කැලණිය අධ්‍යාපන කාර්යාලයයට අයත් ගොඩනැඟිල්ලකට බලෙන් ඇතුළු වී අලාභ හානි කළැයි කැලණිය විශ්ව විද්‍යාලයයේ බෞද්ධහා පාලී අධ්‍යයයන අංශයේ මහාචාර් උතුරාවෙල ධම්මරතන හිමිට මහර මහෙස්ත්‍රාත් දර්ශිකා විමලසිරි මෙනවිය රුපියල් විසිපන්දහසක ශරීර ඇප නියම කළාය.
පැමිණිලිකරු වුයේ දෙල්ගොඩ සියඹලාපේ එස් එම් නිමල් යන අයයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ බෞද්ධාගම ආරක්ෂා කර ගන්න හැටිද මේ ?(නදී)
හේතුවක් නොදැන දොස් පැවරීම නුසුදුසු මෙන්ම මුන්වහන්සේ ගැන මම දන්නා නිසයි. ඇත්තටම මෙහෙම දෙයක් සිදුවෙන්න බැහැ. මට පුදුමයි මේ කතාව ගැන. ඒත් ඇත්ත සොයා බැලිය යුතුයි.(නදී)
අද කාලයේ ලංකාවේ සදාචාරය පිරිහීමට සමහර ආගමික නායකයන්ගේ ක්‍රියාකලාපය ඍජුවම හේතුවෙලා තියනවා . ඒ අය ජනතාවගේ මනස සන්සුන් කිරීම වෙනුවට බොහෝ විට කරන්නේ මනස කුපිත කරලා වෛරයි ඇතිකරලා මනස විකෘති කරලා අනවශ්‍ය භීෂණ ඇතිකිරීමයි. කිසිම ආගම් කතෘ වරයකු අනුමත නොකරන දේවල් දැන් ජීවත් වෙලා ඉන්න සමහර ආගමික නායකයෝ තමන්ගේ ජනප්‍රියත්වය , හෝ පටු වාසි බලාගෙන කරන්නේ . සමහර විට ආගම් විනාශ කිරීමට උත්සහ කරන පිරිසකගේ විදේශ විනිමය ලබාගන්න කරනවද දන්නෙත් නැහැ . නියම ආගමික නායකයෙකුගේ යුතුකම වන්නේ ධර්මය දේශනා කිරීම මගින් මහජනයා යහමගට ගැනීමයි . එහෙම නැතිව බලහත්කාරයෙන් හෝ නීති පැනවීමෙන් මහජනයා ධර්මයට යොමුකිරීමට ආගමික නායකයෝ අවශ්‍ය නැහැ . පොලිසිය සහ උසාවිය ඒ ටික කරයි . ආගම් වලට මුවාවී කරන මෙවැනි ත්‍රස්ත ක්‍රියා ගැන මහජනයා සෙවිල්ලෙන් සිටිය යුතුයි.(නදී)
මහාචාර්ය හිමියන් පිළිබදව ද්වේශ සහගතව අදහස් ඉදිරිපත් නොකරන්න.සැබැ බෞද්ධයන් ඉඩම ආයතනයට ලබාගැනීමට සහයෝගය ලබාදෙන්න. (නි)
අපේ ගරු මහාචාර්ය ස්වාමින් වහන්සේ චණ්ඩියෙක් නෙමෙයි. දුර දිග දකින උතුම් පඬිරුවනක්. (නි)
ලෝකයේ සංවිධානාත්මක අපරාධ වැඩිපුරම සිදු කරනු ලබන්නේ උගතුන් සහ බලවතුන් විසින්ය යන මතය එන්න එන්නම පැහැදිලිව තහවුරු වෙනවා, රටේ දැන් සිදු වන දේවල් දිහා බලන විට. (නි)
මෙය ස්වාමීන් වහන්සේට මඩ ගැසීම සඳහා ගොතන ලද බොරුවක් වෙන්න නොහැකිද? (නි)
මේ හිමි නම මොකට මහචාර්ය උනත් අලාබය ගන්න ඕනේ.(නදී)
හාමුදුරුවෝ කෙනෙක් කළා කියන අලාභ හානිය කුමක්ද කියල දාල නැහැ. බලෙන් ඇතුළු වෙන්ට ඇත්තෙත් යම් කිසි හේතුවක් ඇතිවනේ. විස්තර නොමැතිව යම් අදහසක් ලිවීම අසාධාරණයි. (නදී)
අපේ රටේ ගෞරවනීය හාමුදුරුවන්ද මේ? (නි)
අපේ රටේ උගත් හාමුදුරුවන්ව ආරක්ෂා කරගන්න ඕනෑ.උන්වහන්සේලා මේ වගේ වැඩ කරන්නේ නැහැ. (නි)
සිවුරක් දාගෙන කරපු පහත් වැඩක් ලෙස සලකමි.(නදී)
මට මේක හරි ප්‍රශ්නයක්. උගත්කම කියන්නේ විෂය දැනුම පමණක්මද? කෝටියක් සංවර ශීලයට රටේ නීතිය අදාළ නැද්ද?(නදී)
සාක්ෂිත් ඕනෑ නැතිවෙයිද දන්නෙ නැහැ (නි)
මේක නම් අදහගන්න අමාරුයි. හරියටම සිද්ධ වුණේ මොකක්ද කියලා නොදැන මොකුත් කියන්න බැහැ. අපි දන්නවනේ අධ්‍යාපන කාර්යාලවලත් ගුරුවරුන්ට දක්වන සැළකිල්ල ගැන. (නි)
නීල් රනා අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කිරීමෙහි දක්ෂයෙක් නේ! (නි)
මොනවා කියන්නද? බුදුන්ගේ කාලෙත් මේ වගේ වැඩ කරපු අය හිටියා. (නි)
හාමුදුරුවෝ කරපු වැඩේ මොකක්ද කියල දාන්න. නැත්නම් එක එක අය ශාසනයට විරුද්ධව ප්‍රතිචාර දානාවා.(නදී)
මේ මහාචාර්යවරයෙක්ද? (නි)
අද අධ්‍යාපනයේත් ශාසනයේත් දෙකෙහිම පිරිහීම මොනවට සනාථ කරනවා. උතුම් රටකට වූ දෙයක්! (නි)
මේ නමින් මහාචාර්යවරයෙක් මා මින් පෙර අසා නැත (නි)
වැඩි විස්තර නොදැන කිසිවක් කියන්න බැහැනේ. දාන්නකෝ සැබෑ තොරතුරු.(නදී)
කණගාටුයි. (නි)
මේ හාමුදුරුෙවා කැලණියේ අහවලාගේ කෙනෙක්ද මන්දා? (නි)
අනේ මන්දා හාමුදුරුවන්ට ගිය කලක් සාසනේ විනාස කරනවා බලපිටියේ චීවර ධාරීන් නිල් චිත්‍රපට හදනවා එහෙන් සමන්ත බද්ද පිස්සු කෙලිනවා. අලුත්ම එක ඉන්දියාවේ ලංකික චීවර ධාරියෙක් ඉන්දියානු කාන්තාවක් සිප ගන්න සීන් එකක පින්තුර අන්තරයේ සැරි සරනවා අන්‍ය ආගමිකයන් ඉදිරියේ බුදු දහම හෑල්ලු නොකර සිවුර අතහැර ගිහින් ඕන නාඩගමක් නටා ගනිල්ලකෝ.(නදී)
බොරු වැඩ එපා. උගත් හාමුදුරු නමක් එහෙම කරල නම් හේතුව සොයන්න. ශ්‍රී ලංකාවේ පුජනියත්වයට ගරහන්න එපා. විද්වත් උනත් ආත්ම ගෞරවය තියෙනවා.(නදී)
තවත් නොමනා පහත් වැඩක්.(නදී)
පිටිගල ඔයා කියන්නේ මේක දුර දිග හිතලා කරපු වැඩක් කියලද ?(නදී)
බුද්ධ සාසනය තුල සසුන් ගතවී සිටින සංඝයාට ව්යාපාර හා රැකියා කිරීමට බුදුන් උපදෙස්දී නැත්තේ බොහෝ හේතු සාදක ඇතිව බව හිතා මතාම අමතක කර තිබේ. එසේ කිරීමට අවශ්‍ය නම් උපැවදි වී කළ හැකියි. (නදී)
මේවට මොනවා කියන්නද?(නදී)