
(අංජුල මහික වීරරත්න, දයාරත්න ඇඹෝගම සහ රෝහණ චන්ද්‍රදාස)
ශ්‍රී ලාංකේය ජනතාව ශිෂ්ට සම්පන්න ජාතියක් බවට පත් වීමට බුදු දහම සමඟ සිදුවූ පරිවර්තනීය වෙනස ඉවහල් වූ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව කීවේ “අනුබුදු දහමින් ලොවම නිවේවා“ තේමාව යටතේ ඓතිහාසික මිහින්තලා පුද බිමේදී අද (10) පැවති ජාතික පොසොන් උත්සවයට එක් වෙමිනි.
ශ්‍රී ලාංකේය ජාතිය ශිෂ්ට සම්පන්න පරිවර්තනයකට ගෙන ගිය මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකාගමනය සහ මිහින්තලාව අමතක කර ජාතික පොසොන් උත්සවය සැමරිය නොහැකි බව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය .
එම නිසා මෙවැනි අධ්‍යාත්මික වටිනාකම් සහිත උරුමය ඇති භූමිය සුරක්ෂිත කොට මතු පරපුර වෙනුවෙන් රැක ගැනීම රාජ්‍යයක වගකීම බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
මිහින්තලා රජමහා විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන නාහිමිද, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි, අමාත්‍ය වසන්ත සමරසිංහ, ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක, නියෝජ්‍ය අමාත්‍ය සුසිල් රණසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සේන නානායක්කාර, තිළිණ තාරුක සමරකෝන්, භාග්‍ය ශ්‍රී හේරත්, අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය මහත්වරු ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
(ඡායාරූප: දයාරත්න ඇඹෝගම)





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එම මූල ධර්මයේ සිට, ජනපතිවරණයේදී මිහින්තලාව ප්‍රමුඛව කරනු ලැබූ අවලාද අමතක කොට වැඩ කටයුතු කිරීම ප්‍රශංසනීයයි..!
හැංගුණු වලහා නැතිව ඔය මැටි වැව ගැන කතාකරලා වැඩකුත් නෑ. අපේ ජනාධිපතිතුමනි...
අනුරට වඩා හොද පෞරුෂයක් මිහින්තලේ හාමුදුරුවන්ට තියෙනවා . මොනවා වුණත් අනුර ඔතැනට ගිය එක වටිනවා. නැත්නම් හාමුදුරුවෝ හිතාගෙන හිටියේ සජිත් තමා රටේ ජනාධිපති කියලා.
මිහිඳු මාහිමියන් ලංකාවට වැඩම කිරීමට පෙර බුදු හිමියන් තෙවරක් ලංකාවට වැඩම කරලා ධර්මය දේශනා කරලා තියෙනවා. ඒ වගේම තපස්සු, භල්ලුක වෙළඳ දෙබෑයන් ලංකාවට වෙළඳාම් කරන්න එද්දී බුදු බණ අහලා තිබ්බාලු. විජය කුමරු ලංකාවට එනකොට කුවේණිය කපු කටිමින් හිටියා නම් රටේ ශිෂ්ඨ මිනිස්සු ඉඳලා තියෙනවා. එහෙම නම් ලංකාවට මිහිඳු හිමි වඩින්න පෙර බුදු දහම ලංකාවේ ව්‍යාප්තව තිබුණේ නෑ කියන්නේ කොහොමද?