කොළඹ නගරයේ මග දෙපස කඩවලින් හා පදික වෙළඳුන්ගෙන් බදු අය කිරීමේ බලය ඇත්තේ කොළඹ නගර සභාවට බවත් වෙනත් කිසිවකුටත් එසේ මුදල් අය කළ නොහැකි බවත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ප්‍රකාශ කළේය.
කොළඹ කොටුවේ ස්වයං රැකියා නියුක්තිකයන්ගේ සංගමයේ සභාපති මහින්ද කහඳගම රුපියල් ලක්ෂය බැගින්වූ ශරීර ඇප හතරක් හා රුපියල් 50,000 ක මුදල් ඇපයක් මත මුදාහරිමින් මහේස්ත්‍රාත් එසේ කීවේය.
ඔහුට දැඩි ඇප කොන්දේසිද නියම විය.
ඔහුගේ ගමන් බලපත්‍රයද තහනම් කැරිණි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යුද්දය දිනෙව්ව කියාගන්න හිටපු රජයේ "රජ වැඩකාරයෝ".මුණ දැක්කම පේනවා හොඳ වැඩකාරයෙක් කියල.මේ වගේ කට්ටියට එන සැරේ මහා ජනතාව හොඳට සලකයි. (ස)
සත්‍යපාල ඔයාට වැරදිලා මේ රජයෙන් මහ බැංකු අදිපති කරලා තියෙන්නේ බැදුම් කාරණයක් සාමන්න්‍ය දීමේ ක්‍රමයට ලිපිගොනු සහිතව. ඒ පිලිබදව දැන් නිතිය ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. ඉදිරියේදී බලාගන්න පුළුවන් එහි විනවිද භාවය. නමුත් මහින්ද කහඳගම කරලතියෙන්නෙ හවසට ගිහිල්ල වෙළඳුන්ගෙන් තමන්ට ඕන විදියට මුදල් එකතු කරනවා. කප්පම් අරගෙන තියෙන්නේ තමන්ගේ බලපුලුම්කරකම් පෙන්වමින්. අසාදාරන ලෙස මුදල් එකතු කිරීම හරිද ? එවන් රටක නිතිය කුමකටද ? එසේනම් ඒ ක්‍රමය තුලින් අපි ගමන් කරන්නේ කිනම් දිසාවකටද? බුද්දීමත්ව සිතන්න කිනම් පක්ෂය වුවද නිතිය හරියට ක්‍රියාත්මක කරන්න ඒ තුලින් යහපාලනය ගොඩ නැගෙනු ඇත. (ස)
මොහු අත්අඩංගුවට ගත්තේ මහින්දයි........අනික මොහු සජිත් ගේ ගෝලයෙක්.......මහ බැංකු අදිපති නම් මොකුත් දන්නේ නෑ....එයා බබා.....(ස)
දෙහිවල රත්මලාන මොරටුව පානදුර කළුතර අලුත්ගම දිගටම කප්පම් ගන්නවා. පානදුරේ ගත්තේ රත්තරන්ගේ ගෝලයෙක්. පසුගිය රජයෙන් මේවට හොඳට පහසුකම් දුන්නා. කළුතරත් එයාගේ පොලිසිය හරියට ක්‍රියාත්මක වෙනව නම් මේ දේවල් වෙන්නේ නැහැ . (ස)
ඉතා හොඳ තීන්දුවක් (නි)
යුද්ධ කරපු මහින්ද ගැන කයිවාරු ගහන මිනිස්සු මහින්දගෙ හොර නඩය ගැන කෝ කතා. (ස)
මේ වගේ අය ඉක්මනටම දේශපාලනයෙන් අතුගා දමන්න ඕනේ. (ස)
බලන්නකෝ සිනාවක අසිරිය. (ස)
දැන්වත් රටේ නීතිය මොකක්ද කියල අපේ බයියලට මතක්කර දෙන එක ලොකු දෙයක් (ත)
මෙයාට කිරි පොවලා හදල ගත්තේ වාසුදේව නානායක්කාර මහතා දැන් එයාල මුකුත් දන්නේ නැහැ වගේ කතා කරනවා. (ස)
මූනෙන්ම පේනවා තව අතත් වනනවා වැරද්ද කරලා (බ)
මහිදගේ රජයෙන් බ්හි කලේ මෙවැනි අය තමයි වෙළෙන්දන්ගෙන් කප්පන් ගන්න මොකක්ද රටේ තුබුණු නිතිය ??? (ස)
හොඳ කප්පන් කාරයෙක් බව මුනෙන් පේනවා.(බ)
රංජිත්, ඔයා කියනවා මහින්දගෙ හොර නඩය ගැන. හැබැයි මේ ලඟදි මහබැංකුවේ මුදල් කෙලින්ම හොරකම් කරපු මහා එකා නිදොස්කර නිදහස් කල යහපාලන හොර නඩය ? මම නම් කියන්නේ දෙපැත්තේම හොරු අල්ලා දඩුවම් කල යුතුයි කියල . එහෙම නැතිව "අපේ අම්මා අම්මා තොපේ අම්මා සුම්ම" ප්‍රතිපත්තිය අගයන බයියලා තමයි නියම බයියෝ. දිලීප්,අනුර,දිලාන් ඔහෙලත් පපුවට තට්ටුකරලා අහන්න.පරණ හොරු දැන් අල්ලනවා. දැන් හොරුන්ට පුළුවන්තරම් මලු පුරවගන්න දීලා ඊළගට එන ආණ්ඩුවට ඒවා අල්ලන්න කියලද සටන ? "ඕවා දෙනු පර හට,තමා සම්මතයෙහි පිහිටා සිට". (ස)