විශ්ව විද්‍යාල ක්ෂේත්‍රයේ කීර්තිමත් විද්වතකු, භාෂා පඬිවරයකු හා වාග්විද්‍යාඥයකු වූ මහාචාර්ය තිස්ස ජයවර්ධන මහතා අභාවප්‍රාප්ත විය.
ජයවර්ධන මහතාගේ දේහය මහජන ගෞරවය සඳහා කළුබෝවිල ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු ලබන තුන් වැනි දා, බ්‍රහස්පතින්දා පෙරවරු 10.00 ට කොහුවල සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.
1939 කෑගල්ල, පනාන ග්‍රාමයේ උපත ලද ජයවර්ධන මහතා පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් ශාත්‍රවේදී උපාධිය දිනා ගෙන ලන්ඩන් විශ්ව විද්‍යාලයානුබද්ධ පෙරදිග හා අප්‍රිකානු අධ්‍යයන ආයතනයෙහි වාග් විද්‍යාව පිළිබඳ පර්යේෂණ පවත්වා ලන්ඩන් විශ්ව විද්‍යාලයයෙන් ආචාර්ය උපාධිය දිනා ගත්තේය.
1966 දී කොළඹ විශ්ව විද්‍යාලයයේ සිංහල අධ්‍යයන අංශයේ ආචාර්ය මණ්ඩලයට එක් වූ තිස්ස ජයවර්ධන මහතා කලක් කැලණිය විශ්ව විද්‍යාලයයේත් , නැවත කොළඹ විශ්වවිද්‍යාලයයේත් දීර්ඝ කාලයක් සේවය කළේ ය.
කැලණිය විශ්වවිද්‍යාලය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, කොතලාවල ආරකෂක විශ්වවිද්‍යාලය ඇතුළු විශ්වවිද්‍යාල ගණනාවක බාහිර ආචාර්යවරයකු ලෙස සේවය කළ මහාචාර්ය ජයවර්ධන මහතා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන කිහිපයක ම අධ්‍යයන හා ඇගයීම් කටයුතු සඳහා ස්වකීය ශාස්ත්‍රීය දායකත්වය ලබා දුන්නේ ය.
පරිවර්තන ක්‍රමවේද පිළිබඳව ද ප්‍රාමාණික විද්වතකු වූ ඒ මහතා රාජ්‍ය සාහිත්‍ය සම්මාන ඇගයීම් මණ්ඩල සාමාජිකයකු ලෙස ද කටයුතු කළේ ය. මහාචාර්ය ජයවර්ධන මහතා කැලණිය විශ්වවිද්‍යාලයේ පාලක සභා සාමාජිකයෙක් ද විය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇදුරුතුමනි, ඔබ වන් ගුරු උතුමන් ඉතා විරලයි. ඔබ තුමන්ගේ අතිවිශිෂ්ට දැනුම් සම්භාරය අප හට නොමසුරුව බෙදා දුන්නෙහිය. ඔබතුමන් ගේ නිරහංකාර බව, ලබැඳි සිනහව අපට කිසිදා අමතක නොවේ. ඔබතුමාට නිවන් සුව.! (ර)
සරල වුද, සුන්දර වුද මහා විදග්ධයාණනි, සුවහසක් මෙරට අහිංසක දුවා දරුවන්ගේ නැණ පහන් දල්වා සිරි ලක ඒකාලෝක කරලීමට යළිත් අප අතරටම පිය මං කරනු මැනවි.! අපේ පරම පැතුම එයයි. (ර)
මමද එතුමාගේ ශිෂ්‍යයෙක් වන අතර කරු සහ සේනගේ අදහස් වලට එකඟවෙමි. එතුමාට අමාමහ නිර්වාණ සම්පත්තිය ලැබීමට හේතු වාසනා වේවා! (නි)
රටේ ජනතාව කරළියේ රඟන පුහු දේශපාලුවන් දෙස බලා සිටියත්, මෙවන් පඬිවරු නිහඬව කළ හා කරන සේවය පිළිබඳව අන්ධව සිටීම ඛේදජනකයි. (නි)
කොළඹ විශ්ව විද්‍යාලයේ සිටි සරල ජීවිතයක් ගත කළ, ශිෂ්‍යයන්ට ඉතා සමීපව මැනවින් අධ්‍යාපනය ලබාදෙන ලද උත්තමයෙකි. ඔබතුමාට නිවන් සුව ලැබේවායි ප්‍රාර්ථනා කරමි! (නි)