IMG-LOGO

2025 දෙසැම්බර් මස 13 වන සෙනසුරාදා


මිහින්තලාව අමතක කර ජාතික පොසොන් උත්සවය සමරන්න බෑ

(අංජුල මහික වීරරත්න, දයාරත්න ඇඹෝගම සහ රෝහණ චන්ද්‍රදාස)

ශ්‍රී ලාංකේය ජනතාව  ශිෂ්ට සම්පන්න ජාතියක්  බවට පත් වීමට  බුදු දහම සමඟ සිදුවූ පරිවර්තනීය  වෙනස ඉවහල් වූ බව  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා  මේ බව කීවේ “අනුබුදු දහමින් ලොවම නිවේවා“ තේමාව යටතේ ඓතිහාසික මිහින්තලා පුද බිමේදී  අද (10) පැවති ජාතික පොසොන් උත්සවයට එක් වෙමිනි. 

ශ්‍රී ලාංකේය ජාතිය ශිෂ්ට සම්පන්න පරිවර්තනයකට ගෙන ගිය මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකාගමනය සහ මිහින්තලාව අමතක කර ජාතික පොසොන් උත්සවය සැමරිය නොහැකි බව ජනාධිපතිවරයා  මෙහිදී අවධාරණය කළේය .

එම නිසා මෙවැනි අධ්‍යාත්මික වටිනාකම් සහිත උරුමය ඇති භූමිය සුරක්ෂිත කොට මතු පරපුර වෙනුවෙන් රැක ගැනීම රාජ්‍යයක වගකීම බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

මිහින්තලා රජමහා විහාරාධිපති  වලවාහැංගුණවැවේ ධම්මරතන නාහිමිද, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය  හිනිදුම සුනිල් සෙ‍නෙවි, අමාත්‍ය වසන්ත සමරසිංහ, ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක, නියෝජ්‍ය අමාත්‍ය සුසිල් රණසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සේන නානායක්කාර, තිළිණ තාරුක සමරකෝන්, භාග්‍ය ශ්‍රී හේරත්, අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය  මහත්වරු ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

(ඡායාරූප: දයාරත්න ඇඹෝගම)



අදහස් (5)

මිහින්තලාව අමතක කර ජාතික පොසොන් උත්සවය සමරන්න බෑ

swene Tuesday, 10 June 2025 01:43 PM

එම මූල ධර්මයේ සිට, ජනපතිවරණයේදී මිහින්තලාව ප්‍රමුඛව කරනු ලැබූ අවලාද අමතක කොට වැඩ කටයුතු කිරීම ප්‍රශංසනීයයි..!

:       7       15

බකල ජයා Tuesday, 10 June 2025 02:03 PM

හැංගුණු වලහා නැතිව ඔය මැටි වැව ගැන කතාකරලා වැඩකුත් නෑ. අපේ ජනාධිපතිතුමනි...

:       25       8

Mahesh Tuesday, 10 June 2025 04:27 PM

අනුරට වඩා හොද පෞරුෂයක් මිහින්තලේ හාමුදුරුවන්ට තියෙනවා . මොනවා වුණත් අනුර ඔතැනට ගිය එක වටිනවා. නැත්නම් හාමුදුරුවෝ හිතාගෙන හිටියේ සජිත් තමා රටේ ජනාධිපති කියලා.

:       21       12

PunkaLatha Tuesday, 10 June 2025 07:41 PM

හාමුදුරුවන්ගෙ පර්සනැලටි එක ගොබ්බයින්ට ලොකු ඇති. ඔය ලොකු පර්සැනලටි කාරයෝ තමයි මිනිස්සුන්ව පෝලිම්වල මැරුවේ...

:       0       0

himal Wednesday, 11 June 2025 09:58 AM

මිහිඳු මාහිමියන් ලංකාවට වැඩම කිරීමට පෙර බුදු හිමියන් තෙවරක් ලංකාවට වැඩම කරලා ධර්මය දේශනා කරලා තියෙනවා. ඒ වගේම තපස්සු, භල්ලුක වෙළඳ දෙබෑයන් ලංකාවට වෙළඳාම් කරන්න එද්දී බුදු බණ අහලා තිබ්බාලු. විජය කුමරු ලංකාවට එනකොට කුවේණිය කපු කටිමින් හිටියා නම් රටේ ශිෂ්ඨ මිනිස්සු ඉඳලා තියෙනවා. එහෙම නම් ලංකාවට මිහිඳු හිමි වඩින්න පෙර බුදු දහම ලංකාවේ ව්‍යාප්තව තිබුණේ නෑ කියන්නේ කොහොමද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 675 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site