දේශපාලන වේදිකාවේ ඡන්ද ප්‍රචාරක කටයුතු කරන ගමන් තම චරිතයට අපහාස කළැයි විදේශ ඇමැති මංගල සමරවීර, රංජන් රාමනායක, නලීන් බණ්ඩාර ජයමහ, ජවිපෙ නායක අනුර කුමාර දිසානායක හා ජිප්සිස් නායක සුනිල් පෙරේරා මහත්වරුන්ගෙන් මහින්ද රාජපක්ෂ මහතා රුපියල් කෝටි 450ක් වන්දි ඉල්ලන්නට සැරසෙතියි ඔහුගේ නීතීඥවරු කියති.
එක්සත් ජාතික පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් කිහිප දෙනකුම පැවසුවේ මේ මේ කතා නිකන් විහිළු කතා බවයි.
අපහාස නඩුවක් පැවරන්නට ඕනෑ නම් නීතීඥයන් මගින් පුවත්පත් සාකච්ඡා පවත්වමින් කෙකර ගගා සිටින්නට අවශ්‍ය නැතැයි ඔවුහු කියති.
අනෙක් අතට මහින්ද රාජපක්ෂ මහතා කවර ක්‍රමයකින් හෝ උසාවියට රැගෙන ඒමට හැකි වුවහොත් එය තම ජයග්‍රහණයක් බව ද ඔවුහු පවසති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහින්දව කෙසේ හෝ උසාවි ගෙන එමෙන්, මෙයාල කඩේ යන්නේ ප්‍රබාකරන්ටයි, ඊලාම් වාදී ඩයස්පොරවටයිද? (නදී)
ජන්දෙ කරන්න ගියපු වියදම් වලින් ටිකක්වත් හොයාගන්න හිතාගෙන දාන්න හදන මැදමුලන උප්පරවැට්ටියක් මේකත් .....(ම)
වීදුරු ගෙවල්වල ඉදන් ගල් නොගැසිය යුතුබව මෙතුමා වරක් දෙවරක් ප්‍රකාශ කලා වගේ මතකයි.(නදී)
හම්මෝ රුපියල් කෝටි 450 ක් (නදී)
රන්ජිත්, විහිළු එපා මෙයා.. මිනී මරණ කෙනා මහින්ද නම්, යු.ඇන්.පී, ජේ.වී.පී බබාල වෙන්න ඇති. (නදී)
දඩමස් කාපු අය තමා ඉතින් පෙනී සිටිනවා ඇත්තේ ? (බ)
ඕව පව් නැහැ (බ)
ඡන්දෙ කරන්න සල්ලි නැතිවද දන්නේ නැහැ !!! (බ)
රන්ජිත් ඔය පසුගිය කාලයේ ලංකාවේ නෙවෙයිද හිටියේ ,හොදට ගණන් හදල බලන්න රනිල්ද වැඩියෙන් සිහල මිනිසුන් මැරුවේ මහින්දද කියල (බ)
නඩුවක් දැම්මොත් හරිම හොදයි. විත්ති පාර්ශවයට එකතු වෙන්න සිය ගණනක් බලාගෙන ඉන්නව. (බ)
බලය ලැබුනොත් මොනවායි මොනවා වෙයිද දන්නේ නෑ. (බ)
ඔය විදිහට මිනි මරුවේ 89 ,90 තිබුන රජය කාලේ නේද ? (බ)
කොටි බෝම්බ ගහල මැරෙන්න තිබ්බේ මුල මතක නැති ඔය වගේ විවේචන කරන උන්ව තමා....මිට අවුරුදු 7 කට කලින් රට තිබ්බ විදිය මතක නැතුව ඇති සිංහලයට හැමදේම මතක ටික කලයි . හරියට කාවහරි මරනවා බලන් හිටිය වගේ කතාව.. (බ)
දිලිප් වික්‍රමරත්න දන්නවද විජයදාස ලියනආරච්චි කියන්නේ කවුද කියල?(ම)
හැගීම් වලට වහල් වෙන්නේ නැතුව ටිකක් බුද්ධිමත්ව හිතන්න...මහින්ද එන්න කලින් මේ රටේ මිනිස්සු ජීවත් උනේ නැද්ද...(බ)
යුද්දේ දිනුව කියල හැමදාම රට කන්න දෙන්න බැ. යුද්දේ දිනුව එකට මහින්ද (බ)
කිය කියා ඉන්නේ නැතුව නඩු දාන්නකෝ. අපි තාමත් බලන් ඉන්නවා මහින්ද මංගලට විරුද්දව දානවා කියපු නඩුව දානකම්. (බ)
මහින්ද වටේ ඉන්න රෝත්තට පිස්සු (බ)
රන්ජිත් මට මහින්දට විරුද්දව කතා කරපු නිසා මරා දාපු අයගේ නම් ලිස්ට් එක පොඩ්ඩක් දෙන්නකෝ . අඩුම වශයෙන් කී දෙනෙක්ද කියලවත් එතකොට අපිට සංසන්දනය කරන්න පුළුවන් වේවි 2005 ට පෙර දැන් ඔය යහපාලන නඩයේ සමහර ලොකු ලොක්කෝ ආණ්ඩු කරන කොට අතුරුදහන් වෙච්ච ප්‍රමානෙත් එක්ක අපි 1989 කාලේ තරුණයෝ හැටියට හිටපු උදවිය , ලංකාවේ මාධ්‍ය නිදහස , දුෂණය භීෂණය ගැන මහින්දට ඇගිල්ල දිගු කරන මිනිසුන් දිහා දැක්කම , අපි මේ ජීවත් වෙන්නේ මැරිලා නැවත ඉපදුන මිනිසුන් ඉන්න රටකද කියලා හිතෙනවා (බ)
ඔය විදියට ගියොත් ලංකාවේ බාගයක්ම උසාවි ගෙනියන්න වෙනවා...හොඳම දේ තමයි " අපහාස වෙන වැඩ නොකර ඉන්න එක.." (බ)
ඔන්න මෙතන ලියන කට්ටියත් ලැස්ති වෙන්න ...හෙට අනිද්දාට කුදලාගෙන ගිහින් නඩු දාවි. (නදී)
කරුණාකර අපහාස නඩු සඳහා පෝලිමේ එන්න, තවමත් අර අපේක්ෂකයෙකුට බාලවයස්කාරයෙක් ලවා රුපවාහිනියේ බොරු කියවා අපහාස කල නඩුව ඇහුවේ නැහැනේ, (නදී)
සුදු වැන් දාල කට්ටිය ඉස්සුවනම් නඩුත් නෑ බඩුත් නෑ .....අපි මහින්ද සමග සුදු වැන් ගෙනෙමු ....(නදී)
සිවිල් යුද්ධ වලදී කැරලි කරුවන්, ආරක්ෂක අංශ, දේශපාලන නායකයෝ, අනුගාමිකයෝ සහ අහිංසක මිනිස්සු මිය යනවා. ඕනෑම රජයක් එයට එරෙහිවන කැරලිකරුවන් මෙල්ල කරන්න බුද්ධි අංශ යොදවනවා, කොටින්ම යුද්දයක් රටේ ජනතාවට භීතියක් ඇතිකරවනවා වගේම සංස්කෘතියටත් බලපානවා. 1971, 1988 අරගල සහ ඊළාම් යුද්දය නිසා මැරුණු අය ගාවගෙන දේශපාලන වාසි ගන්න හදන්නේ අවස්ථාවදියෝ. නමුත් අයුතු ලෙස බලය පාවිච්චි කරලා තමන්ගේ පුද්ගලික හේතුවලට මිනීමරන කට්ටියව අනාවරණය කරන්න ඕනි. අර රගර් ක්‍රීඩකයා හොඳ උදාහරණයක්.(නදී)
දිලිප් වික්‍රමරත්න ලිස්ට් මොකටද රතුපස්වල වතුර ඉල්ලපු ජනතාව හලාවත තෙල්මිල අඩුකරන කියපු ඇන්ටනි කටුනායක රොෂේන් එකනලියගොඩ ,ලසන්ත මෙකි නොකී නොදන්නා තව අය.(නදී)
1989 සිංහල ත්‍රස්තවාදී නොහොත් ජනතා විමුක්ති පෙරමුණ එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුවෙන් නැතිකළා නැත්තටම. එයාල අහිංසක මිනිසුන්ව මැරුවා. හැදුනුම්පත් හොරකම් කෙරුවා. යුද හමුදා පොලිසියේ අයව මැරුවා. අහිංසක මිනිසුන්ගේ කට කැපුවා. එයාල මරපු අයව මිනීපෙට්ටිය උස්සගෙන යන්න බැහැ. අත පහලට දාගෙන යන්න ඕනි. අපට ඕවා මතකයි. ඉන්දියාවේ දේවල් තහනම් කියලා රෝහණ විජේවීරගේ ගෙදර පරිප්පු ගෝනි ගණන් (කෑම බීම) ඔන්න ඔහොමයි විමුක්ති සටන් කලේ රතු කට්ටිය නොහොත් ජනතා විමුක්ති පෙරෙමුණ. මහින්ද රාජපක්ෂ දමිල ත්‍රස්තවාදී අයව නැතිකළා. දැන් මොකද මේ රනිල් අහිංසක කොල්ලන්ව මැරුවා කියලා කියන්නේ. ඔව් කව්රුහරි රට බලෙන් අල්ලන්න හදවානම් එයාලා ත්‍රස්තවාදී. මරන්න ඕනි තමයි. විශ්ව විදයාලේ යන්නේ දේශපාලනය කරන්න නෙමේ ඉගෙන ගන්න දෙමාපියන්ගේ අහිංසක මුදල් වලින්. ආණ්ඩු අල්ලන්නවත් පෙම් කරන්නවත් නෙමේ (නදී)
ඔව් ඔව් කවදා හරි කල කර්මය පල දුන්දාට උසාවියට නෙමේ කුඩුවටත් ඔය අහිංසක මහත්තයට යන්න වෙනවා. එ්ක ස්ථිරයි.(නදී)
දිලිප් මහතා කියන කතාව සහතික ඇත්ත. නමුත් මේකේ වැඩිපුර කොමෙන්ට් දාන්නේ පච සෙට් එක ඒක නිසා උන්ට කීයක් හරි හම්ම්බකර ගන්න දෙමු. (නදී)
නඩු අහන්නේ සරත් එන් සිල්වාද? (ම)
කලබල වෙන්න එපා. කලබල වෙන්න එපා. ඡන්දෙන් පස්සේ කොහොමත් උසාවි යන්න වෙනවනේ.(නදී)
කොහොම හරි හොරුන්ව උසාවි ගේමු. (නදී)
හැබැයි හොරා හිරේ (නදී)
රට බේරගත්ත මහින්ද තමයි උසාවි ගේන්න හදන්නේ. අර විල්පත්තුව එලිකරපු අය ගැන රටට වින කරන අය ගැන වචනයක් වත් කතා කරන්නේ නෑ (නදී)
වහල්ලු හැමවිටම කොටියා ආවෝ කියා කෑ ගසයි. නැති කොටියෙක් පෙන්ව්යි(නදී)
කාව්‍යා 2015-07-26 12:38:45 - එහෙම කොහොමද? ඔයගොල්ලෝ හිතන්නේ ඔයගොල්ලෝ පුරවැසියෝ කියලද? මිහින්ලන්තේ පුරවැසියෝ නැහැනේ ඉන්නේ අතවැසියෝ. ඉතින් යුද්දේ දිනුව එකට ලොක්කට යාවජීවම මිහින්ලන්තේ නායකකම් කරන්න අතවැසියෝ ඉඩ දෙන්න ඕන. ඒ විතරක් නෙවෙයි යුද්දේ දිනුව එකට කාලගුණ සලකන්න අතවැසියෝ ටික කිසි දෙකට කටක් නෑර ලොක්කට බයබෝයි වෙලා ජීවත් වෙන්න ඕන. ලොක්කගෙන් පස්සේ පුත් කුමරාට මිහින්ලන්තේ නායකකම දෙන්න කැමති වෙන්න ඕන. එහෙම නොකලොත් ඔයා කළගුණ නොදන්නා ද්‍රෝහියෙක්, ගුනමකුවෙක්. (නදී)
නොදන්නා හින්ද අහන්නේ. ඇත්ටටම මහින්දගේ ඔය කිසිම චෝදනාවක් ඔප්පුවෙලා නෑනේ. (ම)
සිංහලයට හැම දේම තේරෙන්නේ නැති වුනාම තමයි ..(බ)
සෞදි රොහාන් ඕක තමයි ඕගොල්ලන්ගේ ලංකාවේ දේශපලනය පිළිබද දැනුම මොනවා කරන්නද , මුහුණු පොතෙන් ගත්ත දනුමනේ .පටන්ගමු 1989 ඉදලා අහලා තියෙනවද බලන්න (මේ අතුරුදන් වූ හෝ මරාදැමු ප්‍රසිද්ද සිවිල් ක්‍රියාකාරීන්ගෙන් හෝ මාධ්‍යවේදීන්ගෙන් ඉතාම අතලොස්සක්) රිචඩ් ද සොයිසා ,දයා පතිරණ ,විජේදාස ලියනාරච්චි ,රාජිනි තිරාණගම ,කේ අමරතුංග ,සාගරිකා ගෝමස් ,ත්‍රීමා විතාන , ප්‍රේමකීර්ති , විජය කුමාරතුංග ,රෝහණ කුමාර මේවට වගකිවයුත්තෝ දැන් ඉන්නේ කොහෙද කියලා හොයලා බැලුවොත් , තමුන්ලා බලාපොරොත්තු වෙන යහ පාලනයේ අතරයි ඉබ්බාගෙන් පිහාටු ඉල්ලීමයි අතර වෙනසක් නැති බව පෙනේවි (බ)
විදුලි පුටුවට වුනත් යන්න බය නැති මහින්ද , දැන් සමහර කතා වලටත් බයයි , උසාවි ගිහින් බලන්න කියාපුවා බොරුද කියා , එදා මහින්ද කාලේ උසාවිය නෙමේ අද (බ)
ඉතාම සුක්ෂම විදියට නිසා ඒවා ඔප්පු කරන්න යම් කාලයක් ගත වෙනවා.(ම)
මේ පුද්ගලයෝ රටට කළ සෙතක් නැත .බල්ලෝ බිරුවට කදු පාත් වෙන්නේ නැත .(ම)
මහින්ද උසාවි ගෙන යාමට පෙර , 88.89. ඝාතකයන්, බටලන්ද ඝාතකයන්,මිල්ලේනියම් සහ පොලිසියේ 600 ක ඝාතකයන් , රට පාවදුන්නන් , වහාම උසාවි ගෙන යා යුතුය. (ස) .
අද නීතිය රැකිලා තියෙන්නේ පහුගිය ජනවාරි 8 වෙනිදි වෙච්ච මහ විප්ලවය නිසයි. (ම)
මහින්දයි වටේ ඉන්න අයගේ හිගන මනසයි පෙන්නන්න මේ උදාහරණයම ඇති. (බ)
ඔය විදියට යන්නේ බලය නැති නිසා ,,,,,බලයට අවොත් ඔය ලිස්ට් එකේ ඔක්කොම කට්ටියව මරනවා ,,,,, ඒ නිසා මිනිමරණ කට්ටිය අපට සදහටම එපා. (ස)
ගිය ජනාධිපතිවරණයේදී සීටීබී එකට රූපවාහිනී සංස්ථාවට ණය වෙච්ච මුදල ගෙවන්ඩ වෙන්ඩැති.... (නදී)