ස්වාධීන රූපවාහිනියේ දැන්වීම් ප්‍රචාරය කිරීම සඳහා මුදල් ලබානොදීම හා එම ආයතනයට මූල්‍යමය පාඩු සිදුකිරීම සම්බන්ධයෙන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර බරපතල වංචා හා දූෂණ විමර්ශන ජනපති කොමිසමට පැමිණියේය.
ස්වාධීන රූපවාහිනියේ ප්‍රචාරයවූ රුපියල් කෝටි 11ක දැන්වීම් ප්‍රචාරය කරන ලෙස හිටපු අයිටීඑන් සභාපතිවරයා දැනුම්දී ඇතැයි ස්වාධීන රූපවාහිනියේ විගණකාධිපති නුවන් අලගියවන්න අද පෙරවරුවේ කොමිසම හමුවේ සාක්කි ලබාදෙමින් පැවසීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අමතක නොවෙන දේවල් ගොඩක් කරලා තමා ගෙදර ගියේ. (නි)
රුපවාහිනියට ගෙවන්න තිබුන මුදල ගෙවා දැම්මා නම් ඔක්කොම ඉවරයි , ඒ කාලයේ හම්බ කරපු මුදල් වලින් , නොගෙවා ඉන්නවා කියන්නේ , කඩෙන් කාපු බත් පතේ බිල නොගෙවා යනවා වාගේ , (බ)
චතුර හිතන්නේ ඔප්පු කරන්න බැරි විදිහට පිල්ලි ගහන එක හරි කියලද? පොඩ්ඩක් ඉන්න. මේවා ඔප්පු වේවි. ඔප්පු වුණත් විශ්වාස නොකරන මිනිස්සු ඉන්න බවත් අපි දන්නවා. (නි)
බැලුවම පොලු තියපු නැති තැනක් නැහැ (බ)
රාජ්‍ය නායකයා හැටියට මෙයා "කරලා තිබෙනවා යයි කියන" මේ කැත වැඩ ගැන මෙයාම තමයි පිළිතුරු දිය යුතු වන්නේ. (බ)
අනේ මන්ද අපි දන්නා විරයෝනම් , කැප්පෙටිපොල , ගොන්ගාලේ ගොඩ බන්දා, පුරන් අප්පු , පොලු තියල නැහැ ඒ උදාර මිනිස්සු රටට නයත් නැහැ බයත් නැහැ , එකටත් එක්ක නුතන වීරයෝ පොල්ලක් නොතිබ්බ තැනක් තමයි හොයාගන්න බැරි කාලේ වරදදද මන්ද ? (අ)
ජනරංජන.දන්නවද දැයට කුරුලේ වැසිකිලි සුද්ද කරන්න කියල එකකට ලක්ෂ ගානක් අයකරගෙන තිබුන. එකතුව රුපියල් කෝටි ගානක්. (අ)
ඒවගේම තමයි ජනරංජන ඒවා ඔප්පු වෙලත් නෑ. (බ)
අර කොටින්ගේ බෝම්බ පුපුරන වෙලාවෙනම් නැට්ට කොහෙද ගහගෙන හිටි ඔය කාටත් දැන්නම් ඇගට ලේ ටිකක් උනල වගේ. කියන්න පුළුවන් දෙයක් කියන්න. කොහොම වුනත් ආයේ නම් යුද්දයක් එපා. (බ)
සේන ! ඔයා අද බත් නෙවෙයි වෙන මොනවදෝ කාල වගෙයි පෙනෙන්නේ. (අ)
අපි බලමුකෝ මොකක්ද සිද්ධවෙන්නේ කියලා (නි)
රනිල් මයා මහා බැංකුවේ කල රුපියල් කෝටි 600 කට අධික මුල්‍ය වංචාව ගැනත් හොයන්න (අ)
දැයට කිරුළ වැසිකිළි හදන්න කියා රුපියල් මිලියන ගණනක වංචාවකුත් වුණා නේද? ඒකට මොකද වුණේ? (නි)