( දිල්රුක්ෂි ග්‍රේරු )
මිහින්තලය ජාතික උරුමයක් ලෙස නම් කිරීමට සහ පොසොන් සතිය , මිහින්තලා පෙරහර ජාතික උත්සවයක් ලෙසද ප්‍රකාශයට පත් කිරීමට රජය පියවර ගෙන තිබේ.
විශේෂිත පිංකම් හා චාරිත්‍ර සමඟ පොසොන් උත්සවය ජාතික උත්වයක් ලෙස පැවැත්වීමේදී ඇතිවන දුෂ්කරතාවයන් අවම කිරීම මෙහි අරමුණවේ.
මෙම පිංකම් සඳහා දැනට ලබාදෙන රාජ්‍ය අනුග්‍රහයට ඉහළ දායකත්වයක් ලබා දීමට සහ පෙරහර සඳහා වාර්ෂිවකව ප්‍රතිපාදන සලසා දීම ද මෙමගින් සිදු වේ. බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍යංශය මගින් ඒ සඳහා අවශ්‍ය කටයුතු සිදු කරයි.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කැබිනට් මණ්ඩලයට මෙම යෝජනාව ඉදිරිපත් කළ යෝජනාවකට මෙම අනුමැතිය හිමි වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විශිෂ්ඨ තීරණයක්.. උතුම් බුදුදහම ලංකාවට ලැබුණු තැන, අපේ සංස්කෘතියේ ඇරඹුම සිදුවුණු උතුම් පින්බිමට මෙතෙක් කල් කිසිම රජයකින් නොකෙරුණු දෙයක්. අනුන් දෙන මල් වට්ටි අරන් පන්සල් ගානේ යන එහෙම නායකයෝ පන්සලෙන් එළියට ඇවිත් කතාකරන්නෙත් දේශපාලනය ගැන. පන්සලේ දොරකඩ ඉඳන් පතුරන්නේ වෛරය, ක්‍රෝධය.. අන්තිමට පන්සල් ගිහිල්ලත් කරන්නේ පව්.
අපොයි දෙයියනේ, අැයි එහෙම ප්‍රකාශයට පත් කලේ? දැන් නිකං හිටපු එවුන්ටත් හිතෙනවා යකෝ ඔන්න තවත් ජාතික උරුමයක් තියෙනවා, බුරුත ගස්වලින්ම වැඩේ පටන් ගම්මු කියලා...
යූ.එන්.පී. නිසා ආණ්ඩුව මැදිහත් වුණාට ලංකාවේ බෞද්ධ හැමෝම මිහින්තලයේ වටිනාකම දන්නවා.