කුරුණෑගල මනාප පොරයට පැමිණි මහින්ද රාජපක්ෂ මහතා නිසා කුරුණෑගලින් ජනතා විමුක්ති පෙරමුණේ මනාප ප්‍රමාණය ශීඝ්‍රයෙන් ඉහළ යමින් තිබෙන බව ජනතා විමුක්ති පෙරමුණේ කුරුණෑගල කණ්ඩායම් නායක නාමල් කරුණාරත්න මහතා ලංකාදීප එසැණට පැවසීය.
ඇත්තෙන්ම ඔහු ලජ්ජවෙන්න ඕනේ. මනාප බලු පොරයට වැටීම ගැන. මනාප පොරයට හිටපු ජනපති වැටුණු එක ගැන කුරුණෑගල ජනතාව ඉන්නේ කලකිරීමෙන්. ඔවුන් දන්නවා මේ විදියට පාර්ලිමේන්තුවට යන්න හදන්නේ මොකටද කියලා. මහින්ද ආපු එකට ඔහුගේම පක්ෂේ කුරුණෑගල අපේක්ෂකයෝ කැමති නැහැ. මේ අය දැන් තමන්ගේ ගොඩ වැඩිකරගන්න දුවනවා. හිටපු ජනපතිත් දුවනවා. ඔහුව මෙහාට ගෙනාපු අය හිතුවේ මහින්ද ලක්ෂ තුනක් හතරක් මනාප ගනියි කියලා. ඒක ඔවුන්ගේ හීනයක්ම තමයි. ජනතා විමුක්ති පෙරමුණේ අපි ඊයේ පෙරේදා මෙහෙ ඉන්න ව්‍යාපාරිකයෝ දොස්තරවරු ඉංජිනේරුවන් පන්සියකට ආරාධනා කරලා රැස්වීමක් තිබ්බා. කියන්න සතුටුයි හාරසියයකට වඩා වැඩි පිරිසක් ආවා. වෙනදා අපි එහෙම ආරාධනා කරලා රැස්වීමක් තිබ්බනම් එන්නේ හැත්තෑපහක් විතර. අපේ ප්‍රවණතාවය ඒකෙන්ම හිතාගන්න.
අපිට ඔය පක්ෂ දෙකම එකයි. අවුරුදු 67ක් රට ණය ගොඩකට ඇදලා දැම්මේ බොරුවෙන් ලෝකය මුලා කළේ හෙට උපදින දරුවෙක් පවා ලක්ෂ ගාණක ලෝක ණයකාරයෙක් කළේ කවුද? අපේ කම්මුල් පාරවල් ඔවුන්ටයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විහිලු කාරයෝ. (බ)
මොකද මේ හැමෝම මහින්දට මෙච්චරම බය? (බ)
බම්බුව තමයි. රටට විහිලු හෙවත් ජනතාවට ජෝක් සපයන්නෝ (බ)
මෙවර ජවිපෙ ඉදිරියට ගත යුතුම වෙනවා. (බ)
ජවිපෙ තමයි විශ්වාස කළ හැකි පක්ෂය. (බ)
ප්‍රජාතාන්ත්‍රීය මනසක් ඇති, එමෙන්ම සමාජයට වෛරය ගෙන නොඑන, අනුන් නැසීමට නොපොළඹවන, පාර්ථයෙන් පිරුණු මිනිස්කම අගයන කුහක කමින් තොර අයෙකු ඔය ලැයිස්තුවලින් පුළුවන්නම් පෙන්වන්න. එහෙම අය මේ රටේ දේශපාලනයට එන්නේ නෑ. එන්න තරම් සුදුසු වාතාවරණයකුත් තවම නෑ.(ම)
හීනෙන්ද දන්නෙ නැහැ? (නි)
පුලුවන් නම් එක කුඩුකාරයෙක් , එතනෝල්කාරයෙක් , බාර් හිමියෙක් ජවිපෙ ලැයිස්තුවේ පෙන්වන්න (නි)
හොඳයි බලමුකෝ! (නි)
ජවිපෙට අන්තිමට මොනවා වෙයිද දන්නෙ නැහැ (නි)
මේ කතා කරන්නේ මෙයාලමද? (නි)
ජවිපෙ කවදාවත් විශ්වාස කළනොහැකි පක්ෂයක්. කයිය ගහලා මනාපය අරගෙන මොකුත් කරන්නේ නැහැ. කරන්න දෙන්නෙත් නැහැ. (නි)
දූෂිතයින් නැත්තේ ජවිපෙ විතරයි (නි)
ජවිපෙ ආසනයක් ගන්න පුළුවන් නම් ඒ දිස්ත්‍රික්කයට දාන්නෙ 'කෙරුමෙක්'. දාලා තිබෙන කෙනාගෙන්ම ආසන ගණන පේනවා.අපි නොදන්න ලයිව්! (නි)
ජවිපෙ හැමදාම කියන්නේ මේ වගේ කතා. අවුරුදු 50 ක පක්ෂයක්.රටට මොනවාද කළේ? (නි)
පරණ පක්ෂ දෙකටම චන්දය දීල රටට උන කිසිම සෙතක් නෑ මේපාර මමත් දෙන්නේ ජවිපෙ එකට තමයි (ම)
එහෙනම් ඉතින් ජවිපෙ දිනයි (නි)
රටට ඇති එකම විකල්පය ජනතා විමුක්ති පෙරමුණයි. මනාප දියයුත්තේ හොඳ මිනිසුන්ට පමණයි. (නි)
මේ පාර ජවිපෙ ට දීලා බලමු! (නි)
බුද්ධිමත් ජනතාවගේ ඵකම පැතුම ජවිපේය ඹබලාට ජයවේවා (බ)
17 වෙනිදට ඡන්දෙදි ජනතාව එ්ක පෙන්නයි (බ)
අනෙක් පක්ෂ දෙකම ආණ්ඩු කරලා පෙන්නුවට ලොකු ප්‍රතිපලයක් රටට ලැබුණේ නෑනේ ...එනිසා මේ සැරේ ජවිපෙට දීල බලමු කාට දුන්නත් මහා වෙනසක් නෑනේ (ම)
නාමල් කරුණාරත්න හොදටම බයවෙලා. දැනටම එතුමා දන්නවා ප්‍රතිපල මොනවද කියල. (බ)
ජේ වී පී.එකේ ප්‍රතිපත්ති ප්‍රකාශය කියවලා හා රාත්‍රියට යන සංවාද හොඳට අහලා රටේ ත්ත්වය අවබෝධ කරගෙන මේවට අදහස් දාන්න. රටේ යහපත වෙනුවෙන් වැඩ කරන කතා කරන යහපත් පක්ෂයකට ඡන්දය දෙන්න.මම හිතන්නේ අපේ රටේ තවම දේශපාලනික වශයෙන් මිනිස්සු නොදියුණුයි. සමහරු දාල තියන අදහස් දැක්කම හිතනවා මේ අය ඉන්නේ කොහෙද කියලා.මේ රටේ තියන මේ සාමකාමි වාතාවරණයට හේතුව කවුරුත් දන්නෙ නැහැ.ඒවා කළේ මේ අයගේ පූර්ණ මැදිහත්වීමෙන්.ඒක නිසා අදහස් දානකොට බුද්ධිමත්ව අදහස් දාන්න. (නි)
ඔය ඡන්ද 400 විතරයි පුචානම් දොඩවනවා (නදී)
අම්මෝ මොකට කියනවද ඒ හරිය (බ)
17 වෙනිදට බලමු සුදු හකුරු හදන කියන කතාවේ ඇත්ත නැත්ත (බ)
කුරුණෑගල අපිට පිස්සු නැහැ ජෙප්පන්ට ඡන්දේ දෙන්න (නදී)
කුඩුකාරයෙක් , එතනෝල්කාරයෙක් , බාර් හිමියෙක් ජවිපෙ ලැයිස්තුවේ පෙන්වන්න බැරි උනාට මිනී මරුවෝ පෙන්වන්න පුළුවන් (නදී)
හිතේ දුකට නාමල් මරු කියවනවා...(බ)