(නාලක සංජීව දහනායක)
මිග් යානා ගණුදෙනුවක් සම්බන්ධයෙන් අධිකරණය මඟින් වරෙන්තු නිකුත් වී ඇති රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතාට මෙරටට පැමිණෙන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා දැනුම්දී ඇතැයි යහපාලන වින්දිතයෝ සංවිධානය සඳහන් කරයි.
සැකකාර උදයංග වීරතුංග මහතාට එරෙහිව පනවා ඇති විදේශ ගමන් තහනම ඉවත් කරවා ගැනීම සඳහා මෝසමක් මාර්ගයෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් අද (26) ඉල්ලීමක් කිරීමට බලාපොරොත්තුවන බව ද එම සංවිධානයේ ප්‍රකාශකයකු පැවසීය.
අධිකරණයෙන් පනවා ඇති විදේශ ගමන් තහනම හේතුවෙන් වීරතුංග මහතාට මෙරටට පැමිණිම බාධාවී ඇති බවත් එම බාධාවන් මඟහරවා ගැනීම සඳහා මෙලෙ අධිකරණයට මෝසමක් ඉදිරිපත් කරන බවද යහපාලන වින්දිතයෝ සංවිධානය සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුරු කවුරුත් එකඟතාවයකට ඇවිල්ලා බව පේනවා.
මේ සංවිධානයේ නම ඇහුවෙත් අදමයි. කවුද මේ වින්දිතයෝ.?
දැන් ඉතින් රනිල් මහත්තයත් අර්ජුන් මහේන්ද්‍රන්ට වහාම ලංකාවට එන්න කියයිද දන්නේ නෑ................ නැත්නම් ඉතින් හැමදාම වැඩ බැරි ටාසන් වගේ ඉන්නවානේ.................
අර්ජුන ගොයියත්වත් එනගමන් එක්කගෙන ආවනම් නේද හොද ??? අර මකටෙයි තනියම එන්නේ ??? මොකද සුත්තර පුංචා "වීර පුරන්අප්පු ටෝක් "දුන්නට ස්ටේජ් නැගලා අතීසාර යාළුවව ගෙන්න බයයි.
මහින්දගේ අනු දැනුම ඇතුව මෙච්චර කාළයක් හැංගිලා හීටීය කට්ටිය දැන් සාක්ෂි ඇතිව ඔප්පූ වෙලයී තියෙන්නේ. ගෝඨාභය එෆ්.සී.අයී.ඩී.යට කට උත්තර දෙන්න ඉදිරිපත්වීමත් උදයංග ලංකාවට පැමිණීමත් අතර සම්බන්ධයක් තිබිය යුතුයී.මේ සියල්ල සිදුවෙන්නේ සැලසුම් සහාගත කුමන්ත්‍රණයක කොටසක් වශයෙන් බව පැහෑදීලියී. විත්තිකරුවකුට සැගවීමට ආධාර හා අනුබල දිමේ චෝදනාවට හා දැන දැන තොරුතුරු වසන් කිරීමේ චෝදනාවට මහින්දව වහාම අත් අඩංගුවට ගත යුතුයී.
ඔය ඉන්නේ එලියට ඇවිත් අලිබබා දැන් ගෝලයෝ අල්ලන්න කවුරුවත් වද වෙන්න ඕනේ නැහැ ගෝලය ඇසුරු සැනින් ලංකාවට ඒවි ඕනෙම කල්ලියක නායකයට පිටින් ගෝලයෝ වැඩ කරන නැහැ නේ එක තමා සම්ප්‍රදාය ගෝලයට බය වෙන්න දෙයක් නැහැ වසර 30 දරුණු යුද්ධයකට දිවිහිමියෙන් උපරීම ශක්තිය දීල සෙබළු දහස් ගානක් සිවිල් වැසියෝ දහස් ගානක් මරපු අය යහතින් රටේ වජඹෙනවා නම් මේ මිග් එකක් ගන්න මිලියන 100 - 200 වංචා කල එක මොකක්ද?
කව්ද අප්පේ මෙච්චර කල් මෙයාව හංගගෙන හිටියේ?
මොකද පරක්කු උනේ ඕක කරන්න, මීට කලින්ම ගෙන්න ගන්න තිබුණනේ
මම මහින්ද රෙජිමයට විරුද්ධව වැඩ කළ කෙනෙක්. නමුත් මේ කාරණයේදී මහින්ද රාජපක්ෂ මහත්මාගේ ක්‍රියාව අගය කරනවා. අපේ නායකතුමා අර්ජුන මහේන්ද්‍රන් ව ගෙන්නලා දෙයි කියලා යූ එන් පි යේ කැලණියේ අපි බලාපොරොත්තු වෙනවා.
හොරකන් කරලා නැත්නම් ඇයි මේ හැංගිලා ඉන්නේ. මහින්ද මහත්තයත් ලස්සනට බබා පාට් දානවා.
ලබන ආත්මෙදිවත් හරි හමන් නීතියක් තියෙන රටක ජීවත් වීමට වාසනාව ලැබේවා.
හරි, ගැටේ ගහල වගේ. බලන් ඉම්මු මොකක්ද පිනුම කියලා,
අතේ මාට්ටු, උදයංග කවුරුත් කියන දේ අහන්නේ නෑ කියලා.....
ඩීල් එක හරි.
ඒ කියන්නෙ මෙච්චරකල් එන්ඩ එපා කිව්වෙත් මෙයාමද?
මේක නිකන් මාධ්‍ය ප්‍රෝඩාවක් විතරයි. දැන් මහින්දට කියන්න දෙයක් නැතුව තව මාස හයක් විතර අදින්න දෙයක් පත්තරවල මාතෘකාවක් පමණයි මෙය. මහින්ද ගැන දන්නා අපට මේක තවත් එක ගේමක් විතරයි. මහින්ද මහත්තයෝ, මෝඩ මිනිස්සු දැන් ලංකාවේ ඉන්නේ බොහොම ටිකයි.
මහජනතාව නින්දිත්යෝ... දේශපාලුවෝ වින්දිතයෝ...
තමන් හරිනම් ඇයි බයවෙන්නේ? හංගන්න යමක් තියන හින්දනේ හැංගිලා ඉන්නේ? ලංකාවේ නීතියක් තියනවා නේද සිතාසි කරුවන් අධිකරණයට ඉදිරිපත් නොකර සඟවා ගෙන සිටීමත් වරදක් කියලා? මේ අවස්ථාවේදී එම නිතිය බලපාන හැටි පොදු ජන හිතසුව පිණිස පැහැදිලි කලොත් හොඳ නැද්ද? මොන තරාතිරමේ අයෙක් වුවත් අපරාදයක් කිරීම හෝ ඊට අනුබල දීම වරදක් නොවේද? නො දන්නා හින්දයි අහන්නේ ?
හොරු අල්ලනවෝ ! හොරු අල්ලනවෝ !! හොරු අල්ලනවෝ !!! මෙන්න මම අවො
කම්බ හොරා කතා කරද්දි පොඩි හොරු අවනත වෙනව.අපිත් අර ගොං ආණ්ඩුවක් හැදුවනෙ හොරුන්ගෙ ගොං ආතල් බලන්න.
දවසින් දවස එක එක සංවිධාන බිහිවෙනවා..............ඇහුවෙත් අදමයි .....
ඔය කව්රු ගෙන්නුවත්, මහජනයාගෙන් හොරා කාපු සල්ලි ආපසු සොයා ගන්නට ලැබෙන්නේ නැහැ. මේවා නිකම් මාධ්‍ය සංදර්ශන පමණයි.
දැන් බයවෙන්න කාරණාවක් නැහැ. සාකච්ඡා සාර්ථකයි. ලයින් ක්ලියර්! වරෙන් මචං!