ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර සිද්ධිය පිළිබඳ රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ පාර්ලිමේන්තු කමිටු (කෝප්) වාර්තාව මාධ්‍යයට ප‍්‍රසිද්ධ කිරීමට කෝප් කමිටුවට අයිතියක් ඇති බව ප‍්‍රකාශ කරන ලෙස ඉල්ලා කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ හිටපු පීඨාධිපති මහාචාර්ය නලින් ද සිල්වා මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට අද(28) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.
මෙහි වගඋත්තරකරුවන් ලෙස අගමැති රනිල් වික‍්‍රමසිංහ, කෝප් කමිටු සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩිව් ගුණසේකර ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.
මහබැංකු භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමේ සිද්ධියෙන් රජයට රුපියල් බිලියන 59ක පාඩුවක් සිදුව ඇති බවද, මේ පිළිබඳ සොයා බැලූ ඩිව් ගුණසේකර මහතාගේ සභාපතිත්වයෙන් යුතු කොප් කමිටුවට එය ප‍්‍රකාශයට පත් කිරීමට සැරසෙන විටම එමඟින් පාර්ලිමේන්තු වරප‍්‍රසාද කඩවන බව කියමින් විවිධ පාර්ශව මීට විරෝධතා දැක්වූ බවද පෙත්සම්කරු කියයි.
දැනට පාර්ලිමේන්තුව විසුරුවා ඇති හෙයින් පාර්ලිමේන්තු වරප‍්‍රසාද ගැටලූවක් පැන නොනගින බවද, ජනතාවට තොරතුරු දැන ගැනීමේ මුලික අයිතින් ඇති හෙයින් එම වාර්තාව මාධ්‍යයට හා ජනතාවට හෙළි කිරීමට කෝප් කමිටුවට අයිතියක් ඇති බව ප‍්‍රකාශ කරන ලෙස ද පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මනුස්සය මොනවා උනත් ප්‍රතිපත්තියක් ඇතුව කෙලින් වැඩකරන කෙනෙක්. එ්කනේ ජාතික ලැයිස්තුවත් එපා කිව්වේ (බ)
ඉතාමත්ම වටිනා ඉල්ලීමක් එතුමා කර ඇත එතුමාට පින්.(ම)
එජපය දාන්න පුළුවන් හැම සෙල්ලමක්ම දාල මේක වහන්න තමා හදන්නේ. මහින්ද මහත්තයාගේ චුටි චුටි දෙවල ලොකූ කරලා මඩ ගහන එක තමා අද කරගෙන යන්නේ. නලින් මහත්තයාගේ ඉදිරිපත් වීම අගය කොට සලකන්නෙමු (අ)
එතකොට පහුගිය අවුරුදු පහේ මොකුත්ම වුනේ නැද්ද මහත්තයෝ. අවුරුදු දෙකේ සේවා දිගුවට ණය ගෙවන්න වගේ.(හේ)
මේ සම්බන්ධව ආණ්ඩුව දක්වන්නේ අමුතුම තාලේ ක්‍රියාමාර්ගයක්. මහා බැංකුව සිද්ධිය පිළිබඳ අසන විට ආණ්ඩුව කියන්නේ පසුගිය ආණ්ඩුවේ මහා බැංකු අධිපතිවරයත් මෙවැනි දේ කළා කියා. ඔවුන් කියන විදිහට පෙර ආණ්ඩුව වැරදි කරපු නිසා මේ ආණ්ඩුව වැරදි කළාට ප්‍රශ්නයක් නැහැ කියා. පසු ගිය ආණ්ඩුව වැරදි කරපු නිසා තමා ජනතාව අලුත් ආණ්ඩුවක් හැදුවේ . මේ ආණ්ඩුවත් වැරදි කරනවානම්, ආණ්ඩුව ගෙදර යවන්න මහජනතාව දෙපාරක් හිතන්නේ නැහැ. (බ)
මේ මනුස්සය පෘතුග්‍රීසි කාරයෙක්. සිංහලයෙක් නොවේ. (බ)
මෙතුමාට මොනවා කියන්නද කියල හිතා ගන්න බැහැ. (නදී)
ඔබගේ දැක්ම අපි අගය කරන්නෙමු (නදී)
එහෙම හරි කොන්දක් තියෙන ජාතියට ආදරේ ඇති උගතුන් ඉන්න එක ගැන සතුටුයි.(නදී)
ඒක ඇත්ත ලුම්බිණි ඔබට ඔහු කියන දේවල් තේරුම්ගන්න මොළයක් නෑ (බ)
සුබ පැතුම් සර් (බ)
රටට වැඩකුත් නැහැ. නිදිමරාගෙන මොනව කරනවද දන්නේ නැහැ (බ)
නලින් කෙලින් කතාකරන අවංක කෙනෙක් .ඔහු විශ්ව ආචාරී සංගමය මෙන් එන්ජීඕ සල්ලි වලට වහල් වුනේ නැහැ .මහා බැංකු වංචාව හා මහින්ද ව්‍යාපෘති වලින් ගත්තා කියන කොමිස් සසඳන්න .රනිල් මුකුත් නොකරම දුන්න වැඩේ (බ)
ඇත්තටම මොකක්ද මේ මහ බැංකු වංචාව. රට වැසියන් වන අපි දැන ගත යුතුයි මේ ගැන.මොකද මේ හැම මුදලකම අයිතිය මහජනතාව වන අපිටයි තියෙන්නේ.ඒ නිසා මෙවැන්නකට ඉදිරිපත් වීම ගැන ඔබ තුමාට ස්තූතියි. (බ)
මොකක්ද මේ බැඳුම්කර වංචාව. මේකෙ ඇත්ත අපි දැන ගන්න ඕන.මොකද ඔය මුදල් අයිති මහජනතාව වන අපිටයි. ඒ නිසා අපේ අයිතිය තහවුරු කරන්න ඉදිරිපත් වුනාට ඔබ තුමාට ස්තූතියි. (බ)
ඇත්තටම රටට ආදරේට නෙමෙයි ඕක හොයන්න. එහෙනම් හෙජින් ගිිවිසුම ගැන හොයන්න තිබුණනේ (බ)
අන්න කියනවා තොරතුරු දැනගැනීමේ අයිතියක් තියනවා කියල කටින්ද දන්නෑ කියන්නේ මහින්දගේ කාලේ ඔය පනත සම්මත කරන්න තිබුනනේ මහත්තයෝ (බ)
ප්‍රයෝගිකව ගත්තහම මෙයින් ප්‍රතිපලයක් ලැබේද සැකයි. නමුත් අවශ්‍ය වන්නේ දුෂණය නැති කිරීමට කියා බලයට පැමිණ මුලදි මෙන් දස ගුණයක දුෂණ සිදුකරන ආණ්ඩුවේ ක්‍රියාව නිරාවරණය කිරීමයි! (බ)