ජනපති ඇති කළ මත්ද්‍රව්‍ය නාශක කාර්ය සාධක බලකාය මගින් කරමින් යන කටයුතු නිසා මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන එන මත්ද්‍රව්‍ය ප්‍රමාණයේ අඩුවක් ඇතැයි නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර ශ්‍රි විජයගුණවර්ධන මහතා අද (20) මහනුවරදී මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන් බැහැ දැක ආශිර්වාද ලබා ගැනිමෙන් පසු මධ්‍ය හමුවේ අදහස් දක්වමින් පැවසීය.
මත්ද්‍රව්‍ය වැටලීම් සඳහා නාවික හමුදාවේ බුද්ධි නිලධාරින් ද නෞකා හා යාත්‍රා යොදවා තිබිම නිසා මත්ද්‍රව්‍ය මෙරටට ගෙනඒම අඩු වි ඇති අතර මත්ද්‍රව්‍ය නාශක කාර්ය සාධක බලකාය මගින් කරගෙන යන වැඩ පිළිවෙළේ විශාල ප්‍රගතියක් ඇති බවද හමුදාපති වරයා කීවේය.
විශාල නෞකා දිනෙන් දින මෙරටට වැඩි වශයෙන් පැමිණෙන බවත් ඒ රටේ ඇති වි ඇති යහපත් තත්වය ජාත්‍යන්තර රටවල් පිළිගන්නා නිසා බවත් ගිය ජූනි මස සිට යාත්‍රා 25 ක් පැමිණි බවත් ඉදිරි මාස දෙකේ විශාල යාත්‍රා 8 ක් පමණ පැමිණීමට නියමිත බවත් හමුදාපතිවරයා කීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහොනම් ගොඩක් වටිනවා.(හේ)
අහු වුනාට ඒ දේවල් වලට වෙන්නේ මොනවද කියලා දන්නේ නෑනේ.(හේ)
නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර ශ්‍රි විජයගුණවර්ධන මහතා දක්ෂ නාවික නිලධාරියෙක් ඔහුගේ වසර 36 කාලයතුල නිර්භීතව වැඩ කළා. මට ඔහු සමග කාලයක් නාවික හමුදාවේ වැඩ කරන්න ලැබුන. ඒ නිසා මම දන්නවා ඔහුට වැඩක් බාරදුන්නොත් එ්ක අකුරටම කරනවා. ඔහු දන්නවා කොහෙන්ද මත් ද්‍රව්‍ය ලංකාවට එන්නේ කියල (බ)