රටේ නායකයින්ටත් අධිකරණයටත් මම කියනවා සාධාරණ අධිකරණමය තීන්දු දෙන ලෙසත් නොමිලේ ලැබුණු පෝර්ට් සිටි යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කරන ලෙසත් රට බේරාගත් රණවිරුවන් හිරේ නොදමන ලෙසත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද (17) හයිඩ් පිටියේ රැලිය අමතමින් පැවසීය.
‘අපි පොහොර සහනාධාර කැපුවේ නෑ. ඒ සහන සියල්ල ලබාදුන්නා. පාසල් නිල ඇඳුමට අත තිබ්බේ නෑ. අපිට ආහාර අර්බුදයක් ආවා. අපි වී වලින් හාල් වලින් මේ රට ස්වයංපෝෂිත කළා. දෙමළ ජනතාවගේ අයිතිය අපි ආරක්ෂා කළා.
එක අවුරුද්දක් ඇතුළත ඩොලර් මිලයන 6361ක්. කොහොමද රෙකෝඩ් එක. හදපු බෝක්කුව කොහෙද තියෙන්නේ. මේ අයට බැරි බවයි. කියන්නේ. බැරි බව වහගන්න කියනවා මම තව ණය අරන් තිබුණාලු. ඒවා හංගලාලු තියෙන්නේ. මම අරගත්තු ණය හොරෙන් ගත්තා නම් ඔප්පු නැත්නම් ගෙවන්නැතිව ඉන්නකෝ. ඇමැතිවරුන්ට චෝදනා කරනවා. මෙයාලා හිතනවා මට චෝදනා කරලා මගේ දරුවෝ හිරේ දැම්මම. මම යෝෂිතට කිව්වා මම මාස තුනක් හිටියා උඹ මොකද දවස් 44ක් හිටියට. නාමල් මාස 6ක් හිටියත් කමක් නෑ. හැබැයි ඒක නිසා මම දේශපාලනයෙන් ඉවත් කරන්න හිතනවා නම් ඒක මිරිඟුවක් විතරයි.
මට දුක අපිව හිරේ යවන එක නෙමෙයි. මේ රට ඔබට නිදහසට ලබාදුන්න රණවිරුවා සටනේ හිටපු රණවිරුවෝ අද හිර කූඩවල දාගෙන වැලිකඩ දාලා හිරකරලා මේ අයට තමන්ගේ දරුවා බලන්න යන්න දෙන්න බැරිනම් මගේ දරුවා හිරේ ගියාට මට ප්‍රශ්නයක් නෑ. මේක මහ අපරාධයක්. ආණ්ඩුවකට ඕන විදියකට එක එක නීති හදලා මිනිසුන් හිර ගෙවල්වල දාලා අහිංසක මිනිසුන්ට දුක් දෙන්න එපා කියලා මම නායකයින්ටත් කියනවා. අධිකරණයටත් කියනවා. අපි ඔවුන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ අධිකරණමය තීන්දු.
අපි වගේ තරුණයෝ වයස 70 අය අපට රැකියා ලබාදියව් කියලා බෝඩ් උස්සගෙන යනවා මම දැක්කා. මමත් පළිගන්න ලෑස්තිවුණා නම් මට පුළුවන්ද මේ රට මේ තත්ත්වයට ගොඩනගන්න. මම අල්මාරි ඇරියා නම් ඒවයේ තිබුණු ඇටසැකිලිත් වැටෙන්න තිබුණා. ඔබට බැරි නම් මට දෙන්න. මම කරලා පෙන්වන්නම්. පොහොර ටික දෙන්නම් 350ට. අපේ රාජ්‍ය දේපළ විනාශ කරන්න එපා. කළුවරේ පැයක් නෙමෙයි විනාඩි 10ක් තියන්නේ නෑ. නිකන් ලැබුණු පෝට් සිටිය නවත්තලා. මේ රටේ තරුණයන්ට රාජ්‍ය අංශයේ රැකියා ලක්ෂයක් දුන්නා උපාධිධාරීන්ට පමණක්. පුළුවන්කම තියෙද්දී මේ රජය දෙන්නේ නෑ.
විශ්‍රාම වැටුප අපි හිටියානම් ආපහු දෙනවා. ආපු ගමන් දෙනවා. අපි අත්වැල් බැඳගෙන මේ වැඩපිළිවෙළ ජනතාව කවදා කොතැනද ඉන්නේ ඒ හැම තැනකම ජනතාව එක්ක මම ඉන්නවා‘
මේ වසර අවසාන වනවිට පාර්ලිමේන්තුව වටකර රනිල් වික්‍රමසිංහ ඇතුළු නඩය පන්නා දමන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පැවසීය.
මහින්ද හයිඩ් වේදිකාවට නගී
ඒකාබද්ධ විපක්ෂයේ ජන රැලිය මීට ටික වේලාවකට පෙර කොළඹ ඉබ්බංවල පිලිප් ගුණවර්ධන පිටියේ (හයිඩ් පිටිය) දී ඇරැඹිණි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීන් වන චමල් රාජපක්ෂ, කුමාර වෙල්ගම, මහින්දානන්ද අලුත්ගමගේ, පවිත්‍රා වන්නිආරච්චි, සී බී රත්නායක, ජී ඇල් පීරිස්, බන්දුල ගුණවර්ධන, ඩලස් අලහප්පෙරුම, ගාමිණී ලොකුගේ , රෝහිත අබේගුණවර්ධන ඇතුළු පිරිසක් ද සහභාගී වී සිටිති.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීන් එම රැලියට ගියහොත් විනය ක්‍රියාමාර්ග ගන්නා බව පක්ෂ මහ ලේකම් ලිඛිතව දන්වා තිබිණි.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා එ්කාබද්ධ විපක්ෂයේ ජන රැලිය ආරම්භ කර පැය එකහමාරකට පසු පැමිණියේය.









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොරු කියලා මිනිස්සු රවටන්න බැහැ. රට රැකපු වරදට කියලා කිසිම රණවිරුවෙක් හිරේ දාලා නැහැ. වැරදි කළොත් රටේ නීතිය රණවිරුවාටත් එකයි (නි)
මේ ඉන්නේ රට හදන්න කියලා තිතන අය ගැන දුක් වෙනවා ඇරෙන්න මොනවා කරන්නද මේ එන්නේ තමන්ගේ පවුලේ අය හිරේ යන එක නවත්තා ගන්න (බ)
තව මාස තුනක් යනකොට ඔය නඩේම හිරේ . එ්ක නවත්ත ගන්න තමා ඔය දගලන්නේ (බ)
ඔව් ඔව් අපි දැන් මේ ඔක්කොම වැඩ නවත්තල ඔයාට රට බාර දෙන්න තමයි හදන්නෙ. (බ)
පොහොර සහනාධාරය කියලා ලබා දුන්න විනාශකාරි පොහොර නිසා තමයි වකුගඩු අර්බුදය ඇති වුනේ..වස විස නැතිව ගොවිතැන් කරන්න හදලා රටේ ජනතාව ලෙඩින් යන්තම් හෝ මුදවා ගන්න හදනකොට බොරුවට පොහොර දෙන්න කියලා කෑ ගහනවා.. පිස්සු නැතිව ගෙදරට වෙලා හිටියනම් හරිනේ..රණවිරුවන් වැරදි කරනවානම් දඩුවම් දෙන්න එපාද..ඒක පුදුම නීතියක්නේ..එයලා යුද්දේට දායක වුනා කියලා වැරදි කළාම නීතිය ක්‍රියාත්මක කරන්න එපාද..පිස්සු මේ ලොක්කට දැන් හොදටම..කොහොම වුනත් එයාම තමයි එයාගේ ගෞරවය නැති කරගත්තේ..(බ)
කෝ දැන් යහපාලනය අල්ලපු හොරකම් මිනිස්සු ගොනාට ඇන්දුවා ඒකයි කළේ (බ)
චතුරි ,සරත්පොන්සේකා මහතා රට බේරාගත් රණ විරුවන් සහා රට සුදු කොඩි කතාවකින් හොර සුද්දන්ට පවා දීම නිසයි එය සිදුවුනේ යයි මම සිතමි (බ)
චතුරි ෆොන්සේකාව හිරේ දැම්මේ සුදු කොඩි කතාවටයි ,බීනත් එක්ක කරපු යුද බිස්නේස් එකටයි විරුද්ධව.කන් දෙක ඇහෙනවානම් මේ ඊයේ පෙරේද අාපහු කිව්වේ සුදු කොඩි කතාව. (බ)
ඔබතුමා රට ත්‍රස්තවාදෙයන් මුදවා ෙගන සංවර්ධනය කරපු ඒක සමහරුන්ට දැන් අමතක ෙවලා. පාටක් පක්ෂයක් නැති අපිට නම් ඒක ෙහාඳටම මතකයි. ඔබතුමාට දීර්ගායු ෙව්වා. අපි හදවතින්ම ඔබතුමා සමගයි. පක්ෂවලට කෙඩ් යන කට්ටිය ෙමානවා කිව්වත් ෙනාසැලි ඉදිරියට යාමේ හැකියාව ඔබතුමාට තියනවා. අනේක වාරයක් පිං.! (ර)
ජයවේවා (බ)
දැන් තමයි අපේ රටේ නීතිය හරියට කෙරෙන්නේ. (ර)
ජයවේවා මැතිඳුනි ! (ර)
කාවවත් ආසාවට හිරේ දන්නේ නෑ. වරදක් කරලා ඇතිනේ. මට කිසිම රජයකින් වැඩක් නෑ මන් පෞද්ගලික අංශයේ සේවකයෙක් කාගෙන්වත් පස්සෙන් ගිහින්වත් මුට්ටි අල්ලලාවත් ජිවත් වෙන්නෙත් නෑ එත් රටට හොදක් වෙනවනම් ඒ ගැන ගොඩක් සතුටු වෙනවා. (ර)
චමල් දෙපැත්ත බැලන්ස් කරනවද?. රාජපක්ස කියන අය ඔක්කම ඔය වගේ කියල අපි එදා ඉදන්මයි කියන්නේ. හොර නඩේ එකට එකතුවෙලා.(කෞ)
බමුණු ආරච්චි, බුම්මාගෙන බලා ඉන්නකෝ. එළිවෙන ජාමෙටයි හොඳ හොඳ සෙල්ලම් (නි)
ඔබට යුත්තිය ඉල්ලා අධිකරණයට යාහැක ඔබගේ පාලනකාලයේ සරත් පොන්සෙකා, හිටපු අගවිනිසුරු වරියට සලකපු විදියි අපිි දන්නවා දැං පරක්කු වැඩී. පිනක් දහමක් කරගෙන පඩුවේ ඉන්න (කෞ)
ගෙදරට වෙලා විවේක සුවයෙන් ඉන්න... (ර)
අනූ නවයෙන් ජීවිතය බේරාගෙන 2014 දී රුසියාවට පැන ගත් යුක්රේනයේ හිටපු ජනාධිපති වික්ටර් යනිකොවිච්ගේ කළු සල්ලි ඩොලර් මිලියන ගණන් තැන්පත් කර ඇත්තේ සීෂෙල්ස් බැංකුවල බව දැන් සොයාගෙන තිබේ. ස්විට්සර්ලන්තයේ සහ ඔස්ට්‍රියාවේ බැංකුවල තිබුණු ඔහුගේ ගිණුම් මේ වන විට තහනම් කොට ඇත.. ජීවිතය බේරාගෙන රටින් පළා ගිය තවත් ඒකාධිපතියෙකු වූ ටියුනීසියානු හිටපු නායක බෙන් අලී සහ ඔහුගේ පවුලේ ඩොලර් කෝටි ගණනක මුදල් තැන්පත් කොට ඇත්තේද සීෂෙල්ස් රටේ බැංකුවලයි. (බ)
ඔබට ජයවේවා (බ)
මේ හොර නඩේ ආපහු රට කන්න හදනවා. කළු සුදුකරන්න බෑ ගිරිය කඩාගෙන කෑ ගැහුවට. (කෞ)
මෙච්චර රටට දේවල් වෙලා තියෙද්දිත් ආණ්ඩුව හොදයි කියන අය ඉන්නවනේ (බ)
ඒ කාලේ ෆොන්සේකා මහත්තයට , අගවිනිසුරු තුමියට දුන්න වගේ සාධාරණ තීන්දුද ඉල්ලන්නේ හිටපු ජනපති තුමනි ? (බ)
කුමාර්'ආණ්ඩුවට තියෙන ජනතා ප්‍රතිචාරය මේකෙන් හොඳට පේනවනේ (බ)
මෛත්‍රී මහතාගේ නිවැරදි නොවන මෛත්‍රිය නිසා ජනතාවගේ ධනය විනාශ කරපු අය නිදහසේ මිනිස්සු කුලප්පු කරනවා , අරක්කු බාගෙට නැටවෙන අය ඉස්සරහ පාරම් බානවා. ජනතාව දුක් විදිනවා, සියලු පරීක්ෂණ හා දඩුවම් නිවැරදිව කළ යුතුයි. සාධාරන මිනිස්සුන් රජ කළ යුතුයි (බ)
මෙතන අදහස් පල කරන අයට අතීතය අමතක වීමේ රෝගයක් තියෙනවා වගේ... (ර)
එකී නොකී සියල්ලම ගැන පරීක්ෂණය කරන්න ජෙනේරල් ෆොන්සේකාට බාර දෙන්න. (ර)
ජයවේවා මැතිදුනි , ඔබවටා සිටි දෙපිටකාට්ටුවන් ගැන අවබෝධයෙන් හොඳ ගමනක් යන්න ඔබ හොඳ කොන්දක් තියන වීරයෙක් කියනදේ කරන නායකයෙක් -ඔබට තෙරුවන් සරණයි (බ)
ඔබතුමා හොඳයි... නමුත් වටේ ඉන්නේ... (ර)
ජයවේවා මැතිදුනි , ඔබ වටා සිටි දෙපිටකාට්ටුවන් ගැන අවබෝධයෙන් හොඳ ගමනක් යන්න ඔබ හොඳ කොන්දක් තියන වීරයෙක් කියනදේ කරන නායකයෙක් -ඔබට තෙරුවන් සරණයි (බ)
ජනතාවට ණයට කන්න දෙන්න පොරකන දේශපාලකයන් ගැන අපි කුමක් කියමුද? ණයට පාරක් හදලා ආර්ථික විශේෂඥයන් වන අපේ නායකයන්ගේ මේ තත්ත්වය කවදා අවසන්වේද? ක්‍රි.ව.1948 සිට මාරුවෙන් මාරුවට ජනතාව රවටමින්, මධ්‍යම පන්තියේ සිටි දේශපාලකයන් කෝටිපති පරපුරක් වී ඇත්තේ රට මංකොල්ලකෑම නිසාය. (නි)
පසුගිය කාලයේ මේ අය රටට කළ විනාශය අපේ මෝඩයන්ට තේරෙන්නේ නැහැ (නි)
ජයවේවා මහින්ද මහත්තයෝ. අපි ඔබ කවදාවත් තනි කරන්නේ නැහැ (නි)
ළිඳේ වතුර බොර කරන්න පුළුවන් වුණාට මුහුදේ වතුර බොර කරන්න බැහැ කියලා නොදන්නා අයට තේරුම් ගන්න හොඳ අවස්ථාවක් ලැබිලා තියෙනවා. මහින්ද කියන්නේ මුහුදක් නොවෙයි , එ්ක සාගරයක්! (නි)
අපි දන්නවා නැවත බලයට එන්න දඟලන්නේ ඇයි කියලා. අපි ඕවට අහුවෙන්නේ නැහැ (නි)
සරත් ෆොන්සේකාව හිරේ දැම්මේ සුදු කොඩි කතාවකට නම්, දැන් එයාට කියන්න පුළුවන්නේ. එ්ත් එහෙම එකක් නැහැනේ. එයාව හිරේ දානකොට කිව්වේ අවි ගන්න හොරෙන් ඩීල් දැම්මා කියලානේ (නි)
කාටත් අමතක වෙනවා තමයි සරත් ෆොන්සේකා හිරේ දැම්මේ ඇයි කියලා. (නි)
මේවාට අපි නම් කියන්නේ කළ කළ දේ පළ පළ දේ කියලා (නි)
බමුණු ආරච්ච්... මම ඔබ ගැන හිතනවා අංගොඩ සිටිය යුතුබව ..(බ)
චතුරි, ෆොන්සේකා හිරේ දැම්මේ සුදු කොඩි කතා කියලා රට පාවාදුන්නට. පෞද්ගලික පළිගැනීමකට නෙමෙයි. (නි)
ප්‍රජාතන්ත්‍රවාදය ගැන නොසළකා රට අරාජික කරන්න හදන අපරාධකරුවන් කවුද කියා ජනතාවට දැන් අවබෝධ වී අවසානය. හැට දෙලක්ෂයක් ජනතා පැතුමට හිස නොනමන අන්ත ජාතිවාදී කඩාකප්පල්කාරින්ට හොඳ පාඩමක් යහපාලනයෙන් ඉගෙනගත හැකිවනු ඇත. විස නැසිය හැක්කේ විසෙන් පමණි කියා ජනරජයට අවවාද කරන්නෙමි ! (නි)
රට රැකපු නායකයාව හිරේ දැම්මේ අපිද? ඒවාට උත්තර දෙන්න (නි)
ජයවේවා! ඔබතුමාට නැවතත් රට බේරාගන්න අවස්ථාවක් ඇවිල්ලා (නි)
මේ සෙනග ටික ගෙන්න හොද ගානක් වියදම් වෙන්න ඇති. (ර)
මෙහෙම මොකක්හරි දෙයක් ඉඳලා හිටලා තියෙන එකත් හොඳයි. එදා තිබුණු විනෝද සමයත් දැන් නැතිඑකේ. (නි)
ඔබතුමා අපේ රටේ වීරයෙක්. රට බේරාදුන් නායකයෙක්. ඔබට ජය වේවා! (නි)
හොර නඩේ ඉන්නේ දැන් තමයි. යහපාලනේ රට කනවා දැන් (නි)
කොන්ද පණ ඇති නායකයෙක් අපේ රටට ඕනෑ. ඒ මහින්ද මැතිතුමායි (නි)
අලි බබා සහ හොරු 40 අපිට නැවතත් එපා. අපිට එහෙම කාලයක් අවශ්‍ය නැහැ (නි)
මහින්ද ජනාධිපතිතුමනි, ඔබ හැමදාමත් අපේ ජනපති.අපි හැමදාමත් ඔබ සමඟයි. ඔබට ජය වේවා.! (ර)
රටේ සාමය රැකදුන් ඔබට ජය නියතයි. නියම ශ්‍රී ලාංකිකයන් ඔබ සමඟයි. ජයවේවා! (නි)
අපි ඔබ සමගයි. (ර)
කුමාර්, අනුන්ට හොරු හොරු කියලා ඔයාලට සුදනෝ වෙන්න හම්බ වෙන්නේ නැහැ මහත්තයෝ... (නි)
කෝ ඒ කාලේ කළා කියපු සංවර්ධනය. එහෙනම් ඒවා මිනිසුන්ට ලැබෙන්න ඕනෑනේ (නි)
අපි ඔබ සමග හැමදාමත් ඉන්නවා සර්. (ර)
සෑම්, කරපු දෙයක් කියාගන්න බැරි වෙනකොට කරපු එකාට හොරු කියනවා විනා වෙන මොනවා කියන්නද? (නි)
මහින්දට හොරා කියන එක දැන් විලාසිතාවක් වෙලා. හැබැයි අල්ලපු හොරකමක් නම් නැහැ (නි)
මේ අය මෙච්චර මහන්සි වෙන්නේ ජනතාවට සේවය කරන්න කියලද මේ රැස්වෙලා ඉන්න අය හිතන්නේ? (නි)
ඉන්දික ගලේවත්ත, තියාගෙන එක නැතිකරන්න කලින් ඔබතුමාලා කියන ඔය සුපිරි පොහොර මිනිසුන්ට දීලා ඉන්න. (නි)
අනේ මන්දා මහත්තයෝ අපිට නම් කවුරු ආවත් වෙන සෙතක් නැහැ. අපි අසරණයි (නි)
මම නම් දැක්කේ එතුමාම තමයි මුලින්ම රට රකින්න උරදුන් ප්‍රධානියාම හිරේ දැම්මේ. සියළුම දෙනාම දේශපාලන කතා තමයි කියන්නේ. වේදිකාවට පම්පෝරිය, ගමන යන්නෙ පයින් කියලා තමයි කියන්න වෙන්නේ. (නි)
අවූරුද්දක් ගිහිල්ලත් කම්ම්බා හොරුටික තාම එළියේ. (ර)
යමෙක් තම දරුවන් වැරදි කරනවිට අනුබල දෙන්නේ නම්, අඩු සුදුසුකම් තිබියදී උසස් තනතුරු ලබාගැනීමට කටයුතු කරන්නේ නම්, කාගේ හෝ මඟපෙන්වීමක් මත වැරදි ලෙස මුල්‍ය හෝ රාජ්‍ය සම්පත් අවභාවිතයේ යෙදවීමට තම දරුවන්ට හා භාර්යාවට අනුබල දෙන්නේ නම්, නොදැක්කා ලෙස නැත්නම් ඉවත් බලා සිටින්නේ නම් එම පවුල් සංස්ථාව තුළ එකී පියාගේ කාර්යයන් ගැන බලා සිටින්නන් කෙබඳු තක්සේරුවක් කරනු ඇද්ද? (නි)
දැන් අධිකරණය ස්වාධීනයි. ඔබතුමාට ඒක ඉවසගන්න බැරුව ඇති (නි)
ආයුබෝ වේවා මැතිඳුනි. අපේ විනාශවීගෙන යන රට නැවතත් බේරගන්න යෝධ බල යෝධ ශක්තිය ලැබේවා! ඔබ අපේ විදිහට හිතන රටට ඕනෑ කොන්ද පන තිබෙන ජාතියේ පිනට පහළවුණ මිනිසෙකි. ඔබ ගැන මා හොඳින් දන්නා නිසා ඔබේ පිරිසිදු චරිතය ගැන හොඳාකාරවම දනිමි. නොදැන මිනිසුන් ඔබ ගැන නඟන බොරු අවලාද දකිනකොට ඇත්තටම ඒ මිනිසුන් ගැන දුක හිතෙනවා (නි)
බොරුවට දැගලුවට දැන් වැඩක් නැහැ. ඔයාලා සදා අනාථයි (නි)
චතුරි, කුමාර්, දැන්වත් ඇහැරෙන්න. රැලියට ජය වේවා! (නි)
දැන්වත් නිදහසේ නිස්කලංකව ඉන්නකෝ මහත්තයෝ. මොකටද ඔච්චර තණ්හාව? (නි)
මේ පාර නම් ඉල්ලන් කන්න හදන්නේ. මෝඩකමට බෙහෙත් නැහැ කියලා අපි දන්නවා (නි)
කොහොමත් දැන් අධිකරණය අසාධාරණ තීන්දු දෙන්නෙ නැහැනේ (නි)
ජයවේවා මැතිඳුනි ඔබට! (නි)
ඉන්න සෙනඟ කන්දරාව දැක්කහම කඩේ යන අයටත් අමාරුවෙලා වගෙයි හොඳටම (නි)
බලය නැතුව ගියාම තමයි කාට කාටත් අධිකරණයේ ස්වාධීනත්වයේ වටිනාකම සිහිගැන්වෙන්නේ. (නි)
කොහොමත් පක්ෂෙන් යවන බවත් ,පක්ෂේ ඉදීමෙන් වැඩක් නැති බවත්, තියෙන පක්ෂේ පෙරලීමෙන් මිස බේරිල්ලක නැති දන්නා කට්ටියට ඉතින් කෝකත් එකයි. (කෞ)
ෆොන්සේකා ඇදගෙන ගිහින් නඩු ඇහුවෙත් සාධාරන විදියටද? (නි)
චතුරිට තියෙන්නේ අට පාස් සහතිකයට ගුරු පත්වීමක් නොදුන් කේන්තිය බවයි අපිට පෙනෙන්නේ. (නි)
ලංකාවේ ඡන්දදායකයෝ කෝටි එකහමාරකට වැඩියි. ඔය 15,000 ක් 20,000ක් සෙනඟ මොනවා කරන්නද? (නි)
ෂෙහාන් අමරසිංහ, ප්‍රනාන්දු පැරිස් මහත්තුරුනේ, එ්ක හරි කියමුකෝ. එහෙනම් ඒ වගේම අනිත් සෙබළුන්ටත් නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනෑ නේද? (නි)
ඉන්දික, අනේ ඒ කාලේ ඔයා බස් බෝම්බයකටවත් අහුවුණා නම් අද ඔහොම කියන්නේ නැහැ (නි)
මහින්දලාගේ කාලේ රට කිරියෙන් පැණියෙන් ඉතිරිලා ගිහිල්ලනේ තිබුණේ... (නි)
ඒ පාලනය අපිට නැවතත් එපා. අපිට මේ යහපාලනය දාහෙන් සම්පතයි (නි)
මහින්ද රාජපක්ෂ කියන්නේ ඇත්තටම රටට ආදරේ කරන කෙනෙක්. මෙහෙම කෙනෙක් නැතිවීම අපේ අවාසනාවක් (නි)
මහින්ද රාජපක්ෂ කියන්නේ රටට ආදරේ කරන නියම සිංහල පිරිමියෙක්. ජයවේවා! (නි)
ජය ජය රජතුමනි! ඔබ සදා දිනේවා! (නි)
චමලුත් ගිහිල්ලද? යහපාලනයෙන් තනතුරුත් ගත්තේ..(බ)
ජයෙන් ජයම වේවා ඔබට! (නි)
ඔයාම තමයි රට බේරාගත් රණවිරුවන් ඉස්සරවෙලාම හිරේ දැම්මේ. දැන් අමතකද.. සරත් ෆොන්සේකා වරදක් කරලා හිරේ දැම්මනම්. අනිත් අයත් වරදක් කරලා හිරේ දැම්මහම මොකද. නිකන් බොරු කියන්න එපා. අපි දන්නවා ඔය කොහොමද රට පාලනය කළේ කියල. ආයෙත් මිනිස්සු රැවටෙන්නේ නැහැ. (බ)
ඔබ තුමාට ජය වේවා. ජනවාරි 8 වෙනිදා අපට වැරදුණා. නැවත බලයට එන්න වාසනාව ලැබේවා (බ)
වැරදි වැඩක් නෙවෙයිනේ මේ කරන්නේ කලින් හැම විපක්ෂයක්ම පවතින ආණ්ඩුවේ අදුරදර්ශි ක්‍රියාමාර්ග ගැන රැස්වීම් තියල ජනතාව දැනුවත් නොකළානම්, අද මේ ආණ්ඩුවත් මෙතන නැහැනේ. ඒ නිසා මේ ජනමුල රැලිය අපි සුබවාදීව දකිමු. (බ)
සමහරවිට අවසාන රැලිය වෙන්න පුළුවන් මේක (නි)
දේශද්‍රෝහී ක්‍රියා කර ඇත්නම් ඒවාට දඬුවම් විඳිය යුතුයි. මම දන්නේ නැහැ ඇයි මේ මිනිසුන්ට මේක වැටහෙන්නේ නැත්තේ කියලා. (නි)
දෙවරක් රටේ ජනතාව ප්‍රතික්ෂේප කරපු ඔබතුමා කුරුණෑගල ජනතාවට සේවය කරන්නනේ කුරුණෑගල මන්ත්‍රී වුණේ. දැන් ඒ සේවය කරන්න. අධිකරණයෙන් සාධාරණව ක්‍රියා කරයි, ඔබතුමාට ඕනෑ විදිහට තීරණ දෙන එකක් නැහැ හැබැයි (නි)
මේ ඔක්කොම අර නඩයේ කට්ටිය , නැතිවූ බලතල සහ වංචා කිරීම් නැවත ගන්නට ජනතාව රවටා කරන ඉල්ලීමක් (බ)
මම බය නිසා ගියේ නැ, ගියොත් මාට්ටු වෙයි, විනය ක්‍රියාමාර්ග, වරදක් කළත් සිතකින් නොවේ (බ)
ඔබ ගත් ණය වාරික සහ පොළිය ගෙව්වහම බෝක්කු හදන්න ඉතුරු නැහැ. (නි)
වැරදීම, පැරදීම, ජයග්‍රහණයේ මාවතේ ඇති බව ඔබ දන්නවා. ඔබයි අප දුටු නායකයා. ජයවේවා. අපට සමාවෙන්න මැතිඳුනි. (නි)
ඒකාබද්ධ විපක්ෂය නමැති නාඩගමේ බහුබුතයෝ ටික ඇවිල්ල එහෙනම්...(බ)
යහපාලන ආණ්ඩුවේ ඉන්න නායකයන් රට කරවන හැටි දැන දැන ඒ අයව බලයට ගෙනෙන්න පාර කැපූ විද්වත් නඩ, කලා නඩ, සඟ වෙද ගුරු ගොවි කම්කරු නඩවල කපටි බසට වශීවී සර්වජන ඡන්ද බලයේ හයිය පෙන්නූ අයට කළ මෝඩකමේ තරම ඇඟට දැනෙන්නම දැන් දැන් වදිනවා බලන්න ආශාවේ බැහැ. (නි)
අධිකරණය දෙන්නේ සාධාරණ තීන්දු තමයි මහත්තයෝ. ඒවාට හිස නමන්න (නි)
ලෝකයේ හොඳම නළුවාට හිමි සම්මානය මේ මොහොතේ මම මහින්ද රාජපක්ෂ මහතාට ලබාදෙනවා (නි)
ජාතියට රටට ආදරය කරන සිංහලයිනි, මහින්ද මහත්තයා නැවත පත්කර ගැනීම ඔබේ වගකීමයි. (නි)
ලංකාවේ ලොකුම හොරු ටික ඉන්න ලස්සන වේදිකාවක් තමයි ඔය (නි)
යුද්ධය ජය ගත්තා කියා ජනතා මුදල් මංකොල්ලකෑමට මොවුන්ට කිසිම අයිතියක් නැත. මේ පින්තූර වල ඔබ දකින්නේ ඒවැනි අය නීතියෙන් බෙිරිමට බලයට පැමිණීමට දරන උත්සාහයකි. නැතුව රටට ජනතාවට අාදරයකට නොවන බව ජනතාවට දැන් තේරුම්ගොස් අැත. (නි)
ඔය දැන් අධිකරණයෙන් සාධාරණයක් ඉල්ලනේ හරියට ඔයාගේ කාලේ සාධාරන අධිකරණයක් තිබුන වාගේනේ. (බ)
කුමාර, ඔබගේ මෝඩකමට යමක් කරගන්න වෙනවා. නොමැතිනම් අවට සිටින්නන්ට අනතුරක් වියහැකියි (නි)
එහෙනම් එතුමාටත් අධිකරණය ඉදිරියේ හිස නවන්න වුණා? (නි)
අනුර, පළමු වෙඩි මුරය පුස් වෙඩිල්ලක්. 15000කින් 20000කින් රටක් පෙරළන්න පුලුවන්ද? (නි)
සමන්, මම ඔබ ගැන හිතන විදිහට ඔබ මා ගැන හිතන්න එපා (නි)
අපිට නැවතත් මහින්ද වටේ සිටි හොරු රැළ නම් එපා. මහින්ද මහතා පමණක් එන්න (නි)
ඔතන ඉන්න වැඩිහරියක් හොරු. යහපාලන ආණ්ඩුව පෙරළාගත්තේ නැත්නම් හිරේ යන නිසයි ඔය රැස්වෙලා කෑගහන්නේ. එහෙම නැතුව මේ අය මෙච්චර මහන්සි වෙන්නේ ජනතාවට සේවය කරන්න කියලද මේ රැස්වෙලා ඉන්න අය හිතන්නේ? (නි)
කෝ හිරුනිකාට, කෝ ච්ම්පිකට, ඇඹිලිපිටියේ මොකද වෙන්නේ කෝ යහපාලනයේ පොලිස් කොමිෂන්? පට්ටපල් බොරු....හොරු ඉන්නේ මහින්ද එක්ක විතරද? වැඩ බැරි නඩය ගෙදර යවමු. රජුනි ඔබට ජය...!!! (බ)
බමුණු කියන්නේ වැදගැම්මකට නැති දේවල් කියවන කෙනෙක් කියලයි මම නම් හිතන්නේ (නි)
යහපාලන ආණ්ඩුවේ ඉන්න නායකයන් රට කරවන හැටි දැන දැන ඒ අයව බලයට ගෙන්න පාර කැපූ විද්වත් නඩ, කලා නඩ,සඟ වෙද ගුරු ගොවි කම්කරු නඩවල්වල කපටි බසට වශීවී සර්වජන ඡන්ද බලයේ හයිය පෙන්නපු අයට කළ ගොන්කමේ තරම ඇගට දැනේන්නම දැන් දැන් වදිනවා බලන් ඉන්න ආශාවේ බැහැ. අනේ හොදම ටිකත් ඉක්මනට ලැබේවා.(බ)
පොර්ට් සිටි නවත්තලා තිබුනේ චීනුන්ට සින්නකරව ඉඩම් ලබා දී තිබු නිසයි. එහෙම රටේ වැදගත් ස්ථාන වලින් චීනුන්ට ඉඩම් දීලා ඕවා විවෘත කරනකොට ලංකාවේ ජාතික කොඩියවත් දාන්න දුන්නේ නැහැ නේද? හිතාගෙන ඉන්නේ ආපසු බලය ගන්න. ඇවිල්ලා ඉන්න මිනිසුන්ගෙන්ම පේනවා ඉතිහාසයේ කුණු කූඩයට වැටෙන බව (නි)
මම මේ කියන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ආණ්ඩුවට. ඔබතුමා මේ විදිහට ගියොත් වැඩිකල් දුවන්නේ නැහැ. මතක තබාගන්න අපි යු එන් පි වුණත් රටට සහ රණවිරුවන්ට ආදරෙයි කියලා. රටට සහ රණවිරුවන්ට කරදරයක් කළොත් ඔබතුමන්ලාට සොබා දහම විසින්ම දඬුවම් ලබාදේවි. (නි)
අර ජනතාවට පෙන්වන වශී බෝලය දැන් නැහැ නේද? (නි)
මේ සුළු පිරිස මෙතන ගෙන ආවේ මුදල් නොගෙවන ලද බස් රථ වලින්ද? (බ)
දැන් ඉතින් අර විනය විරෝධී ක්‍රියා මාර්ගය පක්ෂ මහ ලේකම්ට රෝල් කරලා පරිස්සමට තියා ගන්න වෙයි (බ)
තවත් මොනවද මහත්තයෝ මේ කතා? ලැජ්ජා නැද්ද? (නි)
රටේ මුදල්,දේපල වංචාකාරී ලෙස හොරකම් කෙරුවේ නැත්නම් කෝ බන්ධනාගාරයේ රැස්කළ මුදල්? අගමැති සහ ජනපති කවදාවත් හොරකම් කරන දෙන්නෙක් නෙමෙයි. අද මේ මුදල් තිබුනා නම් මහජනතාවට රජසැප දෙන්නේ. (නි)
රොහාන් පැරිස්, ඔබ හරි (නි)
අර ජනවාරි 8 පාන්දර කුමන්ත්‍රණය කළා, එ්කට විරුද්ධව ජවිපෙ නිසියාකාර ක්‍රියාමාර්ගයක් නොගත්ත නිසා කියාගෙන, පක්ෂේනුත් ඉල්ලා අස්වුන වයසක මනුස්සයත් ඉන්නවනේද.. මෙහෙට ඇවිල්ල ඉන්නේ එකේ ඇත්ත නැත්ත කුමන්ත්‍රණකාරයගෙන්ම අහල දැනගන්නද දන්නේ නැහැ (බ)
චතුරි සරත් පොන්සේකාව හම ගහන්න වටින්නේ. ඇයි කියල දැනගන්න ඕනෙද?(රේ)
මහින්ද මාරයි සල්ලි හමාරයි තේමාව යටතේද . මේ රැලිය තියන්නේ හෙට උදේට ගෙදෙරට ලිපියක්. එයි. මන්ත්‍රී කම සහ සාමාජිකත්වය අහෝසිබව පක්ෂ දෙකක ඉන්න බැහැනේ (බ)
ආ ... මේ කියන්නේ එයාගේ කාලේ සාධාරණ තීන්දු දුන්නා කියලද? (නි)
මහින්ද රාජපක්ෂට මම නම් සළකන්නේ දෙවියෙකුට වගෙයි (නි)
අධිකරණය හරි තීරණ තමයි දෙන්නේ. අපි දැක්කනේ ඔබතුමාගේ කාලයේ වුණ දේවල්. තව ටිකක් කල් ගියා නම් රට චීනාට යටත් වෙනවා. රටේ සල්ලි කවුරුහරි හොරකම් කළා නම් ඒවා ආපසු ලබාගන්න ඕනෑ. නැතුව දුප්පත් අපිට මේ ණය ගෙවන්න බැහැ (නි)
සිංහලයට තේරුම් ගන්න මොළේ නැතිවුණත් සහෝදර දෙමළ හා මුස්ලිම් ජනතාව තේරුම් අරගෙන තියෙන්නේ. (නි)
මහින්ද සුළඟ කියල එකක් කළා.. එ්කටනම් ලක්ෂ පහක් ආවලු.. අපිනම් දන්නා හයිඩ් පාර්ක් එකේ පන්දාහක්වත් දාන්න පුළුවන්කමක් නැහැ... සුලගේම ගියාද ඒ මිනිස්සු (බ)
සුමිත් එළුවාගේ අර මොකක්ද වැටෙන කම් පස්සෙන් ගිය නරියෝ වගේ ඕගොල්ලොත් හොර කම් පස්සේ යනවා (රේ)
විපුල අන්න නියම කතාව. (රේ)
පවුලම හොරකම් වලට සම්බන්ධ නම් පවුලටම හිරේ යන්න වෙනවා. සම්බන්ධ නැත්නම් එහෙම වෙන්නේ නැහැ. ඒ නිසා ඒ ගැන හිතන්න දෙයක් නැහැ නේද? (නි)
අපේ රටේ ඕන තරම් ඉන්නවා ජනතාවට සේවය කරන්න ජන්දේ ඉල්ලලා පැරදිලා සේවය කරන්න අවස්ථාවක් නොලද අය. මේ අය වෙනුවෙන් ස්වේච්ඡාවෙන් සේවය කළ හැකි වගා ව්‍යාපෘතියක් ආරම්භ කර දෙන මෙන් රජයෙන් ඉල්ලා සිටිනවා. (බ)
මේ ආණ්ඩුව කරපු හෝ කරන දෙයක් තිබෙනවද? (නි)
මන්ත්‍රීවරුන්ගේ වාහන පර්මිට් ජනතා සුබසාධනයට පරිත්‍යාග කිරීමට වෙනම අරමුදලක් ආරම්භ කර දෙන මෙන් ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා. (බ)
ප්‍රනාන්දු - පැරස්, ෂෙහාන් අරසිංහලා වගේ අතීතය මතක තිබෙන අයත් අප අතර සිටීම සතුටක්. (නි)
මහින්ද මහත්තයා නැතිවුණ එකේ පාඩුව දැනෙන්නේ දුප්පත් අපිට. අපිට එතුමා ඕනෑ (නි)
ඔන්න නියම තීරණාත්මක අවස්ථාවක්. එක එක්කෙනා පාරම් බැව හැටියට අපි බලාගෙන ඉන්නේ මොකද වෙන්නේ කියල. මහලේකම් කිව්වා වගේ විනය ක්‍රියා මාර්ග ගනීද, මේ කට්ටිය වෙනම පක්ෂයක් වෙයිද, ශ්‍රී.ල.නි.ප. දෙකට කැඩෙයිද, අර යන එන මං නැති කට්ටියට එල්ලෙන්න තැනක් ලැබුනද ආදී වශයෙන්. (ර)
අද දේශපාලනය පොරපිටියක් වී තිබෙන්නේ ඇයි? අලුත් පක්ෂ හදමින් ගහමරාගනිමින් බලය ලබා ගැනීමට විවිද පිරිස්ස් උත්සහ කරන්නේ ජනතාවට ඇති ආදරය නිසා නොවේ. ඔවුන්ගේ බැංකු ගිණුම් තරකරගනීමටය. වෙනත් රටවල දේශපාලකයන් සිය දේපල මුදල් , ජනතාව වෙනුවෙන් කැප කරයි. (ර)
පාගා කරුවන්ගේ ,මිනි මරුවන්ගේ , හොරුන්ගේ ,කුඩු මුදලාලිලාගේ අතට රටේ දේශපාලනය නතු වන්නේ ජනතාවගේම වරදින්. සෑම දේශපාලකයෙකුගේම කාර්යාල, නිවසේ කාර්යාල සි සි ටි වී කැමරා මගින් පරීක්ෂණයට ලක් කරන්න. ඔවූන්ගේ දුරකථන ඇමතුම් පටිගත කරන්න. මෙවැනි ක්‍රම තුලින් යහපත් දේශපාලකයින් පිරිසක් රටේ නිර්මාණය කර ගත හැකි වනු ඇත. (ර)
අපිට අමතක වෙලා නැහැ එයාගේ කෙරුවාව. හොරු ටික එක්ක නැවතත් බලයට එන්න හදනවා (නි)
මම නැවතත් මහින්දට. (ර)
ඔව් ඔබතුමාගෙ පාලන කාලෙ තිබුණේ නැති සාධාරණය අද අධිකරණය සිදුකරනවා. අමුතුවෙන් උලුප්පලා දක්වන්න ඕනෑ නැහැ (නි)
ජයවේවා !! (බ)
මේවට කියන්නේ වැදි බණ කියලා. මෙයාව ජනතාව ප්‍රතික්ෂේප කළා හොරකම් කළ නිසා. දැන් කියනවා හොරකම් අල්ලන්න එපා කියලා (නි)
මෙතුමා නැතිව මේ රටම අඳුරේ. අද ආණ්ඩුව බය නැතුව රැස්වීම් තියන්නෙත් මෙතුමාට පින්සිද්ධ වෙන්න. අපිට ඕවා අමතක නැහැ. මහින්ද මහතාණනි, අපි සැවොම ඔබ සමඟයි (නි)
මීටවඩා සෙනඟක් 8 වැනිදාට කලින් හිටියා. නමුත් අවසානයේ මොකද වුණේ කියලා මතක් කරගෙන කටයුතු කරන්න (නි)
පවුලම හොරකම් වලට සම්බන්ධ නම් පවුලටම හිරේ යන්න වෙනවා. (නි)
ජයන්ත, මෙයාලා ආණ්ඩු කරන කාලේ දුප්පතා අඳුරේ. වන්දිබට්ටකම් කළ අය රජමැදුරේ. අද වන්දිබට්ටයෝ අඳුරේ. (නි)
හිටිය එක්කෙනා අර හතළිහත් එක්ක බැහැලා තියෙන්නේ එයා කිව්වේ ෆයිල් තියෙනවා කියලා හැමෝගෙම දැන් එක්කන කියනවා තෝම්බුව මගේ අතේ තියෙනවා කියලා බලමුකෝ මොකද වෙන්නේ කියලා අන්තිමට ඩීල් වෙයිද දන්නේ නැහැ (හේ)
වටේ ඉන්න නඩය මට නම් වහකදුරු වගේ. තව ඉන්නවා වටේ හිටිය නිලධාරි නඩයක්. ඒ අය තමයි රාජ්‍ය ආයතන/කාර්යාංශ වල ඉඳගෙන හොරකමට සපෝට් කළේ. (නි)
ඔබතුමාට ජය වේවා! අප රට වෙනුවෙන් පෙනීසිටින ඔබතුමාට ජයම වේවා! (නි)
නොමිලේ ලැබුණු පෝර්ට් සිටි? මහින්ද මහත්මයා ඔච්චර මෝඩද? චීනය ඕවා නිකන් දෙන්නේ නැහැ තමන්ට වාසියක් නැත්නම්! (නි)
පැරදුනානම් ගෙදර ඉන්න ඕනේ.(හේ)
ඔබට සුබ ගමන් අප්පච්චි (හේ)
මැදමූලන කට්ටිය තාම හිත්නනේ පරණ විදිහට තමයි. හිතන්නේ බලය ගන්න පුළුවන් කියලා. ආයෙත් ආවොත් මොනවායින් මොනව කරයිද මේ චණ්ඩි? (නි)
ජය වේවා ඔබතුමාට! අපි ඔබ සමඟයි (නි)
බලයට ඇති කෑදරකම (හේ)
ඒ කාලේ රැකීරක්ෂා නම් දුන්නා තමයි. ඒත් එක්ක තමයි අර ජ්‍යෝතිෂවේදියාටත් රාජ්‍ය බැංකු වල අධ්‍යකෂක තනතුරු දුන්නේ (නි)
දැන් මොකද කියන්නේ ? කෝ විනය පරීක්ෂණ (හේ)
පුදුම සංවර්ධනයක් තිබුනේ. ස්ටාර් තරඟයට කෝටි 12යි. මැයි දින කෑමට ලක්ෂ 42යි. වැය කළහැකි කාර්යංශය තිබුනේ ඒ කාලේ. (නි)
හොඳ නරක තේරෙන කෙලෙහිගුණ දන්නා නවකයන් ගෙන් සමන්විත අලුත් පක්ෂයක් හදාගෙන ඉදිරියට එන්න. ඔබ වැනි ගාම්බීර නායකයන්ගේ වටිනාකම නොදන්නා අය මෙහි නැත. ප්‍රශ්ණය නම් ඔබ වටේ සිටින අය ගැන අල්ප මාත්‍රයක් හෝ අපට විශ්වාසයක් නැත. ඔබට ජය..! (ර)
එක්නැලිගොඩලා අතුරුදන් වුණේ, ලසන්ත මියගියේ කොයි ආණ්ඩු කාලෙද? මට නම් මතක නැහැ (නි)
ඔබතුමාට මේ පවතින ක්‍රමයේ නිවැරදිතාවය බොහෝ පීඩාකාරී වි ඇති බව පෙනෙනවා. ඔහොම යමු (නි)
දැන් ඔබතුමා දඬුවම් විඳින්න සූදානම්වෙලා ඉන්න අපේ එස්බී ඇමතිතුමාගෙන්. ඇයි එතුමා කිවුවනේ රැස්වීමට ගියොත් දඬුවම් කරනවා කියලා (නි)
ඔන්න යහපලනයේ නයකනි බලගන්න පලමු වෙඩිමුරය(අ)
මිලියන ගණන් මුදල් ණයට අරගෙන මොනවද දෙවියනේ බලනකොට කරලා තියෙන්නේ? (නි)
“මා හරි උගතා මා හරි ජගතා සිතනා මිනිසා මෝඩයෙකි..... අනුන් නසන්නට වළක් කපන්නා ඒ තුළ වැටිලා මිය යන්නේ.... කළ දේ පල දේ එලෙසේ“ (නි)
වෙනම පක්ෂයක් හදා ගත්තොත් තමයි හොඳ. නිදහස් පක්ෂය පිරිසිදු කරගන්න පහසුවෙයි. එමගින් රට වෙනුවෙන් හිතන පුද්ගලයන් ජනතා නියෝජිතයෝ කරන්න හැකිවෙනවා. එය යහපාලනයට උදව් කල අයගේ පැතුම. ඒ සඳහා උදව් කරන ඔබලාට අපේ ප්‍රණාමය. (ර)
පරණ හොරකම් නැවතත් සිදුවනවා දකින්න අපිට අවශ්‍ය නැහැ. අපිට මේ ක්‍රමය හොඳයි (නි)
තවමත් සමහරුන්ට ඇස් ඇරිලා නැහැ මහින්ද ගත්ත වගේ නය 4 ගුණක් අරන් මේ ටික කාලයට. (ර)
මගේ පුතා වාණිජ උපාධියක් අරගෙනත් රස්සාවක් නැතුව හිටියා. අර කවුද නක්ෂත්‍රකාරයෙකුට ආණ්ඩුවේ බැංකුවක ලොකු තනතුරක් දුන්නා කියලා දැනගත්තහම මම ශාප කළා. ඒවත් වදින්න ඇති. (නි)
ඔබට සදා ජය.! (ර)
මාර සෙනගක් නේ. (ර)
පරණ හොරකම් කෙසේවෙතත් පරණ හොරු ටික නම් තාම යහතින් ඒ ආයතන වලම කටපියාගෙන වාරය එනතුරු ඇඟිලි ගැන ගැන ඉන්නවා. මේවට ඉක්මනින් නීතිමය ක්‍රියාමාර්ග ගෙන පරදින හොරු ටික ගෙදර යැව්වෙ නැත්නම් රට වෙනස් කරන්න බැහැ. (නි)
දුප්පතාගෙ ගොවියාගෙ හිතවතා කිය කියා වටේ හිටපු නෑදෑ සනුහරෙයි, නිලධාරි සනුහරෙයි දිව්‍ය ලෝකෙ ගෙනිච්චා. දෙව්ලොව සැප නැතිවෙලා දැන් ඉන්න බැරුව දඟලන්නේ වටේ ඉන්න හොර නඩය තමයි (නි)
ඔබතුමා මේ රටේ ජනතාව වෙනුවෙන් කළයුතු ලොකුම මෙහෙය කිරීමට දේශපාලන නායකත්වය සහ අවැසි අවි ලබාදී ජනතාව මරණ බියෙන් මුදවා ගත්තා මේ රට. සිංහල ජාතිය ගලවා ගැනීමට සිටි පිට කොන්දක් ඇති එකම නායකයා ඔබතුමා. නමුත් ඒ සියල්ල අමතකකොට ඉන්පසුව ඔබ වටේ සිටි අවස්ථාවාදින්ට රට කෑමට ඉඩ දුන්නා. එහි ප්‍රතිඵලය වුයේ පරාජය. (නි)
වටේ ඉන්න අය දැකලාවත් අපේ සමහර මෝඩයන්ට තේරෙන්නේ නැහැ මෙයාලා මොකටද මේ දඟලන්නේ කියලා. (නි)
හරි හමන් විපක්ෂයක් නැති එකේ කවුරු කවුරු හරි ඒ අඩුව පුරවන්න එපැයි.........(ම)
අපි දහදුක් විඳලා රටට එවන විනිමය වලින් තමයි ඇද ඇද රටේ ආර්ථිකය දුවන්නේ. ඒ දහදුක් විඳපු සල්ලි විලන් එකල හිටිය ඇමතිලා/ නිලධාරි හෙන්චයියො බාල් නැටුවා. කෝටි ගණන් විනාශ කළා. ඒ ශාප වැදුනා හරියට වස් වැදුනා වගේ. (නි)
මේකයි යථාර්ථය (ම)
කොහොමද සෙනග..........ජයවේවා................. (ම)
විශාල දූෂණ සිදුවූ, විනිමය ගසාකාපු දැනට හඳුනාගෙන ඇති ආයතන වල ඉහළ නිලධාරින්ගේ සහ පවුලේ අයගේ වත්කම් සොයාබලන්න. ගෙවල් කීයක් හදලද, ඉඩම් කීයක් අරගෙනද කියලා . එයින් දුප්පතාගේ, අසරණ ශ්‍රමිකයන්ගෙ සල්ලි පිල්ලි ගහපු හැටි සොයාගත හැකියි. (නි)
අප බේරා ගනු මැන මැතිඳුනි. ඔබට රටට අපට ජයවේවා (බ)
අපිට ඕනේ අපේ මිනිහෙක්. රට රැකපු ශ්‍රේෂ්ඨයන් ආරක්ෂා කරන නායකයෙක්. කාගෙවත් අතකොලුවක් නෙවේ. " මට කමක් නැහැ මගේ දරුවෝ හිරේ දැම්මට, නමුත් රට රැකපු වීරයෝ හිරේ දාන්න එපා " චිරන් ජයතු (බ)
අපට සන්තෝසයි (බ)
ඒ ඇමතිලා අදටත් ඇමති. ඒ අයගේ පස්සෙන් ගිය අය අදටත් ඒ ආයතනවල ඒ තනතුරුම දරමින් යහමින් සෙමෙන් වැජඹෙනවා. කවුද රැවටුනේ? (ර)
සරත්පොන්සේකා මහතාව. හිරේ දැම්මේ. අගමැතිද . දරුවන්ට හොරකම් කරන්න ,නීති විරෝධී වැඩ කරන්න පාර හදල දුන්නේ අලුත් නායකයින්ද. . නැතිනම්. දෙමව්පියන්ද. . අනේ කාලේ වනේ වාසේ කිව්වලු (බ)
අපිට වැරදුණා ජනාධිපතිතුමනි. යහපාලන ආණ්ඩුවට අවංකව චන්දය දීල, අවංකව කැප වෙලා, බුකියේ යාලුවෝ නැතිකරගෙන ඒ වෙනුවෙන් පෙනී හිටපු අපේ රස්සාවත් දැන් නැති වෙන්නයි යන්නේ. කරනවා කියලා බලාපොරොත්තු වුනු බොහෝ දේ වුනේ නැ. අපිට සමාවෙන්න. ඔබතුමා වෙනුවන් කැපවෙමි. ඔබට ජය.! (ර)
අවංකවම තාම ජනප්‍රියම නායකයා ඔහු. මහින්ද. (ම)
මහින්ද වගේ චරිතයක් ලංකාවේ දේශපාලන ඉතිහාසයේම ඇවිල්ලා නැහැ. කොපමණ රට කෑවත් මිනිසුන්ට එපා නොවන චරිතයක් ඔහු. එක්කෝ අපේ අවාසනාව, එක්කෝ ඔහුගේ අවාසනාව (නි)
චතුරි, යතාර්ථය තේරුම් ගන්න බලන්න. (ර)
මේ රැස්වීම රට පුරාම ගෙනයන්න. යළි සුබ අනාගතයකට මුල පුරන්න. ජයවේවා! (ර)
අපි නිදාගෙන නැගිට්ටේ නෑ, අපිට හොඳට මතකයි. (ර)
කවුද හිතුවේ මෙයාට මේ වගේ දෙයක් වෙයි කියලා.(හේ)
චතුරි දන්නේ නැති දෙයක් කතා නොකර ඉන්නවද. ආණ්ඩුව හොරු අල්ලනවා කිව අවුරුද්දකටත් වැඩි දැන් මොකවද අල්ල ගත්තේ.? (ර)
අපි දන්නවා මේ හොර නඩේ නැවත බලයට එන්න දඟලන්නේ ඇයි කියලා. අපි ඕවට අහුවෙන්නේ නැහැ.(හේ)
විකල්පයක් රටට සෙතක් (ම)
මේ වටවෙලා ඉන්න හොර නඩේ තමා මෙතුමා පැරදෙන්න එක හේතුවක්. මේ බොරු කියලා රවටන්න බැරි කොටසක් රටේ ඉන්න බව කරුණාකර තේරුම් ගන්න (හේ)
ආයේ ජනාධිපති කරයි කියලා හිතුවද?(හේ)
දැන් ඔය කතා වලට අහුවුණ කාලය ඉවරයි.(හේ)
ඒ කාලේ රටේ තිබුණ අපූරු ආශ්චර්යය ගැන මතක්වෙනකොටත් ආඩම්බරයි (නි)
හොරුන්ව රකින හැම එකාටම දඬුවම් දෙනු (හේ)
මහින්ද මහත්තයෝ, දැන් මේවට පැටළුනා මදැයි. දැන් ගෙදරට වෙලා සැනසිල්ලේ ඉන්නකෝ (නි)
ආණ්ඩුව කරපු කාලේ ඔය මුකුත් මතක නෑනේ.(හේ)
පාරේ මිනිහෙකුට යන්නත් බැහැ. ඒ තරමට පාර අවහිරවෙලා (නි)
වැරදි හදාගෙන නැවත එන්න (හේ)
මහින්ද මහත්තයෝ, කියන්නා කොහොම කිවුවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුයි. ඔබ අපේ නායකයා. අපේ රටට සුදුසු නායකයා ඔබ පමණි. නැවත රට බාර ගන්න. ඔබට තෙරුවන් සරණයි. ජයෙන් ජය! (නි)
වැඩි තණ්හාවට ගියේ නැත්නම් තාමත් ඔබතුමා ජනාධිපති තමයි (නි)
රොහාන් පැරිස්, තාම සද්දේ විතරයිනේ. කෝ වැඩ? (නි)
ජන ගගක් කීවට දොල පාරක්නේ.. දැන්වත් ඇත්ත තේරැම් ගන්න මහින්ද මහත්තයෝ. (ර)
ශ්‍රී ලාංකික අතීතය නොදත් ෆේස්බුක් බබාලාට මෙතුමාගේ අගය නොතේරේ (නි)