ජනවාරි 8 වැනිදා විප්ලවය පස්සට ගියොත් ආපසු සුදුවෑන් එන බවත් නැවත රජ පවුල්වලට දිව්‍ය ලෝකයත් ජනතාවට අපායත් නිකන් අපායක් නොව අවීචි මහා නරකාදියට වඩා දුක් විඳින රාජපක්ෂ අපායක් හිමිවන බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ යටියන්තොට පැවති ජන රැලියට එක්වෙමින් පැවසීය.
‘ ජනවාරි 8 වැනිදා විප්ලවය ඉස්සරහට යනවානම් සුදු වෑන් නෑ, කුඩු නෑ, ස්ත්‍රී දුෂණ නෑ, රැකියා තියෙනවා, ආදායම් වැඩි වෙනවා, ගොවිතැන දියුණු වෙනවා. අපි ඉල්ලන්නේ අලුත් රටක්, අලුත් ගමක් හදන්න අගෝස්තු 17 වැනිදාට ජන වරමක් දෙන්න‘ යැයි අගමැතිවරයා එහිදී කීවේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අපිටනම් පහු ගිය මාස හයේ නිදහස හොඳට දැනුනා, කතා කිරීමේ නිදහස ලැබුනා, නිතිය පොදුවේ හැමෝටම ක්‍රියාත්මක උනා. ඒ නිසා මේ ලැබුන ප්‍රජාතන්තරේ ආරක්ෂා කර ගනිමු. (ර)
අනේ සර්, බ්‍රේස්ලට් එකක් දෙන්නකෝ. (ර)
දූෂිත පාලකයන් නිර්මාණය කල සමාජයේ ඉන්න මානසික වහළුන් හට ප්‍රඥාව පහල වී, දැන් උන්ට හැම දේම තේරෙනවා. ඕනම විෂයක් සම්බන්ධයෙන් මෝඩ අදහස් ගල් පැලෙන තර්ක සමග තොග ගානට දෙන්න උන්ට පුලුවන්. (නදී)
බය වෙන්න එපා... (ර)
දුකක් ඇතිවෙනවා මේවා ඇහුවාම. අපි මෙයාගෙන් මිට වඩා උසස් බුද්ධි මට්ටමක කතාවක් තමයි බලා පොරොත්තු වෙන්නේ. අඩු තරමින් මර්වින්, සජිත් මෙම විධියේ කතාවක් කලානම් පුදුම විය යුතු නැහැ. මේ මගේ මතය. (නදී)
ඔබතුම බලයට ආවහම මොකක්ද විවෘර්ත කරන්නේ? ටයර් ගොඩගැහිලා තිබිනවා ලයිට් කණු ගොඩක් හිටවල තිබනවා (බ)
මෙයා මොනවද දන්නේ බුදු දහම ගැන. නොදන්නා සමයන් කියවන්නේ නැතුව ඉන්න මහත්තයෝ. (බ)
මේ මනුස්සයා ලිච්චවි රජ්ජුරුවන් ගැන කියල අවීචි නරකාදිය ගැන කියල ධර්මෙන් මේපාර වැඩේ ගොඩ දාන්න හදන්නේ...සුද්දෝ ඉතිහාසෙත් අපේ රට යටත් කර ගත්තේ මේ උප්පරවැට්ටියෙන්ම තමා. ජෝන් ඩොයිලි හොඳ උදාහරණයක්. මෙයාගේ තවත් කෙරුවාවක්. බලන්න අපේ රටේ විදේශ සංචිත වලට වෙලා තියන නස්පැත්තිය, මෙයාලගේ මහා ආර්ථික දැනුමේ මහිමයෙන්. (ස)
කිතු දහමේ ආගමේ අවීචි මහා නරකාදියක් නැත. (ස)
ඔබතුමා ආතති අරගන්නේ නැතුව කූල් එකේ ඉන්න. (ස)
මට තේරෙන විදියට මෙතුමාටත් වඩා ආර්ථික දෑනුමක් කොමන්ටුව දාපු කෙනාට තියෙනවා වගේ. නිකන් කඩේ යන්න එපා හලෝ. මේ මනුස්සයාගේ දෑනුමෙන් අවුන්සයක් තියෙනවාද ඔහෙට? (ස)
මෙතුමා කොහේ ගියත් පොයින්ට් එකට කතා කරන්නේ. (ර)
අර 88, 89 කාලය වගේද ? (නදී)
රොෂාන්, ඔයත් යන්නේ කඩේ නේ! (ර)
අපේ රටේ පක්ෂ නායකයෝ බොහෝ දුරට හොඳ පුද්ගලයෝ. වැඩේ තියෙන්නේ බලය ආරක්ෂා කරගන්න වටේ ඉන්න කට්ටියට වරප්‍රසාද, අවිනීතිය රජකරවීමේ නිදහස දීල තමා හැමෝම ඇනගන්නේ. (ස)
අපිට ඕනේ මිනිස්සුන්ට ආදරය කරන මොලයක් තියෙන නායකයෙක්. රජෙක් නම් එපා මහින්ද රජාත් එපා එපා එපා. (ස)
බයෙන් කතා කරන්නේ. (ර)
ඔයා කොහොමත් අපායට යනවා ,,,,,,, මහින්ද ආපුවම. (ස)
මෙයාගේ කතාව විතරයි , වැඩ නැහැ. (ස)
අපොයි අවිචිය කියන්නේ මහා නරකාදියක් තමා. කන්වලට ඇන ගහනවා. පන පිටින් පුච්චනවා, අවිචිය පාරේ හැමතැනම මිනි පුච්චළලු, නිරුවත් මළමිනී කාක්කෝ ඇද ඇද කනවලු දවස් ගණන්. (ස)
හේෂාන් නරකද කඩේ යන එක නවත්තල ගිහිල්ල ජනක බණ්ඩාරට දන ගහල වැන්දනම්. (ස)
හරි හරි සර්, අපි චුවින්ගම් කකා ජොලියේ ඉඳිමු. (බ)
දැන් මනාප ඕන නම් දන ගහල මහින්ද මහ්තයාට මිනිසුන් ඉදිරියේ ප්‍රසිද්ධ රැලි වලදී වන්දින්න ඕනා. නැත්නම් උන් පනින එවුන්. (ස)
ඔබේ පොරොන්දු ඉෂ්ට වෙනවනම් මේ වන විට රත්තරන් බඩු සාප්පු වැහිලා තිබෙන්න ඕනි ! (ම)