ජනාධිපති නීතීඥ මොහාන් පීරිස් ඉවත් කිරීම පිළිබඳ විපක්ෂය ඉල්ලූ විවාදය අද (02) පාර්ලිමේන්තුවේ පැවැත්වෙද්දී ඇතිවූ ගාලගෝට්ටියකින් පසු පාර්ලිමේන්තුව මිනිත්තු 10කට ලක් තැබිණි.
විපක්ෂ නායක නිමල් සිරිපාලද සිල්වා මහතා සභාව අමතමින් කීවේ මොහාන් පීරිස් ඉවත් කිරීම නීති විරෝධී බවයි.
‘පාර්ලිමේන්තුවේ සම්මත වූ යෝජනාවක් අනුව තමයි ශිරාණි බණ්ඩාරනායක ඉවත් කළේ. කතානායක දුන් තීන්දුවක් අභියෝගයට ලක් කළ නොහැකියි. නීතීඥ සංගමයේ කරන්නේ ලංකාවේ නීතිය කැලේ නීතිය කරන එකයි. මොහාන් පීරිස්ට කඩේ යන එක නොවෙයි අපි කරන්නේ.‘
ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල -
‘මොහාන් පීරිස් ඉවත් කළේ ජනාධිපතිතුමයි. ජනාධිපතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති. සමහරුන්ට ඕනෑ එතුමාට මඩ ගහන්න. ඒකයි මේ විවාදය ගෙනාවෙත්.‘
ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් -
‘මොහාන් පීරිස් කියන තැනැත්තා මේ රටේ අගවිනිසුරුවරයෙක් නොවෙයි. ඔහු කවදාවත් අගවිනිසුරුවරයකු ලෙස පත් වුණේ නෑ.‘
ඇමැති සජිත් ප්‍රේමදාස -
‘ජනාධිපතිතුමා හා අගමැතිතුමා නීති විශාරදයන් සමඟ සාකච්ඡා කරලයි මේ තීන්දුව ගත්තේ. ව්‍යවස්ථා විරෝධීව සිදු කර තිබුණු පත්වීමත් අවලංගු කළා. මෙය කළේ ජනාධිපතිතුමා. ශ්‍රීපවාන් මහත්මයා පත්කළේ ජනාධිපතිතුමා. ඔහු පත්වූ ආකාරය වැරදියි කියනවා නම් ඒ චෝදනා කරන්නේ ජනාධිපතිතුමාට. ජනාධිපතිතුමා තමයි ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ සභාපති. නිකං හැංගිලා කියන්නේ නැතිව කෙළින් කියන්නකෝ. පුළුවන්නම් නැගිටලා කියන්නකෝ ශ්‍රීලනිපයේ සභාපති වරදක් කළේ කියා.‘
මේ අවස්ථාවේ සභාවේ ඝෝෂාවක් ඇති විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් විපක්ෂ නායකතුමා තවමත් හිටපු ජනාධිපතිතුමා කළ දේවල් අනුමත කරනවා වගේ පෙනෙන්නේ. මෙහෙම අය යහපාලනයට ගැළපෙනවාද කියන එක ඊළඟ මැතිවරණයේදී ජනතාව තීන්දු කළයුතුයි. (නි)
කොන්දක් තියෙන විපක්ෂයක් තිබුනා නම් මෙහෙම නටන්න බැහැ. නිමල් සිරිපාල මහත්තයා මොකද කරන්නේ? පාර්ලිමේන්තුවේ බහුතරයක් නැති ආණ්ඩුවක් ව්‍යස්තානුකුල නොවන අයුරින් බිහිකරගෙන පාලනයක් ගෙනියන්න හදනවා. පාර්ලිමේන්තුවේ කොන්දක් තියන එක මිනිහෙක් නෑ. මොහාන් පත්කරන්න අත් උත්සපු අයම දැන් එ්ක වැරදියි කියනවා. (නදී)
මතුගම මහානාම, ඔබ හරියටම හරි (නි)
පිවිතුරු යහපාල, රන්ජන් නමිනුත් ලියලා. එකම දේ වචන ටිකක් එහෙ මෙහෙ කරලා. (නි)
දැන් එතකොට , ශිරානි මහත්මිය ගෙදර යැව්වේ සහ ජෙනරාල්ව හිරේ දැම්මෙ කවුද ? යහපාල උන්නැහේ පිස්සු කියවනවා.(දිල්)
මොහාන්ව පත්කරනකොට එය නිවැරදි බව සඳහන් කරමින් අත එසවූ අය එයාව ගෙදර යවන්න ඕනෑ වුණහම පත්කළ විදිය වැරදියි කියනවා. ඊළඟ ඡන්දයෙදි වෙනත් ආණ්ඩුවක් බලයට පත්වුණොත් මේ දැන් නිවැරදි ලෙස අගවිනිසුරු පත් කර ඇති බව කියන අයම කියාවි වැරදි විදියට පත් කරලා කියලා (නි)
නිමල් සිරිපාල මොන පක්ෂයේද ? මොන පක්ෂයෙන් උනත් මෙයාට ඊලඟ පාර ඉල්ලන්න දෙන්න එපා. මෙයා මෛත්‍රී සභාපතිකරනවට විරුද්ධ උන කෙනෙක් (නදී)
සමහර දික්කසාද නඩුවලටත් පසුවට ගණන් බේරගන්න පෙනී සිටින කළු කබා කාරයන් සිටින රටක්. (නදී)
අපේ රටේ මේ නඩු හබ ටික ඉවර වෙනකොට කාගේ කාගේත් පරමායුෂ කාලයත් ගෙවිලා තියේවි වගේ. (නදී)
ඕනේ කෙනෙකුට ඕන දෙයක් කියන්න පුළුවන්. (නදී)
මෙහෙම කෙනෙක් මොන පක්ෂයකටවත් හරි යනවාද කියලා මම නම් දන්නේ නැහැ. (නි)
නිමල් සිරිපාල මන්ත්‍රීතුමා, ඔය දෝෂාභියෝගයක් කිල්ලෝට වල හුණු ටික ටික තිබෙන අයටත් එල්ල වෙන්න පුළුවන්. ඒ නිසා සර්ව නිර්දෝෂී මන්ත්‍රීතුමෙකු ලවා ඔය නඩුව ෆයිල් කරන්න. (නි)
සමහර අයට නම් හොඳටම දුකයි වගේ (නි)
මේ එක කතාවක්වත් තේරෙන්නේ නෑ.(හේ)
අධිකරණය පාලනය කරන්නේ කලු කෝට් සංගමේ. එයාලගේ මතයට පිටින් නම් අගවිනිසුරු වුනත් කමක් නැහැ. කොන්දක් තියෙන විපක්ෂයක් තිබුනානම් මෙහෙම නටන්න බැහැ. නිමල් සිරිපාල මහත්තය චිත්ත රෙද්දක් ඇදන් පාර්ලිමේන්තවට ආවනම් හරි. පාර්ලිමේන්තුවේ බහුතරයක් නැති ආණ්ඩුවක් ව්‍යස්තානුකුල නොවන අයුරින් බිහිකරගෙන පාලනයක් ගෙනියන්න හදනවා. (නදී)
අනේ වාසනාවන්... සිරිපාල තාම ඉන්නවද? (නදී)
පිවිතුරු යහපාල, ඉස්සර හිටපු බන්දුල පෙරේරාගේ යහළුවෙක්ද? (නදී)
මේ කතාවේ තේරුම කුමක්ද?(හේ)
ලබන ඡන්දයේදී මොවුන්ට නියම පිළිතුර ලැබේවි (නි)
අපිට ඕනෑ ඉරාකයේ හෝ ලිබියාවේ හෝ ඊජිප්තුවේ ක්‍රමයට නඩු විසඳන ක්‍රමයක්. ඌරාගෙ මාළු ඌරාගෙම ඇඟේ තියලා කපන ක්‍රමයක්. (නි)
ශිරානි බණ්ඩාරනායක ගෙදර යවනකොට මේ අය කොහෙද දන්නේ නැහැ හිටියේ නේද ? මොහාන් පිරිස් හිටියනම් මෙයාලට ඕන දේ කරගන්න තිබුණා , දැන් කට්ටියම බයවෙලා (දිල්)
අනේ මන්දා මේ ප්‍රශ්න අවසන් වෙන්නේ කවදද කියලා? (නි)
මම නම් කියන්නේ දින 100දී කලින්ම කරන්න ඕනෑ ඒකාධිපති ජනාධිපති ක්‍රමය කප්පාදු කරන එකයි. (නි)
ශිරාණි නෝනා ඉවත්කිරීම වැරදි ක්‍රියාවක් බව මුළු රටම පිළිගන්නවා. මීළග ඡන්දෙදි මිනිස්සු කවුරු කවුරු ගැනත් බලාගනීවි (නි)
අවුරුදු 20 කට වඩා සන්ධාන ආණ්ඩුවේ සියලු ක්‍රියාමාර්ගයන් අනුමත කරමින් සියලු වරප්‍රසාද ලබා ගනිමින් වර්තමාන ජනපතිතුමා හිටපු හැටි අපි දන්නවා..විධායකය නැති කරන්න ආපු අවංක අයෙක් පාර්ලිමේන්තුවට ගරු කරනවා මිසක් ආ ගමන් තම විධායක බලය යොදවල බහුතරය නැති සදාචාරාත්මක නොවන ආණ්ඩු බිහිකරවන්නේ නැහැ..තමන්ට අයත් නැති තමන් පිටුපාපු තමන් ද්‍රෝහී වුනු පක්ෂයක බලය විධායක ජනපතිකමේ අනුහස් පෙන්වා සදාචාර නොවන අයුරින් ඇත කර ගන්නේ නැහැ..නීතියට අනුව මිස නීතියට පිටින් අගවිනිසුරු ඉවත් කරන්න අනුබල දෙන්නේ නැහැ.මේක යහපාලනය නෙමෙයි..යම පාලනය..සුදු රෙදි අස්සේ කඩු කිනිසි මල් වට්ටි අස්සේ බෝම්බ දැකපු යුගේ ප්‍රතිනිර්මාන වෙනවා..(හේ)
මතුගම මහානාම,ඔයා ඔච්චර කියනවා නම් මම නිමල් සිරිපාලට මෙදා පාර ඉල්ලන්න දෙන්නෙ නැහැ (නි)
වැරදි විදිහට පත්කළ කෙනෙක් වැරදි විදිහටම හෝ ගෙදර යවනවා නම් ඒකේ වරදක් නැහැ. (නි)
ප්‍රවේශමෙන් හොඳේ! (නි)
හරියට 'විනෝද සමය' නව මුහුණුවරකින් පාර්ලිමේන්තුවේදී වේදිකා ගතවෙනවා වගෙයිනේ මෙයාලා හැසිරෙන්නේ (නි)
නීතිවිරෝධී පත්වීම් දීම වැරදියි. (නි)
මිනිස්සු ඊළඟ ඡන්දයේදී හරි තීරණය ගනීවි (නි)
කන්න ඕනෑ වුණහම ඉරටුවෙන් හරි කන්නයි සමහරුන්ගේ බලාපොරොත්තුව. විනයක් නීතියක් නැහැ. (නි)
මේවා ජාත්‍යන්තරයට ආරංචි වුණොත් අපිට හැමෝම දෙකොනින් හිනාවේවි. හරියට අගවිනිසුරු කෙනෙක්වත් පත්කරගන්න බැරුව දඟලනවා කියලා (නි)