ලන්ඩනයේ ඩෙල්සි මැෂිනරි හා ශ්‍රී ලංකාවේ රියොන් ලෙස්ටර් (මාලබේ) සමාගම් කළමනාකාර අධ්‍යක්ෂ නවීන් යාපා සෙනෙවිරත්න මහතා තමා අධ්‍යාපනය ලැබූ ගාල්ලේ මහින්ද විද්‍යාලයට රෝලරයක් පරිත්‍යාග කළේය.
එහි වටිනාකම රුපියල් ලක්ෂ 15 ක් පමණ වේ. විදුහල් ක්‍රිකටි පිටියේ තණනිල්ල තැලීමට හා කැපීමට මෙම රෝලරය යොදා ගනී.
මහින්දයෙන් බිහිවූ උපුල් චන්දන, ජයනන්ද වර්ණවීර, ලසිත් මාලිංග ආදී ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයෝ රැසක්ද මෙම අවස්ථාවට එක්වූහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විමුක්ති, ද්වෙසයෙන් කතා කරන්න එපා. ඔයා අම්මට කරන දේවල් පාරේ යන හිගන්නන්ට කරනවද? ඒ වගේ තමා තම පාසලට සැලකීම. මහින්දෙ කොල්ලෝ එහෙම තමයි. (ර)
අපේ ආදි ශිෂ්‍ය සංගමය පාසල ගැන හිතනවා. පාසලට උදවු කරනවා. එහෙම තමයි මහින්ද කොල්ලන්ගේ හැටි (නි)
විමුක්ති වැරදි විදියට බලන්න යන්න එපා හැමදේම. මෙතුමා උදව් කරන්නේ එයාගේ පෞද්ගලික ධනයෙන්. අපිත් එහෙම තමා. ඔයත් ඔයාගේ පාසලට උදව් කරලා බලන්න. කොහොම වුනත් මහින්ද කියන්නේ .කළගුණ දන්න කොල්ලෝ බිහිකරපු පාසලක් (දිල්)
මිනිසුන්ගෙ ඔළුවල දැවැන්ත පංති භේදයක් තියෙනවා.දුෂ්කර පාසලක ළමයෙක් ක්‍රීඩා තරඟයකට ආවත් මුලින්ම කරන්නෙ මානසිකව වට්ටන එක.මේ සුපිරි පාසල් වලින් එළියට එන අයට මිනිස්සු කියලා පේන්නෙ තවත් සුපිරි පාසලකින් එළියට එන අය විතරයි. ඒකයි මම කියන්නෙ අධ්‍යාපනයට සම අවස්ථා දීලා බලන්න ඔය පුටු වෙනස්වෙන විදිය. (නි)
හිරාන්, ඉතින් මේ උදවු කරලා තියෙන්නේ... (නි)
විමුක්තිගේ අදහස සමඟ 100% එකඟ වෙමි. ඒ කතාව තමයි තිත්ත ඇත්ත. (නි)
විමුක්තිගේ අදහස සමග 100% එකඟ වෙමි. ඔය සුපිරි පාසල් වලට ගමේ පාසල් වල ඉන්න හැම අතින්ම දක්ෂ ළමයි ටික දාගන්නවා. ඊට පස්සේ ඒ ළමයි ටික නිසා තමයි සුපිරි පාසල් මහා ලොකුවට පිම්බෙන්නේ. ගමේ ඉස්කෝලේ අවුරුදු 10 ඉගෙනගෙන සුපිරි පාසලට අවුරුදු 2ක් යන ළමයා තමන්ගේ ඉස්කෝලේ විදියට හදුන්වන්නේ අර අවුරුදු 2ක් හිටපු සුපිරි පාසැල. හොඳ වැඩ කාරයෝ ටික පෙරලා සුපිරි පාසල් වලට දාගෙන අර ගමේ පාසල් හැම දාම එකම තත්වේ. විමුක්තිගේ කතාව තමයි තිත්ත ඇත්ත. (නදී)
විමුක්තිගේ අදහස සමග 100% එකග වෙමි. ඔය සුපිරි පාසල් වලට ගමේ පාසල් වල ඉන්න හැම අතින්ම දක්ෂ ළමයි ටික දාගන්නවා. ඊට පස්සේ ඒ ළමයි ටික නිසා තමයි සුපිරි පාසල් මහා ලොකුවට පිම්බෙන්නේ. ගමේ ඉස්කෝලේ අවුරුදු 10 ඉගෙනගෙන සුපිරි පාසලට අවුරුදු 2ක් යන ළමයා තමන්ගේ ඉස්කෝලේ විදියට හදුන්වන්නේ අර අවුරුදු 2ක් හිටපු සුපිරි පාසැල. හොඳ වැඩ කාරයෝ ටික පෙරලා සුපිරි පාසල් වලට දාගෙන අර ගමේ පාසල් හැම දාම එකම තත්වේ. විමුක්තිගේ කතාව තමයි තිත්ත ඇත්ත. ඔය සුපුරි පාසල් එයාලගේ කියල ඉස්සරහට දාලා පෙන්නන ළමයි 10ක් අරන් කොහෙන්ද පටන් ගත්තේ කියල ඇහුවා නම් බලාගන්න තිබුන ඒ ළමයි ඇත්තටම එයාලගේමද කියල. (නදී)
හොද වැඩක්, ඔබට වැඩි වැඩියෙන් ලැබේවා...සැමදා මහින්ද පාසැල දිනේවා (නදී)
සෑම පාසලකටම සම පහසුකම් ලබාදීම රජයේ වගකීමක්. ඒත් තමන්ගේ පුද්ගලික ධනයෙන් උපකරණ ලබාදීම තවත් දෙයක් (නි)
ආදර්ශමත් වැඩක් (දී)
උපුල් චන්දන, ජයනන්ද වර්ණවීර, ලසිත් මාලිංග වැනි ක්‍රිකට් ක්‍රීඩකයන් මෙන්ම ලංකාවේ ඉහළ ස්ථානවල වැජඹෙන කීදෙනෙක් නම් මහින්දයෙන් බිහිවෙලා තියෙනවද. ඔවුන් පාසලට නන් අයුරින් උපකාර කිරීම ගැන මාගේ ප්‍රණාමය මෙන්ම මහින්දයෙන් බිහිවීම ගැන මටත් හරි ආඩම්බරයි. (නි)
දැන්වත් කෝලාහල නොකර බිග් මැච් එක සෙල්ලම් කරන්න පුරුදුවෙන්න හොඳේ (නි)
තමන් වැදු අම්මා මෙන්ම තමාගේ දෙඇස් පෑදු පාසලට සළකන එක වරදක්ද ? අනෙක මහින්දය කියන්නේ ඔයාලා කියන විදියේ සුපිරි පාසලක් නොවේ. මහින්දයේ ඉගෙනගත් අපිට වඩා ඔයාලා දන්නේ නැහැ. මහින්දයට පැමිණ බලන්න. මෙහි ධනවාදය නැහැ. හැමෝටම සමතැන.සමාජයේ සෑම තරාතිරමකම පුද්ගලයෝ ඉන්නවා. තවද 1 වසර සිට ඉගෙනගෙන ආ දක්ෂයෝ ඕනෑතරම් මහින්දයේ ඉන්නවා. (නි)
උමා, ඔයා මහින්දේ වුණාට අඩුගානේ තමන්ගේ පාසලට ඉදිකටු මලක දෙයක් දීලා තියෙනවද? නිකන් පුරසාරම් කියනවා විතරයිනෙ ඔයා. (නි)
මේ වගේම නැති බැරි පාසල් වලටත් ටිකක් උදවු කරන්නකෝ.(දිල්)
රෙහාන් පාසලක් සුපිරිද නැද්ද යන්න බිග් මැච් වලින් මනින්න බැහැ. උමා උනත් ඇත්ත පිළි අරන් තියෙනවනේ. තව කුමන කතාද? ඔය කියනවා ඇත්තේ ගාල්ලේ සුපිරි පාසල් වෙන්ට ඇති. අර කතාවකුත් තියෙනවනේ වැඩ බැරි උනත් ගම ගාල්ලේ කියලා. (ර)
රොහාන්, බිග් මැච් වලින් පාසල මනින්න නම් ටිකක් අපහසුයි. (ර)
මෙය පරිත්‍යාග කරපු අය තමන් ඉගනගත්ත පාසැලට කරපු පරිත්ත්‍යගයක්. එම නිසා මොහුට වෙනත් දුප්පත් පාසල්වලට දෙන්න ඉල්ලන්න එක වැරදියි. (ර)
මේ රටේ මිනිස්සුන්ට මොනදේ කළත් වැරදියි. ආදී සිසුවෙක් තමන්ගේ පාසලට යමක් කළත්. එ්ක පේන්නෙත් වැරදියට. (නදී)
මේ දේ අගය කළ යුතුයි. පාසල් ක්‍රිකට් දියුණුවට මේ දේවල් ලැබිය යුතුයි.(හේ)
කේ. ජයසේන,කෙනෙක් කළ දෙයක් අගය කරන එක පුරසාරම් දෙඩවිල්ලක් කියලා හිතෙනවා නම් ඔබ ගැන මට කතාකරන්න දෙයක් නැහැ (නි)
ආදී මහින්දයෙක් හැටියට අපට ආඩම්බර යි (දී)
ජයසේන මහත්තයාට ඔයතරම් ඊර්ෂ්‍යා ඇයි අපේ පාසල ගැන. දකුණු ලකේ මාතර රාහුලය වගේ පාසැල් ඇරුණහම අපේ පාසල දකුණේ ඉහළ ස්ථානයක වැජඹීම ගැන කාටත් ඊර්ෂ්‍යාවයි. (නි)
කළගුණදත් බොදු මිහිඳු පුතුනි, ඔබ අපිට ආඩම්බරයකි. මහින්දයෙන් බිහිවූ මා මෙන් සැමට මහත් ආඩම්බරයකි ඔබ. (නි)
උමා පිස්සුද මෝඩ කතා කියන්න එපා දකුණේ සුපිරි පාසල් නම් මහින්ද නැත්නම් රිච්මන්ඩ්..බිග් මැච් එකෙන්ම තේරෙනවනේ (අ)
ඇත්තටම වීරයො බලන්න ඕන නම් අධ්‍යාපනයේ සම අවස්ථා දීල බලන්න.සුපිරි පාසල් කිහිපයකට සල්ලි පම්ප් කරල පොරවල් හදල ගමේ බයියොන්ට වැඩ පෙන්නනව.මේක තමයි ලංකාවෙ නිදහස් අධ්‍යාපනේ.(බ)