ස්වයංරැකියා නියුක්තිකයන්ගේ සම්මේලනයේ සභාපති කොළඹ නාගරික මන්ත්‍රී මහින්දරත්න කහඳගම, ලේකම් ශානක අශෝක හෙට්ටිආරච්චි සහ භාණ්ඩාගාරික එල් කුමාර ද සිල්වා පදික වෙළෙඳුන්ගෙන්, ජංගම වෙළෙඳුන්ගෙන් හා ත්‍රිරෝද රිය වෙළෙඳුන්ගෙන් නීති විරෝධී ලෙස මුදල් එකතු කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සාක්කි දීමට කොළඹ නාගරික කොමසාරිස්ට හා නාගරික භාණ්ඩාගාරිකට කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද නොතීසි නිකුත් කළේය.
සැකකරුවෝ තිදෙනා ද යළි 20 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ.
මාලිගාවත්ත බෝධිරාජාරාමාධිපති ඌවතැන්නේ සුමන හිමියන්ගේ පැමිණිල්ලක් අනුව පරීක්ෂණ ඇරැඹීය.
පොලිස් වංචා විමර්ශන අංශය පැවසුවේ ඔවුන්ගේ බැංකු ගිණුම් පරීක්ෂා කළ අවසන් දිනෙන් පසුව රුපියල් ලක්ෂ හතර හමාරක් බැංකුවෙන් ආපසු ගෙන ඇති බවයි.
සැකකරුවන් රුපියල් 50 සිට 500 දක්වා වන මුදලක් දින පතාම පාර අයිනේ කඩකාමර 289කින් හා කඩවල් 539කින් එකතු කර ඇති බවයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරි සතුටින් යන බව පෙන්වනවා ලැජ්ජාව වැඩිකමට. (නි)
මට පේන්න බෑ මේ වැඩ. මේවා ඉක්මනට ඉවරයක් කරන්න ඕනේ. (ස)
මෙයාට එක චෝදනාවද තියෙන්නේ (ස)
බටහිර රටවලනම් එක ඇඟිල්ලක් පෙන්නුවම ඒක විලිලජ්ජ නැති දෙයක්. මෙයා හතරක්ම පෙන්නනවා. (ස)
මෙයා ගත්තම හැමෝම සද්ද කරනවා.ගොඨාභය ගෙන් ප්‍රසන කරාමත් කෑගහනවා. (ස)
සුදු ඇඳුමක් ඇඳගෙන, මාංචුත් දාගෙන, මාධ්‍යයට පෙන්න අත්දෙක උස්සගෙන හිටියහම ඔක්කොම හරි කියලා හිතනවා ඇති. (ස)
මේක තමා ලංකාවේ සදාචාරය. හොරකම් කරලා වීරයෝ වෙන්න හදනවා. (නි)
ජාතික වීරවරයෙක් වගේ අත් දෙක උස්සගෙන ඉන්නේ (නදී)
දැන් අසනීපවෙලා බන්ධනාගාර රෝහලට යයිද දන්නෙ නැහැ (නි)
පසුගිය කාලයේ මෙයා හිතාගෙන හිටියේ මෙයාට ඉහළින් හිටියෙත් එයා විතරයි කියලා (නි)
ලෝකයේ කොහෙවත් උදාහරණ ගන්න නැති පාලන ක්‍රමයක් දැන් ඇතිවෙලා තියන්නේ කියලයි අපිට නම් හිතෙන්නේ. මගේ අදහස නම් 1970 කාලයෙන් පසු බිහිවුණ කිසිම පාලන ක්‍රමයක් වෙනත් රටකට සැසඳීමට පුළුවන්කමක් තිබුනේ නැහැ. එහි විපාක අද රටේ ජනතාව විඳිනවා. (නි)
බලන්න මෙච්චර සෞම්‍ය පෙනුමක් තියෙන අයෙක්ට කරලා තියෙන දේ ? (නදී)
මේ කප්පම් සදාචාරය නැති කරන්න අවශ්‍ය නීති ක්‍රියාත්මක කරන්න විශාල ජාතික අවශ්‍යතාවයක් තියෙන බව පේනවා. ඒවාට නීතිත් තියෙනවානේ. එ්ත් ගැටලුව නම් අැයි මේවා ක්‍රියාවට නංවන්නේ නැත්තේ කියන එකයි. පෞද්ගලික බස් හිමියෝ මේ කප්පම් මාෆියාවට යට වෙලා, එදා වේල හොයාගෙන ජීවත්වෙන අහිංසක වෙළදුන් තමන්ගේ දවසේ ශුද්ධ ආදායමෙන් භාගයක් මේ නරුමයින්ට ගෙවන්න ඕනේ. ජාතිකව ගත්තහම මේක මහා පිළිලයක්. ලෝකේ කිසිම රටක නැතුව ඇති මේ වගේ අශෝභන සංස්කෘතියක්. පාලන තන්ත්‍රයේ නම් දහස් ගණනක් ඉන්නවා, ග්‍රාම නිලධාරී ගේ ඉඳලා පාර්ලිමේන්තු නියෝජිතයින් වෙනකම්. එ්ත් අපරාධකාරයෝ නිදැල්ලේ. මේ නරුමයින්ට තරාතිරම බලන්නේ නැතිව රජ කාලේ දඬුවම් දෙන්න ඕනේ. නැතිනම් මෙහෙම ගියොත් තව ටික දවසකින් සාමාන්‍ය පුරවැසියන්ටත් කප්පම් ගෙවන්න වෙයි. තියෙන ජීවන බර මදිවට. (නදී)
ඔයිට වඩා හොඳ නැද්ද හිඟා කැවනං. ඉන්න හැටි විතරක් හරියට වීර කමක් කරලා වගේ. දෙන්න උපරිම දඬුවම්! (නදී)
ලොකු වීර කමක් කරලා වගේ. සුබ අනාගතය කෑවේ-පොඩි මහින්දලාගේ වැරදි වැඩ (නදී)
හිතුවේ නැහැ නේද මෛත්‍රී යහපාලනයක් එනවා කියලා? (නි)
මෙයා ව අකුරෙන් පෙන්නන්න හදන්නේ මෙයාව රිමාන්ඩ් කරපු එක ජනතාව ලැබූ ජයක් කියල වෙන්න ඇති (අ)
සුදු තමා මාරයාගේ ලකුණ (අ)
මේඔක්කොම කැත වැඩ කරලා අතත් උස්ගෙන ඉන්න ලස්සන. ලංකවේ ප්‍රධාන වශයෙන් මුදල් හම්බ කරන්න හදන්නේ හරිම අසාදාරන කමින් ජනතාවගේ මුදල් මංකොල්ල කෑම මේ විදියට රටේ ව්‍යාප්ත වුණේ ගියපාර රජයේ හොදට අනු දැනුම අනුවයි රටේ යහ පාලනයක් ඇති කිරීමට නම් මෙවැනි පුද්ගකයන්ට උපරිම දඩුවම් දෙන්න ඕනි ! (අ)
මම එය අගය කරමි .(අ)
හොරකම් කල නිසා ඔය ඇගිලි හතරම කපන්න ඕනි. (අ)
ඉස්සර කුමන හෝ වරදක් කල අයකු උසාවියට හෝ ජනතාව ඉදරියට යන්න විලි බියක් චකිතයක් තියෙනවා. ඒ නිසා ඔවුන් යන්නේ මුණ සඟවගෙන. දැන් ඉන්න තක්කඩි හොර දේසපාලුවෝ අදිකරණයෙන් දඬුවමක් නියම වුණාමත් යන්නේ මාංචු කුට්ටම සමඟ අත් ඉහලට ඔසවාගෙන දත් තිස්දෙකම පෙන්නගෙන ලොකු ජයග්‍රහනයක් ලැබුවා වගේ. මේ සියල්ල කනපිට පෙරලුවේ හිටපු උසස් අධ්‍යාපන ඇමතිය උසාවියට අපහස කර දඬුවම් ලබා ජම්පර කොටය අන්දණ්ඩ ගෙනියන කොට දක්වපු රංගනයේ වීරත්වය නිසයි. දෙසපාලනයේ වාසි ලබන එවුන් උසාවිය සැහැල්ලු කර දඬුවන් ලාබිය එලියට දමා එකාගෙ ඡන්ද ගොඩ බාගන්න කළ නොහොබිනා ක්‍රියාවෙන් නිතිය අර ඇමතිය කියපු තැනටම ඇද දැමුවා.(අ)
ලජ්ජා නැතිව මුනත් පෙන්නනවා . (අ)
දේශපාලනය මුවාවෙන් ජනතාගේ මුදල් වෙළඳුන්ගේ මුදල් මංකොල්ලකන එක මොනතරම් වැරදිද? (නි)
අහිංසක මිනිසුන්ගේ සල්ලි වලින් රඡ සැප විදලා ලොකු වීර කමක් කරලා වගේ අත් උස්සන්නේ. පදික වෙළෙන්දෙක්ගෙන් ඇහුව නම් කියල දෙයි පැටිකිරියම. උදේ හවා හෝමාගම ඉදන් බස් එකේ ආපු කෙනා දැන් වාහන කීයක් පාවිච්චි කරනවද. (නදී)
හොරු ඔක්කොම දැන් හිරේ යන්නේ මමයි රජා වගේ. විලි ලැජ්ජා නැතිකම මහ මුදලි කමටත් වඩා ලොකුලුනේ අනේ මෙහෙමත් නරුම ජාතියක් (නදී)
මහා වීරකම් කරලා වගේ තව ඇඟිලි දික් කරනවා. එ්ව ගහගන්න ඕනේ පස්ස පැත්තේ (නදී)
හරියට වීර වැඩක් කරලා වගේ අත උස්සන්නේ. මොවුන් නැවත නිදහස්වෙලා ආවත් දුප්පත් මිනිස්සු සූරාගෙන කනවා. කප්පම් ගන්නවා. (නි)
ඔය නමම තියෙන තව හතර පස් දෙනෙක් ඉන්නවා නේද ඇතුලට යවන්න? (නදී)
මෙයා නිකන් අත් උස්සගෙන ඉන්නෙ ජාතිය බේරාගන්න ගිහින් හිරේ ගියා වගේනේ. අහිංසක මිනිසුන්ගෙ පනම් හතරත් හූරාගෙන කාලා තව ලැජ්ජා නැතුව අතත් උස්සන්වා. (නි)
මේ පුද්ගලයාට පමණක් දඩුවම් දී වැඩක් නෑ.මෙයා වටේ හිටපු මේ වැරැදි වලට හවුල් වූ සියළු දෙනාම රිමාන්ඩ් කළ යුතුයි.(හේ)
දැන් කළ දේවල් වලට වන්දි ගෙවන් කාලය ඇවිත්.(හේ)
දැන් ඒ පැත්තේ ජනතාවට නිදහසේ වැඩක් කර ගන්න පුළුවන්.(හේ)
හොරුත් අත් දෙක උස්සල සතුට ප්‍රකාශ කරනවා. මිනී මරුවොත් එහෙමයි. අනිත් රටවල් වල වගේ මාංචු දමන්න ඕනේ අත් දෙක පිටුපසට තියලයි. මෙයාගේ තියෙන සතුට හරියට ලොකු ජයග්‍රහණයක් ලබල වගෙයි.(නදී)
කළ දේ පල දෙනවා කියන්නේ මේ වගේ වෙලාවට.(හේ)
බලය නැත වෙයි කියලා හිතුවේ නෑ.හැමදාම එකම විදියට ඉන්න හිතුවා.(හේ)
අං එන්න හදනවද? (නදී)
මේවාට මුලිකම වැරදි කරුවෝ වෙන කවුරුවත් නෙමෙයි මේ වගේ දුශිතයන්ව දේශපාලන කරලියට ගෙන්න උනන්දු වුන අපි වගේ සාමාන්‍ය ජනතාවයි.(හේ)
ඇඟිලි වලින් මේ පෙන්වන්නේ ලබන සැරේ අපි දෙනවා තොපිට කියලා (නදී)
දැන් ඉතින් කළ වැරැදි පිළිගන්න.(හේ)
අනේ හැබෑටම, මේ හිරේට මාංඡු දමාගෙන ගෙනියන අය දෑත් උස්සා පෙන්නමින් ජනතාවට කියන්නේ කුමක්ද ? තමා ජනතාව අතර වීරයෙක් බවද? තිරිසනෙක් බවද?. කරුණාකර මෙය පලකරන්න. (නදී)
අහිංසක මිනිස්සුන්ට කළ දේවල් වලට දැන් වන්දි ගෙවන්න සිද්ද වෙලා.(හේ)
වැරැදි කරලා වීරයෙක් වගේ යන විදිය.(හේ)
මෙයාටනම් ඇප දෙන්නත් හොද නෑ.(හේ)
ආ අපි මාංචු දැකලා තියනවා.... පෙන්නන්නේ වීරකමක් කලාද.(හේ)
ඔය නම දැන් එපා වෙලා (නදී)