ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අර්බුද බේරා ගන්න මහින්ද රාජපක්ෂ රජය සමයේ සිදුවූ අපරාධ සම්බන්ධ සිද්ධීන් යට ගසනවාදැයි සැකයක් ඇතැයි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසීය.
ඔහු මේ බව පැවසුවේ පුංචි බොරැල්ලේ හෙද සංගම් කාර්යාලයයේ පැවති මාධ්‍ය හමුවක දී ය. පුරවැසි සංවිධාන එකතුව එම මාධ්‍ය සාකච්ඡාව කැඳවා තිබිණි.
එහි ස්ටාලින් මහතා මෙසේද කීවේය.
‘රතුපස්වල සිදුවීමේදී පහර කෑ හා තුවාල ලැබූ පිරිසකට ජනපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අරමුදල් පිරිනැමීමක් සිදුවුණා. හමුදාව රතුපස්වල ප්‍රදේශවාසීන්ට කළ පහර දීම සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසම වාර්තා දෙකක් ඉදිරිපත් කළා. තවමත් මේ පහරදීම කළ හමුදා නිලධාරීන්ට, අණ දුන් පිරිස්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර නැහැ. දේශප්‍රිය ගුණවර්ධන තවමත් නිදැල්ලේ. රතුපස්වල ජනතාවට පහරදුන් පිරිස්වලට, හමුද නිලධාරීන්ට, අණ දුන් පිරිස්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි අපි ආණ්ඩුවට බල කරනවා.
පසුගිය ආණ්ඩුවේ දූෂණ, අක්‍රමිකතා හා ඝාතනවලට සම්බන්ධ වූ පිරිස්වලට එරෙහිව තවමත් නීතිය ක්‍රියාත්මක වෙලා නැහැ. සිරිලිය ගිණුම සම්බන්ධයෙන් තවමත් විමර්ශන අවසන් නැහැ. ජනවාර අට වැනිදා ජනතාව බලාපොරොත්තු වුණු, යහපාලනය තවමත් ඉටු වෙලා නැහැ.
රතුපස්වල ජනතාවට පහර දී තිබුණේ ගෝඨාභය රාජපක්ෂ සමග සාකච්ඡාවක් පැවැත්වෙද්දීයි. මේ ආණ්ඩුවට බලයට එන්න කලින් මේ පහරදීම් ගැන පරීක්ෂණ පවත්වන බවට පොරොන්දු වුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අර්බුදය විසඳගන්න මේ ප්‍රශ්න යට ගහනවාද කියලා අපිට සැකයක් තිබෙනවා. මහින්ද - රනිල් සාකච්ඡා කරන බවට අපිට තොරතුරු වාර්තා වෙනවා. අද දඩුවම් දීම පැත්තක තියලා, සහයෝගීතාවක් ක්‍රියාත්මක වෙනවා. ජනතාව බලාපොරොත්තු වුණේ මෙය නොවෙයි.
තොරතුරු දැන ගැනීමේ පනත ගෙන ඒම ගැන අපි කැමැතියි. හැබැයි මේ පනතේ තිඛෙන සීමා ගැන අපිට බරපතළ ප්‍රශ්න තිඛෙනවා. ජාතික ආරක්ෂාව, ජාත්‍යන්තර වෙළෙඳාම ඇතුළු දේවල් සම්බන්ධයෙන් සීමා තියෙනවා. පසුගිය කාලයේදී මිග් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කෙරුණා. මේ ආණ්ඩුවේ ක්‍රිකාරීත්වය සම්බන්ධයෙන් අපිට බරපතළ ගැටළුවක් තියෙනවා. ආරක්ෂාව කියලා බොහෝ දේ සඟවන්න පුළුවන්. වංචා දූෂණ සිදු කළ හැකියි. ඒ නිසා අනවශ්‍ය සීමා ඉවත් කළ යුතුයි. සීමාකම් සහිත තොරතුරු දැනගැනීමේ පනතකින් වැඩක් නැහැ. බොරුවට පනතක් ගෙනාවට වැඩක් නැහැ. පාර්ලිමේන්තුවේදී මෙය සම්මත කළ යුත්තේ මේ සීමා කම් ඉවත් කරලා. මේවා සංශෝධනය විය යුතුයි. ‘‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොරුවට ජනතාව එලියට බස්සපු අයත් තාම නිදැල්ලේ. (අ)
ඊළඟ මහා මැතිවරණෙ දී සහ ජනපතිවරණෙ දී කිසි කෙනෙක් මෙයාලට ඡන්දෙ දෙන්නේ නැහැ .(අ)
මරණ මතින් දේශපාලනය කිරීම ජේවීපී දේශපාලනයේ න්‍යායයි. ඔවුන්ට අවශ්‍ය කවුරුන් හෝ ඝාතනය කිරීමට අවශ්‍ය පසුබිම සකසා ඉන් දේශපාලන වාසි ලබා ගැනීමයි. (නි)
නමුත් හිත් අමනාපකම් ඇතිකර ගැනීමට වඩා සහයෝගීතාවය වැදගත් (නි)
ඇයි පහුගිය ආණ්ඩුවේ විතරක්? මේ ආණ්ඩුවේ අක්‍රමිකතා, දුෂණ වලට සම්බන්ධ අයටත් කිසි පරීක්ෂණයක් නැහැනේ. ඒවගේම පහුගිය ආණ්ඩුවේ ඉඳගෙන දුෂණ අක්‍රමිකතා කරලා දැන් ආණ්ඩුවට පැනපු අයටත් කිසි ගැටළුවක් නැහැනේ. එයාලා තකහනියෙම සුපිරිසිදු චරිත වෙලා. (නි)
මේ ගොඩක් අය ගුරුකමට නොවෙයිනෙ දැන් ඉන්නේ... දේශපලනයටනේ (නි)
මොහාන්, ඔබ ඉතා නිවැරදීයි. රතුපස්වල සිදුවීම දෙස බුද්ධිමත්ව විමසා බලන්න. මිනිස් ජීවිත තුනක් අහිමිවිය. කම්හල වැසී ගියේය. පරිසර වාර්තාව අනුව කම්හල නිසා ජලය අපවිත්‍රවී නොමැත. එනමුත් දේශපාලකයන් තවමත් එම මරන මාකට් කරමින් ඔවුන්ගේ ගමන යති. සාපරාධී ලෙස ජනතාව එළියට බස්සන අයට දඬුවම් නැද්ද? (නි)