IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


මිහින්තලේ හිමියන්ගෙන් සීඅයිඩියට පැමිණිල්ලක්

(සුජිත් හේවාජුලිගේ)

තමන් වහන්සේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ සංසරණය වන වීඩියෝ පටයක් සම්බන්ධයෙන් මිහින්තලේ රජමහා විහාරාධිපති වලවාහැංගුනවැවේ  ධම්මරතන නාහිමියෝ  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද පැමිණිල්ලක් කළහ.

පොලිසිය මේ ගැන සොයා බැලිය යුතු බවද උන්වහන්සේ පැවසුහ.

අපරාධ අංශයට වගේම සයිබර් අපරාධ විමර්ශනාංශයටද මේ ගැන පැමිණිලි ඉදිරිපත් කළ බව පැවසූ ධම්මරතන හිමියෝ   මේ සම්බන්ධයෙන් මෙතෙක් ක්‍රියාත්මක වී නැතැයිද  චෝදනා කළහ.

මේ පිටුපස සිටින්නේ කවුදැයි සොයා බැලිය යුතු බවද උන්වහන්සේ සඳහන් කළහ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීමෙන් පසු  මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ වලවා හැඟුන වැවේ ධම්මරතන හිමියෝ මෙසේ පැවසූහ.

මීට හය මාසයකට පෙර වට්ස්ඇප්  ඔස්සේ දුරකථන ඇමතුමක් ඇවිත් අපි වීඩියෝවක් එවලා තියෙනවා බලපන්. වීඩියෝ රැසක් තියෙනවා.ඒ නිසා අපිට කෝටියක් දීපන්.  නැත්නම් මරලා දානවා කියලා කිව්වා. මේක ආවේ ජුනි මාසයේ 1 වැනිදා. කප්පම් දෙන්නේ  නැහැ. ඝාතනය කරන්න මරා දාන්න කිසිම ගැටලුවක් නැහැ කියලා මම කිව්වා . මම සූදානම් කියලා කිව්වා.පස්සේ ඒ අය  ඒ වීඩියෝ ටික මකල දැම්මා."



අදහස් (8)

මිහින්තලේ හිමියන්ගෙන් සීඅයිඩියට පැමිණිල්ලක්

බද්රානි Friday, 29 December 2023 09:25 PM

කප්පන් ඉල්ලන්නේ අර වගේ වීඩියෝ පටයක ඉන්න නිසා නේද..? සිවුරත් නැතිවම, සැරටම කුණුහරුප බණකුත් කියනවාලු නේද..? කාන්තාවන් සමග ගනුදෙනු කරීමේදී ගනුදෙනු හරිහැටි පියවනවා නම්, ඔයවගේ ගැටුම් ඇතිවෙන එකක් නැහැ කියලයි මට නම් හිතෙන්නේ... මොනා වුනත් ලැජ්ජයි නේද අපේ හාන්දුරුවනේ... කරන්න හොඳයි කරපු ඒවා දකිද්දී තමයි අමාරුව නේද..? ලයිට් බිල් ගෙවන්න සල්ලි නැති හේතුවත් දැන් අපට පැහැදිලියි.

:       146       17

සාධු Sunday, 31 December 2023 08:51 AM

උපාසක අම්මේ, එදා මම පොරොන්දු වුණාටත් වැඩිය ගාණක් ඔබතුමියට දුන්නා. ඒ නිසා ගනුදෙනු ගැන ප්‍රශ්නයක් නැති බව ඔබතුමියටම වටහෙනවානේ...

:       0       1

Ven K.sumanarathana Friday, 29 December 2023 09:47 PM

කුම්බලා මාළු කෑවා නම් දුක විඳපන්...

:       116       16

abaran Saturday, 30 December 2023 03:58 AM

සසර කලකිරිලා මහණ වුණානම් පන්සලට වෙලා බණක් භාවනාවක් කරගෙන ඉන්නේ නැතිව රස්තියාදු කාරයින්ගේ හරි, චණ්ඩින්ගේ හරි, චරිත වලට පණ පොවන්න ගියාම ඕවා බලාපොරොත්තු වෙන්න වෙනවා. සිල්ලර දේශපාලනය නොකර පැත්තකට වෙලා හිටියා නම් ඕවා මොකුත් නැහැනේ...

:       87       16

උබේදීර Saturday, 30 December 2023 09:23 AM

ඒ වීඩියෝ බලන්නේ නැතුව මොකුත් කියන්න බෑ.

:       74       20

dhamneth Saturday, 30 December 2023 12:02 PM

බුදුමග යන සිල්වත් හාමුදුරුවරුන්ට කිසිවෙකුගෙන් කරදරයක් නැහැ...

:       134       24

උපාසක Saturday, 30 December 2023 04:02 PM

හාමුදුරුවනේ කරන දෙයක් දොර වහගෙන කරන්න. දැන් කොල්ලොයි, බල්ලොයි හැම කෙනා අතේම ෆෝන්... ඔවුන් ඒවා අල්ලනවා හැම තැනකම. ඒ නිසා පරෙස්සමින් කරන දෙයක් සතියෙන් කරන්න. නැත්නම් තව මොන, මොනවා ඔය සමාජ මාධ්‍යවල වැටෙයිද දන්නේ නෑ. එතකොට ලැජ්ජයිනේ අපේ හාමුදුරුවනේ. ඔබ වහන්සේගේ ගෞරවය නැතිවෙනවා. සමාජයට මුහුණ දෙන්න බැරිවෙනවා. සිංහයෙක් වගේ කතාකරන්න, වැරැදි පෙන්නන්න බැරිවෙනවා. අන්තිමට වෙන්නේ අර වලහාට වෙච්චි දේ. වලහා හැංගුණා වගේ හැංගිලා ඉන්න... මෙත් සිතිනි.

:       68       10

Hitan Sunday, 31 December 2023 04:38 AM

ඉංග්‍රීසි කියමනක් තියෙනවා ඔබට ගෞරවය වුවමනා නම් එය ඔබ විසින් උපයා ගතයුතුබව... අපේ රටේ ඉන්න චන්ඩින් හිතන්නේ එය බලෙන් ගන්න පුළුවන් කියලා... මෙයාට කියන්න තියෙන්නේත් ඔය ටික තමයි. උඳු වපුරලා තල ලබාගන්න බැහැ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 55 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 850 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 611 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site