ලංකාවේ සංචාරක වටිනාකමකින් යුත් ස්ථාන රැකගැනීමේ ව්‍යාපෘතියට වෙන් කළ රුපියල් ලක්ෂ 57 ක් පසුගිය ඌව පළාත් සභා මැතිවරණ වල සංග්‍රහ වලට යෙදවීමේ චෝදනාව මත හිටපු සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ කිත්සිරි රණවක සැප්තැම්බර් 06 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (23) නියෝග කළාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සියල්ල අගය කළ යුතුය. ජනතා මුදල් කව්රු අනිසි ලෙස භාවිත කළත් වැරදිය. අපා ගත වන තරම්ය. එසේම මේ දිනවල ප්‍රසිද්ධව කෙරෙන වන හා අභය භුමි විනාශය ගැන නොසොයන්නේ අැයි? (බ)
ද සිල්වා, සිංහල බහුතරයක් මහින්ද සමග ඉන්නවා නම් කොහොමද මහින්ද පරාදවුණේ? සිංහල බහුතරයක් ඉන්න දිස්ත්‍රික්ක වල කලින් ඡන්ද ප්‍රතිඵල අරන් බලන්න සිංහල ඡන්ද අඩුවෙලා තියෙන ආකාරය. අනික කව්රු හොරකම් කළත් දඬුවම් නම් දෙන්න ඕනෑ (නි)
රිස්වාන්, තම සුළු සුළු පටු වාසි තකා ඇතැම් සිංහලයන් මහින්දට විරුද්ධව ජන්දය දුන්නත්, බහුතරයක් හිටියේ මහින්ද සමග.සිංහලයන් විතරක් නෙමේ රටේ දියුණුව ගැන හිතපු සුළු ජාතීනුත් හිටියේ මහින්ද සමග. බලන්න ජන්ද ප්‍රතිපල අරගෙන ඔය ගොල්ලො දිනුවේ ලක්ෂ 3කින්නේ. (බ)
බලනකොට පහුගිය රජය කාලේ හොරකමයි, වංචාවයි විතරමයිනේ වෙලා තියන්නේ. (නි)
රඛිත ඔලුවෙන් හිටගෙනද කොහෙද ඡන්දෙ බලල තියෙන්නේ.. (බ)
අනේ මන්දා, හැමතැනම වංචාව! (නි)
බලනකොට හොරකම් නොකළ කෙනෙක් නැහැනේ (නි)
ගිය ආණ්ඩුවේ වැරදි දැන් හොයනවා. මේ ආණ්ඩුවේ වැරදි ඊළඟ ආණ්ඩුව හොයයි (නි)
මොන විදියකින් හරි කමක් නැහැ, වංචාව දේශපාලන න්‍යාය පත්‍රයෙන් සහ වංචනිකයින් දේශපාලන භූමියෙන් ඉවත් කළයුතු කාලය හරි. (නි)
මේවා හොයනවා ඇරෙන්න වෙන වැඩක් නම් කෙරෙන පාටක් නැහැ (නි)
මෙවැනි හොරු, වංචාකාරයෝ හැමතැනම, හැමවිටම සිටිනවා. මොන ආණ්ඩුවද කියල වෙනසක් නෑ. (අ)
සිංහල බහුතරයක් ඉන්නේ මහින්ද සමග රජපක්ෂ ල විතරද ඔහොම වියදම් කරලා තියෙන්නේ රාජිත තාම අල්ලස් කොමිසමට ගියේ නැහැ ආණ්ඩුවේ අයට තියෙන අල්ලස් චෝදනා පත්තර වල නැහැ කොමිසමත් උන්ට ක්‍රියාත්මක නැහැ (අ)
සීයාගේ බුදලේ වගේ රට කාලා. (අ)
අඩුම ගානෙ එක හොරකමක් වත් ඔප්පු කරපල්ලකො. කරන වැඩකුත් නැහැ අල්ලන හොරකමකුත් නැහැ. (අ)
ද සිල්වා ඇයි මේ ජාතියක් අල්ලාගෙන කියන කතා මොන මනුස්සය වැරදි කලත් අල්ලන්න ඕන එය සිංහලද දෙමලද හිටපු ජනදිපතිගේ පුතාද හිටපු ජනාදිපතිද කියලා බලන්න නරකයි. හිටපු ජනාධිපතිගේ පුතාට විතරක් තුන්වෙලේම කෑම ගෙදරින් එයාගේ මල්ලිට අත් අඩංගුවට පත් වුන ගමන් ගෙවන වාට්ටු මම හිතන්නේ මේ ආණ්ඩුවත් හිටපු ජනාදිපති තුමා එක්ක ඩීල් දාලද කොහෙද. නැත්නම් පොඩි මිනිහෙක් එහෙම අහුවුනම් කොහොම තියේවිද (අ).
එතකොට මහා බැංකුවේ වංචාවක් වෙලාම නැද්ද? ඒ ගැන හොයන්නේ නැනේ..ලංකාවේ ලොකුම වංචාව එතනනේ තියෙන්නේ..මේ ආණ්ඩුවෙන් සියඹලා ගෙනල්ලම නැ වගේ..(අ)
කැලෑ නීතියෙන් නොවේ හොරු අල්ලන්නේ නියම සම්මත නීතියෙන් කාලයක් යන බව දන්නේනැති මෝඩයන් වැඩිපුර අදහස් දාල තියෙන්නේ (අ)
තව අවුරුදු 20 ගියත් හොයල ඉවර කරන්ඩ බැරි තරම් වංචා තියෙනවා ගිය අවුරුදු 10 කරපු ඒවා. කොහොම නමුත් මේ සේරම හොයල ඒවා ආපහු භාණ්ඩාගාරයට අය කරගෙන වැරදි කරුවන්ට දඬුවම් පැමිණිය යුතුමයි. නීතියේ ස්වාධිනත්වය ආරක්ෂා කල යුතුමයි, නැතහොත් ශ්‍රී ලංකාවට කවදාවත් බලාපොරොත්තුවක් නැහැ (අ)
නොකෙරෙන වෙදකමට කෝදුරු තෙල් හත්පට්ටෙකුත් ටිකක් ඕනැයි කිව්ව වගේ මේ ආන්ඩුවටත් හොරු අල්ලන්න අවුරුදු එකහමාරකුත් මදිවෙලා තවත් ටිකක් කල් ඕනලු. අර කෝදුරු තෙල් හත් පට්ටෙම හෙව්වත් ටික තමයිලු හොයන්න බැරි. (අ)
අලුත් පක්ෂයත් පිහිටවලා බලය ඉල්ලන්නේ ඕන ඕන විදියට නිලධාරීනට වැඩ කරන්න දීලා ඇහැ කන පියන් බලන් ඉන්නද .(රේ)
‘අලුත් කලාවක් හොයාගත්තා මං"... ජනතා ප්‍රශ්න වලින් බේරීසිටීමට පරණ අයගෙන් පළිගැනීමයි ඒ කලාව (නි)
සිල්වා, ඔය කියන්නේ සිංහල බහුතරය හොරකමට කැමතියි කියලද? එ්ක නම් මමත් පිළිගන්නවා. බලන්නකෝ හොරු අපරාධකරයෝමනේ පාර්ලිමේන්තු යන්නේ. ජනතා කැමැත්ත. (නි)
මේවා හොය හොයා හිටියහම හරි (නි)
මේ නඩු ඉක්මන් කිරීමට තව උසාවි පිහිටවෙව්වොත් හොඳයි (නි)
මේ යන විදියට අපි මැරෙන කල්ම මහින්ද යුගයේ දුෂණ වංචා කලින් කලට මතු වෙයි වගේ....? (බ)
මහින්ද කාලේ කරපු හොරකම් මේ ආණ්ඩුවෙන් අල්ලන එක තව අවුරුදු හතරක් තිස්සෙම කරගෙන යයි. නමුත් මාධ්‍ය වගේම ජනතාව අවදියෙන් ඉන්න ඕනෑ මේ ආණ්ඩුවෙනුත් හොරකම් සිදුවෙනවද කියලා. මොකද මෙහෙම දියවෙලා යන්නේ අපේ බදු අාදායම. තව තවත් බදු අාදායම වැඩි කරන්න හේතුවක් වෙනවා ආණ්ඩුවේ අපේක්ෂිත අාදායම හොරකම් කළාම. (නි)
විපුල, මේ ආණ්ඩුවෙන් සිදුවුණ හොරකම් ගැන ඔයාලා කතා නැහැනේ (නි)
මෙම රජය පත්කිරීමෙන් සහනයක් ලැබුණු කෙනෙක් ඉන්නවා නම් දැනගන්න හරි කැමතියි අපි
මේ ආණ්ඩුවට ජනතාවට කරපු දෙයක් නැහැ. කබලෙන් ළිපට වැටුනා. මහබැංකු මහා හොරකම වහනවා. මහින්දට ගෑවුණු අයගෙන් පළිගන්නවා. උසාවියේදී මේ අය නිදහස් වෙනවා. (නි)
දැන් වැඩක් නොකරම හොරකම් කරනවා දකිනකොට ඒ කාලේ හොරකම් කළත් කමක් නැහැ කියලා හිතෙනවා (නි)