‘මහින්ද රාජපක්ෂ උතුම් මනුස්සයෙක්. සියලු දේ විනාශ කළේ පවුලේ අය. මම අට වැනි දාට පස්සේ (ජනවාරි) විරුද්ධ පක්ෂයේ වාඩි වෙනවා. ඡන්ද පොළට ගිහින් කැමති කෙනකුට ඡන්දෙ දෙන්න.‘ යැයි කිරිබත්ගොඩ මායා මාවතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේ දී මහජන සම්බන්ධතා ඇමැති මර්වින් සිල්වා මහතා ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයවේවා! (නි)
මේ වගේ අයත් රටට ඕනෑ (නි)
කොච්චර මිනිසුන් බැන්නත් කෙලින් කතා කරන කරන්න බැරි දෙයක් නොකියන මිනිසෙකු නිසා අවංකවම සතුටුයි ඔබේ වචනය ගැන ඇමතිතුමෝ(දිල්)
මේ වගේ අය ගැන මට හිතෙන දේ නම් මට මෙතන ලියන්න අමාරුයි (නි)
ඔහොමම ඉන්න අටවෙනිදා වෙනතුරු (නි)
ඔහු එඩිතරව වැඩ කළ ඇමති කෙනෙක්. කවුද හිතුවේ මෙහෙම වෙයි කියලා (නි)
කෙළින් කතාකරන ඇමති කෙනෙක්. (නි)
ජනාධිපති මහින්ද මහත්මයා හොඳ කෙනෙක්. නමුත් වටේ ඉන්න සමහර හොර හෙන්චයියලා රට විනාශ කළා. දැන් වෙනසක් ඕනෑ රටේ අනාගතය සඳහා (නි)
මම නම් පුද්ගලිකව මෙතුමාට කැමති නැහැ (නි)
ඇල්ලේ කුඩාබණ්ඩා සහ කිංග්ස්ලි පෙරේරා මැතිවරණයට පෙර අවසාන සිහිනයද දකින්නේ? (නි)
ගත්තොත් ඊළඟ දවසේ ඉඳලා විශ්වාසය නැතිකරගනීද දන්නෙ නැහැ (නි)
මේ අදහස් බැලුවහම හිතට දැනෙන්නේ දුකක්. පාර්ලිමේන්තුව මොකක්ද, ජනාධිපතිවරණය මොකක්ද, ආණ්ඩු පක්ෂය මොකකද විපක්ෂය මොකක්ද කියල තෝරාගන්න බැරි, එහෙමත් නැත්නම් දන්නෙ නැති ඡන්දදායකයො එයාලත් එක්ක මොන කතාද? සමහරු හිතාගෙන ඉන්නෙ 8 වෙනිදාට ඔක්කොම හරි කියලා (නි)
සත්‍ය ජයගනී (දිල්)
ඉක්මනින්ම යන්න. පමානොවී. (නි)
මොනවද මේ මෙතුමා කියන්නේ? (නි)
අපෝ! මෛත්‍රී මහත්තයෝ, ප්‍රවේශමෙන්! (නි)
අර එක්කෙනෙක් තුන්වෙනියෙක් එනවා කියලා කිවුවේ මෙයාටද දන්නේ නැහැ (නි)
අට වෙනිදට පස්සේ විරුද්ධ පක්ෂය මොකද්ද.? (ර)
කරන්න බැරි දේ කියන්නෙත් නැහැ. කියන දේ නොකර ඉන්නෙත් නැහැ. මොනවා උනත් මෙතුමාගේ වැඩ කෙලින්. ඒකට මම ගරු කරනවා.(දිල්)
ඒ වෙනකොට අනෙක් පැත්තේ ආසන ඉවරවෙලා තියේවි.(දිල්)
මෛත්‍රී යනු අන්තර්ජාලයේ ජනපති පමණයි. ඉක්මනින්ම යන්න (නදී)
මෙතුමා මේ ඇත්තමද කියන්නෙ.? (ර)
දැන්වත් ඔබතුමාට හරි වැරදි හදුනා ගැනීම ගැන සතුටු වෙනවා. 08 වැනිදට කලින් ගියානම් වැඩිය හොදයි. (ර)
ඒ කියන්නේ ඇමතිතුමා 8 වැනිදායින් පස්සේ මහින්ද මහත්මයා දිනන එක වලක්වන්න බැරිද? (ර)
මෙතුමා දැන් ප්‍රමාද වැඩියි කියලයි මම නම් හිතන්නේ (නි)
කවුද දන්නේ 9 වැනිදා කොහෙද විපක්ෂය කියලා (දිල්)
කව්ද කියන්නේ මෙතුමා පක්ෂේ මාරු කරනවා කියල... එතුමා කියන්නේ 8 වෙනිදට පස්සේ එතුමා විපක්ෂේ කියලනේ... සිරිසේන මහතා දිනුවොත් කොහොමත් ඔය ඔක්කොම විපක්ෂේ වෙනවනේ.... (බ)
මෙයත් ඕවට වගකියන්න ඕනේ. මිනිස්සු ගැටගහල, පත්තර කන්තෝරු වලට පාට දමල නිතිය කඩකරලා එමගින් මහින්දගේ ජනප්‍රියත්වයට හානිකළේ මෙයා තමයි. 8 වෙනිදා වෙනකම් ඉන්නේ මොකද ? දැන්මම යනවකෝ. තව එක ඡන්දයක් හරි වැඩියෙන් වැටේවි (බ)
සිල්වා මහත්තයත් හිතේ අමාරුවෙන්ද කොහෙද ඉන්නේ පුතාව හිරේ දැම්මට .8 වෙනිදයෙන් පස්සෙත් රටේ ජනපති මහින්ද මහත්තය තමයි. .මෛත්‍රී යනු අන්තර්ජාලයේ ජනපති පමණයි. (බ)
දැනටමත් ගිහින් තමයි මම හිතන්නේ ගන්න කැමති නැහැ (බ)
අනේ දැන් මෙයාට මුකුත් නෑ නේද ? (දිල්)
යහ පාලනයකට අවශ්‍යම මිනිස්සු තමයි මේ (දිල්)
එහෙනම් ඔබතුමාත් විපක්ෂයට උතුම් මිනිහෙක් වේවී. (ර)
කිංග්ස්ලි පෙරේරා, ඔබ එක්ක මම එකඟයි.(නදී)
මෙතුමා කියන්නේ මහින්ද මහත්තයා පරදිනවා නමුත් මහින්දව දමා යන්නේනැහැ. ඡනවාරි 8න් පසසේ මහින්ද. විපක්ෂය වනබවද මෛත්‍රි රජයක් පිහිටුවන බවද සැලකිය හැක. (බ)
මෙයාව ගන්න කෙනෙක් නැද්දෝ ? (නදී)
හක්කේ බුදු රැස්- බොක්කේ දඩ මස් තියාගෙන ඉන්න සමහර ඇමතිලට වඩා නම් ඔබතුමා හුගක් හොදයි.(නදී)
ඒ කියන්නේ කිංග්ස්ලි පෙරේරා මහත්තයත් පිලිගන්නවා අන්තර්ජාලයේ ජනපති මෛත්‍රී කියලා. බොහොම හොඳයි එතකොට. ඔබට හිතෙන විදිහට අන්තර්ජාලය හැරුණුවිට අනිත් සෑම තැනකම මහින්ද මහත්තය සැබෑවටම ජනප්‍රිය නම්, ඇයි මහත්තයෝ මෙච්චර මිලියන් ගණන් වියදම් කර කර හැම ලයිට් කණුවක්, ලයිට් කණුවක්, පාසාම හැම බෝක්කුවක් , බෝක්කුවක් , පාසාම, කටවුට්, පෝස්ටර් ගහල තියෙන්නේ ? එයාගේ රැස්වීම්වලට බස් වලින් සෙනග අදින්නේ. වෙන එකක් තියා හරියට ඡන්දෙට බය වෙච්ච් කෙනෙක් වගේ ඇයි අනේ විරුද්ධ පාක්ෂිකයින්ටයි එයාලගේ රැස්වීම්වලටයි ඔච්චර ගහන්නේ ? (නදී)
ලෝකය පෙරලෙයි කාලේ ගෙවියයි මරුවා ලඟා වෙනවා - .සිතු දේ නොමවෙයි නොසිතු දෙයක් වෙයි ලෝ දම් කැරකෙනවා. (නදී)
මෙතුමා හරිම කපටියෙක් වගේ. මට පේන්නේ ඒ් කතාවේ තේරුම් දෙකක් තියෙනවා. 8 වෙනිදයින් පස්සේ කොයි පැත්තද විපක්ෂය (නදී)
නියමයි හොඳේ (නි)
යහපාලනයට ඔයත් යන්නකෝ (නි)
කොහොමත් දැන ඔබ සිටින පක්ෂය 8 වෙනිදාට පසු විපක්ෂය නිසා , වාඩිවෙන්නට සිදුවන්නේ විපක්ෂයේ (නි)
අනේ මන්දා! කරච්චලේ ඉවරයි කියලා හිතුවට ඉවර නැහැ වගේ? (නි)
සිල්වා මහත්මයා හොඳ කෙනෙක් (නි)
ඔබතුමාත් 5 වෙනිදාට කලින් එන්න (නි)
දැනටමත් පරාජය බාරගෙනද? (නි)
කතාව නම් මසුරන් (නි)
තිරණය ඔබේ අතේ මන්ත්‍රී තුමනි, කැමැති දෙයක් කරන්න (නදී)
මෙයා ආවොත් තිබෙන ඡන්ද ටිකත් නැතිවෙයිද මන්දා? (නි)
මහින්ද මහත්තයා අමාරුවේ දැම්මේ මේ වගේ අය තමයි (නි)
මහින්ද නැවත ජනාධිපති වෙන එක නවත්වන්න කිසිම ජගතෙකුට ලැබෙන්නේ නැහැ (නි)
යන එකමයි හොඳ (නි)
9 වෙනිදාට විපක්ෂයේ කියන්නේ, දිනන්නේ මෛත්‍රී කියන එක (නි)
මෙතුමා පක්ෂය හැරයන කෙනෙක් නෙමෙයි (නි)
ඔය මහත්තයා දිනනතුරු ඉඳලද පනින්න හදන්නේ. (නි)