්තර ගඟෙන් එහා පැත්තේ අයියල ඔයවගේම තමයි. (ස)
ඕක මොකද්ද ඒ කාලේ මාත් කීදෙනෙක්ගෙන් නම් ගුටි කාලා ඔලුව පලාගෙන තියෙනවද? (ස)
මේ දේවල් වලින් පාසලේ නම කැත වෙන එක විතරයි.(හේ)
ගොඩක් ආඩම්බරයි මම මහින්දයේ ආදී සිසුවෙක් වීම. (ස)
පාසල්වල මෙ වැනිදේ සිදුවෙනවා වෙනස එම සුළු ගැටුම් ප්‍රසිද්ධ නොවීම නමුත් අද දකුණේ මහින්දයට විරුද්දව විශාල මාධ්‍ය ප්‍රචාරයක් ගෙනයනවා.(අ)
අපි ඉස්කෝලෙ යන කාලෙ මහින්දෙ කොල්ලොයි අපියි එක කාලයක් අහුවුණ අහුවුණ තැන්වලදි සවුත්ලන්ඩ් එකේ ගෑණු ළමයෙක් නිසා ගහගත්ත. කෙල්ල කැම්පස් ගිහින්දොස්තර කෙනෙකුට සෙට්වෙලා බැන්ද. මගේ යාලුව වෙනුවෙන් සටනට ගිහින් කාපු උණ බම්බු පාරක කැළල තාමත් මගේ ඇහිබැමේ තියෙනව. (ස)
මහින්දෙ තමයි ඉස්කෝලේ .... !!!! (ස)