ඒකාබද්ධ විපක්ෂය බලයට පත් වුවහොත් පත් කරන ඇමැති මණ්ඩලය ඔවුන් විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශයට පත් කර තිබේ.
එම ඡායා කැබිනට්ටුව පනස් දෙනකුගෙන් සමන්විතය.
අගමැති, බුද්ධ ශාසන, ආගමික කටයුතු හා ආරක්ෂක ඇමැතිවරයා ලෙස නම් කර ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතාය.
දිනේෂ් ගුණවර්ධන ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු ඇමැති ලෙස ද, චමල් රාජපක්ෂ මහතා ප්‍රවාහන සහ ගුවන් සේවා ඇමැති ලෙස ද, ඩලස් අලහප්පෙරුම මහතා අධ්‍යාපන සහ පාර්ලිමේන්තු කටයුතු ඇමැති ලෙස ද, කුමාර වෙල්ගමහ මහතා වරාය හා නාවික කටයුතු ඇමැති ලෙස නම් කර තිබේ.
සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ ඇමැති ලෙස ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා ද, මුදල් ඇමැති ලෙස බන්දුල ගුණවර්ධන මහතා ද, නිවාස ඉදිකිරීම් හා ඉංජිනේරු සේවා ඇමැති ලෙස විමල් වීරවංශ මහතා ද නම් කර තිබේ.
වාසුදේව නානායක්කාර මහතා ජාතික ඒකාබද්ධතා, ප්‍රතිසන්ධාන, ජාතික සහජීවනය සහ රාජ්‍ය භාෂා ඇමැති ලෙස ද, පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සමාජ සවිබලගැන්වීම් සහ සමාජ සේවා ඇමැති ලෙස ද, සාලින්ද දිසානායක වැවිලි කර්මාන්ත සහ වතු යටිතල පහසුකම් ඇමැති ලෙස ද, සීබී රත්නායක වාර්මාර්ග සහ ජල සම්පත් ඇමැති ලෙස ද නම් කර ඇත.
එම ඡායා කැබිනට්ටුවේ කෘෂිකර්ම ඇමැතිවරයා ලෙස නම් කර ඇත්තේ මහින්ද යාපා අබේවර්ධන මහතාය.
ගාමිණි ලොකුගේ කම්කරු ඇමැති ලෙස ද, කෙහෙළිය රඹුක්වැල්ල රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන ඇමැති ලෙස ද, ජොන්ස්ටල් ප්‍රනාන්දු කර්මාන්ත හා වාණිජ ඇමැති ලෙස ද, චන්ද්‍රසිරි ගජධීර අධිකරණ සහ ව්‍යවස්ථා සම්පාදන ඇමැති ලෙස ද නම් ඡායා කැබිනට්ටුවේ නම් කර ඇත.
නාමල් රාජපක්ෂට වෙන් කර ඇත්තේ විදේශ අමාත්‍යංශයයි. පොලිස් විශ්‍ය අයත් වන නීතිය හා සාමය ඇමැති ලෙස නම් කර ඇත්තේ උදය ගම්මන්පිලය.



COMMENTS
මොක්කුද මේ ඉන්නේ වැරදි පාරේ ආණ්ඩුව යනවනම් ඒවා අපි හදාගමු. මේ හිටපු අය අපිට නම් එපා. (බ)
චායා කැබිනෙට්ටුවේ අරමුණ , එයාල බලයට අාවොත් පත්කරන කට්ටිය නෙවේ...දැන් බලයේ ඉන්න ඇමතිවරුන්ව අධීක්ෂණය කරලා, ඔවුන් කරන හොද නරක රටට දැනගන්න සැලැස්වීම... මට නම් හිතෙන්නේ එහෙමයි (බ)
සෙල්ලම් ගෙයක් දැම්මා වගේ (බ)
මෙය ඉතාම හොද වැඩක් ...(හේ)
අනේ පව් දුක හිතෙනවා(අ)
දවල් හීන දකිනවා කට්ටිය.(හේ)
පව් අප්පා දුකේ බැහැ.(හේ)
අතිගරු නාමල් මැතිඳුනි, අපි ඉපදිලා ඉන්නේ ඔබේ පරපුරට පුළුවන් උපරිම සැපසම්පත් දෙන්නයි. කවදාහරි අපේ දරුවන්ද අප මෙන් ඔබේ පරපුරේ අනාගත පුරුක් ඔවුන්ගේ නායකයන් ලෙස තෝරාගෙන සියලු සැපසම්පත් දෙනු ඇත. මම මෙන් සියලු දෙනා හිතනවා නම් අපිට පුළුවන් රාජපක්ෂ පරපුරටම ලෝකේ තියෙන සියලු සැප සම්පත් ලබාදෙන්න. (නි)
නැවතත් නරියන්ට කුකුල් කොරටුව දුන්න වගේ (හේ)
අනේ පව් කියලා තමයි මේ විහිලු වලට කියන්න තියෙන්නේ (නි)
ඔබ නිදන්න ඔබ නිදන්න සුවෙන් සැතපිලා (හේ)
මේ දේවල් දැක්කම හිනා යනවා.(හේ)
මේ අය බලයට පත් වෙයිද?(හේ)
ඇයි මේ “ගරු“ කියන්නේ? මේ අය නිකන්ද වැඩ කරන්නේ. එතකොට මාසිකව ගන්න සල්ලි, දීමනා, වාහන, පෙට්‍රල්, නිල නිවාස, විශ්‍රාම වැටුප් සහ මෙකී නොකී බොහෝ දේවල් තව ගන්නවා. මේවත් ගන්න ගමන් “ගරු“ ලු..... (නි)
පෙන්නේ ටිකක් ඇදේට . මට විතරද මන්ද ? (බ)
ඔය තියෙන්නේ දැනට ඒකාබද්ද විපක්ෂයේ ඉන්න 50 දෙනාගේ ඇමති කම් නේ .. 113 ක් එන්න එපාය බලය ගන්න . එතකොට තව ඇමති කම් පැටවූ ගහයි (බ)
හැමෝගෙම නම ඉස්සරහට ගරු කියලා කෑල්ලකුත් දාගෙන තියෙන්නේ... (නි)
දැන් නම් හොදටම මොලේ කොලොප්පම් වෙලා වගේ .....(බ)
ඇයි මේ තරම් ඉක්මනට මේ වගේ දෙයක් ඉදිරිපත් කළේ. තව ටිකක් ඉවසන්න තිබුන නේද. හැන්ද තියෙන්නේ කා අතේද කියල දන්නවනේ. ඉඩක් ලැබෙන්නේ නැහැ කොහොමත්...(බ)
සන්නස්ගල, මේකේ අයගේ තනතුරු ආණ්ඩුවේ ඇමති තනතුරු වලට වඩා වෙනස්. ඡායා කැබිනෙට්ටුවක එහෙම වෙන්න බැහැ. මේක තනිකරම හිත සනසාගන්න කරපු වැඩක්. (නි)
උන්න හැටියට මළා මදැයි කියලා චායා අගමැතිවෙලා හරි සැනසෙන එක හොඳයි. මොකද යලිත් ජනතාව නාගරික මන්ත්‍රී තනතුරකට වඩා යමක් දෙන එකක් නැහැ. (බ)
අපි මේ කාටත් වඩා රට ජාතියට ආදරෙයි. මම අවුරුදු ගාණක් පිටරට හම්බකරලා සල්ලි මෙරටට එවපු කෙනෙක් (නි)
තුරුම්පු ඔක්කොම ඉවර වෙලා වගේ.(හේ)
මගේ සිහිනය මට දකින්න ඉඩ හරින්න... මගේ සිහිනෙන් මා මුදන්න ළං නොවන්න... මේවා අහලා පන පලයන් ලබන පෙරේදා... විනෝද සමය පරාදයි, මේ වගේ විහිලු වලට. ඔය ලිස්ට් එකේ ඉන්න ගොඩක් උදවිය අද ඉන්නේ හිරේ, හරියට යහපාලනය තිබුනා නම් (නි)
2040 වෙන්න ඇති නේද...(හේ)
100%ම ඇමැතිවරු ලබන ආත්මෙවත් සලකලා බලමු.(හේ)
මේක හරි පිළිවෙලකට වෙන වැඩක් වගේ (හේ)
රටට වැඩ කරන්න තියෙන ආසාවනේ මේ.(හේ)
කොච්චර බලාපොරොත්තු තියෙනවද?(හේ)
පොඩි ළමයි හොදයි තව.(හේ)
මට පේන හීන 2 (හේ)
හීන දැක දැක ඉන්නවා මෙයාලා. අනේ පවු! (නි)
මෙයාලට පිස්සු (හේ)
පිස්සු හැදිලා ආයේ හැදෙනවා මේවට !(හේ)
ජනතාවට විහිළු සපයන්නෝ. (හේ)
සිහිනේ ,සිහිනේ , සුන්දර සිහිනේ , නිදි නැතුවම දකිනා සුන්දර සිහිනේ , එපා එපා මා ඇහැරවන්න මේ සිහිනෙන් , ජීවිතය පුරාම මා මේ සිහිනේ දකින්නම් (බ)
මහින්දට ඔහොම තමා අගමැති වෙන්න්න පුළුවන්, නැවත කවදාවත් ජන්දයක් දීනල අගමැති වෙන්න්න හම්බෙන්නේ නැ. මට මතක් වුනේ මේක දැක්කම මම පොඩි කාලේ සෙල්ලම් ගෙවල් දාල, ඔයා අම්ම වෙන්න.... ඔයා තාත්ත... මම මුදලාලි වෙන්නනම්... ඔයා බබා වෙන්න්න. ඔන්න ඔය වගේ සෙල්ලම් ජෝක් එකක් තමයි මේක (බ)
මේ අය තවමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේද? ජනාධිපතිට සහ මධ්‍යම කාරක සභිකයින් තවමත් නිදිද? විනය පරීක්ෂණ වලට මොනවද වුනේ? කරන්න බැරි වැඩ කියන්න එපා ජනතාව හිනස්සවන්න (බ)
ඡායා රජ ගෙයක් ඉල්ලන්න අගමැතිට ඉන්න.(හේ)
ඉක්මන් වැඩියි වගේ නැද්ද? (නි)
ශබ්දකෝෂයේ දැන් 'ගරු' කියන වචනයේ තේරුම වෙනස් කරන්න තියෙන්නේ. හොර කියන එකට තව නමක් විදිහට ගරු කියන එක වෙනස් කරන්න කියලා මම කියනවා. (නි)
අපි ඔවුන්ට මර නින්දේ සිහින දකින්නට ඉඩ හරිමු.2020 ඇහැරේවි එතකොට තේරෙයි දැකලා තියෙන්නේ හීනයක් කියලා.(හේ)
සෙල්ලම් ගෙදර?(හේ)
මේ දේවල් දකිනකොට මිනිස්සු හිනා වෙනවා.(හේ)
මේ මිනිස්සු කොච්චර බලයට කෑදරද කියලා පේනවා.(හේ)
කොච්චර බලයට කෑදරද?මේවා දවල් හීන.(හේ)
බැසිල් ට පුළුවන් දැන් වෙනම පක්ෂයක් හදාගන්න. (හේ)
බැසිල්, ආචාර්ය මර්වින් සිල්වා, සජින් වාස්... මේ අය නැත්නම් කොහෙද තියෙන්නේ යහපත් බුද්ධිමත් ආණ්ඩුවක්. (නි)
බලයට ඇවිත් රජයක් හැදුවොත් ...රටට බුදුසරණයි (බ)
එතකොට ඔය සිහිනයේ ජනපති කවුද දන්නේ නැහැ (නි)
මේක දවල් දැකපු හීනයක්ද? රාත්‍රියේ දැකපු හීනයක්ද? (නි)
නම් ලැයිස්තුව දෙක්කම දුකත් සිතෙනවා වාගේම , මේවා සිහින පමණක් කියලත් සිතෙනවා (බ)
මේ වැඩේ අැමැතිවරු 50 කින් කරන්න පුලුවන්නම් ඉස්සර බලේ තිබෙනකොට අැමතිවරු එකසිය ගණනක් පත් කරගත්තේ කුමටද ? මොලේ එන්නේ බලේ නැති වුනහමද ? (බ)
ලොකු විහිළුවක්නේ. සුබ පැතුම්! (නි)
මේක කරල තියෙන්නෙ එෆ්සීඅයිඩී එකේ නිලධාරින් බය කරන්න. නිලධාරි මහත්වරුනි බය නැතුව අල්ලන්න වැරදි කරපු හැමෝම. (බ)
කළයුතු දේ නොකර නිකන් සෙල්ලම් ගෙවල් හදනවා. මේගොල්ලෝ එදා හරියට කළා නම් අද මේ රට කොටි හිතවතුන්ගේ පාරාදීසයක් වෙන්නේ නැහැ. (නි)
රට දියුණු කිරීම එකම අරමුනයි. මේ අය දැන්මම දවල් හීන දකිනවා. තව අවුරුදු තුන හමාරක් ඉන්න වෙනවා බලය ගන්න. (හේ)
අනේ හැබෑටම මෙහෙමත් විහිළු? (නි)
අපි පොඩි කාලේ කරපු දේවල් නේ මේ.(හේ)
ඔය ඇමැති මණ්ඩලය තව වැඩි වෙයි.(හේ)
බලය ලැබුනම බැසිල් නිකම්ම ඇමති කරයි . (හේ)
අප්පුහාමි, ජයා, ජනාධිපති ලෙස ගරු මර්වින් සිල්වා මැතිඳුන් පත්වනු ඇතැයි අප විශ්වාස කරනවා. විශේෂයෙන් ඔහුගේ ඩෙංගු මර්දන වැඩපිළිවෙළ, කාණු පද්ධති සකස් කිරීම ඔහු ජනතාව අතරට ගෙනයාමට හේතුවුණා. ඒ වගේම මර්වින් සිල්වා මැතිඳුන් සංවේදී නායකයෙක් ලෙස ජනතාව අතර පිළිගැනීමක් තිබෙනවා. (නි)
නිවේදනයයි, ඇමතිකම් නොලැබුණු අය කලබල නොවන්න.තව පුරප්පාඩු සියක් ලගදීම එනවා.(හේ)
මොවුන්ට පුලුවන්ද රටක් කරන්න? (නි)
අනේ ඇයි මේ ? දැන් ඉන්න ඇමති මණ්ඩලය හොද මදිද? (හේ)
මහින්ද මහත්තයා කවදත් උගතුන්ට තැන දුන්නා. ගීතා මැතිනිය රටට සම්පතක්. කුල කාන්තාවක්. (නි)
මේ ඇමති මණ්ඩලයේ දෙමළ/මුස්ලිම් කවුරුවත් නැද්ද? (නි)
බැසිල් මහත්තයාටත් ඇමැති කමක් දුන්නනම් හරිනේ.(හේ)
තේරුම් ගන්න මේ පේන්වන්නේ බැසිල්ට තියෙන අකමැත්තනේ (බ)
නීතිඥ ? නාමල් විදේශ ඇමති අදමයි දැනගත්තේ පොඩි ළමයින්ටත් විදේශ ඇමති වෙන්න පුළුවන් කියලා (බ)
විපක්ෂයේ ඉන්න අතරේ 50 බලයට අාවම කොහොමද ?(බ)
සිහිනය නම් හරිම සුන්දරයි (නි)
ඔක්කොම පරණ ටිකම තමා (බ)
තරුණියන් සවිබල ගැන්වීමේ අමාත්‍යංශය බාරදෙන්න සුදුසු කාටද කියලා මම කියන්නද? (නි)
කොලේ පහළින් මෙහෙම දැම්මොත් හොදයි ජනතාව දැනගැනීම පිණිස : දැනට ඇමති මණ්ඩලය 50 යි ආණ්ඩුව පිහිටුවන් පස්සේ , නාමල් පවුලේ අනිත් සාමාජිකයින් ඇමති මණ්ඩලයට බදවාගනු ලැබේ (බ)
තම ඇත්ත ස්වරූපය ලෝකෙටම පෙන්නන්න එපා. (නි)
ගරු අාචාර්ය මර්වින් සිල්වා මැතිඳුන් ඡායා ජනපති ලෙස පත්වුවහොත් ඔහු ලංකා ඉතිහාසයේ ප්‍රථම ආචාර්ය උපාධියක් සහිත ජනපති ලෙස ඉතිහාසයට එක්වනු ඇත. කලාකරුවෙකුද වන ගරු මර්වින් සිල්වා මැතිඳුන්ට කලා සංගමයේ සහයෝගයද ඒකාබද්ධ විපක්ෂය වෙත ලබාගත හැකි වනු ඇත. (නි)
බල ලෝභයට ඇස් නැහැ. මේ ප්‍රඥාවෙන් ප්‍රශ්ණ විසදීමක් නොව විඥානය ආස්වාදනය කරවන මිරිඟුවක්. (බ)
දොයි ,දොයි, දොයි .... දොයිය බබාලා.... බයි, බයි, බයි .... බයිය බබාලා .....මහජනයා .... හදට ගියා.... ඇමතිකම් අරන්, එන්න ගියා...හීනෙන් හෝ ඒදෙනකම්....දොයි ,දොයි දොයි දොයිය බබාලා !! (බ)
දුකත් හිතෙනවා .. නියම සෙට් එක. හොඳට සුද්ද කරන්න පුළුවන් ඒවා හරිම අයට ම දීලා (බ)
මහින්ද මහත්තයා කොහොමත් කරන්නේ ඔය වගේ වැඩනේ. රටේ ජනාධිපති වෙලා පැරදිලා ඊටපස්සේ පාර්ලිමේන්තුවට ඉල්ලලා දැන් නිකම්ම නිකම් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් විදිහට ඉන්නවා. එහෙම එකේ මේ වගේ දේවල් කළා කියලා පුදුම වෙන්න දෙයක් නැහැ. ඉස්සරහට තවත් ඔය වගේ වැඩ බලාගන්න පුලුවන් වෙයි. (නි)
මේ වගේ ලැයිස්තුවක් එළියට ආවහම එ්කේ නම් තියෙන අය ඒ අරමුණ වෙනුවෙන් මැරීගෙන වැඩ කරනවා, බලයට තනතුරට තියෙන කෑදරකම හින්දා. කැබිනට් ඇමතිකමක් කියන්නේ මේ රටේ ඉල්ලමක් කියලා කවුරුත් දන්නවා. දැන් ඉතින් ඔය ඇමතිකම බලාගෙන පුළුවන්තරම් අවුල් ජාලාවන් ඇති කරන්න බලයි. හැබැයි ඔය ලැයිස්තුවේ තියෙන ඇමතිකම් හරියටම ලැබෙයි කියලා නම් හිතන්න අමාරුයි. කොහොම වුණත් මේ වගේ ලැයිස්තුවක් එළියට දාපු එක හොඳයි. එතකොට ඡන්දදායකයින්ට කලින්ම තීරණ ගන්න පුළුවන්. ලැයිස්තුවේ ඉන්න සමහරුන්ගේ නම් දැක්කහම ඇඟේ මයිල් කෙළින් වෙනවා. ඒ තරමට සුචරිතවත්. (නි)
මේක දැක්කම පුංචිකාලේ සෙල්ලම්ගෙවල් හදාගෙන කෝම්පිට්ටු හදපුහැටි මතක්වෙනවා. මහත්වරුනි ....ලාංකීය ජනතාව දේශපාලනිකව තරමක ඉහළ මට්ටමක ඉන්න බව මතක තබාගන්න. සිහින දකින්න, ඒක ඔබගේ අයිතියක්. අවදියෙන් සිටින ජනතාවක් රටේ සිටිනබව අමතක නොකරන්න. (බ)
දවල් හීන දකිනවා කට්ටිය (බ)
විදෙස් ඇමතිට නම් සුදුසුම කෙනා තමයි නම් කරලා තියෙන්නේ (නි)
අපෝ තව ඇමතිකම් අඩුයිනේ .කෝ ස්ත්‍රී දුෂක ඇමති ,කෝ කුඩු එතනෝල් ඇමති කෝ විදුලි පුටු ඇමති කෝ බැනර් කටවුට් ඇමති (බ)
යහපාලන නඩය අවංකවම නීතිය ක්‍රියාත්මක කරනවා නම් ඔය ලැයිස්තුවේ 80%කට වඩා ඇමතිධුර කරන්න තිබුනේ හිරේ ඉඳලයි මේ වෙද්දී. මේවගේ සිඟිති වැඩ කරන අයගේ අරමුණ ආයේ කෙසේ හෝ බලයට පැමිණ තමන්ට අහිමිවී තිබෙන සැප නැවත ලබාගැනීම පමණක්ම බව මනාවට ඔප්පුවෙනවා (නි)
බල අජීර්ණය , ලෙඩ උග්‍ර වෙලා ඡන්දය කවදද තියෙන්නේ , ජනතාවට තවමත් අතීතය මතකය. (බ)
කලක් පිටරට ඉන්න ඩයස්පෝරාවත් ඔහොම විගඩමක් කළා. එක්කෝ මෙයාලගේ හොඳටම පිස්සු. නැත්නම් මෙයාලට ඡන්දෙ දුන් අයට පිස්සු කියලා ඔප්පුකරන්න හදන්නෙ. (නි)
මේ අය තමිල්නාඩුවේ ඉන්න අයට වඩා විහිලු සපයන්නෝ වෙලා දැන් (බ)
නැගිටින්න. නැගිටින්න. දැන් ඇති නිදාගත්තා. (නි)
ඇමතිකමේ රස කොච්චරද කියනවනම් හීනෙන් හරි ඇමති පට්ටමක් තමයි මෙයාලට ඕනේ. මොන්ටිසෝරි ළමයි වෙන්න එපා (බ)
මේ අයගෙන් ගරුකරන්න ඕනේ චමල්ට විතරයි බල තන්හාව කොතරම්ද (බ)
මෙහි සදහන් ඩිවී චානක නමැති තරුණය අපොස උසස්පෙලවත් සමත් නැත , ඔහුට වයස අවරුදු 25 වත් නැත , ඔහු ඩිවී උපුල් ගේ පුත්‍රයාය , එමනිසා මේ පාර පාර්ලිමේන්තු ගියේය , මෙවන් අයට වඩා අැමෙතිකම් දැරීමට සුදුස්සන් ලංකාවේ නැද්ද ? පොඩ්ඩක් සිතා බලන්න මොවුන්ට රට පාලනය කළහැකිද ? (බ)
මමත් හීනෙන් දැක්ක චායාවක්.එකේ ඔතන නැති කෙනෙක් සියලුම ඇමති, ඔතන ඉන්න සියලුම දෙනා කොන්දොස්තරලා,මම මහජනයා. ලංකාදීපෙට ස්තුතියි මගේ සිහිනයට තැනක් දුන්නට. (බ)
බැසිල් ඇමතිකම් වලට වඩා සල්ලි වලට කැමතියි (බ)
තණ්හා ජායතී සෝකෝ ලංකාව බල්ලාට ගිය ගානයි. පොදු ජනතාව හරක් නොවේ (බ)
දැන්නම් හොඳටම ඔලුව අවුල්වෙලා වගේ (නි)
විකට ඇදුම් තරගයෙකටද මේ (බ)
මගේ ඡායා ඡන්දයත් මම දෙනවා මේකට (නි)
මම හිතන්නේ මේ ඔක්කොම ඡායා කැබිනට් කියන එකේ තේරුම නොදැනයි මේ කතා කරන්නේ (නි)
මේකෙන් එකක් කියවෙන එක නම් මේ හදන ආණ්ඩුවට තියෙන්නේ මන්ත්‍රී ධූර 50 (පාර්ලිමේතුවේ අාසන 225ක් තියෙනවා ආණ්ඩුවක් පිහිටුවන්න අාසන 113 ඕන) ඒ සේරම ඇමැතිවරු. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෝ ගන්න විදියකුත් නොැහැ සේරම ඇමැතිකම් බෙදාගෙනනේ. (බ)
නියෝජ්‍ය ඇමති,රාජ්‍ය ඇමති නෑනෙ.ඒකාබද්ධ විපක්ෂයේ මෙච්චරද ඉන්නෙ.බොරැවට ජනතාව මුලාකරන්න එපා.දවල් හිින තමා....(බ)
එතකොට ආරක්ෂක ලේකම්, ශ්‍රී ලංකන් සභාපති, මහ බැංකු අධිපති හිටපු අයමද? (නි)
මෙහෙම චායා කැබිනෙට්ටු බටහිර රටවලත් තියෙනවා (උදා එංගලන්තේ). එ්කේ අරමුණ ආණ්ඩුවක් අාවම ඒ අයම ඒ තනතුරු වලට එනවා කියන එක නෙමෙයි. රජයේ අදාල කටයුතු සිදුවෙන අමාත්‍යංශ ගැන විපක්ෂයේ සිට සොයාබැලීම මේ අය කරනවා කියන එකයි. (බ)
ඡායා කැබිනට් සිහිනය .? එක අයකුටවත් විෂය පථය ගැන දැනීමක් නැත .(බ)
දේශපාලන කරලියේ ලොකුම විහිලුව. (ම)
පව් අප්පා පොඩි එවුන්ගේ ආසාවනේ. (බ)
මහින්දට අගමැති වෙන්න බෑ කිව්ව අයට දැන් ගොඩාාාාක් රිදෙයි.... (ම)
අනේ පව් හිටපු ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයකුට තනතුර පහත් කර ඇමති තනතුරක් දීම අනුමත කළ නොහැක (බ)
බැසිල් ඇමතින් පාලන ඇමතිද? (බ)
මොවුන් තවම බලලෝබය අත්හැර නැති බව මහජනයා දනී (නි)
මගේ ඡායා ඡන්දය ඡායා මැතිවරණයේදී මේ අයට දෙන බවට මෙයින් ඡායා පොරොන්දුවක් දෙමි (නි)
වසරේ හොදම විහිළුව (ම)
පිස්සු හැදෙනවා මේවා දකිනකොට (නි)
එක් ධනපති ආණ්ඩුවකට එරෙහිව පීඩිත ජනතාව වීදි බසිනවිට ධනපති පන්තියේම තවත් කොටස් එම ජනතා විරෝධය මතට පැන හැකිනම් බලය ඩැහැගන්නට දරන වියරු ප්‍රයත්නයකි. (නි)
ගරු කියන වචනයේ තේරුම නම්, කිසිම මුදල් අයකිරීමකින් තොරව සේවය කිරීම වේ. හරිම සතුටුයි. මෙවැනි අමාත්‍ය මණ්ඩලයක් පත්වන එක. හිනා යනවා මේවට. (නි)
මම නම් කියන්නේ, ඒකාබද්ධ විපක්ෂය පාච්චල් කරන්න විරුද්ධවාදීන්ගේ වැඩක් මේක. (නි)
කොසොල් රජු බොරුවකුත් කියලා වගේ. මේ දැකලා තියෙන අන්තිම හීනය හිතේ තියාගෙන ඉඳලා තියෙන්නේ 2016දි කියන්න වෙන්න ඇති. (නි)
ඡායාවෙත් 50ක් ඉන්නවා නම් දෘශ්‍යමාන එකේ කීයක් ඉඳීද? (නි)
අනේ! කවුද ජනාධිපති එතකොට? (නි)
මේ මොනවද කරන්නේ? අහිංසක දුප්පත් මහජනයා වෙනුවෙන් දැන්වත් පාරට බැහැලා ඇඟට දැනෙන වැඩක් කරන්නකෝ (නි)
මේ සමඟම "ඡායා වාහනත්" දුන්නද? (නි)
ඔහොමවත් හිතේ ආශාව සංසිදුවා ගන්න. අපිටත් කනක් ඇහිලා ඉන්න ඕනේ. (ම)
හොඳ දැක්මකින් සැකසු එකක් බව පැහැදිලියි. ඉක්මන් ජය ප්‍රාර්ථනා කරනවා. ඔබ සියල්ලට අප රටට සේවයක් කරන්න ඉතා හොඳ ශක්තියක් තියෙනවා. එය නොපිරිහෙලා ඉටු කරන්න. අප ඔබ සමඟ අත්වැලක් සේ ඉන්නවා (නි)
ඉතාම හොදයි දෙමළ සහ මරක්කලයෝ නැති ආණ්ඩුවක් අපටම කියා හදාගන්න පුළුවනි . ජයවේවා (ම)
අමතක වුණානේ. එම්.ආර්., ගෝඨා/බැසිල් ඉහළ තනතුරු දැරිය යුතුයි. සියලුදෙනාම විනිවිදබාවයෙන් වැඩ කළයුතුයි. සදා ජය....!! (නි)
මේක දැක්කම හිතෙනවා තියෙන ආණ්ඩුව දාහෙන් සම්පතයි කියල. (ම)
එ.ජා.ප ය විපක්ෂයේ ඉන්නකොට මේ වගේ ඡායා කැබිනට් එකක් හැදුවා මේ අයට මතක නැහැ වගේ. එ්කත් විපක්ෂයේ එක කාර්යබාරයක්. (නි)
මගේ නම් හිතට ලැජ්ජාවක් දැනුනා. (නි)
මේක තමා ලොකුම විහිලුව! මේ නඩේ, බල තණ්හාව, කෑදරකම, කවදාවත් සංසිදෙන්නේ නැති හැඩයි. (ම)
කවුද මේ වෙස්මුහුණු බඳින්නේ බෙරකාරයා එන්නත් කලින්? (නි)
මට ඇහැරුණු ගමන්ම ඇස් දෙක පිහිදාගෙන බැලුවේ මට පිස්සුද කියලා. (නි)
මේක හරිම හොඳ දෙයක්. මේකෙන් අදහස් වෙන්නේ විපක්ෂයේ ඉන්න අයට විෂයන් බෙදලා දීලා කියන එකයි. (නි)
ගුණමකු මේ සමාජය තිරිසන් සමාජයකි. එවන් සමාජයක් පරිහානියටම යයි. දැන් හැමතැනම උද්ඝෝෂණ, අදෝනා. හිටවපු ආකාරයට අස්වැන්න/පලදාව ලැබෙමින් ඇත. (නි)
ඒ කියන්නෙ දෙගොල්ලන්ටම ඇමතිකම් අඩු කරන්න නම් හිතක් නැහැ වගේ. (නි)
අගමැති වෙන්න සිහින මැව්වා. ඉන් පස්සේ විපක්ෂ නායක වෙන්න සිහින මැව්වා. යන්තම් මන්ත්‍රී කෙනෙක් වෙලා දැන් නැවත අගමැති වෙන්න සිහින මවනවා. (බ)
තමන්ගේම සිත් තමන් විසින්ම සතුටුකර ගන්නවා වගෙයි (නි)
මට මේ ලිපිය දැකල බකස් ගාල හිනා ගියා......හිනාව නවත්ත ගන්න බැරි වුණා .......එක අතකට පව් කියලත් හිතෙනවා.(බ)
අහුවෙන්න එපා. මේක තනිකරම මඩක් කියලයි මට හිතෙන්නේ (නි)
දුක යනු, දේශපාලුවන් සිංහයන් ලෙස දකින අම්බරුවන් අප අතර සිටීමත්, උන් දේශපාලුවන් වෙනුවෙන් හඬ නැඟීමත්ය. අවාසනාව යනු මෙය ලංකාව විමයි (නි)
කොහොමද මොවුන් එළියේ ඉන්නේ? (බ)
ඔය ඡායාවේ ඇමතිවරු ලංකාදීප එසැණ බැලුවොත් තේරෙයි මිනිසුන්ට මොනතරම් තමන්ව අප්‍රසන්නද කියලා. ඡායා-මායා (නි)
බොහෝ අදහස් වලින් පෙනෙන්නේ \'ඡායා කැබිනට්ටුව\' ගැන මොවුන් මිට පෙර අසා නැති බවයි.අප රටේ අධ්‍යාපනය ලද සහ ලබන අයගේ ප්‍රතිශතය ඉහළ බව ප්‍රකාශ වුණත් ,දමා ඇති අදහස් වලට අනුව නම් ඔවුන්ගේ සාමාන්‍ය දැනුම ඉතාම දුර්වලය.(ම)
තමන් තනියම සතුටුවෙනවා වගෙයි පෙනෙන්නේ. (නි)
ලොව ඇති හොඳම ඡායා කැබිනට්ටුව ඇත්තේ එංගලන්තයේ යැයි මට සිතේ. විපක්ෂය, රජයේ ඇමතිවරු තම වගකීම නිසියාකාරව ඉටු කරනවාදැයි වෙනම අධීක්ෂණය කරනවා. වරදක් ඇතොත් එය පාර්ලිමේන්තුව තුළදී විවේචනය කරනවා. මේක හොඳ දෙයක් ලංකාවටත්. (නි)
හැදුවා මෙන්න මරු කැබිනෙට්ටුව ඡායා... නැතුවා දෙන්න කරුමෙට මට්ටුව මායා... සිතුවා එන්න බැසගිය ගිණි හිරු පායා... පළවා හරිමු හොරුටික නැතිවන සේයා... (නි)
මේගොල්ලන්ගෙන් කවුරුවත් රටට වැඩක් ඇති විවේචන ඉදිරිපත් කරන්නේ නැහැ. පරණ හොරකම් වහගන්න, රට පස්සට ඇදලා තමන්ට බලය ගන්න වලිකන කට්ටියක් (නි)
මදැයි 50කින් නැවතුනා
අගමැති ගෝඨාභය සමඟ වන කැබිනෙට්ටුව අපි හෙට ප්‍රකාශ කරමු. (නි)
රනිල් වෙන්න ඇති ජනාධිපති. එතකොට මානසික රෝහල් කටයුතු පිළිබඳ ඇමති කවුද? (නි)
නියමයිනේ විදේශ ඇමති. (නි)
60% ශ්රී ලාංකික මෝඩයින්ගේ සහා කළු සුද්දන්ගේ අදහස් හෙළාදකිමි. (නි)
මට දුක විදේශ ඇමති ගැන. නාමල්ට කවදාවත් ඇමති කෙනෙක් වෙන්න බැරිවෙයි. (නි)
සිහින දැකීම කාගේත් අයිතියකි (නි)
දැන් හොඳටම පිස්සු. අල්ලලා අංගොඩට දාන්න තියෙන්නේ. (නි)
ඇයි මෙච්චර ලංකාවේ මිනිස්සු මෝඩ? මේක විරුද්ධ පක්ෂය ක්‍රියාකිරීමේ වේගය වැඩි කිරීමට හදන ක්‍රමයක්. ලෝකේ ගොඩක් රටවල මේක තියෙනවා. බුද්ධිමත්ව හිතන්න (නි)
ඉහත ප්‍රතිචාර දමා තිබෙන සමහර අය යමක් තේරුම් ගැනීමට අපොහොසත් පිරිසක් බව පෙනීයනවා. රට මේ දැන් යන තත්වය හොඳද? (නි)
නියමෙට තියෙයි!! අනේ මෙහෙම තන්හාවක්!! (බ)
ඉතිරි සිල් රෙදි වලින් කට්ටිය ඇදුම් මහගෙන හෙට අනිද්දා වෙන කොට බලහත්කාරෙන් දිව්රුම් දෙයි දැන් හැමදේම තමන්ට ඕන විදියට. කරන්න. නිදහස. තියෙනවනේ මේ අයගේ. නඩු ඉල්ලා අස් කරගන්නවද නැතිනම්. මේ අය. වෙනුවෙන්. ජනතාව. හිරේ යනවද .(බ)
හූ , හූ හරිම ජොලි (බ)
ඉන්න හැමෝටම ඇමතිකම් දීලනේ. (නි)
මුහුද හත් ගව්වක් තියෙද්දී අමුඩය ගැහුවලු. ඒත් ශරීරය එළියෙලු (නි)
අනේ සුබපැතුම්.! කොහොමුනත් අපිට කියන්න තියෙන්නේ මේක "ඡායාවක්ම තමා. තරහ වෙන්න එපා හොඳේ. (බ)
මමත් හීනෙන් චායා මණ්ඩලයක් දැක්ක. ඔතන නැති එක්කෙනෙක් සියලුම ඇමති. (බ)
සාගර හරි. ඡායා කැබිනට්ටුව කියන්නේ බලයේ ඉන්න ඇමතිවරුන්ව අධීක්ෂණය කරලා එයාලා කරන වැරදි පෙන්නාදෙන එක. (නි)
අනේ ඉතින් මේ ලැයිස්තුව රාමු කරගෙන උදේ හවස දකිනකොට ගෙවල්වල උදවියට වුනත් මොන තරම්නම් සන්තෝසයක් දැනෙනවාද? (බ)
අපේ පුංචි කාලේ සෙල්ලම් ගෙවල් දැම්ම කාලේ මතක් වෙනවා , ඔයා අම්ම වෙන්න මම තාත්ත ඔයා අක්ක මෙයා දුව, (බ)
ගරු... හිනා වෙලා පනයනවා. (බ)