‘ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තව මාස තුන හතරකට වඩා විපක්ෂයේ ඉන්න වෙන එකක් නැහැ‘ යැයි ශ්‍රීලනිප නව ජාතික සංවිධායක සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා අද (19) සිය ධූරයේ වැඩ භාරගනිමින් පැවසීය.
කොළඹ ඩාලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී අද පෙරවරුවේ වැඩ භාරගත් අතර ශ්‍රීලනිප භාණ්ඩාගාරික එස්.බී.නාවින්න මහතාද අද රාජකාරී ඇරඹීය.
හිටපු ජනාධිපතිවරුන් දෙදෙනකුගේ අනුශාසකත්වයෙන් හා වත්මන් ජනාධිපතිගේ සභාපතිත්වයෙන් කටයුතු කරන ශ්‍රීලනිපය තරම් ශක්තිමත් පක්ෂයක් ශ්‍රී ලංකාවේ නොව මෙම කලාපයේවත් නැතැයිද ජාතික සංවිධායකවරයා සඳහන් කළේය.
ඒ ශක්තියෙන් මීළඟ මහමැතිවරණයේදී ශ්‍රීලනිප අගමැතිවරයෙක් හා රජයක් පත් කරගෙන රට ඉදිරි සංවර්ධනය කරා ගෙන යාමට කටයුතු කරන බවද හෙතෙම ප්‍රකාශ කළේය.
හිටපු ජනපතිට ඊළඟ මහ මැතිවරණයේ අගමැති ධූර අපේක්ෂකත්වය ලබාදෙන්නේද යනුවෙන් මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ප්‍රේම්ජයන්ත් මහතා කීවේ ‘මහින්ද රාජපක්ෂ මහතා තවම තීරණයක් ගෙන නැහැ. ඒ නිසා ඒ ගැන කථා කරන්න තවම කල් වැඩියි‘ යනුවෙනි.
ඡායාරූප - ශාන්ත රත්නායක














COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ එකම බලාපොරොත්තුව මහින්ද මහතායි. ජය නියතයි! (නි)
මෙතැන තියන ප්‍රශ්නය කවුරු අගමැති වෙන එක නෙවෙයි, රට හදන්න පුළුවන් කාටද කියන එකයි, මහින්ද සහ හොරු ටික රට කෑවා. දැන් ආපහු කන්ඩ හදන්නේ, මිනිස්සු එච්චර මෝඩ නැහැනේ (නදි)
පක්ෂ දේශපාලනය අච්චාරුවක් බවට දැන් පත්වී ඇති බැවින් සුදුසු මහජන නියෝජිතයින් (සේවකයින්) තෝරාගැනීමට මහජනයාට ඉඩලැබෙන සේ ක්‍රමවේදයක් සකස් කළයුතුය (නි)
පිවිතුරු, සන්ධානය කියන්නේ මැලේ අච්චාරුවක් (නදී)
පැරණ දේ අමතකකර අලුත් දෙයක් කරමු (නි)
"පින් මද පුතුන් සියයක් ලදුවත් නිසරු ගුණ නැණ බෙලෙන් යුතු පුතුමය ඉතා ගරු එක පුන් සදින් දුරුවෙයි ලොව ඝන අදුරු නෙක තරු රැසින් එලෙසට නොම වේය දුරු" ( සුභාෂිතය - අලගියවන්න මුකවෙටි තුමා) (බ)
පරණ කණ්ඩායම තමයි ඉන්නේ. මේ අයට අනාගතයක් නැහැ. ජනපති තුමා පමණක් විස්වාස කරන්න පුළුවන්. නව දේශපාලන කණ්ඩායමක් රටට ඕනේ. (හේ)
පිවිතුරු ළමයා දවල් සිහින දකිනවා.(නදී)
මහින්ද මහත්තයාගේ අතුරුදන් වූ කෙන්දරකරු හොයාගත්තොත් මේ ප්‍රශ්නයට ඉක්මනටම පිළිතුරක් හොයාගන්න පුළුවන් වේවි.එතකන් පොඩ්ඩක් ඉවසගෙන ඉඳිමුකෝ. මොකෝ හදිස්සිය? (නි)
හැබැයි සත්‍යපාල ඔය කවිය මෙතනට නම් සුදුසු මදි.(හේ)
ඕනෑවට වඩා කියවන්න එපා මහින්ද කියන්නේ ඉතිහාසේ ලියවුන නමක් අනික ඔහු පරදය වුන නායකයෙක් දැන් තියෙන්නේ රට ගැන හිතලා ජාතික ආණ්ඩුවක් හදන්න .(හේ)
මී අයට කරන්න දුන්නොත් කෙරිලම තියේවි තව මාස 6 ක් යනකොට (නදී)
සයිමන් , අනාගත යනු අතීතයේ පුනරවර්තනයි.(හේ)
මහින්ද රාජපක්ෂ මහතා තවම තීරණයක් ගෙන නැහැ ඕක නේ දැන් ඇතිවෙලා තියෙන ප්‍රශ්නේ (දිල්)
"විපුල ගුණැති මහතුන් හට පත් විපත නිසල නැණින් යුතු උතුමෝ ම දුරලත කලල ගිලුණු මත වරනිදු ගොඩ ගනුත තුමුල බලැති ගිඦිදකු මිස අන් කෙවත" "හැබැයි සත්‍යපාල ඔය කවිය මෙතනට නම් සුදුසු මදි" ලසන්ත,එහෙනම් මේ කවිය හරියටම හරි නේද "මහත් ගුණයෙන් යුතු මහාත්මයන් හට පැමිණි විපත්ති තැන්පත් නුවණ ඇති උතුමෝ ම දුරු කරති. මඩෙහි එරුණු මත් ඇත් රජු ගොඩ ගන්නට නම් මහත් බල ඇති ඇත් රජකු හැර අන් කවරෙක් සමර්ථ වේද? (සුභාෂිතය) (හේ)
ආයේ දේශපාලනයට එන්න හිතන්න එපා.ආයේ ආවොත් ගොඩ ඒමක් නෑ.(හේ)
රනිල් 22 වතාවක් පරද වී නැවත අගමැතිවිය හැකි නම්.. ඇයි මහින්දට බැරි.. මේ අයට 2010 ට පෙර සියලු දේ අමතක වී ඇත..(හේ)
රනිල් මහත්තයා හරිම අහිංසක හොඳ කරුණාවන්ත දේශප්‍රේමියෙක්. (නි)
මහින්ද මහත්තයා ඉදිරිපත් නොවුනොත් නිදහස් පක්ෂය පරදී , හිතලා බලන්න කවුද ඉන්නේ නායකත්වයක් දෙන්න පුළුවන් කෙනෙක් , රනිල් මහත්තයා උඩින්ම දිනනවා.(හේ)
සුමිත් ඒ කතාව හරි. (නදී)
අනේ සත්‍යපාල මහත්තයෝ, මමත් දදුන්නේ මහින්ද මහත්තයට තමයි. මට ඔබ තුමාගේ දුකත් තේරෙනවා. ඔබතුමා කවියෙන් දුක ප්‍රකාශ කරනවා. නමුත් කුහක වෙන්න හොඳ නෑ. මේ කට්ටියටත් කරන්න දෙන්න. මහින්ද මහත්තයා ඔය හොඳට කරලා තියෙන්නේ පේනවනේ වියදම් ටිකම.(නදී)
අපි බලමුකෝ ඉවසලා (නි)
රනිල් සොරකම් කරන්න බලයේ සිටියේ නැහැ. 22 වතාවක් පැරදුනා. (නදී)
පක්ෂයක වගකීම හොරු දුශිතයන්ව ඉදිරිපත් කිරීමට වඩා ජනතා හිතවාදියෙක් ජනතාවට ගරුකරන මිසක් ජනතාවගෙන් ගසා කන්නෙක් නෙමේ.(නදී)
ඔය සේරම නෙවි දුමින්දත් ඇවිත් ඉන්නේ ලස්සනට ...!!! අන්න ගේම් ..අන්න වැඩ ...(අ)
ඔය සේරම නෙවි දුමින්දත් ඇවිත් ඉන්නේ ලස්සනට ...!!! අන්න ගේම් ..අන්න වැඩ ...(අ)
මේ අය අායෙත් බලයට අවොත් හොඳට හිටී. (නදී)
සයිමන් අයිය ඕනනම් හවුල් ආණ්ඩුවක් හදා ගන්න. අපිට එහෙම අච්චාරු අවශ්‍ය නැහැ. අපි මේ මාස තුනේ ආණ්ඩුවත් එලවල පිරිසිදු සන්දාන චන්ද වලින් මහින්ද මහත්තයාගේ නායකත්වයෙන් රජයක් පිහිටුවනවා ඉදිරි මහා මැතිවරනෙන්.(නදී)
සුමිත් , රනිල්ට කොතනකවත් කියවිලා තියෙනවද හොරකම් කළා කියලා. රටේ ජනතාවට අයිති දේ කෑවා. නැත්නම් සහෝදර සමාගමක් පිහිටුවා ගෙන මහා භාන්ඩාගාරයෙන් හොරා කෑවා. කොමිස් ගැහුවා, තමන්ගේ සහ පවුලේ කට්ටිය වෙනුවෙන් මන්දිර තැනුව කියල තියෙනවද කොහෙවත් ? මේක තමයි වෙනස, කනගාටුවට කරුණ නම් සත්‍ය තේරුම් නොගෙන අයාලේ යන එකටයි (නදී)
එල පව්සි
පිටබැද්දර ජයා කිරි සප්පය කාලේ තරුණ ජීවිත ගොඩක් පස් යට ගහපු වධකාගාර හිට්ලර් ගෙන් ඉගෙන ගෙන පිහිටවපු ඉතා හොඳ අහිංසක දේශපාලකයෙක් ගැන අසරණ මහලු දෙමව්පියන් තවමත් කඳුළු සලනවා!! (බ)
අනේ රාල මොනවා කියන්නද (අ)
දශකයක කාලයක් ජනාධිපතිව (අ)
දශකයක කාලයක් රජෙකු මෙන් ජනාදිපති වශයෙන් සිට , නැවත රටේ අගමැති වුණාම , රන් පදක්කම ගත් ලෝක ශුරයා , රා මුට්ටියට මැරතන් යනවා වාගේ , වැදගත් විදියට පරාජය පිළිගෙන අනික් අයට උදව් කරන් සිටියම හොඳයි (අ)
සයිමන් අයිය ඕනනම් හවුල් ආණ්ඩුවක් හදා ගන්න..අපිට එහෙම අච්චාරු අවශ්‍ය නැහැ. පිරිසිදු සංධාන ඡන්ද වලින් මහින්ද මහත්තයාගේ නායකත්වයෙන් රජයක් පිහිටුවනවා ඉදිරි මහා මැතිවරණයෙන් (අ).
දැන්ම කිව්වම මොකද වෙන්නේ.(හේ)
පාරුව පෙරළුනු විට පෙරළුනු පැත්ත හොඳයි කියනවා (නි)
උත්තර නැහැ නේද? (නි)
පිටබැද්දර ජයාට- රනිල් මහත්තය ගැන කියැවුණු එකක් කියන්නම්කො. බටලන්ද -ඕන් කිව්වා. ඉතිරිවා ඔයාම හොයා ගන්න (නදී)