මිහින්තලය රජ මහා විහාරයට ලැබෙන පුණ්‍යාධාර, මුදල් ඇතුළු විහාර දේපළ පරිහරණය හිටපු විහාරාධිපති නාමල්වැවේ රතනසාර හිමියනට තහනම් කරමින් අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් ලක්මාලි හේවාවසම් මෙනවිය අද අතුරු තහනම් නියෝගයක් නිකුත් කළාය. නව විහාරාධිපති වලවාහැංගුණුවැවේ ධම්මරතන හිමියන් ජ්‍යෙෂ්ඨ නීතීඥ කරුණාරත්න හේරත් මහතා මගින් පෙත්සමක් ගොනුකරමින් කියා සිටියේ පෞද්ගලික පරිහරණය සඳහා අවශ්‍යම දෑ හැර විහාරය සතු කිසිවක් පරිහරණය කිරීමට ඉඩ නොදෙන ලෙසයි. රතනසාර හිමි විහාරාධිපති පදවිය බාර නොදී එහි බලෙන් රැඳී සිටී. ලබන 18 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස රතනසාර හිමියනට නියෝග කැරිණි. මල්වතු විහාර සංඝකාරක සභාව ඒ හිමියන් විහාරාදිපති පදවියෙන් නෙරපා හළේ භික්ෂුත්වයට නොගැලපෙන සිද්ධියක් සම්බන්ධයෙනි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිවන් දකින්න සල්ලි ඕනෑද?
පන්සල්වල දේපල විනාශ කරන විහාරාධිපති හාමුදුරුවරු පිළිබදව සොයාබලන එක සාසනයේ දියුණුවට හේතුවේවි.
දේශපාලනය ගාවගෙන ශාසනය නැති කරන්න එපා. ඇයි මේක නීතියටවත් තේරෙන්නේ නැද්ද ? උසාවියේ ඉන්නේ බෞද්ධයෝ නෙවෙයිද ?
ලෝක විනාශය, ස්වාමීන් වහන්සේලා ආශාව අතහරින හැටි අපිට නම් කියනවා.
නිවන් යන්න තමයි වැඩිපුර සල්ලි ඕනේ.
සංඝ සභාවෙනුත් අයින් කරලයි තියෙන්නේ. දැන් භික්ෂුවක් ද නොවේ. සිවුරු පොරවගෙන සිටීම අනික් භික්ෂුවන්ට ද කරන නිගාවක්. සිවුර ගලවලා හිරේට දැමිය යුතුයි.
බුදු අම්මෝ !!! සල්ලි කියාපුවාම පිලිමෙත් කට අරින හැටි !!! නිවන් යන ගමනට අවශ්‍ය අඩුම කුඩුම වෙන්නඇති. අනේ සාදු සාදූ සාදූ ! ! ! ! !
අන්තෝජටා බහිජටා. ඇතලෙත්ගැට පිටත්ගැට.
පන්සලුත් දැන් දේශපාලන පක්ෂවල තත්ත්වයට වැටිලද ?
සංඝ අධිකරණය කෝ.
මේ සියල්ල සිදුවන්නේ දේශපාලන බලපෑමෙන්.
රතනසාර හිමියනේ ඔබ බෞද්ධයෙක් ද ?
ලාරාට පිස්සුද ? පන්සලේ බිල් ගෙවන්නේ ඔබේ කවුරුහරිද ? පිංකම් වලට, පාංසකූලයට වඩින්නේ පා ගමනෙන්ද ? හෙට දානෙට අද පිටත්වෙන්න වෙයි හාමුදුරුවරුන්ගේ වැරදිම හොයන්න් මිත්‍යාදෘෂ්ඨිකයෝ. ලාරා මහනවෙලා බලනවද කොච්චර ලේසිද අටසිල් රැකීම කියලා.
ගුරාට විරුද්ධව ගෝලයා උසාවි යනවා මේවා ලැජ්ජා නැති වැඩ
මේ කට්ටියම දේශපාලනීකරණය වෙලා. අපිත් බෟද්ධයෝ හැටියට මේවා කොහොම දරාගන්නද ? ගොඩක් කට්ටිය සංඝ මචන්ලා. මේ වගේ වැඩ කරන කට්ටිය සහ දේශපාලනය කරන සංඝ මචන්ලාට යන්න වෙනම අපායක් හදන්න වේවි. අනේ බුද්ධ සාසනයට ගිය කළක්.
පින්වතුනි...... ජීවිතය දුකක්මය ඒ පින්වතුන්ටය අපට නම් එහෙම නොව වගකීම් හෙම නැතිය ඒ නිසා හරි සැපය ගිහි සැපය පරාදය පින්වත්නී..... පන්සලත් ඈවරය අසපුනම් අලංකාරය බනක් දෙසුවත් ඉතින් පින් නොවේ ඉන්කම්ය මේකප්ද කළ යුතුය
නිවන් දකින්න නෙවෙයි ලාරා දැන් හැම මගුලටම සල්ලි නැතිව මොනවත් කරන්න බැහැ. අඩුගනනේ මෙරෙන්නවත් පුළුවන්ද සල්ලි නැතිව.
නිවනත් ගොලීයකරණය වෙලා.