
(මහින්ද නිශ්ශංක)
මුුහුදු බඩ දුම්රිය මාර්ගයේ කළුතර ඇති වූ සංඥා දොෂය මේ වන විට යථා තත්ත්වයට පත්කර ඇතැයි කළුතර දුම්රිය ස්ථානයේ ප්‍රකාශකයෙක් පැවැසීය.
මෙම සංඥා දෝෂය හේතුවෙන් අද අලුයම 3.00 සිට පෙරවරු 8.00 දක්වා එම මාර්ගයේ කොළඹ දෙසට ධාවනය වීමට නියමිත තිබූ සියලු දුම්රියන් පැය ගණනක් ප්‍රමාද විය.
සාගරිකා කාර්යාල දුම්රිය පැය බාගයකට අධික කාලයක් ප්‍රමාද වූ අතර සමුද්‍රදේවි කාර්යාල දුම්රිය පැයකට ආසන්න කාලයක් ප්‍රමාද වීම නිසා කාර්යාල සේවකයෝ දැඩි අපහසු තාවයට පත් වූහ.
මේ වන විට මෙ සංඥා දෝෂය යථා තත්ත්වයට පත් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd