මහ මැතිවරණයේ දී ස්ථීර වශයෙන්ම එක්සත් ජාතික පක්ෂය ජයගන්නා නිසා මහින්ද රාජපක්ෂ මහතාට අගමැතිධූරය ඉල්ලීමට හෝ ඒ පිළිබඳ කතා කිරීමටවත් අවස්ථාවක් ලැබෙන්නේ නැතැයි අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ‘සිරිකොත‘ එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී පැවසීය.
1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් මෙන්ම 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින්ද අග්‍රාමාත්‍යවරයා පත්කිරීමේ බලය ජනාධිපතිවරයාට පැවරී ඇති නිසා එක්සත් ජනතා නිදහස් සන්ධානය ජයග්‍රහණය කළත් මහින්ද රාජපක්ෂ මහතා අගමැති වන්නේ නැතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුට මෙවර නාමයෝජනා නොදුන්නේ ඔවුන්ට එරෙහි දූෂණ චෝදනා ඇති නිසා නොව ඔවුන් තරග කළොත් සන්ධානයේ ප්‍රබලයන් කිහිපදෙනෙකු පරාජය වීමේ අවධානමක් ඇති නිසා යැයි ද ඇමතිවරයා කීවේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෙනරත්, ඔයා කොහොමද එහෙම අභියෝග කරන්නේ? (නි)
පාර්ලිමේන්තුවේ බහුතරයක් ඉස්සෙල්ලම ගන්න ඕනෙනේ. යන විදිහට ඔය කාටත් බහුතරයක් ගන්න බැහැ. (ම)
මහින්ද අගමැති වෙන එක තීරණය කරන්නේ මහජනතාව වන අපි. අපි ඒ තීරණය අවශ්‍ය වෙලාවට දෙන්නම් (නි)
බලමුකෝ 17 ... (නි)
ඒකතමයි අපිත් කියන්නේ. මොකද මේ කට්ටිය බයවෙලා කෑගහන්නෙ? (නි)
මුළු රටේම ප්‍රධාන මාතෘකාව මහින්ද සහ මහින්දගේ අගමැතිකම. කැමැත්තෙන් හෝ අකමැත්තෙන් වුවත් දෙගොල්ලෝම එකම ඉලක්කයක් කරා යන බව තමා මට නම් පෙනෙන්නේ (නි)
අපි බලමුකෝ ඒක වෙන්නේ කොහොමද කියලා 17 දාට (නි)
මහින්ද දිනන්නේ නැත්නම් මොකටද නීති කරුණු හොයන්නේ? (නි)
නොවෙන දේවල් වලට විවාද කිරීමත් , කාලය අපතේ හැරීමක් , මුළු රටම සහ ලෝකයම දන්නවා , මහින්ද අගමැති නොවෙන බව (බ)
එහෙනම් ඔයාටද අගමැතිකම? හුළං තමයි (බ)
වැඩිපුර හීන දකින්න එපා (නි)
ඔය නීති පොත්වල තිබුණෙ නැද්ද මේ රට සිංහල බෙෳද්ධ රටක් කියලා.(ම)
පුත් සුමනදාස නම්බර් 2.(බ)
හරි හරි. අපි ඒකට හරි උත්තරයක් දෙන්නම් (නි)
තමාගේ ජාතියවත් දන්නේ නැති මෙයා බයිලා කියනවා. (බ)
මහින්ද දිනන්නේ නැත්නම් ඔබලා අගමැතිකම ගැන බය වෙන්නේ ඇයි?(ම)
දැන්ම ඡන්ද දාලා ගැනලා ඉවරවෙලාද ඔයතරම් එයා විශ්වාසයෙන් කියන්නේ. (නි)
පොල්ල දීලා ගස්සගන්න මිනිස්සු කැමති වෙන්නේ නැහැ. ඒක නිසා ඔය ප්‍රශ්නය මතු වෙන්නේ නැහැ.(ම)
අපි මහින්දව කොහොමහරි අගමැති කරනවා (නි)
ඔයා නිකන් කේවට්ටය වගේ වෙන්න එපා. තවම කාටවත් කියන්න බැහැ අගමැති වෙන්නේ කව්ද කියලා . ජන්දය ගණන් කරන කන් ඉන්නවා. (ම)
අගමැති වෙන්නේ කොහොමද කියන එකට අපි දෙන්නම් උත්තරය 17 වෙනිදට (නි)
අපිටත් මතකයි ඉස්සර ඔයාලා කියපු දේවල්..... (නි)
මහින්ද අගමැති වෙන්නේ වෙන කොහෙමවත් නෙමෙයි, "ඡන්දෙන්" (නි)
එහෙනම් මොකෝ කට්ටියම ලතෝනි ගහන්නේ.හිත ඇතුලෙන් බයයි නේද? අරෙහෙන් අනුර කෑගහනවා. ඔයාල හීනෙනුත් දකින්නේ මහින්ද දිනන හැටි තමයි. (නදී)
පුදුම භීතියක්නේ සමහරුන්ට තියෙන්නේ.එයා ගැන සන්ධානයත් ඡන්දය දෙන අයත් බලාගනීවි (නි)
මේක සිංහල රට නෙමෙයි කිව්වෙ සිංහල කිව්වාම ජාතිවාදියි කිව්වෙ මේ රට කීපාරක් බුදුරදුන්ට පූජා කළ බුදු දහම රැකි සිංහලයා ජීවත් වුන රට බව දන්නේ නැතිව උපාධිත් අරන් තියනෙ ඔහේගෙ කතා කවුද ගණන් ගන්නේ. (බ)
උගතෙක් බුද්ධිමතෙක් ඒ වගේම මැති සබේ සිටිය යුතුම පුද්ගලයෙක් ඔබතුමා, (බ)
විරාජ්, ඔබ කියන විදිහටම මෙතුමා උගතෙක් බුද්ධිමතෙක්. ඒ වගේම මැතිසබයේ සිටියයුතුම පුද්ගලයෙක් කියලා තමා මමත් සිතාගෙන හිටියේ. එහෙත් එතුමා ගහලා තියෙන පෝස්ටර් හා කටවුට් දිහා බලන්නකෝ. (නි)
ව්‍යවස්ථාවට අනුව, පාර්ලිමේන්තුවේ වැඩි මන්ත්‍රීන් සංඛ්‍යාවකගේ කැමැත්ත ලැබෙන ඕනෑම මන්ත්‍රී වරයෙකුට ජනාධිපති විසින් අග්‍රාමාත්‍ය තනතුර පිරිනැමිය යුතුය. එක එක්කෙනාගේ බයිලා අහන්නේ නැතිව කොයි කවුරුත් ව්‍යවස්ථාව කියවා බලන්න. (බ)
18 වෙනිදා උදේ වෙනතුරු ඔය අය සිහින දැක දැක නිදාගන්න. (නි)
සෙනරත් මහතාගේ කතාව හරි (නි)
ඔබ හරි මැතිතුමනි.ජනපතිට කැමති කෙනා සෑමවිටම අගමැති විය. (නි)
මහින්දට මැතිවරණයට ඇවිල්ලා කරලා බලන්න කියන්න.එයාගේ පරණ කැරැට්ටුව දැන් මුළු රටම දන්නවානේ. එහෙවු කෙනෙකුට ඡන්දෙ දෙන්න තරම් ශ්‍රී ලාංකිකයන් මෝඩ නැති වග නොතේරුන නිසා තමයි, ආයෙත් වරක් ඡන්දය ඉල්ලන්නේ. (නි)