ජාත්‍යන්තර කුමන්ත්‍රණ, දෙමළ ඩයස් පෝරාව, ජාතික ආරක්ෂාව ගැන බොරු කියමින් ජනතාව මුලාකොට ඡන්ද ලබාගත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු සන්ධාන මැති ඇමැතිවරු මෙවරත් පරණ තැටියම වාදනය කළත් හැට දෙලක්ෂයක ජනතාව ජනවාරි 8 එම ප්‍රකාශ අමතක කළ බව ඔවුන්ට අමතකවී ඇතැයි ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතා සඳුදා නාම යෝජනා බාරදීමෙන් පසු ගම්පහ එජාප ක්‍රියාකාරීන් හමුවකදී පැවසීය.
‘මේ රටට අවශ්‍ය මහත්මා දේශපාලනය කරන පිරිසිදු මහජන නියෝජිත පිරිසක්. ස්ථාවර පක්ෂයක් විදියට මෙවර මැතිවරණයට ඉදිරිපත්වෙන්නේ එක්සත් ජාතික පක්ෂය පමණයි. හිටපු ජනපති මහින්ද රාජපක්ෂ අගෝස්තු 17 වැනිදා අගමැතිවීම සිහිනයක් පමණයි‘




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හදිසියෙවත් අගමැති උනොත් තව ඉඩි අමීන් කෙනෙක් (හේ)
ශාමන්ත වෙල්ගම, දන්නවද නිදහසේ ජීවත් වෙන්නේ කව්රු නිසාද කියලා. ඒ මහින්ද මහත්තයා නිසා. (ර)
කවුරු කොහොම කිව්වත් ජනතාවනේ තීරණය කරන්නේ... ඒ ගන්න තීන්දු තීරණ කොච්චර දුරට සර්ව සාධාරණද කියන එකයි මටනම් ප්‍රශනයකට තියෙන්නේ. (ර)
මහින්ද තමයි අපේ ඊලඟ අගමැති (නදී)
සජීව මල්ලි, කරුණාකරලා ඔය තැටිය වාදනය කිරීමෙන් වලකින්න...ඔයා දන්නවාද ඔය ලොක්කා කොටින්ට මිලියන 650 දීලා උතුරේ ඡන්දය වර්ජනය කරවපු සිද්ධිය...? කේ.පි ගේ සල්ලි කොටින්ගේ රත්තරන් ...දරුවන්ගේ නස්කුනි වැඩ...තව ගොඩක් තියෙනවා...රටේ ජනාධිපතිගේ වගකීම රට වැසියා ආරක්ෂා කිරීම.එකට අවුරුදු ගණන් ස්ස්තුති ඕන නැහැ.(අ)
සිහිනයක්ම පමණි.(හේ)
ඔය කියන සියලු නිදහස ලැබුනේ මහින්දගේ දේශපාලන නායකත්වය නිසා ලැබුණු යුද ජයග්‍රහණය නිසා නේද ? (නදී)
ලංකාවේ මිනිස්සුන්ට ඉක්මනින් අමතක වෙනවා කව්ද නිදහස ගේනාවේ අපිට. (ර)
ඇත්තටම පෙනෙන විදිහටනම් හා රට යන අත අනුවනම් ලේසි නැහැ තමයි. බහුතර මතයන් අනුව මෙය මහින්ද මහත්තයා ගත් වැරදි පියවරක්. කෙසේවෙතත් සැබෑ ප්‍රතිපලය ඉදිරිපත් කර ඇති අපේක්ෂකයනේගේ ගුණාත්මක බව, ඉදිරි වේදිකා තුල කතිකාවන් හා රනිල් මහතාගේ හා ජනපතිගේ යහපාලනය තුල දැනට කතිකා වන නඩු හබ වල ප්‍රතිපල මත තීරණය වනු ඇත. (ර)
මහින්ද පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් පමණයි. කෝ අරලිය දන්සල ? තමන්ගේ සල්ලි පිටරට. ජනතා මුදල් වලින් දන්සල් ? (නදී)
සිගිරිය කියන විශිස්ට නිර්මානයේ සියලු ගෞරවය තාම අපි දෙන්නේ කාශප රජතුමාට. මම කියනදේ තේරෙනවද මන්දා (නදී)
වහල්ලු නිදහස කියන උතුම් වචනයේ අර්ථය වැරදියට වටහාගෙන වගේ. (නදී)
සුනිල්, ඔය තැටියත් නවත්තන්න. සාක්කි තියෙනවා නම් අන්න තියෙනවා උසාවි ගිහින් ඔප්පු කලා නම් නේද හොඳ ? ඔය බොරු මෙතන කියල වැඩක් නෑ නේද? (නදී)
2005 දී මහින්දව බලයට පත් කරේ යුද්ධය නිමාකොට රට එක්සේසත් කිරීමටයි.... ඒ සඳහා මහින්ද, තමා බලයට පත්කරපු ජනතාවට කෘතඥ වීම පිණිස යුද්ධය නිමා කරා. යුද්ධය නිමා කිරීම ගැන ජනතා කෘතඥතාවය 2010දි මහින්දට ලැබුනා. ඒ කෘතඥතාවයෙන් බලයට පැමිණි මහින්ද කරේ හොරමුලක නායකයෙක් කටයුතු කරන ආකාරයට!!!! එම ක්‍රියාකලාපයට ඔහුව බලයට පත්කරපු ජනතාව 2015දි පිළිතුරු දුන්නා!!! එම "පිළිතුර" ඉදිරියේදී වෙනස් වියයුතු නැහැ!!(හේ)
සුනිල් මහත්තය.. මේ රටේ හිටපු ජනාධිපතිවරු 4ක්ම ඔබතුමා කියපු විදියට "රටේ ජනාධිපතිගේ වගකීම රට වැසියා ආරක්ෂා කිරීම" කියන වගකීම පැහැරහරපු නිසාත් මහින්ද ඒ වගකීම අකුරටම ඉටුකරපු නිසාත් ඒකට අවරුදු ගණන් ස්තුති කලත් වැරද්දක් නෑ නේද???හිතට එකඟව හිතල බලන්න..(හේ)
බල තන්හාව නිසා (නදී)
හොරුන් පරද්දල වැදගත් අයව දිනවල අපි මෙතෙක් කල් කරපු පව් මකා ගනි මු.ජනතාවනි සිතන්න (අ)
කනිෂ්ක මල්ලි, බය වෙන්න එපා ඡන්දයෙන් එජාපය දිනුවට පස්සේ වැඩ පටන් ගන්නවා. කොහොමත් ලොක්කාගේ ඩුබායි සල්ලි ඔක්කොම හොයාගෙන ඉවරයි. ඡන්දයට දවසකට කලින් හරි මහජනයාට ඒ පිලිබඳ දැනුම් දේවි. ඡන්දෙ දවසට ඉස්සරින් ලොක්කා බලුකුඩුවට දක්කාවිද දන්නේ නැහැ. (නදී)
මහින්දට යුද්ධය නිම කිරීමේ ගෞරවය ලැබෙනවා. නමුත් දුප්පතාගේ බඩගින්න එතුමාට දැනුනේ නැහැ. (ර)
මහින්ද ආවොත් පුතාලට ලම්බෝගිනි සහ හෙලිකොප්ටර් ලැබෙනවා. ජනතාවට බඩගින්නේ මැරෙන්න වෙනවා. (ස)
මහින්ද ගැන ශ්‍රීපති සුරියාරච්ච් ඇමති තුමා පාර්ලිමේන්තුවේ කරපු ප්‍රකාශය නරබන්න. අන්න එතකොට දැනගන්න පුළුවන් සිංහල බෞද්ධකම, දේශාභිමානය (නදී)
සුනිල් අයියේ... දවස් 100 ට ඔච්චර නම් අවුරුදු 5 ටත් ඔච්චර තමයි... හොයාගෙන ඉවර නම් අදම දැනුම් දෙන්නකෝ සුනිල් අයියේ අපරාදෙනේ කල් අරින්නේ.. (ර)
තැටියද පරණ, රොටියද පරණ කියල අපිට හොඳට තේරෙනවා. (නදී)
මහින්ද අගමැති වෙන එක ඔය සක්කරයාටත් බෑ වළක්වන්න. අපි මේ පාර මහින්දට. ජය නියතය. එහෙමද ? ගිය පාර ජනාධිපතිවරණයේ දී කව්දො කිව්වලු මෙහෙම. මහින්ද ජනපති වෙන එක ඔය සක්කරයාටත් බෑ වළක්වන්න. අපි මේ පාර මහින්දට. ජය නියතය. (ස)
සුනිල්, බොරු රඟපෑම් එපා, ඇයි මහ බැංකු ලොක්කා ඇතුලට ගන්නැත්තේ? සුදු වෑන් ගැන කතා කරනවා, ඇයි බටලන්දේ එක අදින් නැත්තේ? කොමිස් ගහපුවා ගැන කතා කරනවා ඇයි පෞද්ගලීකරණය කළ රජයේ ආයතන ගැන කතා නැත්තේ? ඇයි ප්‍රේමදාස මහත්තය කොටින්ට දුන්න ඒවා ගැන කතා නැත්තේ? (බ)
මහින්ද අගමැති වෙන එක ඔය සක්කරයාටත් බෑ වළක්වන්න. අපි මේ පාර මහින්දට. ජය නියතයි. (ම)
යුද්දේ ඉවර කරන එකත් කාලයක් අපේ රටේ මිනිස්සුන්ට හීනයක් වෙලා තිබුන කියල මතකද? (ස)
අනේ උදාර.. දුකයි හොදේ.මහින්ද අගමැති වෙන්නෙ නෑ..(බ)
හොරුන්, බල තන්හාව, කොමිස්, මොනවද මේ? ඔයාලා දැකපු දේවල් ද? හුදෙක් විරිද්ධවාදීන් ගෙන් අහපු දේවල් ද? පිලි ගන්නවා ද? ටිකක් හොයල බලන්න වෙනත් රට වල මිනිස්සු තමන්ගේ ජන නායකයා ගැන හිතන හිතපු විදිහ.(නදී)
සජීව,අමතක කරන එපා ඔබත්,මමත්,ත්‍රිවිධ හමුදාව,මහින්ද ඇතුළු මුළු රට වැසියාගේම ඇවෑමෙන් තම කොටි බිය නැති වූයේ.කොටියට වඩා බයානක විදිහට ජනතාව පාලනය කරපු,අතුරුදන් කරපු නිසා බිය සාමාන්‍ය ජනය අතෙරේ වැඩි වුනේ මහින්ද මහතා සහ ඒ අවට සිටි කල්ලියේ වරදින්. (බ)
මේ දාලා තියන ප්‍රතිචාර දැක්කම පේනවා. (ර)
අතීතය සිහිනයක් පමණි.අපි දැන් නිදහසේ ජීවත් වෙනවා,නිදහසේ අදහස් ප්‍රකාශ කරනවා,එම නිදහස නැති කරගන්න කුරුණෑගල ඇතුළු මුළු රටේම ජනතාව කටයුතු නොකරයි කියා මා විශ්වාස කරනවා. (ම)